සිංහලයා වනාහි දඹදිවදී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ටම වඩා යහපත් අය වෙති. භාග්‍ය සම්පන්නද වෙති. ඔවුහු මධුර කතා ඇති අතර ආදර ශීලී මනුෂයෝය. සිංහලයාගේ ගුණධර්ම සැකෙවින් වර්ණනා කලහොත් මෙසේය.
ඔවුන්ගේ ගමන් ලීලාවද හැසිරීමද ඉතාඋදාරය. යම්කිසියන් ඉතා ඉක්මනින් තෙරුම් ගැනීමේ විචක්ෂණ ඤණයක් සිංහලයන්ට ඇත. ඔවුහු ස්වභවයෙන්ම මස් කෑමත් මත්පැන් බීමත් අප්‍රිය කරති. ඔවුහු කිපෙන සුළු නොවෙති. කෝපයක් ඇතිවුවත් වහා සංසිදුවාගෙන සමගි වෙති. සිංහලයා ඇදුමින් පිරිසිදුය. ඉතා ශිෂ්ඨලෙස ආහාර අනුභව කෙරෙති. වැඩිවෙලා නොනිදති.
සිංහලයෝ උදේ හවස පිලිම වහන්සේ ඉදිරියේ මල් පූජාකරති. නවගුණවැල නම් වූ ඇට වලින් සෑදූ මාලයක් අතින් ගෙන නිතර භාවනාවේ යෙදෙති. හොරකම් කිරීම අතිශය පිලිකුල් කොට සලකති. කිසිම සිංහලයෙකු කිසිම දිනෙක සොරකම් කලබවක් මා අසා නොමැත. සිංහලයෝ කරුණා කරති. අන් අයට උපකාර කරති. ආගන්තුකයන්ට දයාවෙන් සංග්‍රහකරති. සිංහලයෝ චතුර කතිකයෝය. සිංහල දීපයේ එකම හිගන්නේක්වත් නැත......
No comments:
Post a Comment