මම ගැන (about me)

මගේ ජීවිතයේ ජය කෙසේ වෙතත් පරාජය නම් මට නොඅඩුව ලැබෙනවා ......

    ජීවිතේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. අපිට ලැබෙන දේ. ඒත් සමහර දේවල් අපිට වෙනස් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා

නමුත් මගේ අරමුණ


“සිංහල බ්ලොග් කළාව යනු digital spaceහි සුන්දරතම බිම් කඩකි" යි , මම සිතමි .විටක එතුල සුන්දර සිනවන් දෝරෙ ගලා යත්දි , තවත් විටෙක සහෘදයා පිළිබඳ සංවේදී බවෙන් පිරීගිය හෘදයාංගම මිත්‍රත්වයේ සුවඳින් පිරී යන්නේය එලෙසින්ම ආදරයේ සුන්දර හැඟීම් වලින් සාරවත්ව සුන්දර පැතුම් දළුලා වැඩෙන්නේ සුන්දර බිම් කඩ තවත් සොඳුරු කරමිනි . මේ සොඳුරු බිමේ ....පන්සලක , පල්ලියක හෝ කෝවිලකදී ලැබෙන , දැනෙන සිත් සුවයම විඳිය හැකි අධ්‍යාත්මික ගරු බිම් බොහෝය , කැටපෝලයේ පටන් අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය දක්වා ද කුස්සියේ ලුණු පොල්කට්ටේ සිට ඔබේ උකුලේ සුවයෙන් රැදී සිටින Laptop එක tablet-pc එක දක්වා ඇති තාක්ෂණයය පිළිබද ඔබේත් මගේත් දැනුම් පිපාස සන්සිඳුවන දැනුම් දැනුම් උල්පත් බොහෝය ... ඉතින් මේ සරු බිමින් නිසි පලදාවන් නෙලා ගැනීමේ වගකීම ඔබ මා සතුය..



තවදුරටත් ඔබව සමඟින් එක්වෙමින් මගේ ජීවිතයේ වටිනාම සම්පත් ඔබ ඉදිරියේ ගෙන දක්වන්නේද , ඔබ මා අතර මේ හෘදයාංගම මිත්‍රත්වය තවත් සවි කරනු අටියෙන්ම පමණකි.මෙය කිසිසේත් නිසරු කයිවාරුවක් පමණක් නොවනු ඇතැයි මා සිතන්නේ මෙය මා කළ යුතු යුතුකමක්සේ හැඟෙන හෙයිනි.

No comments:

Post a Comment