Tuesday, February 28, 2012

█ ♥ █ ♥ █ ආදරය ප්‍රකාශ කිරීමට බිය වන්න එපා █ ♥ █ ♥ █

මට පෙම්වතෙක් හිටියා,එයාගේ නම ජින්. අපි දෙන්නා පොඩි කාලේ ඉදලම එකටමයි හැදුනේ වැඩුනේ. පහුගිය වසර වෙනකන් අපි දෙන්නා හොද යාලුවෝ වගේ හිටියත් පාසලෙන් ගියපු විනෝද චාරිකාවක් අතර තුර අපි දෙන්නා පෙම්වතුන් බවට පත් වුනා.
සාමාන්‍ය විදියට නම් වෙන්නේ පිරිමි ළමයා ගෑණු ළමයට ආදරේ ප්‍රකාශ කිරීම වුනත් අපි දෙන්න ගෙන් මුලින්ම ආදරේ ප්‍රකාශ කලේ මම...විනෝද චාරිකාව අතරතුර මට තේරුනා මම ඔහුට ආදරය කරන බව,මම චාරිකාව නිම වෙන්නත් කලින් ඔහුට ඒ බව ප්‍රකාශ කලා,අපි පෙම්වතුන් වුනා.

අපි දෙන්නා පෙම්වතුන් වුනත් අපි දෙන්නා එකිනෙකාට ආදරේ කලේ වෙනස් විදියට..
මට හැම මොහොතම ඔහුත් සමග ගත කරන්න අවශ්‍ය වුනත් ඔහුට එහෙම උනේ නෑ. ඔහුට මිතුරියන් ගොඩක් හිටියා,මගේ ලෝකෙ එකම පිරිමියා ඔහු පමනක් වුනත් ඔහුගේ ලෝකයේ මම තවත් එක කෙල්ලෙක් විතරක්ද කියලා හිතුන වාර අනන්තයි.

"ජින් අපි අද ෆිල්ම් එකක් බලන්න යමුද" දවසක් මම ඇහුවා
"මට බෑ"
"ඇයි? පාඩම් කරන්න තියනවද?"
"නෑ යාලුවෙක් හම් බෙන්න යන්න තියනවා"

ඔහුගේ හැසිරීම් ඒ වගේ. ඔහු මගේ ඉදිරියෙදිම ඔහුගේ මිතුරියන්ව මුන ගැහෙනවා,ඔහුට මාව තවත් එක "ගෑණු යාලුවෙක්" පමනක් බවයි මට හිතුනේ.ආදරේ කියන වචනය පිට වුනේ මගේ කටින් විතරයි,මම දන්න කාලේ ඉදලම එකම එක වරක්වත් ඔහුගේ කටින් ආදරේ කියන වචනය පිට වෙලා නෑ. එයා කවදවත් "මම ඔයාට ආදරෙයි" කියලා නැති උනත් හැමදාම එක දෙයක් කලා,ඒ මට හැමදාම බෝනික්කෙක් දෙන එක,අපි හමුවෙලා සමුගන්න හැම වෙලාවෙම ඔහු මට බෝනික්කෙක් දුන්නා. කවද හරි අපිට හමු වෙන්නෙ බැරි උනොත් අපේ ගෙදර ලගට ඇවිල්ලා හරි ඒ බෝනික්කව මට දෙන්න ඔහු වග බලාගත්තා.
මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

එක දවසක්,
මම : "ම්ම්ම්ම්...ජින්..."
ජින් : "ඇයි? ඇද ඇද ඉන්නේ නැතිව කෙලින්ම කියන්නකෝ"
මම : "මම ඔයාට ආදරෙයි"
ජින් : "ම්ම්ම්..... මෙන්න මේ බෝනික්කව අරගෙන ගෙදර යන්න"
ඔහු එහෙමයි "ආදරේ" කියන වචනය නොසලකා හැරියේ,බෝනික්කව මට දෙන ඔහු ඊට පස්සේ ගොඩක් ඉක්මනින් මගෙන් ඈත් වෙලා යනවා,හරියට මගෙන් පැනලා දුවනවා වගේ.

මෙහෙම දවසින් දවස ගෙවිලා ගිහින් මගේ 18 වෙනි උපන් දිනෙත් ලැබුවා. උදේ අවදි වුන මම ඔහුත් එක්ක මගේ උපන් දිනය සැමරීමට නගරයේ අවන්හලකට යන ගමනක් ගැන සිහින මැව්වා. මගේ උපන් දිනයට සුභ පතා ඔහුගෙන් ඇමතුමක් ලැබෙන තුරු නොයිවසිල්ලෙන් බලා සිටියා. පැයෙන් පැය ගෙවී ගොස් රාත්‍රියත් උදා වුනා,ඒත් තවම ඔහුගෙන් ඇමතුමක් නෑ. අවසානයේ රාත්‍රී 9ට පමන ඔහුගේ ඇමතුම පැමිනියා,
"පොඩ්ඩක් එලියට එනවද" ඔහුගේ ඇමතුම එපමනයි.
කෙතරම් ප්‍රමාද වී හෝ ඔහු ඇමතුමක් ලබා දීම පිලිබද ප්‍රීතියෙන් මම ඔහු හමු වීමට නිවසින් එලියට පැමිනියා. ඔහු එලියට වී බලා සිටියා,

මම : "ජින්..."
ජින් : "ආ...මේන ගන්න..."
ඔහු මට තව බෝනික්කෙක් දුන්නා
මම : "මේ මොකද්ද?"
ජින් : "දවල් මේක දෙන්න බැරි උනානේ,ඒකයි මම මේක දෙන්න ආවේ,මම යනවා,බායි."
මම : "යන්න එපා,ඔයා දන්නවද අද දවස මොකද්ද කියලා?"
ජින් : "අද? මොකද්ද?"
මට ගොඩක් දුක හිතුනා...මම හිතුවා ඔහුට මගේ උපන් දිනේ මතක ඇති කියලා,ආපසු හැරුනු ඔහු යන්න ගියා
මම : "ජින්...ජින්..ඉන්න"
ජින් : "ඇයි? මොනවා හරි කියන්න තියනවද?"
මම : "මට කියන්න ඔයා මට ආදරෙයි කියලා"
ජින් : "මොකක්?"
මම : "කියන්න......""

මම ඔහුට යන්න නොදී ඔහුගේ ඇගේ එල්ලුනා.නමුත් බොහෝම සරළ වචන කීපයක් කිව්ව ඔහු මගෙන් ඈත් වෙලා යන්න ගියා.
"මට කියන්න ඕනි නෑ, කාටවත් ආදරෙයි කියලා මම එච්චර ලේසියෙන් කියන්නේ නෑ,ඔයාට ඔච්චරටම ඒක අහන්න ඕනි නම් වෙන කෙනෙක්ව හොයා ගන්න"" ඔහු එහෙමයි කිව්වේ.

ඔහු කොහොමද එහෙම දෙයක් මට කිව්වේ කියලා මම ඇදට ඇවිත් කල්පනා කලා,ඔහු මට නොගැලපෙන බව මට මුලින්ම සිතුනේ එදා.මම සතියක් විතර පාසල් ගියේ නෑ.ඒ දවස් කීපයම මම ගත කලේ හඩමින්. ඔහු ඒ සතියේම මට ඇමතුමක්වත් දෙන්න උත්සාහ කලේ නෑ,ඒත් හැමදාම ඇවිත් බෝනික්කෙක් දීලා යන්න අමතක කලෙත් නෑ.

සතියකට පස්සේ මම පාසල් ගියා,ඒත් පාසලට ඇතුල් වෙන්නත් කලින් මම ඔහුව දුටුවා. ඔහු පාරේ තවත් කෙල්ලෙක් සමග කතා කරමින් ඉන්නවා,ඔහුගේ අතේ බෝනික්කෙකුත් සිටියා. ඔහුගේ මුහුනේ තිබුනේ කවදාවත් මට නොපෙන්නපු විදියේ ආදරණීය හිනාවක්.
මට තව දුරටත් ඒ දසුන බලන්න පුලුවන් කමක් තිබුනේ නෑ,මම ආපසු නිවසට ආවා. කාමරයට ගිය මම දැක්කේ ඔහු විසින් මට ලබා දී ඇති සිය ගණනක් වූ බෝනික්කන් පමනයි. ඇයි ඔහු මේවා මට දුන්නේ? ඔහු මේවා ලබා ගන්නේ වෙනත් කෙල්ලොන්ගෙන් වෙන්න ඕනි. සිතට නැගුනු කෝපයත් සමග මම බෝනික්කන්ව කාමරය පුරා විසි කලා.

ඒ මොහොතේ දුරකථනය නාද උනා,ඔහුගෙන් ඇමතුමක්. මට නිවසින් පිටතට එන්න කියලා ඔහු ඉල්ලීමක් කලා.මම සිතාගත්තා අද අපේ සම්බන්ධය අවසන් කරන බවට..
ඔව් අද මම ඔහු හමු වෙන අවසන් දිනයයි.
කදුලු පිසගත් මම නිවසින් පිටතට පැමිනියා.ඔහු නිවසින් පිටත පාරේ රැදිලා හිටියා,ඔහුගේ අතේ අද හිටියේ විශාල බෝනික්කෙක්...

ජින් : "ජෝ...මම හිතුවා ඔයා තවම අඩ අඩ ඇති කියලා"

සමච්චල් සහගත සිනාවක් සමග ඔහු එහෙම කිව්වා. සිදු වූ සියල්ල නොසලකා මාව විහිලුවට ගත් ඔහු ගැන මගේ සිතේ ඇති වුනේ වෛරයක්.

ජින් : "ආ මේක ගන්න""
ඔහු සුපුරුදු පරිදි බෝනික්කව මගේ දෙසට දික් කලා
මම : "මට ඕනි නෑ"
මම තරහෙන් කිව්වා
ජින් : "මොනවා...ඇයි?"
මම බෝනික්කව ඔහුගේ අතින් උදුරගෙන පාරට විසි කලා

"මට මේ බෝනික්කව අවශ්‍ය වෙන්නේ නෑ...ආයේ කවදාවත් මට තමුසෙගෙ බෝනික්කෝ ඕනෙ නෑ...මට තමුසේ වගේ මිනිහෙක්ව දකින්නවත් අවශ්‍ය නෑ මීට පස්සේ" මම කෝපයෙන් කෑ ගැසුවා.

නමුත් ඔහු වෙනදා වගේ නෙවේ...මම දැක්කා කදුලු වලක්වගන්න ඔහුගේ ඇසි පිය වේගෙන් සැලෙනවා
"මට සමාවෙන්න""""" සෙමින් කිව්ව ඔහු බෝනික්කව අහුල ගන්න ගියා.

"පිස්සෙක්ද ඔයා? ඔය බෝනික්කව විසි කරලා දානවා...ඔය බෝනික්කෝ මොකටද?"

ඒත් මට කන් දුන්නේ නැති ඔහු බෝනික්කා දෙසට පා නැගුවා.මේ වෙලාවේ මට ඇහුනා වාහනයක හෝන් ශබ්දයක්,විශාල ලොරියක් අපි දෙසට එනවා.ඒත් මේක නොදැක්ක ජින් පාර මැද්දට යනවා බෝනික්කව අහුල ගන්න.

"ජින්...ජින්...ආපහු එන්න..වාහනයක් එනවා..."මම කොච්චර කෑ ගැහුවත් පලක් උනේ නෑ.

විශාල ශබ්දයක් ඇහුනා...ජින්ව ලොරි රථයේ ගැටුනා...ඔහු තවත් එක වචනයක්වත් නොකියා මගෙන් සදහටම සමු ගත්තා.

එයින් පසු දින ගණනාවක් මම කාමරයෙන් එලියට පැමිනියේ නෑ. ඔහුගේ මරණයේ දුකත් ඒ පිලිබද වරදකාරී හැගීමකුත් මගේ සිතේ තිබුනා.

එක දවසක් මම ඔහු මට දුන්න බෝනික්කන් සියල්ල රැගෙන ඒවා ගණන් කරන්න පටන් ගත්තා.අපි මුලින්ම ආදරේ කරපු දවසේ ඉදන් ඔහු මිය ගිය දවස වන තුරු දිනපතා ලබා දුන් බෝනික්කන් විශාල සංඛ්‍යාවක් මගේ කාමරයේ පිරී තිබුනා.

එකයි...දෙකයි...තුනයි...
හාරසිය අසූ හතරයි...හාරසිය අසූ පහයි.

බෝනික්කන් හාරසිය අසූ පහක් ඔහු විසින් මට ලබා දී තිබුනා.
ඔහු සමග ගත කල ඒ දවස් මතක් වීමෙන් මට ලොකු දුකක් දැනුනා.බෝනික්කන් තදින් තුරුලු කරගත් මම මහ හඩින් හඩන්න උනා. ඒත් හදිසියේම "මම ඔයාට ආදරෙයි" "මම ඔයාට ආදරෙයි" කියලා ජින් ගේ හඩින් මට ඇහුනා. විශ්මයට පත් වූ මම එක් බෝනික්කෙකු රැගෙන එහි උදර ප්‍රදේශය තද කලා.

"මම ඔයාට ආදරෙයි" යලිත් ජින් ගේ හඩ...මම විශ්මයෙන් ගල් ගැසුනා...
සෑම බෝනික්කෙකුගේම උදර ප්‍රදේශය තද කල විට ඇසුනේ ජින් සෙමින් "මම ඔයාට ආදරෙයි" කියන ශබ්දය...

ඇයි මට මේක කලින් තේරුණේ නැත්තේ? ඇයි ඔහුගේ සිතේ මට තියන ආදරය මට පෙනුනේ නැත්තේ? මම ඔහු ගැන කෙතරම් වැරදියට සිතුවත් ඔහු මියයන තුරුම මට ආදරය කර ඇති බව මට වැටහුනේ ඒ මොහොතේයි.

අවසානයේ මම අවසන් දිනයේ ඔහු ලබා දුන් විශාල බෝනික්කාව ඇද යටින් එලියට ගත්තා.එහි තැනින් තැන ඔහුගේ ලේ පැල්ලම්.එහි උදර ප්‍රදේශය තද කල විට මට යලිත් ඇහුනේ ඔහුගේ ආදරණීය හඩ....

"ජෝ..ඔයා දන්නවද අද දවස මොකද්ද කියලා? අදට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගෙන දවස් 486ක්...ඔයා දන්නවද 486 කියන්නේ මොකද්ද කියලා? මම ඔයාට කවදාවත් ආදරෙයි කියලා නෑ...මට සමාවෙන්න....
.මම හැමදාම ඔයාට ආදරෙයි කියනවා කියලා හිතුවත් ඔයා ලගදි මට ඒ වචන පිට කරගන්න බෑ...ඒකයි මම හැමදාම පොඩි බෝනික්කෙක් ඔයාට දුන්නේ...
ඔයා මට සමාව දීලා මේ බොනික්කව ගත්තොත් මම අද ඉදලා මම මැරෙන තුරු හැමදාම ඔයාට ආදරෙයි කියනවා...ඔව් ජෝ...මම ඔයාට ආදරෙයි"

මට මාවම පාලනය කරගන්න බැරි වුනා...මගේ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ආවා...මම දෙවියන්ගෙන් ඇහුවා ඇයි මට මේ දේවල් තේරෙන්න මෙච්චර පරක්කු වුනේ කියලා...ඇයි මට ඔහුගේ ආදරය කලින් නොතේරුනේ.
(486 යනු කොරියන් භාශාවෙන් I LOVE YOU වෙනුවට භාවිතා කරන වදනකි.)

ජීවිතයේ ඔබ යමෙකුට ආදරය කරනවා නම් එය ඔහු/ඇය වෙත ප්‍රකාශ කිරීමට බිය වන්න එපා...ලැජ්ජා වන්න එපා.



                            (මෙය කතාවක් බැවින් නම් හා චරිත පිලිබදව සැලකිලිමත් නොවන්න)

                                                                                                                      මෙය සත්‍ය කතාවකි

Monday, February 27, 2012

කරවුනු පාන්



මම කුඩා දරුවෙක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත.

දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි.

බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්‍රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්‍රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි.

"මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී " ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.

එදින රාත්‍රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත.

"පුතේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ පුතේ"

එදින රාත්‍රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි.

එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ පෙම්වතිය වන මධූ සහ මා රාත්‍රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.

එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්‍රමාද විය.රාත්‍රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.

අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි.

රාත්‍රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර මධු කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඇයගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඇය පැවසුවේ

"ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් " යන්න පමනි.

වසර ගණනාවකට කලින් මා කුඩා දරුවෙක්ව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය.

ජීවිතය යනු අසම්පූර්ණ පුද්ගලයන් සහ අසම්පූර්ණ දේවල් වල එකතුවකි.
මෙය ලියන මම,මෙය කියවන ඔබ සහ ඔබ අවට සිටින සියළුම දෙනා අසම්පූර්ණ පුද්ගලයන් වේ,ඔවුන් තුල නොයෙකුත් අඩුලුහුඩු කම් පවතී.
එම නිසා යහපත් දිවියක් ගත කිරීමට අවශ්‍ය වන්නේ අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක් වීම නොව එකිනෙකා තුල පවතින අඩුපාඩුකම් තේරුම් ගත හැකි ඒවා ඉවසිය හැකි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමයි.


                                                                                                      (මෙහි එන සියළු නම් මනක්කල්පිතයි)

Monday, February 20, 2012

මෙය කියවන්න මොහොතක් ගත කරන්න


සීතල ජනවාරි මාසයක උදෑසනක වොෂින්ටන්හි කාර්යබහුල දුම්රිය ස්ථානයකට පැමිනි මිනිසෙකු එහි පසෙකට වී තම වයලීනය පිටතට ගෙන එය වාදනය කිරීමට පටන් ගත්තේය. ඔහු විණාඩි 45ක් පුරාවට තම වාදනය නොනවත්වා කලේය . එම විණාඩි 45ක කාලය තුල ආසන්න වශයෙන් 1100කට වැඩි මිනිසුන් ප්‍රමානයක් ඔහුව පසු කරගෙන ගියෝය,ඔවුන් බොහෝ දෙනෙක් තම සේවා ස්ථානය බලා ගමන් කරන කාර් ය බහුල මිනිසුන් වූහ .

වාදකයා තම වාදනය ආරම්භ කර මිනිත්තු 3ක් පමන ගත වන විට මැදි වියේ මිනිසෙකු ඔහු අසල නතර වූ අතර තත්පර කිහිපයක් වාදකයාගේ වයලීන වාදනය අසා සිටි ඔහු යලිත් තම දුම්රිය බලා ලහි ලහියේ පිටත් විය .

වාදකයා වාදනය ආරම්භ කර මිනිත්තු පහකින් පමන ඔහුට ප්‍රථම ආධාරය ලැබුනි. තරුණ කාන්තාවක් එය ලබා දුන් අතර ඇය නොනැවතී ඔහු වෙත ආධාර මුදල විසි කර තම සේවා ස්ථානය බලා යාමට දුම්රිය ස්ථානයෙන් පිට විය .

තව මොහොතකින් වාදකයා අසල වූ බිත්තියට අයෙක් හේත්තු වූයේ වාදනය ශ්‍රවනය කිරීමට වූවත් මොහොතකින් තම ඔරලෝසුව දෙස බැලූ ඔහු කඩි මුඩියේ දුම්රිය ස්ථානයෙන් පිට විය.

වාදකයාගේ වාදනයට වැඩිම අවධානයක් යොමු කලේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි . මව ඔහුට තරවටු කල නමුත් වාදකයා අසල නැවතී ඔහුගේ වාදනය අසා සිටීමට කුඩා පිරිමි දරුවා අමතක කලේ නැත . අවසානයේ මව දරුවාගේ අතින් අල්ලා ඔහුව ඇද්ද අතර ඔහු වාදකයාව නොපෙනී යන තුරුම හිස හරවා වාදකයා දෙස බැලීමට අමතක කලේ නැත . කුඩා දරු දැරියන් බොහෝ දෙනෙකුගේම හැසිරීම මේ ආකාරයම ගත් නමුත් ඔවුන්ගේ මවුවරුන් සහ පියවරුන් ඔවුන්ට නොනැවතී ගමන් කිරීමට බල කලහ .

වාදකයා වයලීනය වාදනය කල මිනිත්තු 45ක කාලය තුලදී පුද්ගලයන් හය දෙනෙකු ඔහු අසල මොහොතක් නැවතී වාදනයට සවන් දුන් අතර පුද්ගලයන් විසි දෙනෙකු පමන ඔහුට මුදල් ආධාර ලබා දුන්හ . වාදකයා ඉපැයූ මුලු මුදල ඩොලර් 32ක් විය . අවසානයේ වාදකයා වාදනය නතර කලේය,ඔහු වටා නිශ්ශබ්දතාවයක් පැතුරුනි,කිසිවෙකුට එහි වගක් නොවීය, කිසිවෙකු අත්පොලසන් දුන්නේ නැත .

කිසිවෙකු නොදැන සිටි මුත් ඒ වාදකයා අන් කිසිවෙකු නොව වර්තමානයේ ලොව සිටින දක්‍ෂතම වයලීන වාදකයෙකු වන ජොෂුවා බෙල්‍ ය(joshua bell) . ඔහු වාදනය කලේ මෙතෙක් ලොව නිර්මාණය කර ඇති සංකීර්ණතම සංගීත ඛණ්ඩයකි. ඔහු ඒ සදහා භාවිතා කලේ ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් වටිනා වයලීනයකි .

දුම්රිය ස්ථානයේ වාදනය කිරීමට දින දෙකකට පෙර ඔහු එම සංගීත ඛණ්ඩයම බොස්ටන්හි රංග ශාලාවක වාදනය කල අතර එහිදී එක් ආසනයක මිල ඇමරිකානු ඩොලර් 100කට ආසන්න විය. .

ඇත්ත වශයෙන්ම ඔහුගේ මෙම දුම්රිය ස්ථානය තුල වාදනය සංවිධානය කලේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් වන අතර එය ඔවුන් විසින් සිදුකල සමාජ චර්යා පරීක්‍ෂණයක එක් අංගයක් විය.පරීක්‍ෂණය අවසානයේ දැක්වූ එක් නිගමනයක් වන්නේ

"ලොව සිටින දක්‍ෂතම වාදකයෙකු එතෙක් මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම සංගීත ඛණ්ඩයක් වාදනය කරන විට ඔහු අසල නැවතී එය ශ්‍රවනය කිරීමට මොහොතක් ගත කිරීමට නොහැකි නම් ජීවිතයේ වෙනත් සුලු සුලු දෑ කොපමන අපෙන් මග හැරෙනවා ඇද්ද?"

කුරිරු පාලකයෙකුගේ අමුතු වැඩ......


ගෙවී ගිය 20 සියවසේ බිහි වූ කුරිරුතම ඒකාදිපති පාලකයා ඇඩොල්‍ෆ් හිට්ලර්ය. ජාතිවාදයෙන් හා බලකාමයෙන් වියරු වූ හිට්ලර්ගේ අමුතු පුරුදු මේ ලිපියේ සඳහන් වෙයි. හිට්ලර්ගේ පුද්ගලික ජීවිතේ බොහෝ කරුණු හෙලි කර ගැනීමට පර්යේශකයෝ සමත්ව සිටිති. හිට්ලර්ගේ ජීවිතේ අරුම පුදුම පුරුදු රාශියක් දක්නට ලැබේ. පසුව කලක් හිට්ලර්ගේ ආවතේවකරුවා වූ හෙන්සි ලින්ජි නැමැත්තා තම ස්වාමියාගෙ අරුම පුදුම පුරුදු ප්‍රසිද්දියේ ප්‍රකාශ කලේය.

විවාහ වූයේ නැතද දිගු කලක් පුරා හිටිලර්ගෙ සමීපතම මිතුරිය සහ අනියම් බිරිඳ වූයේ බැවේරියානු රූමතියක වූ ඊවා බ්‍රොන්ය. වර්ශ 1932දී හිට්ලර්ට ඊවා මුණ ගැසුනි. දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් අදියරේදී රුසියානුවන් බර්ලින් නගරය වට කොට සිටිද්දී මරණය තමා ඉදිරියේ දත් විලිස්සද්දී හිට්ලර් ඊවා බ්‍රොන් නීත්‍යානූකූලව විවාහ කර ගත්තේය. ඊට පසු දින එනම් 1945 අප්‍රේිල් මස 30 වන දින සිය බංකරය තුලදීම දෙදෙනාම සියදිවි හානි කර ගත්තෝය.බර්ලින් නගරය යටත් කර ගත් සෝවියට් හමුදාවට හිටිලර්ගේ බන්කරය තුල තිබූ ඔව්න්ගේ මළසිරුරු සොයා ගැනීමට හැකි විය.

සිය ලියන මේසයට ඉහලින් එල්ලා තිබූ මහා පෙඩ්‍රික් අධිරාජ්‍යාගේ සේයාරුව හිට්ලර්ගේ සිත්ගත් එකම සේයාරුව විය. මධ්‍ය ම රාත්‍රිය පසු වන තුරුත් ඇතැම් දිනක ජයග්‍රහණ මෙන්ම පරාජයන් වාර්තා වෙද්දීත් හෙතෙම මේ පර්සියානු අධිරාජයාගෙ සේයාරුව දෙස බලා සිටියේය.

හිට්ලර්ගේ ප්‍රියතම පානය වූයේ තේය. ප්‍රීතිමත් අවස්ථාවන්හිදී හෙතෙම තේ කෝප්ප ගනනාවක් එකට පානය කලේය. මියුනිච් නුවර ‘ ඔස්ට්‍රියා බරාවියා’ නම් කුඩා අවන්හලට දින තුන හතරක් වත් ගොඩ වැදීම හිට්ලර්ගේ එක් පුරුද්දක් විය.එහි ගමන් කල සෑම දිනකම හිටිලර් එහි ගමන් කලේ එකම පැත්තකිනි. මෙම අවන්හලේ ඔහු සඳහාම විශේෂ කුටියක් පසුව ඉදිකරන ලදී.

කියවීමේදි උපැස් යුවලක් භාවිතා කළ හිට්ලර් ඒ බව අන්‍යන් දැනගනු ඇතැයි මහත් බියකින් පසුවිය. මේ නිසා මහජනයා ඉදිරියේදි කියවීමට ඇති ලිපි ලේඛන සකස් කිරීමේදි විශේෂ යතුරු ලියනයක්ද නිර්මාණය කරන ලදි.එහෙත් පුරුද්ද බලවත් විය. කතා කරන හැම විටම උපැස් යුවල අතට ගැනීමට ඔහුට සිදුවූ අතර එය පසුපසට කරමින් කතා කරද්දී කතාවේ උපරිම අවස්ථාවන් හිදී එය තදින් මිරිකා ගත්තේය. එසේ මිරිකන විට කැඩෙන උපැස් යුවල වෙනුවෙන් අතිරේක උපැස් යුවලක් ලඟ තබා ගැනීමට ආවතේව කරුවා වග බලා ගත්තේය.

හැඟීම් කුපිත් කරවන කතාවට හිට්ලර් දක්ශයෙකු විය. එහෙත් එම කතාවන් ඔහු ප්‍රවේශමෙන් පුරුදු පුහුණු කරගත් බව කිසිවෙකු නොදනී. තම ලේකම් වරුන් විසින් සකස් කර දෙන කතාව හිට්ලර් විශාල කැඩපතක් ඉදිරියේ කියවන්නට පුරුදු විය. ඒ අතර ඔරලෝසුවද අතේ තබාගෙන ඔහු වෙලාව ගැනද, අංග චලන ගැනද උනන්දුවෙයි. මහත් පරිශ්‍රමයක් දරා අසන්නන්ගේ සිත තුලට කාවැද්දීමට උචිත වන තුරු මෙසේ පුහුණුව ලබන ඔහු මේ ක්‍රියාව නතර කරනුයේ තමා ගැනම සෑහීමකට පත් වූ පසුය.

රතු නිල් සහ කොළ යන වර්ණ තුනකින් පැන්සල් පාවිච්චි කිරීම හිට්ලර්ගේ තවත් පුරුද්දක් විය. සතුරෙකුට රතු පැන්සලයෙන්ද, මිතුරෙකුට කොළ පැන්සලයෙන්ද, වෙනත් ලිපි නිල් පැන්සලයෙන්ද ලියන්නට හෙතෙම පුරුදු වී සිටියේය.

උදරාබාධයකින් මෙන්ම නින්ද නොයෑමෙන් පීඩා විඳි හිට්ලර් නිදි බෙහෙත් පෙති කීප වර්ගයකින්ම එකින් එක වශයෙන් දිගින් දිගටම පාවිච්චි කිරීමට පුරුදු වී සිටියේය. එසේම සෑම සාකච්චාවක් සඳහාම නැතිනම් මහජන රැස්වීමක් සඳහාම සූදානම් වෙද්දී ඔහු විශේෂ එන්නතක් එන්නත් කරවාගත්තේය. තම උදරාබාධය කතාකරන අතරතුරේ මතුවෙතැයි බියක් ඔහුගේ සිතේ හට ගත්තේය. ඒනිසා කතාවට පෙර එන්නත් දෙකක් ලබා ගැනීමට ඔහු පුරුදු වී සිටියේය. පලමු වැන්න උදරාබාධයෙන් මිදෙන්නටය. දෙවැන්න පලමු වැනි එන්නතේ ඇති විශ මර්දනය කිරීමටය.මෙම ප්‍රතිකාරක්‍රමය ඔහුට මොනතරම් පුරුද්දකට ගියේද යත් පසු කලකදී ප්‍රසිද්ද මහජන රැස්වීමක් නැති අවස්තාවකදී පවා ඒවා ගැනීමට සිදුවිය.

තමා උවමනාවට වඩා මහත් වේයැයිද, තම උදරය නෙරා එනු ඇතැයිද යන අවිනිශ්චිත බියෙන් පෙලූනූ මේ පාලකයා නිතරම අබිං මිශ්‍ර විරේක බෙහෙතක් භාවිතා කල අතර, එම බෙහෙත ගත් විගසම එහි විශ නැසීමට තවත් බෙහෙතක් පානය කලේය. වෛද්‍ය ප්‍රථිකාර පිළිබඳව සැක පහල කල නාසි නායකයා පසුව තම ආහාර පිලියෙල කිරීමට විශේෂ වෛද්‍යවරයෙකු යෙදූ අතර, ආහාර පිණිස ගන්නා එළවලු, විශේෂ භූමියක, විශේෂ පොහොර වර්ග යොදා වගා කරන්නට නියම කළේය. එසේ තමා වෙනුවෙන් වවන ලද එළවලු සහ එම භූමියේ පස්, ඒවා පිසීමට ගත් ජලය වෙනම පරික්ශා කිරීමට හෙතෙම පුරුදුවිය.

හිට්ලර්ගේ සේනාවන් පසු කලෙක පරාජයට පත්වන විට ඔහුගේ වම් අතේ නහරයක් රිදුම් දෙන්නට පටන ගත්තෙන් නිතර නිතර එහි බැලඩෝනා ආලේප කිරීමට පුරුදු විය. ඔහුගේ කුමන රෝගයකට ප්‍රතතිකාර ලැබුවත්, නොලැබුණත්, වේදනාවෙන් මිදුනු සැහැල්ලු බවක් පෙන්නමින් “ ආ……..බොහොම සනීපයි. දැන් මගේ ඔලුව හොඳයි.” කීමටද ඔහු පුරුදු වී සිටියේය.

සිය පිය පාර්ශවයෙන් යුදෙව් ලේ මිශ්‍ර වීම පිළිබඳව ඔහු දැඩි හීන මානයකින් පෙලුනු අතර ඒ නිසාම ඔහු යුදෙව් සංහාරයේ යෙදුණී. සිය පියාගේ මව ධනවත් යුදෙව් තරුණයෙකු අතින් දූශණය වූ නිසා සිය පියාගේ පීතෘත්වය පිළිබඳවද ඔහු තුල සැක සංකා විය. සිය ලේ පිරිසිදු කිරීමට හිට්ලර් කූඩැල්ලන් පාවිච්චි කල බවටද වාර්තා වේ.

කැප කිරීම......


මෙය බ්‍රිතාන්‍යන් ඉන්දියාව පාලනය කරන සමයේ සිදු වූ සිද්ධියකි.
පම්බන් පාලම ඉන්දියාවේ තමිල්නාඩුවේ ඇති පාලමකි.මෙම පාලම ආරම්භ වන ස්ථානයේ ඔබට වැලපෙන මිනිසෙකු මිනිස් ශරීරයක කොටස් තම පපුව ආසන්නයට ඔසවාගෙන සිටින ආකාරයේ ස්මාරකයක් දැකිය හැකිය..

මෙම පාලම ඉදිකරන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේ වන අතර මෙම පාලමේ විශේෂත්වය නම් මෙහි මැද කොටස විශාල යන්ත්‍රයක ආධාරයෙන් ඉහලට එසවිය හැකි වීමයි. එවිට මුහුදේ යාත්‍රා කරන නැව් ආදියට පහසුවෙන් පාලමට යටින් යාත්‍රා කල හැකි වේ.පාලම මතින් දුම්රිය මාර්ගයක් ගමන් කරයි.

නැවක් යත්‍රා කරන විට මෙහි වූ යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම එසවීම භාරව සිටියේ මැදිවියේ මිනිසෙකි. දිනක් නැවක් පාලම යටින් ගමන් කර මද වේලාවකින් ඔහු දුටුවේ ඈතින් දුම්රියක් සෙමින් සෙමින් පාලම දෙසට පැමිනෙන ආකාරයයි.ඔහු විසින් පාලම හැකි ඉක්මනින් පහත් කල යුතු වූ අතර එසේ නොමැති වුවහොත් දුම්රිය අනතුරට පත් වී දහස් ගණනක් මගීන් අනතුරට පත් විය හැකිව තිබුනි.

මේ අවස්ථාව වන විට ඔහුගේ වයස අවුරුදු 9ක් වන කුඩා පිරිමි දරුවා පියාගේ දිවා ආහාර රැගෙන පැමිනියේය.. පියා පාලම පහත් කිරීමට අපහසුවෙන් යන්ත්‍රය ක්‍රියාත්මක කරන ආකාරය දුටු කුඩා පිරිමි දරුවා දිවා ආහාරය පසෙකින් තබා තම පියාට සහාය දීමට යන්ත්‍රය අසලට පැමිනියේය.

ගත වූවේ මද වේලාවකි,කුඩා පිරිමි දරුවාගේ ඇගිල්ලක් යන්ත්‍රයේ දැති රෝද අතර සිර වුනි,ඔහු මහ හඩින් වැලපුනේය. මේ අවස්ථාවේ ඔහුගේ පියා කුඩා පිරිමි දරුවා බේරා ගැනීමට පැමිනියහොත් ඔහුට පාලම පහත් කිරීමට කාලය ප්‍රමානවත් නොවේ,එම නිසා කුඩා පිරිමි දරුවාගේ හැඩීම නොසැලකූ ඔහු දිගින් දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම පහත් කරවීය,දරුවා මදින් මද යන්ත්‍රය දෙසට ඇදී ගියේය.

පියාගේ නෙතින් කදුලු කඩා වැටුනු අතර ඔහු මහ හඩින් වැලපෙන අතර දරුවාගේ හැඩීම නොසලකා දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කලේය. ඔහු දරුවා බේරා ගැනීමට ක්‍රියා කලහොත් පාලම පහත් කිරීමට කාලය ප්‍රමානවත් නොවන අතර දහස් ගණනක් මගීන් මුහුදට වැටී මිය යනු ඇත.. කුඩා පිරිමි දරුවා සම්පූර්ණයෙන්ම යන්ත්‍රය තුලට ඇදී ගියේය.,ඔහුගේ අස්ථි යන්ත්‍රයේ දැති රෝද වලට හසුව බිදෙන ශබ්දය පියාට ඇසුනි.

මද වේලාවකින් මගීන් දහස් ගණනක් රැගත් දුම්‍ රිය නිරුපද්‍රිතව පාලම මතින් ගමන් කල අතර යන්ත්‍රය තුලින් තම පුත්‍රයාගේ සිරුර ඉවතට ගත් ඔහු මහ හඩින් වැලපෙන්නට විය
අවංකව තම රාජකාරිය ඉටු කල මිනිසාට තම එකම පුත්‍රයා අහිමි විය....පසුව බ්‍රිතාන්‍ය පාලකයන් තම රාජකාරිය අවංකව ඉටු කල එම මිනිසාට ගරු කිරීමට එම ස්ථානයේ ස්මාරකයක් ඉදි කලෝය

මෙන්න සත්‍ය ආදරය......


ඉතාම ආදරයෙන් හිටපු තරුණ ජෝඩුවක් විවහා වෙන්න තීරණය කළා. මේ විවාහයට මාස කිහිපයක් තිබෙද්දී හදිස්සියේ වුනු අනතුරකින් ගැණු ළමයගේ මුහුණට ගොඩාක් හානි වුනා. ඇය අවලස්සන වුනා. ඇය ගොඩාක් දුක් වුනා. ඇය කිසිවක් නොසිතාම ඔහු වෙනුවෙන් ලිපියක් ලිව්වා.

''අනේ... දැන් ඔයාට මාව වටින්නේ නෑ. මට ඔයා එක්ක විවාහ වෙන්නත් බෑ. මම ගොඩාක් අවලස්සන වෙලා. ඔයා ඔයාට ගැලපෙන ලස්සන ගැහැණු ළමයෙක් හොයාගන්න. එයාව විවාහ කරගන්න. සතුටින් ඉන්න'' ඇය අවංකවම එහි ලිවුවා...

දින කිහිපයක් ගත වෙද්දීම පිරිමි ළමයගෙන් ඇයට පිළිතුරක් ලැබුනා.

''ඔයා ඔහොම කිව්වට මම තමා දුක්වෙන්න ඕන කෙනා. දන්නවද? මගේ ඇස් වල හැදිලා තියෙන ලෙඩක් හින්දා මාව ළඟදීම අන්ධ වේවිලු. මොනවා කරන්නද? මම තවමත් කැමතියි ඔයාව විවාහ කරගන්න. ඔයා කැමතිද අන්ධ වෙන මාව විවාහ කරගන්න? ඔහු එහි ලියා තිබුනා...

දින කිහිපයකින් මේ ගැහැණු ළමයා අන්ධ වුන එයාගේ පිරිමි ළමයාව විවාහ කරගත්තා. ඇය අවංක වුනා. කොහොම වුනත් මේ ''ආදරය'' ඔවුන්ව අඳුරට ඇද දැම්මාද?

නෑ... කාලය සතුටින් ගෙවිලා ගියා. මේ දෙපළම ඉතාම සතුටන් එකිනෙකා තේරුම් ගෙන ජිවත් වුනා. අන්ධ පිරිමි ළමයට සම්පුර්ණ ඇස් දෙක, ඔහුගේ ආලෝකය වුනේ මේ ගැණු ළමයා. ආදරයට අවුරුදු 20ක් ගත වේගෙන යද්දී හදිස්සියේම ඇය ලෙඩ වුනා. ඇය ගොඩාක් දුක් වුනා අන්ධ ඔහු තනිවීම ගැන. අවසානයේ ඇය මියගියා. එදා හරි පුදුම වැඩක් වුනා. අන්ධයෙක් වගේ හිටිය මේ පිරිමි ළමයා ඇස් ඇරියා. හැමෝටම මේක හරි ප්‍රශ්ණයක් වුනා. ඔහු අවුරුදු 20ක්ම අන්ධයෙක් වගේ මේ අවලස්සන ගැණු ළමයත් එක්ක හිටිය එක ගැන.

''මම අන්ධ නෑ. මම බොරු කිව්වා, ඒක වැරදි ඇති. ඒත් ඇයට ඇයගේ මුහුණ අවලස්සන වුනත් මම වගේ අන්ධයෙක් නැතුව මට වඩා හොඳ කෙනෙක්ව කසාද බඳින්න තිබුණා. ඇගේ හදවත ලස්සනයි. ඇය මගේ බාහිරය ස්වරූපයට වඩා ආදරය කලේ හදවතටයි. මමත් එහෙමයි. ඒ නිසයි ඇයගේ අවලස්සන ප්‍රශ්නයක් නොවෙන අන්ධයෙක් වෙලා මේ අවුරුදු 20ම ගත කරේ. ඇය ජිවත් වන තුරු ඇය හා එලෙසම සිටියා.''

අවංක ආදරය එයයි. හැමෝම පුදුම වුනා. හැමෝම කතා වුනා. එය හැමෝටම ආදර්ශයක් වුනා.

''යාලුවනේ... සෑබෑ ආදරයට බාහිර ආකර්ශණයට වඩා ගැඹුරින් යමක් පේනවා. මොකද සෑබෑම ආදරය එන්නේ හදවත ගැඹුරින්ම නිසා.''

ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස - [ මිය නොගිය, නික්ම නොයන මිනිසා ]



ගෙවී ගිය වසර සතියක් මෙන් දැනුණි
නුඹේ සිංදු කණ ළඟ වාගෙම ඇහුණි
ඉබේ ඇහැ ඇරී ඒ හීනය බිඳුණි
හැබෑව නම් නුඹ ළඟ නැති එක පමණි

එහෙම දුක දැණුනු රත්න ශ්‍රී පසුගිය නම වන දා හැන්දෑවේ මාස අටකට පසු ගාල්ලේ සිට කොළඹ ආවේය. ඒ කපුගේ හෙවත් සිය සහෘදයාගේ හැට පස් වන උපන් දිනය සමරන්නටය.

"ඔහු තමන් තෝරා ගත් ගීත වලට වග කීවේය. ඔහු තමන් ගැයූ/සංගීතය සැපයූ සෑම ගීතයකටම ගැළපෙන සංගීත ආකෘතිය සූක්ෂමව තෝරාගත්තේය. අතපත් නිර්මාණයේ සාර්ථකත්වය හැර අන් සියළු කාරණා ඔහු ජීවිත තර්ජන ද නොතකා ප්‍රතික්ෂේප කළේය.

ඔහු අනම්‍ය ස්වර රචනාවන්හි තනුව වෙනුවට ගීතයේ සාහිත්‍ය අර්ථය ගැයුවේය. ඔහු සිංහල ජන දිවියේ රිද්මය මැනවින් දැන සිටියාක් මෙන්ම ඒවා සිය නිර්මාණ වලට ද මුසු කළේය. ඔහුගේ ගීතවල වූ ප්‍රතිපත්ති සමාජයට සක්‍රියව දායක කළේය. වෙල්ලස්සේ ඉඩම් අරගලයේදී, සරසවි සිසු අරගල වල දී මෙන්ම පදවි ශ්‍රී පුර ජනතා අරගල වල දී ද ඔහු ජනතාව අත් හළේ නැත. කලාවට මනුෂ්‍යත්වය ප්‍රදානය කළ මිනිසා ඔහුය." එල්පින්ස්ටන් රඟහළෙහි උතුරා යමින් සිටි කපුගේ ප්‍රේමීන් අමතා ඔහු කීවේ එසේය.

පංති විඥානය ‍ ලංකාවේ ඓතිහාසික දේශපාලන අරගල සහ ගමන් මග මත නිරන්තරයෙන් ප්‍රතිවර්තනය වන්නේ වෛරි ස්වභාවයකින්යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. අනෙක් සමාජ ස්ථරයන් කෙරේ ඇති වෛරය තුළින් ස්වකීය පන්තිය කෙරෙහි ප්‍රේමය උපද්දවාගන්නා, (එතෙකුදු ඒ ගැන කිසිදු විටෙක සවිඥානික නොවූ), බොහෝ පාර්ශවයන් අමතක කරන හෝ නොදන්නා දෙය නම් සමස්ත මිනිස් වර්ගයාට දැක්විය යුතු ප්‍රේමය සිය පෞද්ගලික වෛරයට පමණක් සීමා වූ තැනින්, එනම් තිඹිරි ගෙයිදීම අරගලයෙහි සැබෑ අරුත සුණු විසුණු වන බවයි.

කම්කරු පවුලක උපන් ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස ලංකාවේ මෙතෙක් බිහිවූ බහුතරයක් විරෝධාකල්පධාරීන්ගෙන් වෙනස් වන්නේ එතැනිනි. සිය ගීතයෙන්, සංගීතයෙන් පමණක් නොව ජීවිත භාවිතයෙන් ද දුක් විඳින මිනිසුන් සමග සිටි ඔහු වෛරය උදෙසා නොව ආදරය උදෙසා ගැයුවේය. අනුන්ගේ අයිතීන් උදෙසා තමන්ගේ බත් පත ද උන් හිටි තැන් ද අහිමි කර ගත්තේය. ඔහු ගීතයේ සැබෑ මෙහෙවර ගැන ‍කියුවේ මෙසේය.

"සහෘදයාගේ ජීවිත පරිඥානය පුළුල් නොකර, ඔහුගේ අයහපත් මානසික භාවයන් විවේචනය නොකර, ආනන්දයෙන් ඇරඹී ආනන්දයෙන්ම පමණක් අවසන් වන ගීත වලින් සිදු වන්නේ සහෘදයා ජීවිතයට යොමු කරවීම නොව, ඔහුට ජීවිතයෙන් පලා යාමට උදව් දීම පමණි. සැබෑ ගීතයක් , හරවත් ගීතයක් සැම විටම පවත්නා දේට වඩා සුවිශේෂ අපූර්වත්වයකින් , නව ජීවණ ද්‍රෘෂ්ටියකින් ඉදිරිපත් වන්නකි. එවන් නිර්මාණ “විරෝධාකල්ප” පුවරුව නැතිවාට අසාධාරණයට අයුක්තියට එරෙහිව තියුණු අසිපත් සේ නැගී සිටියි. එහෙත් ඒවා කිසිම විටෙක හුදු වාර්තාමය සටන් පාඨ නොව නිර්මාණාත්මක ඕජෝ ගුණයෙන් පිරිපුන් සෞන්දර්යාත්මක කෘතීහු වෙති."
(කපුගේ- ප්‍රකම්පන කෘතියෙන්)

ඔහු කලාවෙහි ඉම් පුළුල් කරන්නේ සමාජ දේශපාලන වපසරිය තුළ පමණක් නොවේ. විප්‍රයෝගයෙන් නින්ද අහිමිව සිටිය දී සවනත ගැවසෙමින් හදවත රිදව රිදවා සැනහූ ඒ වේදනාවේ කම්පනයට පෙම්වතුන් සදා ණයගැතිය.

ඒ දුක්ඛ දෝමනස්සයන් සිය හඬ තුළ ප්‍රකම්පනය කොට ගනඳුරෙහි සැඟව ඇති ශාන්තිය හා නින්ද අපට දී විඳවන සහෘදයා ඔහුය.
වේදනාවේ සදාකාලික කටහඬ ඔහුය.
අරගලයට මිනිස්කමින් ද ආදරයෙන් ද උරගල තබන මිනිසා ඔහුය.
මිය නොගිය, කිසිදා නික්ම නොගිය මිනිසා ඔහුය.

මලක් නම් වැටෙයි රැඳුනත් ගස මුදුන
අනන්ත මල් ඇති ඒ වෙනුවට පිපෙන
කොවුල් හඬත් එහෙමයි හැම තැන ඇසෙන
මනුස්සයෙක් නුඹ වගෙ දකිමිද කොතැන

ඇපල් මෙන් රසවත් නැති ස්ටීව් ජෙබ්ස්ගේ ජීවන කතාව



ලොවක් මවිත කල නිර්මාණ රැසක් බිහි කරමින් ලොවට තාක්ෂණික වශයෙන් විශාල මෙහෙයක් ඉටුකල ඔහු ස්ටීව් ජොබ්ස්. ස්ටීව් ජොබ්ස් ලෙස කෙටියෙන් හැදින්වුනු මේ අපූර්ව මිනිසාගේ සම්පූර්ණ නම වනුයේ ස්ටීවන් පෝල් ජොබ්ස් ය. ජෝන් සිම්සන් (Joanne Simpson) සහ අබ්දුල්ෆතාහ් ජන්ඩාලි (Abdulfattah "John" Jandali) මොහුගේ සැබෑ දෙමාපියන් වුවත් ජොබ්ස් අවුරුදු 27ක් වන තෙක් තමාගේ සැබෑ දෙමාපියන් කවුරුන්දැයි නොදැන සිටියේ, පෙරකී ඔහුගේ සැබෑ දෙමාපියන් දෙපළ ජොබ්ස්ව හදා වඩා ගැනීමට ක්ලාරා සහ පෝල් ජොබ්ස් හට බාරදී තිබූ නිසාවෙනි. ක්ලාරා ගිණුම්කාරියක (Accountant) වූ අතර පෝල් වෙරළ ආරක්ෂකයකු වුනා. මොවුන් ජීවත් වුනේ කැලිෆෝනියාවේ සිලිකන් නිම්නය (California's Silicon Valley) ආශ්‍රිත ප්‍රදේශයකයි.

ජොබ්ස් සහ ඔහුගේ පියා විනෝදාංශයක් වශයෙන් ඉලෙක්ට්‍රොනික් භාන්ඩ සමඟ විවිධ දෑ සිදු කලා. ස්ටීව්ගේ පියා ඔහුට ඉගැන්වුවා ඉලෙක්ට්‍රොනික් බඩු ගලවන්නත්, නැවත ඒවා සවිකරන්නත්, ඒවා සමඟ විවිද දේ සිදු කරන්නත්. මේ තුලින් ජොබ්ස් ඉලෙක්ට්‍රොනික් භාන්ඩ පිළිබඳ තම දැනුම වර්ධනය කර ගැනීමට සමත් වුනා. ස්ටීව් කුඩා කාලයේදී පාසල් යෑමට එතරම් ප්‍රියතාවයක් දැක්වූ සිසුවකු නොවුනා. ඔහුගේ සිත නිතරම යොමු වුනේ නව නිර්මාණ දෙසටයි. කෙසේ වෙතත් ජොබ්ස් තම පාසල් ගමන නොනවත්වා සිදු කලා. කෙසේ වෙතත් අවසානයේදී උසස් පාසලකට ඇතුල්වීමට සමත් වුනා. උසස් පාසලේ අධ්‍යාපනය ලබන අවධියේදී ජොබ්ස් ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමඟ මිත්‍ර වුනා. ස්ටීව් වොස්නියැක් ඉතා දක්ෂ පරිගණක ඉංජිනේරුවකු වුනා.

උසස් පාසල් අධ්‍යාපනය නිමාවීමෙන් පසුව ජොබ්ස් රීඩ්ස් විද්‍යාලයට ඇතුලත් (Reed College in Portland) වුනා. කේසේ වෙතත් මඟ පෙන්වීමක් නොතිබූ හෙයින් මාස 6ක් වැනි කෙටි කාලයක් තුලදී ජොබ්ස් එම පාසලේ අධ්‍යාපනය අතහැර දැමූ අතර ඉන්පසු ඔහු නිර්මාණාත්මක දෑ සඳහා යොමු වුනා. කෙසේ වෙතත් 1974 ජොබ්ස් වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවකු වශයෙන් අටාරි (Atari) සමඟ එකතු වුනා. මාස කිහිපයක ඇවෑමෙන් ඔහු එය අතහැර දමා ඉන්දියාවට පැමිණියේ අධ්‍යාත්මික අවබෝධය සොයා ගැනීම උදෙසායි. කෙසේ වෙතත් 1976 දී එනම් ජොබ්ස්ට වයස අවුරුදු 21දී වොස්නියැක් සමඟ එකතුව ඔහු Apple සමාඟම ආරම්භ කලා. මොවුන් දෙදෙනාගේ මේ උත්සාහය නිසාම ඔවුන්ට පරිගණක ක්ෂේස්ත්‍රයේ විප්ලවයක් සිදු කිරීමට හැකියාව ලැබුනා. ඔවුගේ පළමුවන නිර්මාණය වූ Apple I තුලින් ඔවුන් ඩොලර් 774,000 ක පමණ මුදලක් උපයා ගැනීමට සමත් වුනා. ඉන්පසු ඔවුන්ගේ දෙවන නිර්මාණය වූ Apple II ඔවුගේ පළමු නිර්මාණයටත් වඩා සාර්ථක වූ අතර ඒ මඟින් ඔවුන් ඩොලර් මිලියන 139ක් උපයා ගැනීමට සමත් වුනා.

කොහොම වුනත් ඒ විදිහට සාර්ථකව පටන් ගත්තු Apple සමාඟම දිගටම සාර්ථක වුනේ නැහැ. Apple II පරිගණකයෙන් පසුව ඔවුන් එලිදක්වපු නිර්මාණ එතරම්ම සාර්ථකත්වයක් ලබා ගත්තේ නැහැ. මේ අතරෙදි තමයි Apple සමාගම අභිබවා IBM සමාඟම ඉදිරියට එන්න පටන් ගත්තේ. මේ නිසාම ජොබ්ස්ට IBM සමාඟම සමඟ ඉතා උණුසුම් තරඟයක නියැලීමට සිදු වුනා. කෙසේවෙතත් Apple සමාඟම 1984 දී තමන්ගේ නවතම නිපැයුම ‍වෙන Macintosh පරිගණකය එලි දැක්වූවා. නමුත් මේ නිපැයුමත් එතරම් සාර්ථකත්වයට පත්වීමට සමත් වුනේ නැහැ. දිගින් දිගටම සමාගමට අත්වෙන මේ සෝචනීය ඉරණමට වගකිව යුත්තා ලෙස ඇගිල්ල දිගු වුනේ ස්ටීව්ටයි. මේ හේතුව නිසාම 1985 දී ජොබ්ස් තම තනතුරෙන් ඉල්ලා අස්වුනා. ඉන්පසු ඔහු NeXT යනුවෙන් වෙනම මෘදුකාංග හා දෘඪාංග ආයතනයක් පිහිටුවා ගත්තා. ඉන්පසු ජොබ්ස් ජෝර්ජ් ලූකස් (George Lucas) නැමැත්තාගෙන් ඇනිමේෂන් සමාගමක් මිලදී ගත්තා. පසු කාලයකදී Pixar Animation Studio ලෙස ප්‍රසිද්ධ වුනේ මේ සමාගමයි. ජොබ්ස් තම පෞද්ගලික ධනයෙන් ඩොලර් මිලියන 50 ක් මේ සමාඟම වෙනුවෙන් ආයෝජනය කලා. කේසේ නමුත් ඔහුගේ මේ ආයෝජනය මල්ඵල ගන්වමින් ලොව අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපට රුසක් නිපදවීමට Pixar Animation Studio ආයතනයට හැකි වුනා. ඒ අතර Toy Story, Finding Nemo සහ The Incredibles විශේෂයි.

කෙසේ නමුත් පසු කලෙක මෙම සමාගම Walt Disney සමාගමත් සමඟ ඒකබද්ධ වුනු අතරම ඒ ඔස්සේ ජොබ්ස් Walt Disney සමාගමේ ඉහළම කොටස්කරු බවට පත්වුනා. කේසේ නමුත් 1997 දී Apple සමාගම විසින් NeXT සමාගම ඇමරිකානු ‍ඩොලර් මිලියන 429කට මිලදී ගනු ලැබූ අතරම එම වර්ෂයේදීම ජොබ්ස්ද නැවතත් Apple සමාගමේ තමාට හිමිවතිබූ තනතුරට පැමිනියා. ඉන්පසුව නැවතත් ජොබ්ස් තම අප්‍රතිහත ධෛර්යය හා කැපවීම උපයෝගී කරගනිමින් Apple සමාගම නැවතත් නගා සිටවූවා. ඉන්පසුව Apple සමාගම දිගින් දිගටම සාර්ථකත්වටය පත්වුනු අතරම iPhone, iPad, iPod, iMac වැනි විශිෂ්ඨ ඝණයේ නිර්මාණ රැසක් Apple සමාගම හරහා බිහිවුනා. ඒ සියල්ලටම ප්‍රධාන කොටස්කරුවා වුනේ ස්ටීව් ජොබ්ස්. ඔහු Apple සමාගම ලෝකයේ ප්‍රමුඛ පෙලේ සමාගමක් බවට පත්කලේ මුළු ලොවටම ඇපල් ගෙඩියක ඇති වටිනාකම පෙන්වා දෙමින්. Apple සමාගම නිපදවූ මේ නිර්මාණ ලෝකයේ පෙරලියක් ඇති කිරීමට සමත් වුනා.

කෙසේ නමුත් මේ අසහාය නිර්මානකරුවා 2003 දී ඉතා සෝචනීය පුවතක් ඇසුවා. එනම් ඔහු අග්න්‍යාශයේ පිලිකාවකින් පෙලෙන බවයි. එය සුවකිරීමට සැත්කමක් අවශ්‍යවූ නමුත් ජොබ්ස් එක කල් දැමුවා. අවසානයේ මාස 9කට පමණ පසු 2004 දී සාර්ථක සැත්කමක් මඟින් ජොබ්ස් හට තිබූ ඒ ‍රෝගය සුව කිරීමට වෛද්‍යවරුන් සමත් වුනා. කෙසේ නමුත් මේ අපූර්ව විශ්වකර්ම මිනිසා තම වයස අවුරුදු 56ක් ව තිබියදී 2011 වසරේ ඔක්තොම්බර් 5වන දින සදහටම අප අතරින් සමුගත්තේ සදා නොමැකෙන මතකයන් අප අතරේ තබමින්. ඔහු මියැදුනද ඔහුගේ නාමය තවත් වසර දහස් ගනනක් වුව මුවඟ රැදෙන නාමයක් බවට පත්වනු ඇත්තේ ඔහු ලොවට දායාද කල ඒ අපූර්ව නිර්මාණ ගොන්න නිසාවෙනි.

වැදගත් වෙයි කියලා හිතනවා නම් SHARE කරන්නත් අමතක කරන්න එපා

෴♥ලෝකයේ ප්‍රසිද්ධම හාදුව♥෴



මේ සමඟ ඇති ඡායාරූපයේ දැක්වෙන්නේ මෙතෙක් ලෝකයේ මිනිසෙකු කාන්තාවකට දුන් වඩාත්ම ආන්දෝලනාත්මකම හාදුවයි, එසේම එය 20වන ශතවර්ශයේ සුප්‍රසිද්ධම ඡායාරූප වලින් එකකි.


V-J Day in Times Square යනුවෙන් හැදින්වෙන මෙය ඡායාරූපයට නගා ඇත්තේ Alfred Eisenstaedt නම් ඡායාරූප ශිල්පියායි. V-J Day නමින් හදුන්වන්නේ දෙවන ලෝක යුද්ධයට නැවතීමේ තිත තබමින් ජපානය යටත් වූ 1945 අගෝස්තු 14 වන දිනයයි.

දෙවන ලෝක යුද්ධයේ නිමාව එවකට ඇමරිකානු ජනාධිපති Harry S. Truman නිවේදනය කල විට ප්‍රීති ප්‍රමෝදයට පත් ඇමරිකානු නාවිකයෙකු පාරේ ගමන් කරමින් සිටි හෙදියක් සිප ගන්නා ආකාරය මෙම ඡායාරූපයෙන් නිරූපනය වේ. ඉන් සතියකට පසු මෙම ඡායාරූපය Life සගරාවේ පල විය.

ඉන්පසු දශක ගණනාවක් පුරා බිලියන ගණනක් ලෝක වාසීන් නරඹා ඇති මෙම සුප්‍රසිද්ධ ඡායාරූපයේ සිටින හෙදිය සහ නාවිකයා හදුනා ගැනීමට වසර ගණනාවක් ගත විය.
1970 දශකයේ අග භාගයේදී Edith Shain නම් කාන්තාව ඡායාරූප ශිල්පියා වන Eisenstaedtට ලියූ ලිපියකින් ඡායාරූපයේ සිටින්නේ තමා බව ප්‍රථමයෙන් හෙලි කලාය.
වසර 91ක් ආයු වලදා 2010-06-20 වන දින ඇය මිය ගියාය.

2005 අගෝස්තු මාසයේදී George Mendonça නමැත්තා මෙම ඡායාරූපයේ සිටින නාවිකයා බවට හදුනා ගත් අතර ඒ සදහා Mitsubishi Electric Research Lab නම් ආයතනය මෙම ඡායාරූපය විශ්ලේෂනය කර ඡායාරූපයේ නාවිකයාගේ සිරුරේ ඇති කැලැල් සහ පච්චා සලකුනු George Mendonçaගේ සිරුර සමග සැසදුවේය.

Sunday, February 19, 2012

හිගන අත්දැකීම ....

කැටයම් කරපු හීන අතරට මුලින්ම මම ලියන්නම් මෙන්න මෙහෙම...
"කිසිම අදහසක් නැහැ මගෙ බ්ලොග් එක මෙහෙම වෙන්න ඕනෙ කියල එකම අරමුණ හිතට එන හැමදේම ලියන එකයි. මගෙ අත්දැකීමක් මේක ....
 "දැන් අවුරුදු 4කට කලින් පොඩි කතන්දරයක් මේක.දවසක් මම තාත්තා එක්ක පන්ති යනව.හිටිය පාර අයිනෙ හිගන මිනිහෙක් රෝද පුටුවක වයසක සීයා කෙනෙක්. මට මේ සීයා දැක්කම ගොඩක් දුක හිතුන.එදා හොදටම වැස්ස.සීයා අමාරුවෙන් අයිනකට වෙලා නොතෙමි ඉන්න ලොකු උත්සාහයක් ගන්නව. දවල් 1ට කිට්ටු කරල වෙලාව.මන් අඩන්න ගත්ත එතනින් නවත්තන්න කියල.තාත්තා ඒ වෙද්දිත්  සීයව පහුකරල ඉවරයි.ඒ මදිවට මට පන්තියටත් පරක්කු වෙලා හොදටම.ඇඩිල්ල නවත්තන්න ඕන නිසාම තාත්ත ආපහු හිගන සියා ඉන්න තැනට හැරෙව්ව.මට හුගක් සතුටු හිතුන. මම වාහනෙන් බැහැල තාත්තගෙන් රුපියල් 100ක් ඉල්ලල අර සීයට දුන්න.දුන්නම අර සීය බොහොම සතුටෙන් 100ය බාර ගත්ත.වාහනෙට නැග්ගත් මට ඕන උනා ඒ සීයා මොකක්ද කරන්නෙ බලන්නන.ඒ සීය අමාරුවෙන් අමාරුවෙන් රෝද පුටුවෙන් එතනම තිබුනු කඩයකට ගියා.මම සතුටු උනා කඩයට යන්නෙ බත් පාර්සලයක් ගන්න වෙන්න ඇති කියල..
සීය කඩේට ගිහින් එලියට ආවෙ සිගරට් එකක් බිබී ....
අනේ මට හිතිච්ච දෙයක්..
මේ වගෙ හිගන අත්දැකීම් නම් මට බොහොමයි.හේතුව මම ‍එයාල පස්සෙ මොකද කරන්නෙ කියල බලන් ඉන්නව ඈතකට ගිහින්.

අනාගතය ......

බලන්න පුන්චි තරු කැටේ...
හිතන්න හුගක් දේ තියෙනව ඔයාට.දැන් ඔයා අදුරනව ටිකක් විතර මිනිස්සුන්ව,
කලින් බැරි උනානෙ ටිකක් වත් අදුන ගන්න. අඩන්න එපා මොහොතක්වත්,මදුරුවෙක් වත් නොමරන ඔයාට වරදින්න කොහොමත් ඉඩක් මේ කාලෙ තිබ්බත් ඉදිරියට නැහැ.දන්නවද මිනිස්සු ඇයි අනුන් ගැන වැරදි අඩුපාදු හොයන්නෙ නොකියන දේ නොකරන දේ කලා කියන්නෙ කියලලැඅ මිනිස්සුන්ගෙ අඩුපාඩු වහගන්න.එයාල ලග නැති යමක් ඔයා ලග තියෙන බව ඒ මොහොතට හිතන්න,  කෝ දැන් හිනා වෙන්න,මේ රස්සාව නැති උනා කියල ඔයාට ජීවිතේ නැති වෙන්නෙ නැහැ නෙ.... අප්පච්චි කියන දේ මතකයි නේද මැණික..ඔයා දක්ශතා ගොඩක් තියෙන නිදානයක් .... මොනවද අඩු ඔයාට... එක එක මිනිස්සු කතා කිව්ව රස්සාව නැති කලා කියල තැවෙන්න එපා මැණික.....
ඔයා ඔයාටම කතා කරන්න.දවස ගානෙ කතා කරන්න.ඔයා ඔයා එක්කම හිනා වෙන්න,මතක් කරන්න ඔයා මැරෙන්න ගිහින් බේරගත්තු ජීවිත තියෙනව හුගාක් අනිත් මිනිස්සුන්ට උදව් කරල තියෙනව කියල.
හැමදාම මුලු හිතින්ම හොදට තමන්ගෙ ආගම අදහන බව මතක් කරල උපරිම සතුටු වෙන්න.....
හැමදාම ලෝකෙ කවුරු කොහොම හැසිරුනත් ඔයා මැණිකක්ම වෙන්න.....
බොහොම කලාතුරකින් ඉපදුනු ... ඇත්තටම දිලිසෙන .......

රාම සීත කතාවට සම කරන්න එපා.

රාමා සීතා ආදර කතාවෙ සීත වෙන්න නම් මට කොහොමත් බැහැ තමයි.මෙච්චර ආදරේ කරල වෙනම මගක යන මමත් ඔයත් අතර අහස පොලව වගේ දුරක් දැන් ඇති වෙලා. මැණිකක් අමතක කරන්න කාටත් අමාරුයි.ඒත් දලo කෑල්ලක් විසිකරන්න ඕනම කෙනෙකුට පුලුවන්.දලo කෑල්ලක් උනත් ඔප දැම්මොත් අල්ලන්න පුලුවන්නෙ රිදී මුද්දකට.ඔන්න ඔයාට ඒක අමතක උනා.කදුලු ගගක් තරම් අඩන්න දැන් නම් මම මෝඩයෙක් නෙමෙයි වස්තු. රාම ඒත් සීතව සැක කලා.එච්චර ආදරේ කරපු සීතවම. සීතට මේ සැක කිරීමත් එක්ක දැනුන දුක ඔයාටත් දැනුන නම්.කීයටවත් හිතන්නේ නැහැ දලo කෑල්ලක් කියල ඔයාගෙ මැණික් කැටේ.අහන්න එපා මගෙන් කවි ලියන්නෙ ඇයි විකාර කරන්නෙ ඇයි කියල.හැම මැණිකක්ම එක වගේ පැහැයෙන් දිලිසෙන්නෙ නැහැ නෙ ....
කියවන ඔයාලගෙන් ඉල්ලන්නෙ,සම කරන්න එපා කවදාවත් ඔයාගෙ ආදර කතාව රාම සීත කතන්දරයට.කවියො ලිව්වත් රචකයො ලිව්වත් සිත්තරු ඇන්දත් රාම සීතව සැක කලා...... 
කාටද පුලුවන් තමන්ගෙ ආදර වන්තිය වැරැද්දක් කලා කිව්වොත් සමාව දෙන්න නේද ? .. ඒත් කලා කිව්ව පලියට හොයන්නෙ බලන්නෙ නැතිව රාම වගේනම් වෙන්න එපා ඔන්න .....

මටම නැවත බල බලා සතුටු වෙන්න පුලුවන් කමක් ලැබේවි

නොලියපු කාලයෙ ලැබුනු දිරිමත් කිරීම් දැක්කම හුගාක් සතුටු හිතුන.රස්සාව නම් නැති උනා.ඒත් හිතේ ආත්ම විශ්වාසය නවත්තන්න හොද නැහැ කියල දැනුන නිසාවටම අමාරුවෙන් ආපහු මගේ නිවහන මගේ බ්ලොග් එක බලන්න ගොඩ උනා.නැති කාලයෙ ඔලුව දාල ගිය හැමෝටම පින්.තාමත් මම මේ බ්ලොග් කරනයට ආදුනිකයි.හුගක්ම.මන් මේ බ්ලොග් එක විසිතුරු කරන්නෙ කොහොමද කියලවත් දන්නෙ නැහැ.මට නිතරම ලොග් වෙන්නත් අමාරු ලොග් වෙන හැම මොහොතකම මුදල් හදල් අවශය නිසා.
හිර කූඩුවක ලැගුම් ගත්තු හිර කාරයෙක් වගේ කතා බහට කවුරුත් නැතුව ඉන්න ගියාම හිතට එන්නෙ අමුතුම අදහස්.මේ බ්ලොග් එක මීටවැඩිය ප්‍රයෝජනයක් ලැබෙන බ්ලොග් එකක් කරන්න හිතට එනව.නොකා නොබී මේ අමුනන අකුරු මුතුකැට නම් වෙන එකක් නැහැ.ඒත් දවසක මටම නැවත බල බලා සතුටු වෙන්න පුලුවන් කමක් ලැබේවි බ්ලොග් එක දිහා..

ප්‍රමාද වන්න එපා......


මැදි වියේ පසු වූ මිනිසෙකු මල් සාප්පුවක් අසල තම මෝටර් රථය නවත්වා මෝටර් රථයෙන් ඉවතට පැමිනියේය . ඔහුට අවශ්‍ය කර තිබුනේ අද දින තම හැත්තෑ වන උපන් දිනය සමරන මව වෙත මල් කළඹක් යැවීමටයි. ඇය වාසය කලේ ඔහු ජීවත් වූ නගරයට කිලෝමීටර 200ක් පමන දුරින් වූ කුඩා නගරයකය.

මෝටර් රථයෙන් ඉවතට පැමින මල් සාප්පුව දෙසට යන ඔහු දුටුවේ මල් සාප්පුවෙන් පිටත බංකුවක් මත වාඩි වී හඩමින් සිටින කුඩා දැරියකි. කුතුහලයෙන් ඈ වෙත ගිය ඔහු ඇගෙන් හැඩීමට කාරනාව විමසා සිටියේය..

"අද අපේ අම්මගේ උපන් දිනේ... මට අම්මට දෙන්න රතු රෝස මලක් ගන්න ඕනේ,ඒත් මගේ ලග තියෙන්නේ ඩොලර් එකයි,රතු රෝස මලක් ඩොලර් දෙකයි"
යැයි එයට පිලිතුරු ලෙස දැරිය දුක්බර හඩින් කියා සිටියාය.

මද සිනහවක් පෑ ඔහු මෙසේ කීවේය

"එන්න දුව මාත් එක්ක... මම දුවට රතු රෝස මලක් අරන් දෙන්නම්"

ඔහු කුඩා දැරියට රතු රෝස මල් කළඹක් මිලදී දුන් අතර තම මව සදහා අවශ්‍ය මල් ඇනවුම් කර ඒවා යැවිය යුතු ලිපිනය මල් සාප්පුවට ලබා දුන්නේය.

ඔවුන් දෙදෙනා මල් සාප්පුවෙන් පිටතට පැමිනි අතර කුඩා දැරියව නිවසට ගොස් ඇරලවීමට ඔහු ඉදිරිපත් විය.

"හා අංකල් එහෙනම් මාව අම්මා ලගට එක්ක යන්න " යැයි පැවසූ කුඩා දැරිය ඔහුගේ ආරාධනාව ප්‍රීතියෙන් පිලිගත්තාය.

ඇය ඔහුට මග පෙන්වූ අතර අවසානයේ නගරයේ සොහොන් පිටිය අසල මෝටර් රථය නැවැත්වීමට පැවසූ ඈ අලුත වල දැමූ මිනී වලක් අසලට ගොස් රතු රෝස මල් කළඹ ඒ මතින් තැබුවාය.

කුඩා දැරිය නිවසට ගොස් ඇරලවූ මිනිසා යලිත් මල් සාප්පුවට පැමිනි අතර තමාගේ ඇනවුම අවලංගු කලේය.

මල් සාප්පුවේ වූ අලංකාරම මල් කළඹ මිලදී ගත් ඔහු කිලෝමීටර් 200ක් දුර වෙසෙන මවගේ නිවස වෙත පිටත් විය

ජීවිතය කෙටියි ,ඔබට හැකි තරම් කාලයක් ඔබ ආදරය කරන පුද්ගලයන් සමග ගත කරන්න,ඔවුන් වෙනුවෙන් කැප වෙන්න. . ඔබ ප්‍රමාද වැඩි වීමට ප්‍රථමයෙන් ජීවිතයේ සෑම මොහොතක්ම ඔවුන් සමග රස විදින්න,ඔබේ පවුලට වඩා වටිනා කිසිවක් මෙලොව නොමැත.

ඉතින් මම පරාදයි !

 
 හිතාගන්න බෑ ඒ මොකක්ද උනේ කියලා. පුදුම පසුතැවීමකින් අද දවස අවසන් උනා ! ඉතිං ජය කවදත් දුර මගේ ජීවිතේට තවත් එක් පරාජයක් මේ විදිහට එකතු උනා .!

ඉතිං අද දවසේ මම මගේ පොඩිකාලේ ඉඳන්ම හිටපු මගේ හොඳම යාළුවෙක්ව තරහ කාරයෙක් කරගත්තා ,මහ පාර මැද ගහගත්තා ,ඇහැකුත් යන්තමට තලාගත්තා ,පොලීසියෙන් බැනුං ඇහුවා , අන්තිමට අවුරුදු ගානකට පස්සේ මම ලොකුම ලොකු පරාජයක් අත්වින්දා !

කැමතිද අහං ඉන්න ?

අද උදෙත් මම ඇඳේ වෙනදා පුරුදු පැත්තෙන්ම නැගිට්ටා . වෙනදා විදිහටම අදත් වැඩට යන්න සූදානම් උනා .....වැඩටත් ගියා ..ටික වෙලාවකින් මට කෝල් එකක් ආවා මගේ පොඩිකාලේ ඉඳන් යාලුවෙක්ගේ මල්ලිට හරකෙක් ඇනලා කියලා .! ඉතිං මමත් මගේ යාලුවා වෙනුවෙන් ඉක්මනට රෝහලට ගියා .මගේ සේරම වැඩ අතරමග දාලා .

ඇත්තටම මගේ ඒ යාළුවගේ (හිටපු යාළුව) ඇත්ත නම කියන්නේ නෑ මම . මගේ යාළුවගේ ගෙදර ලොකු හරක් පට්ටියක් හිටියා එයාලගේ තාත්තා රැකියාවට අමතරව හරක් ඇතිකරලා කිරි විකුනන එක කරා .මෙයාලගෙ මල්ලි 10 වසරේ ඉගනගන්න තරමක් එපා කරපු කොල්ලෙක් (මට විතරක් නෙවේ වටේ පිටේ හැමෝටම) ඒත් මගෙත් එක්ක කිසිම තරහක් මේ අයිය මලෝ තිබුනේ නෑ . මට ගොඩක් උදවු කරලත් තියනවා මේ දෙන්නම .

මම රෝහලට ගියේ තව යාළුවෙක් එක්ක එයාගේ නමමුදිත” . ඇත්තටම මගේ යළුවාගේ මල්ලිව මම දකින කොට එයාට ඒතරම් අමාරුවක් තිබ්බේ නෑ .තුවාල එකක් තිබුනා ඇත්තටම පොඩි එකක් .එයාට ඇනලා තිබ්බේ පැටියෙක් දාපු වැස්සියෙක්. ඇනලා තිබ්බේ කොහාටද දන්නවද ? එයාගේ පස්ස පැත්තට .ඉතිං ඒක නිසා යාළුවගේ මල්ලී පුදුම කේන්තියකින් බනින ගමන් තමයි හිටියේ .

මම ඔය වැස්සිව මරනවා ! ඕකිව තියන්නේ නෑ ! අදම මස් කඩේට විකුනලා මම ඕකිගේ මස් ගෙනල්ලා කනවා !ඒ විතරක් නෙවේ තවත් මහ අමු තිත්ත කුනු හරප වැලකිනුත් මේ අමානුෂික බැනුම් වැල සැරසුවා..

මල්ලී උඹ ඉඳපන් කරනදේ මම බලාගන්නම් !

එයාගේ අයියා ඒකියන්නේ මගේ යාළුවා ඌත් දැන් මල්ලිට දෙවනි නෑ .එයාලගේ තාත්තත් පුතාලව උසිගන්වනවා ..

මගේ කොල්ලව මරන්න හදපු ඔය වැස්සිට මොහොතක් මම ඉන්න දෙන්නේ නෑ !තාත්තා ලමයින්ට අන්තයි ..

දැං ඔහොම කියෙවුවට මොනවත් කරන එකක් නෑ ඕක තරහ නිවුනම අඩුවෙලා යාවි..මම මගේ ලඟ හිටපු මුදිතට කිවුවා පොරත් ඔලුව වැනුවා ..........

ඒත් අපි දෙන්නා හිතුවට වඩා වේගයෙන් වෛරය කියන ගින්න අර යාළුවගේ පවුලේ අයගේ හිත්වල ඇවිලිලා තිබුනා !

මට දවල් 12:45 විතර මුදිත ගෙන් කෝල් එකක් ආවා !

මුදිත මගේ යාළුවෙක් වෙලා අවුරුදු දෙකක් විතර ඇති..දහම් පාසලේ උගන්වන කොල්ලෙක් .හරිම හිතහොඳ කොල්ලා

මචං සඳරු අරුං දෙන්නා පුදුම වැඩක් නේ කරන්න යන්නේමුදිත කියවගෙන යනවා

ඇයි මොකද ?” මමත් ඉක්මනටම ඇහුවා

අර පෙරේතයෝ දෙන්නා අර වැස්සීව කකුල් ගැට ගහලා බිම දාලා වද දෙනවා ! පවු බං

අපි මොනවා කරන්නද බං උංගේ වැස්සිනේ

එහෙම කියන්න එපා බං ! මම ගිහිං උංට එපා කිවුවා ..උං ගනං ගන්නේ නෑ උඹ ඇවිල්ලා කියපංකෝ පොඩ්ඩක්.

මට වැඩ ගොඩයි බං !ඇත්තටම මම වැඩ ගොඩක හිටපු වෙලාව ..

උඹ පොඩ්ඩක් ඇවිල්ලා බලපං මචං උඹ ආවනම් ඔහොම කියන්නේ නෑ

මුදිතගේ කටහඬ අමුතුයි ! ඔවු මිනිහා අඬනවා ..

හරි මම එන්නම් උඹ එනවද මාව ගන්න ?

හරි මම එන්නම්

ඉතිං මුදිත බයික් එකත් අරං මාව ගන්න ආවා ..බොස් එදා වේලාසනින් ගිහිං හිටපු නිසා මට යන්න පුලුවන් උනා නැත්නම් මම කීයටවත් යන්න්නේ නෑ !

යන අතරේ මුදිත මට මේ මෙහෙම කියනවා !

මචං උඹ දන්නවද අරූට වැස්සී ඇනලා තියෙන්නේ ඇයි කියලා ?”

නෑ..! කියපංකෝ බලන්න .

අරූගේ මල්ලී අර ඉපදිලා දවස් 5ක් වෙන වහු පැටියගේ ඉස්සරහා කකුල් දෙකෙන් අල්ලලා උස්සලා දෙපයින් පල කියලා.ඉතිං ඒ පැටියගේ අම්මා කඹේ කඩාගෙන ඇවිලා පිටිපස්සෙන් මුගේ පු*ට ඇනලා !

ඉතිං යකෝ වැස්සි සාදාරනයිනේ හිනාවෙන ගමං මම කීවා ! ..ඒත්

ඉතිරි ටික අහලා මගේ හිනාව අතුරුදහන් උනා !

උං දෙන්නා (අයියයි මල්ලියි) වැස්සි බිම දාලා කකුල් ගැට ගහලා . මිරිස් කුඩු වැස්සිගේ ඇස්දකේ ගාලා. වැස්සිගේ වල්ගේ මිටියකින් තලනවා මම යනකොට.

මුන් දෙන්න පුදුම තිරිසන්නු ! මට එකපාරම හිතුනා. මම මේක කොහොම හරි නවත්වනවා මම හිතාගත්තා. මොහොතකින් අපි අර අසරන වැස්සි ඉන්න තැනට ආවා !

දෙවියනේ ! මට මගේ මුලු ජීවිතේම එපා උනා! මම මේ වගේ දෙයක් දකින්න පවු කරා නේද ? මටම හිතුනා ඒ අහිංසක සතා වේදනාවෙන් මර හඬ දෙනවා මුං දෙන්නා (තුවාල වෙච්ච මල්ලි ලඟ ඉන්නවා) අයියා වැස්සිගේ බෙල්ලට දාපු ලනුවකින් ඇදගෙන පාරට ගන්න හදනවා .මස් කඩේට ගෙනියන්න .වැස්සිගේ දවස් 5 ක පැටියා කොහේද දන්නේ නෑ ? මුං කොහේ හරි ගැට ගහන්න ඇති.ඕක නවත්තපං මචං ! මම කීප වතාවක්ම මගේ යාලුවට කීවා .

උඹට තේරෙන්නේ නෑ බං ! මූ මහ මිනීමරු සතෙක් ..මගේ කීමට කිසිම තැනක් නෑ

උගේ මල්ලී පස්සෙන් කොර ගගහා එනවා අයියා වැස්සිව ඇදගෙන යනවා.. මුදිතයි මායි මේ පස්සෙන් ටිකක් දුර පාරට ආවා ..අනේ අර වැස්සි ඇස්දෙක දැවිල්ල නිසා වැල්ලේ මූන අතුල්ලන්න උත්සහ කරනවා ඒ ඇස්වලින් කදුලු බේරෙනවා .හිතන්න අපිට සබන් ටිකක් ඇහැට ගියාම කොයිතරම් අමාරුද ? මිරිස් ඇස් දෙකටම දැම්මොත් කොහොමට තියේවිද ? වැස්සි ඇදං යන කෙනා වැස්සිව තාර පාරට ඇද්දා

මෙතන අතුල්ලපිය මූනකියන ගමං

මුදිත අහක බලාගත්තා !

මගේ ඉවසීමත් එතනින් ඉවර උනා ! මගේ ෆෝන් එක මුදිත ගේ අතට දීපු මම අහිංසක තිරිසන් සතෙක් වෙනුවෙන් මගේ හොඳම යාළුවෙකුට එරෙහි වෙන්න තීරනය කරා.!

ඉතිං කෙලින්ම ගිහිං වැස්සට පිරිලා තිබුනු වතුර වලකින් වතුර දෝතක් අරං අර සතාගේ මූන එකපාරක් හේදුවා .! අනේ ඒ සතා තව වතුර ඉල්ලලා මූන දික්කරනවා ඒ ඇස්දෙක තවම පියවිලා.

.මුදිත තව වතුර දෝතක් අරං වැස්සිගේ මූනට අත් දෙක ලං කරද්දිම .කඹේ අල්ලං හිටපු පවුකාරයා මුදිතගේ අත්දෙකට පයිං ගැහුවා !! ..කුනු හරප වැලක් දෙසන ගමං .මුදිතගේ අතේ තිබ්බ වතුර උඩ විසි උනා . මම බලං හිටියා ඇති කියලා මට හිතුනා . ඉතිං මගේ අත මගේ යාලුවෙක් වෙලාහිටි මේ පවුකාරයාගේ කනට ගාවන්න මට සිද්ද උනා

ඉතිං අපේ ගුටි බැට හුවමාරුව මම හිතන්නේ විනාඩි 1තත්පර 30ක් විතර තියෙන්න ඇති..කඹේ ඔතාගෙන හිටපු අර අතෙන් මගේ ඇහැකට පාරක් වැදුනම තමයි මගේ ඇඟේ හයිය ඉවර උනේ . මට මොනවත් පෙන්නේ නැතිව ගියා මොහොතකට ..ඒත් මම දිගටම අරූටත් ගැහුවා !

ටිකක් ඈත කහ ඉර ලඟ හිටපු ට්‍රැෆික් කෙනෙක් දුවගෙන මෙතෙන්ට ආවා .

මොකද මේ තමුසෙලා පිස්සෝ වගේ හැසිරෙන්නේ

මගේ හතුරා (තව දුරටත් යාලුවෙක් නෙවේ ) එයාගේ පැත්තෙන් කතාව කීවා ඒක අහපු නිලධාරියා මගෙන් මෙහෙම ඇහුවා !

තමුසෙට මේ හරකව ඕනද ? එහෙනම් සල්ලි වලට මේ සතාට ගන්නවා !

“50000 දුන්නොත් මම සතාව දෙනවා !අරූ ඉඳන් කියනවා ..

මම ලඟ පනස් දාහක් මට කීයටවත් ඒ ගාන දෙන්න බෑ ! ඒත් තිබුන නම් මම කීයටවත් අතාරින්නේ නෑ !

ඉතිං මමත් මුදිතත් නිරායාසයෙන්ම නිහඬ උනා !

සල්ලි දීලා ගන්න බැරිනම් තමුසෙලා පන්ඩිත කමට අනුංගේ දේවල් ගන්න හැදුවේ මොකටද ?

මට කියන්න දෙයක් නෑ ! මගේ කමිස කොලර් එකෙන් අල්ලපු ඒ නිලධාරීතුමා
පවු නොදී යනවා අයිසේ ! තමුසේ තව පාරක් මෙහෙම හැසිරිලා තිබ්බොත් බලාගන්න පුලුවන් !කිවුවා .

ඉතිං අර පවු කාර ජෝඩුව අහිංසක කිරි අම්මා කෙනෙක් ඇදගෙන මස් කඩේට ගියා ! ඒ සතාගේම මසුත් අදම අරං එනවා ඇවිල්ලා කනවා කියලා හෙමීට මට කියන ගමං ..
...................................................................................................................................................................
....................................................................................................................................................................
ඉතිං මගේ ඇහෙන් කඳුලු වැටුනේ නම් නෑ ඒත් හිත හොඳටම රිදුනා මම හිතෙන් ගොඩක් ඇඬුවා!

මට බේරගන්න බැරි උන ඒ අහිංසක සතා වෙනුවෙන් තමයි මම මේ පෝස්ට් එක ලියන්නේ. මම දන්නවා ඒ සතා දැං මැරිලා ඇති අර පවුකාර ජෝඩුව ඒ මස් කාලත් ඇති සමහර විට .

ඉතිං ඔය විදිහට මම අන්ත පරාජයක් ලැබුවා මට කරන්න දෙයක් තිබ්බේ නෑ ! මට පිනක් කරගන්න ඕන උනේ නෑ. මට ඕන උනේ අසරන ජීවිතයක් බේර ගන්න විතරයි . ඒත් මට ඒක කරන්න බැරි උනා. ඒ සතා තිරිසන් ආත්මයක ඉපදිලා තමන් කරපු අකුසලයක් මේ විදිහට ගෙවාගත්තා.ඒත් තව දෙන්නෙක් ලොකුම ලොකු අකුසලයක් ජීවිත වලට එකතුකරගත්තා .

අද හවස SMS එකක් ආවා මගේ පවුකාර මිතුරාගෙන් ඒකේ තිබ්බේ

අපේ ගේම තාම ඉවර නෑ මම උඹව අල්ලගන්නම් ..පරිස්සමෙන් පාරට බැහැපං කියලයි !

මූ අවුරුදු ගානක් යාලුවෙක් කරගෙන උන්නට මට ගොඩක් හොඳ දඬුවම ..මමත් අතාරින්නේ නෑ ..මමත් ලෑස්තියි ! උඹව මටත් හම්බවේවිනේ ඒ වෙලාවට බලමු...එහෙම කියලා මමත් Reply කරා

මේ මහ හෑල්ල ලීවේ හිතේ තිබ්බ තරහටත් දුකටත් පරාජයටත් හැම දේකටම. තිරිසන් සතෙක් හින්දා මගේ හිතට මේතරම් දුකක් දැනෙන පලවෙනි වතාව. ..ලොකු අමුත්තක් හිතට දැනෙනවා .ඇයිද මන්දා ?

මම ඇයට පෙම් කරමි



                       දෙකට මැදින් නවලා . සියුම්ව මැද දාරය නිය පොත්තෙන් තෙරපලා . A4 කොලේ දෙකට මැදින් ඉරුවා A5 කොල දෙකක් බවට පත්කලා . හරියටම මගේ හදවත වගේ දැන් කෑලි දෙකයි . මොනවදෝ මගුලක් ඒ කොල බාගේ ඇතුලේ ලියැවුනා .හෙට තීරණාත්මක දවසක් !



අද රැය මගේ ජීවිතයේ නිදන්නට අපහසුම රැය වේවි.!
ගැන ලියන්නටද මට හැකිවේවි
සොයිබේ කැඩුනු ජනේලයෙන් එන දූවිලි මිස්‍ර හුලඟ
දාඩියෙන් පෙඟුනු මගේ අත් දෙකට සීතලක් ගෙනේවි

ඉතින් මේ හිස් අහස යට හිඳ
තඩිස්සි වෙච්ච මගේ හිත පිරෙන තුරාවටම ..
කොයිතරම් වාරයක් සිපගත්තෙමිද මම ඇයව
මුවින් නොව සිතින් විතරම විතරක් .

ඇත්තටම ඇය මගෙද ? ඇය මැවුනේ මටමද ?
සත්තයි ..................
ඇය කාගෙදැයි නොමදැන .
බලාපොරොත්තු තබාගෙන හිස් අහස පිරෙන්නම
මම ඇය කොතරම් පෙම් කලාද ?

හෙට දින ඇයව මුන ගැසීමෙන් පසු
විඳින මේ අනේක වේදනාව නිමාවනු ඇත
ඇය මගේම වනු ඇත !
නැතොත් ඇය මගේ නොවනු ඇත !

ඇය මගේම නොවන්නේනම් ..
හෙටින් පසු
නොලියවෙනු ඇති එකදු අකුරක්
ඇය නමින්
ඒත් ඒ නිල්වන් නිසොල්මන් දෑසට
ආදරය නොකර කෙලෙස සිටිම්ද ?
මම

සඳරැස් ගලා ගිය
පාළු වැවු කන්ඩිය දිගේ ....
දහස් ගනං අඳුරු හෙවනැලි අතරේ .
අත ගෙන ඇවිදින්නට .!
වරම් අයදිමි දෙවියනේ ! ! !
හිරු එලිය දකින්නට , මල් වැසි වැටෙන්නට .
නිල් අහස දකින්නට , නුඹේ අත ලබන්නට .