Tuesday, July 31, 2012

ආනාපානසති භාවනාව


භාවනා ක්‍රම දෙකකි. ශමථ භාවනා විදර්ශනා භාවනා වශයෙනි. ශමථ භාවනාවෙන් සිතේ එකඟ බව සංසුන් බව වැඩෙයි. කෙලෙස් යටපත්වෙයි. සමහර ශමථ භාවනාවෙකින් උපචාර සමාධි අවස්ථාව තෙක් ද, සමහරෙකින් රූපාවචර අර්පණා සමාධි තෙක්ද, සමහරෙකින් අරූපාවචර සමාධි අවසන් කොට ද සිතේ එකඟ බව වැඩෙයි. විදර්ශනා භාවනාවෙන් ලොව යථා තත්ත්වයට දක්නා නුවණ වැඩෙයි. කෙලෙස් තුනී වෙවී ගොස් සෝතාපත්ති ආදි මාර්ග ඵල අවස්ථාවලට සිත වැඩේ. අවසනැ සියලු කෙලෙස් නසා රහත් බවට පැමිණෙයි.

ආවරණ තුන

භාවනාවෙන් උසස් ඵල ලැබිය හැක්කේ කර්මාවරණ විපාකාවරණ, ක්ලේශාවරණ යන තුන් බාධකවලින් මිදුණු සැදැහැවත් නුවණැති උත්සාහවතා විසිනි.

කර්මාවරණ යනු මවු මැරීම, පියා මැරීම ආදී ආනන්තරිය පාපයක් කර ඇති බවය.

විපාකාවරණ යනු ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නොලත් බවය. ද්විහේතුක අහේතුක ප්‍රතිසන්ධියෙකින් උපත ලත් අයට මෙ අත් බව්හි දී ධ්‍යාන මාර්ග ඵල කිසිත් ලැබිය නොහැකිය.

ක්ලේශාවරණයෙන් යුක්තයෝ නම් නියත මිථ්‍යාදෘෂ්ඨිකයෝත් උභතෝව්‍යංජනකයෝත් නපුංසකයෝත්ය.

පරිබෝධ

භාවනා වඩනු කැමැත්තහු විසින් පළමු කොට දශ පරිබෝධ (භාවනාව වැඩීමට බාධක ව සිටින කරුණු දහය) දුරු කට යුතු වෙයි. ආවාස, කුල, ලාභ, ගණ, කර්මාන්ත, ගමන්, ඥාති, ආබාධ, ග්‍රන්ථ, සෘද්ධි යනු පරිබෝධ බාධක දහයයි.

ආවාස යනු වාසස්ථානයයි. බඩු බහිරාදියෙන් පිරුණු ගෙය නොයෙක් සම්බාධ ඇති එකෙකි. එවැනි තැන යෝගියාට වාසයට සුදුසු නොවේ.

කුල යනු නෑදෑ පිරිසය. උපස්ථායක (දායක) පවුල්ය. ඔවුන්ගේ සුව දුක් විමසමින් ඔවුන් ගේ කටයුතු සොයන්නට බලන්නට වීමද භාවනාවට බාධකයෙකි.

ලාභ යනු සිවුරු පිරිකර ආදී වශයෙන් ලැබෙන දෑයි. පින් ඇති ලාභී භික්ෂු නමට ගිය තැන සත්කාර සම්මාන ලැබෙයි. උපාසක උපාසිකාවරු නානාවිධ පිරිකර ගෙනවුත් ඔහුට පිරිනමති. ගිහියාට ද නෑදෑ යහලු මිතුරන්ගෙන් නොයෙක් තෑගි බෝග ලැබේ. ඒවාට සැලකිල්ල දක්වන්නට ගියොත් භාවනාවට අවකාශ නොලැබේ. භාවනානුයෝගියා ලාභ ලැබීමේ මං කෙරෙන් ඈත්විය යුතු.

ගණ යනු පිරිවරයි. පැවිද්දකුට නම් තමාගෙන් ඉගෙන ගන්නා සිසු පිරිසත් නිතර පාහේ යම් යම් දෑ සඳහා සාකච්ඡාවට එන ගිහි පිරිසුත්ය. ගිහියාට සිය නෑදෑ පිරිස් ගනු දෙනු කරන්නෝ මෙහෙකරු පිරිස් ආදිහු ය. ඉගැනුම් භාවනා අරමුණෙහි සිත රඳවා තබන්නට එය මහත් බාධකයෙක් වෙයි. පැවිද්දෙක් වී නම් සිය සිසුවන් අන් තෙර නමකට පවරා තමා එකලා විය යුතු. ගෘහස්ථයා ද දූදරු ආදීනට තමාගෙන් ඉටු වියැ යුතු දෑ සියල්ල සපුරා හෝ අන් සුදුසු කෙනෙකුට පවරා එකලා විය යුතු.

කර්මාන්ත යනු පැවිද්දකුට නම් විහාරයේ ප්‍රතිසංස්කරණ වැනි දෑය. ඒවා නිමවා හෝ අන් කෙනෙකුට පවරා පැවිදි තැන සියලු වගකීම් කෙරෙන් ඉවත් විය යුතුය. ගෘහස්ථයා ද තමාගේ රැකියා කටයුතු අන්කෙනෙකුට පවරා හෝ නිදහස් විය යුතුය.

ගමන් යනු තමාගේ හෝ අනෙකකු ගේ කටයුත්තකට ඈතකට යන්නට බැඳී සිටීමයි. එවැනි අවස්ථාවලදී ද ඒ ගමන් ගොස් කටයුත්ත නිමවා හෝ එය අන් කෙනෙකුට පවරා හෝ ඒ බරින් ද නිදහස් විය යුතු.

ඥාති යනු නෑදෑයෝය. මා පියෝ ආචාර්යය උපාධ්‍යායයෝ සහෝදර ආදීහුය. ඔවුනට තමාගෙන් ඉටුවිය යුතු ඇප උපස්ථාන සත්කාර උපකාර ඇතොත්, ඒවා සපුරාලීමට සුදුසු විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ වග කීමෙන් නිදහස් විය යුතු. ඔහු රෝගාබාධාදියෙකින් පෙළෙත් නම් ප්‍රතිකාර සාත්තු සප්පායම් කොට නිරෝගී වූ පසු ව තමා ගේ භාවනා කාර්ය ඇරැඹිය යුතුය. නැතහොත් ඔවුනට ප්‍රතිකාර සාත්තු සප්පායම් ආදිය කිරීම එයට සමත් විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ බරින් නිදහස්ව භාවනා කර්මයට බැස්ස යුතු.

ආබාධ පරිබෝධය යනු තමාට වැළදී ඇති ලෙඩකි. එයට ප්‍රතිකාර කොට සුවය ලබා ගත යුතු සුවය ලැබීම දුෂ්කර වී නම් ‘මම මේ රූප ශරීරයට වහල් නොවෙමි’ යි ඉටා සිතට ධෛර්යය නංවා රෝගය මැඩ කමටහන් වැඩීමෙහි යෙදිය යුතු.

ග්‍රන්ථ පරිබෝධය යනු ධර්ම ශාස්ත්‍ර ඉගැන්මයි. ඉගැනීමෙහි යෙදුණකුට ඉඩ ඇති පරිදි ස්වල්ප වශයෙන් භාවනාවක් කට හැකි වා මිස උසස් ප්‍රතිඵල ලැබෙන තරමට දිගට ම එය පැවැත්විය නොහැක්ක. සෑහෙන තරම් දුරට ඉගෙන එයින් පසු කමටහන් වැඩීම පටන් ගත යුතු නැතහොත් ඉගෙන ගත් පමණින් සෑහීමට පත්ව, ඉගැනීම නතර කොට, භාවනා කර්මයට බැස්ස යුතු. පොත් පත් ලිවීම ආදී කටයුතුත් මෙසේම අවසන් කොට හෝ නතර කොට භාවනා කර්මයට බැස්ස යුතු.

සෘද්ධි පරිබෝධය යනු විදර්ශනා වැඩීමට බාධක වූ ලෞකික සෘද්ධියයි. රූපධ්‍යාන වඩා පරසින් දැනුම් ආදී කිසි සෘද්ධියක් කෙනෙකු ලබා ගත්තත් එය පිරිහී යෑ නොදී නිතර සමාධියට සම වැදීම ආදියෙන් දුක සේ රැක ගත යුත්තෙකි. ටික දිනක් සමාධිය වැඩීම අත පසු වූවොත් ඒ සෘද්ධිය නැති වී යයි. කිසි ප්‍රමාදයෙකින් කෝපය හෝ රාගය වැනි අකුසල් දහමක් සිතෙහි මතු වුණත් එය නැති වී යෑ හැකියි. එය රැක ගන්නට සිතා රූපාවචර සමාධිය රැක ගැන්මේ ම ඇළී සිටිය හොත් විදර්ශනා භාවනාවට ඉඩ නොලැබේ. එබැවින් එවැනි කිසි සෘද්ධියක් ලබා ඇති යෝගියා එහි ඇල්ම හැර දමා විදර්ශනාව ඇරැඹිය යුතු.

කල්‍යාණ මිත්‍රාශ්‍රයය. මෙහි දැන් කී පරිදි දශ බාධකයන් දුරුකොට භාවනා වඩනු කැමැත්තහු විසින් කල්‍යාණ මිත්‍රාශ්‍රයය ලැබිය යුතු. කල්‍යාණ මිත්‍රාශ්‍රයය යනු භාවනා උපදේශ දෙන ගුරුවරයකු ඇසුරු කිරීමයි.

ප්‍රධානම කල්‍යාණ මිත්‍රයා, කර්මස්ථාන දෙන ප්‍රධාන ආචාර්යවරයා. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේයි. උන් වහන්සේ නැති නැත අසූ මහා ශ්‍රාවකයන් ගෙන් කෙනෙකු ආචාර්ය කැරැ ගත යුතු, එසේත් කෙනෙකු හෝ නොලදොත් අන් කිසි රහත් නමක ඇසුර ලැබිය යුතු. රහත් නමක්ද නො ලදොත් අනාගාමි කෙනෙකු ඇසුරු කළ යුතු. අනාගාමියකු නො ලදොත් සකෘදගාමියකු ද එසේ වූ කෙනෙකු නො ලදොත් සෝවාන් වූ කෙනෙකු ගුරු කොට ගත යුතු.

රහත්හු අනාගාමීහු සකෘදගාමීහු සෝවාන්හු ‘මම මෙනම් අධිගමයක් ලබා ඇත්තෙකිමි’යි. අනුනට අඟවත් ද? නැත. එහෙත් විමසන්නා විමසුන් වැඩීමෙහි ලැදියාව ඇති කෙනෙකු බව දැන ගත්තොත්. ඔහු කෙරෙහි කරුණාවෙන් ඔහුට උපදෙස් දෙනු පිණිස තමන් ලබා ඇති ආර්යය තත්ත්වය හෙළි කෙරෙත්. එබැවින් කමටහන් වඩනු රිසියහුට ආර්ය පුද්ගලයකු ගේ ඇසුර ලබාගත හැක්ක.

සෝවාන් වූ කෙනෙකුත් සොයා ගත නොහැකි වුවොත් ත්‍රිපිටක ධර්මය අතේ ගැඹුරු දැනුම් ඇති සිල්වත් ගුණවත් කාරුණික ආචාර්යවරයකු ගේ උපදෙස් ලැබිය යුතු. ඇසුරු කළ යුතු ආචාර්යවරයා ගේ සැටිය විශුද්ධි මාර්ගයෙහි මෙසේ දැක්වේ’

“පියො ච ගරු භාවනිය්‍යො
චත්තා ච වචනක්ඛමො
ගම්භිරං ච කථං කත්තා
නො වාට්ඨානෙ නියොජයෙ”

“ඒ ඇදුරු තෙම සිල්වත් බැවින් කාටත් ප්‍රිය වූ ගරු කටයුතු සම්භාවනීය කෙනෙකි. උපදෙස් දීමේ නොමැලියෙකි. ශිෂ්‍යයා කොතරම් ප්‍රශ්න ඇසුවත් ඒ සියල්ල ඉවසන කෙනෙකි. ගැඹුරු දහම් පද ලිහිල් කොට කියා දීමෙහි හැකියාව ඇත්තෙකි. ප්‍රශ්න කරන ඇසුරු කරන ශිෂ්‍යයා නො නිසි අතෙක නො යවන්නෙකි.”

මෙහි කී ගුණාංගවලින් යුත් උගත් ධර්මධර සිල්වත් ගුරුවරයකු ගේ ම ඇසුර ලබා ඔහු දෙන උපදෙස් අනුව භාවනාව වැඩිය යුතු.

ආනාපාන සතිය වඩනු කැමැත්තහු විසින් එය වඩන සැටි ගුරුවරයා ගෙන් අසා දැන ගත යුතු. කොයි හැටියෙකිනුත් ගුරුවරයකු සොයා ගත නොහැකි වූවොත් භාවනා ක්‍රම පිළිබඳ විස්තර සඳහන් පොත පත කියවා භාවනා මාර්ගයේ මුල මැද අග හොඳට තේරුම් ගෙන එහි උපදෙස් අනුව ඔවුන් වැඩිය යුතුය. භාවනාව පටන් ගන්නට කලින් තමා හඳනා පෙරෝනා වස්ත්‍රාදිය ශුද්ධ පවිත්‍ර කැර ගත යුතු.

ඊළඟට “අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා” යි කී පරිදි උවදුරු නැති අරණ්‍යයකට හෝ කිසිවකුගෙන් සම්බාධ නැති රුක් මුලකට හෝ කිසිම කෙනකු නොවසන ගෙයකට හෝ පැමිණිය යුතු. එහි තමා ඉඳීමට නියම කොට ගත් තැන අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කොට එහි ඉඳ ගැන්මට තණ ඇතිරියක් හෝ කොහු මෙට්ටයක් වැනි දැයක් හෝ අතුරා ආසනය සකස් කැරැගත යුතුයි.

සමහරු දන නමා බද්ධපර්යංකයෙන් හෝ හසරමිණිය ගොතා ගෙන හෝ වැඩි වේලාවක් ඉදිනු නො හැක්කෝය. පුටුවෙක ඉඳීම ඔවුනට පහසුය. එවැන්නා කොන්ද කෙළින් සිටුනා ලෙසට හේත්තු වන පුවරුව ඇති පුටුවෙක කුදු නො ගැසී කෙළින් ඉඳගත යුතුය.

ඇතිරියෙක පැදුරෙක මෙට්ටයෙක හෝ පලක් බැඳ හෝ හසරමිණිය ගොතා ගෙන ඉඳ ගන්නහු ද පිටකොන්ද කෙළින් පිහිටුවා ඉන් ද යුතුය. “මගේ චිත්ත පාරිශුද්ධිය පිණිස ම මේ භාවනා වැඩීම කරමි” යි අධිෂ්ඨාන කළ යුතු.

මුළු කාලය ම භාවනායෙහි යෙදෙනු නොහැකි අය අඩුම ගණනේ උදේ පැයකුත් සැන්දෑවේ හෝ රාත්‍රියේ පැයකුත් සෑම දා ම භාවනාවට වෙන් කැරැගත යුතුය.

ආරම්භය

භාවනා වඩන හැමකෙනෙකු විසින්ම පළමු කොට බුද්ධානුස්සතිය ද ඊළඟට මෛත්‍රී භාවනාව ද ඊළඟට අශුභ භාවනාව (හෝ කායගතාසති) ද ඊළඟට මරණානුස්මෘතිය ද ටික ටික වේලා ක්‍රමයෙන් වැඩිය යුතු.

බුද්ධානුස්සතිය යනු බුදුගුණ මෙනෙහි කිරීමයි. බුදුගුණ මෙනෙහි කරන්නහු තුළ බුදු රජාණන් වහන්සේ කෙරෙහි මහත් ආදරයක් භක්තියක් ශ්‍රද්ධාවක් ඇති වෙයි. එයින් සිත නිරෝග වෙයි. බුද්ධ වචනය පිළි පැදීමෙහි ධෛර්යවත් වෙයි. “මා අත්බව භාග්‍යවතුන් වහන්සේ නමට පරිත්‍යාග කොට උන් වහන්සේ වදාරා ඇති පරිදි ම භාවනාව වඩමි”යි උනන්දු වෙයි.

මෛත්‍රිය වැඩීමෙන් තමා අවට වසන දෙවි මිනිස් හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙයි. ඔවුන් විසින් රකිනු ලබයි ඔවුන් ගෙන් ඔහුට කිසිදු හිරිහැරයක් ඇති නොවෙයි.

අශුභ භාවනාව හෝ කායගතා සතිය වඩන තැනැත්තේ තමාට දක්නට ලැබෙන දිව්‍ය රූපයෙකින් වත් මුළා නොවෙයි. ඇතැම් විට මාර පාක්ෂික දෙවියකුට භාවනානුයෝගියකු දක්නට ලැබුණු විට ඔහු නොමඟ යවන්නට. දිව්‍ය ස්ත්‍රීන් පෙන්වීම්, දිව්‍ය ස්ත්‍රී වේශයෙන් පෙනී ඉඳ මිත්‍ර වෙන්නට කථා කිරීම් ආදියෙන් ඔහු පොළඹ වන්නට සිතෙයි. දුර්වල යෝගියා අතරමං කරන ඊර්ෂ්‍යා සහගත මිසදිටු භූතයෝ ඇත. අශුභ භාවනානුයෝගියා ඔවුනට නොරැවටෙයි.

මරණානුස්මෘතිය වඩන යෝගියා තමා නිතරම මරණය අතට ම ළං වෙන කෙනකු බව සැලැකීමෙන් භාවනාවෙහි වඩාත් උනන්දු වෙයි, නොමඟට නො වැටෙයි, කුසීත නොවෙයි.

බුද්ධානුස්මෘති ආදී සතර කමටහන් වැඩීම මෙසේ මහත් අනුසස් ඇති බැවින් ආනාපන සතිය වඩන්නට කලින් ඒ කමටහන් සතර ගුරු උපදෙස් ලබා ටික ටික වේලා වැඩිය යුතු එයින් පසු ආනාපාන සතිය වැඩීම පටන්ගත යුතු.

ආත්මසන්නිර්යාතනය භාවනා වැඩීමට පළමුවෙන් යෝගියා විසින් තමාගේ ආත්ම භාවය බුදුරජාණන් වහන්සේට හෝ කර්මස්ථාන දෙන ආචාර්යවරයාට සිතින් පරිත්‍යාග කළ යුතු.

සමහර විට භාවනායෙහි යෙදී ඉන්නහුට භයානක අරමුණු පෙනෙන්නට වෙයි. හේ එබඳු අවස්ථායෙහි දී “මම මගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේට පරිත්‍යාග කෙළෙමියි හෝ “මගේ ආචාර්යපාදයනට පවරා ඇත්තෙමි”යි හෝ සලකා බිය නොගෙන ඒ පෙනුණු දෑ ගැන තැකීමක් නොකොට ඒ අරමුණු නොතකා හැර භාවනාව දිගට ම කැරැගෙන යෑමෙහි සමත් වෙයි.

ආනාපාන සමාධිය

ආනා යනු ආශ්වාස වායුව යි, අපාන යනු ප්‍රශ්වාස වායුවයි. මෙය අරමුණු කොට භාවනා වඩන්නහු විසින් පළමු කොට ශීල විශුද්ධිය ඇති කැරැ ගත යුතුයි. භාවනානුයෝගියා ගිහියෙක් වී නම් පන්සිල් අට සිල් දස සිල් යන තමා රිසි ශීලයක් සමාදන්ව ගෙන පිරිසුදු සිල්වතකු විය යුතුයි. පැවිද්දෙක් වී නම් පැවිදි සිල්හි මැනැවින් පිහිටා පිරිසුදු වියැ යුතු.

සතිපට්ඨාන සූත්‍ර දෙක්හිත් (මැදුම් සඟියේ) ආනාපාන සති සුත්‍රයේත් ආනාපාන සතිය සඳහන් කරන අන් තන්හිත් භාවනා රම්භය දක්වන භාග්‍යවතුන් වහන්සේ “සො සතො’ ච අස්සසති සතො’ ච පස්සසති’ යි වදාළ සේක. එහි අදහස “හේ සිහි ඇත්තේම හුස්ම (ඇද) ගනී. සිහි ඇත්තේ ම හුස්ම පිට කෙරෙයි” යනු යි.

මේ පළමු අවස්ථාවෙහි ඇතුල් වන හුස්මත් පිට වන හුස්මත් වැදෙන තැන විමසා දැන එහි සිත පිහිටු වන්නට පුරුදු විය යුතුයි. නාසය දික් අය ගේ ඇතුල් වන හුස්ම පළමුවෙන් ම හැපෙන්නේ නාශාග්‍රහයේය. (නාසයේ අගය) හුස්ම පිට වීමේදී අන්තිමට ම හැපෙන්නේ ද නායිකාවේ අගය.

නාසය හුස්ම කොට අය ගේ හුස්ම ඇතුල්වීමේ දී මුලින්ම හැපෙන්නේත් හුස්ම පිට කිරීමේදී අන්තිමට හැපෙන්නේ උඩු තොලෙහිය. යෝගාවචරයා තමා ගේ හුස්ම ඇතුල්වීමේදීත් පිට වීමේදීත් එය හැපෙන තැන විමසා දැන එය අරමුණු කළ යුතු. හුස්ම ගැනීමට වත් පිට කිරීමට වත් උත්සාහ නොකළ යුතුයි. ස්වභාවයෙන්ම (ඉබේම) සිදුවන හුස්ම ඇතුල්වීමටත් පිටවීමටත් එසේ සිදුවන්නට ඉඩ දී තමා ඇසි පියා ගෙන ඒ හුස්ම ඇතුල් වීමේ දී මුලින් ම හැපෙන තැනත් පිටවන විට අන්තිමට ම හැපෙන තැනත් සිතින් සලකා ගත යුතු.

එහි සිත පිහිටුවා එළඹැ සිටි සිහියෙන් යුතුව සිතින් එය සැලකිය යුතුය. සිතට නොදැනී කිසිම හුස්මක් ඇතුල් වන්නට හෝ පිටවන්නට නො හැකි වනුවට නිතර ම එළැඹ සිටි සිහියෙන් මනැසින් හුස්ම දෙස බලා ගත් වනම හින්ද යුතු, අන් කිසිම අතකට සිත නොයවා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවාගෙන ඉන්ද යුතු. මුල දි ඉඳ හිට අන් අතකට හිත යන්නට පුළුවන හෙවත් හුස්ම හැපෙන තැන හැර වෙන අරමුණකට ඇදෙන්නට පුළුවන. එසේ වන්නේ එළැඹ සිටි සිහිය නැති වීමෙනි. සිතේ එකඟ බව දුබල හෙයිනි, සිහිය උපදවා ගෙන යළිත් සිත හුස්ම හැපෙන තන්හි ම පිහිටුවිය යුතු. සමහර කෙනෙකුට පැය බාගයෙක දී ද තව කෙනෙකුට පැයක දී ද තව කෙනෙකුට පැය කීපයකින් ද හුස්ම හැපෙන තන්හි ම කැමති තාක් කල් සිත තරයේ පිහිටුවා තැබීමට හැකියාව ඇති වේ.

පෙර අත්බව්හි සමාධි වඩා පුරුදු කෙනෙකුට විනාඩි හත අටකින් වූව ද සිත හුස්ම වැදෙන තන්හි ස්ථිර ලෙස පිහිටුවා තැබීමේ හැකියාව ඇත. පෙරැ ළඟ අත්බැවෙක භාවනාවක් පුරුදු නොකළ අයට සිත වික්ෂිප්ත නොවන සේ ටික වෙලාවක් එක් අරමුණෙක පිහිටුවා තැබීමට මාස ගණනක් වූව ද ගත විය හැක්ක. හුස්ම හැපෙන තැන සිත පැයක් හමාරක් නො සැලී පිහිටා සිටීම හරි ගිය පසු මේ භාවනාවේ ඊළඟ ක්‍රියාමාර්ගය ඇරැඹිය යුතු.

ගණනාව

මීළඟට කළ යුත්තේ හුස්ම වාර ගණන් කිරීමයි. හුස්ම ගන්නා වාර පමණක් හෝ හුස්ම පිටකරන වාර පමණක් ගණන් කළ යුතුයි. ඒ දෙකම මිශ්‍ර නොකළ යුතුයි. එය කරනුයේ මෙසේයි.

හුස්ම ඇතුල් වන වාර ගණිනු කැමැති නම් ඇතුල්වන හුස්ම නාසය අග හෝ උඩු තොලෙහි හැපුණු විට ‘එක’යි සිතින් ගිණිය යුතු ඊළඟ වාරයේ එතැන හුස්ම හැපෙන තුරු ම “එකයි එකයි එකයි” සිතින් ගණිමින් එතැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. එතැනින් වෙන අතකට සිත නො යන ලෙසට එළැඹි සිටි සිහියෙන් යුක්ත විය යුතු. ඊළඟට එතැන හුස්ම හැපුණු විට ‘දෙකයි දෙකයි’ (සිතින්) කිය යුතුයි. තුන් වන වර හුස්ම එහි හැපෙන තුරු ම ;මය කළ යුතු. මෙසේ පස් වන වාරය තෙක් හුස්ම හැපෙන වාර ගණන් කළ යුතු. මේ පළමු වටයයි.

ඊළඟට නැවතත් ‘එකයි එකයි’ සිතින් කියමින් හවන හුස්ම වාරය තෙක් ගිණිය යුතු යි. මේ දෙවෙනි වටය යි. නැවතත් එකයි කියා ගිණිම පටන් ගෙන හත්වන වාරය තෙක් ගිණිය යුතුයි. මේ තුන් වන වටය යි. යළිත් ‘එකයි එකයි’ යන්නෙන් ගිණිම පටන් ගෙන අට වන වාරය තෙක් ම යෑ යුතු. මේ සතර වන වටය යි. නැවත එකේ සිට ගිණිම පටන්ගෙන නව වන වාරය තෙක් යෑ යුතු. මේ පස්වන වටය යි. නැවතත් එකෙන් පටන් ගෙන දසවන වාරය තෙක් ගිණිය යුතු මේ හවන වටයයි.

භවන වටය සම්පූර්ණ වූ විට යළිත් මුලට යෑ යුතු යි. පළමු සේම ‘එකයි’ එකයි ගණිමින් වාර පහක් සම්පූර්ණ කළ යුතුයි. ඒ පළමු වටයයි. ඊළඟ වට සයක් ගිණිය යුතු. මේ නයින් වට සයෙන් සය සපුරමින් හැකිතාක් වේලා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. මේ අන් අතේ යෑ නොදී සිත එක් අරමුණෙක ම පිහිටා සිටීම පුරුදු කරවනා උපායෙකි. මේ ගිණිමේදී ඉඳ හිට සිත අන් අතෙක ගියොත් ඒ තව ම සිතේ සමාධිය හොඳට වැඩී නැති බවට ලකුණෙකි. ගිණීමෙහි යෙදී ඉන්නා තාක් හුස්ම හැපෙන තැන ම නොසැලී සිටී නම් එයින් පසු ගිණීම නතර කොට අනුබන්ධනාව පටන්ගත යුතුයි.

අනුබන්ධනා යනු හුස්ම ගැනීමේදීත් පිට කිරීමේදීත් ගණන් කිරීමක් නැතිව හුස්ම හැපෙන තැන සිත පිහිටුවා එළැඹ සිටි සිහියෙන් යුක්ත වීමයි. මේ අවස්ථාවෙහි හුස්ම අනුව නාසිකාවෙන් ඇතුළට හෝ නාසිකාවෙන් පිටතට හෝ සිත නො යැවිය යුතුයි. හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ඇතුල් වන පිටවන හුස්ම ගැන සෝදිසිමත් විය යුතු. හුස්ම හැපෙන තැන එය වැදීම ද ඊළඟ අවස්ථාව ද එතැනින් පිට වීම දැයි එහි මුල මැද අග පැහැදිලි ව දැනෙන්නට වෙයි. සිතැ එකඟ බවෙත් එළැඹ සිටි සිහියෙන් දියුණුව නිසා ඒ දැනීම ඇති වෙයි. වාර ගිණීමේ සිට හුස්මෙහි ඕලාරික බව අඩු වෙවී ගොස් අන්තිමේදී හුස්ම වැටීම නො දැනෙන තරමට සියුම් වේ. හිත කය දෙකේ ම හෑල්ලු බවෙක් දැනෙන්ට වෙයි. සිරුර ඉහළ නැගෙන්නා සේ හෝ අහසේ පාවෙන්නා සේ දැනෙන්නට වෙයි.

මේ අවස්ථාවේදී නාසිකාග්‍රයෙහි හෝ උඩු තොලෙහි (කලින් හුස්ම හැපුණු තැන) අරමුණු කොට හුස්ම පැහැදිලි ලෙස දක්නට යලිත් උත්සාහ කළ යුතු. මෙසේ සිහියෙන් නුවණින් එතැන සිතින් මෙනෙහි කරනවිට යළිත් හුස්ම වැටීම දැනෙන්නට වේ.

මේ අවස්ථාවෙහි ඔහුට උද්ග්‍රහ නිමිත්ත ප්‍රකට වේ. ඉඹුල් පුළුන් පිඩක් හෝ කපු පුළුන් පිඩක් හෝ වායු ධාරාවක් (කලින් හුස්ම හැපුණු තන්හි) හැපෙන්නා සේ දැනෙන්නට වේ.

මෙ තැන් සිට සිත බැඳ තැබිය යුත්තේ උද්ග්‍රහ නිමිත්තෙහිය. එය අතුරු දහන්විය නො දී යළි යළි එය සිහි කරමින් එහි ම සිත රැඳවිය යුතු. මෙසේ කරනවිට ක්‍රමයෙන් කෙලෙස් සංසිඳෙයි, යටපත් වෙයි.

ප්‍රතිභාග නිමිත්ත පහළ වෙයි. පුළුන් පිඩක් හෝ වායුධාරාවක් හැපෙන්නා සේ හැඟුණු තැන තාරකාවක් හෝ තාරකා රැසක් හෝ මුතු ඇටක් හෝ මුතු රැසක් හෝ කපු ඇට රැසක් හෝ පුළුල් වලාකුලක් හෝ මල්දමක් හෝ නෙළුම් මලක් හෝ ඉරුමඩල සඳමඩල වැන්නක්, රියසකක්, දුම් සිළුවක්, ලී කූරක් හෝ ගෙතු දික් නූලක් බඳු දැයෙක් පෙනෙන්ට වේ. මේ ප්‍රතිභාග නිමිත්තය. උඩ කී පරිදි ප්‍රතිභාග නිමිත්ත එක එක් කෙනාට වෙනස් වෙනස් අයුරින් පෙනෙන්නේ ඔවුන් ගේ හැඟීමෙහි වෙනස නිසාය.

උපචාර සමාධිය, ප්‍රතිභාග නිමිත්ත පහළ වූ විට නීවරණයෝ යටපත් වෙත්. උපචාරසමාධිය ඇති වේ.

නීවරණයෝ නම්: කාමච්ඡන්දය (කාමාශාව) ව්‍යාපාදය (තරහව), ථීන මි¼ඞය (චිත්ත චෛතසිකයන්ගේ මැලි බව) උද්ධච්ච කුක්කුච්චය (සිත නොසංසුන් බව හා කුකුස) විචිකිච්ඡාව (සැකය) යන පස යි.

මෙහි යොගියාට හුස්ම ගන්නා කෙණෙහි ඇති වන සිත එකෙකි. ප්‍රතිභාග නිමිත්තෙහි පිහිටන සිත අනෙකෙකි. හුස්ම පිට කරනවිට ඇති වන සිත අනෙකෙකි. මේ හැම එකෙකදී ම ඒවා අරමුණු කොට ඉතා ඉක්මණින් චිත්ත විථින් ඇතිව නැති ව යන බැවින් එක් සිතෙකින් ම හුස්ම ගැන්මත් ප්‍රතිභාග නිමිත්තෙහි පිහිටීමත් හුස්ම පිට කිරීමත් කැරේ යැ යි වරදවා නො ගත යුතු. මේ තුන් අවස්ථාහි ම සිත එළඹ සිටි සිහියෙන් යුතුව ඒ ගන්නා හුස්ම ආදිය අරමුණු කෙරේ නම් ඔහු ගේ භාවනාව උපචාර අවස්ථාවට ද අර්පණා (ධයාන) අවස්ථාවට ද වැඩෙයි.

ප්‍රතිභාග නිමිත්ත ඇති වූ කල්හි නිතර එළැඹ සිටි සිහියෙන් යුතුව එය නැති වී යෑ නොදී රැකගත යුතු වෙයි.

දුරු කළ යුතු සත. අයෝග්‍ය වූ වාසස්ථාන, අයෝග්‍ය ගොදුරුගම. අයෝග්‍ය කථාසංලාප, අයෝග්‍ය පුද්ගලාශ්‍රය, අයෝග්‍ය භෝජන, අයෝග්‍ය සෘතුගුණය, අයෝග්‍ය ඉරියව්ව යන සතින් වෙන් විය යුතු.

අයෝග්‍ය වාසස්ථානය යනු නම් තැනෙක විසීමේ දී සිත එකඟ නොවේ නම් භාවනා අරමුණෙහි සිත නොපිහිටා නම් එබඳු තැනයි. “මේ තැන දී සිත එකඟ නොවේ” යැයි යෝගියාට හැඟුණු විට එහි නො වැස අන් සුදුසු තැනක් සොයා යෑ යුතුයි.

අයෝග්‍ය ගොදුරු ගම යනු ආහාර පාන සුලභ නැති තැන යි, එය හැර ආහාරපාන පහසුවෙන් ලැබෙන තැනකට යෑ යුතු.

අයෝග්‍ය කථා සංලාප යනු තමා කරන භාවනාවට අදාළ නොවන අන් අන් දැය පිළිබඳ කතා බහ ය. ඒවා ඇසෙන විට භාවනා අරමුණෙන් ඈතට සිත යෑ හැකිය. අන්‍ය විෂයයන් පිළිබඳ පොත පත ද නො කියැවිය යුතු.

අයෝග්‍ය පුද්ගලාශ්‍රය: යනු භාවනානුයෝගි නොවූ භාවනා ක්‍රියාවට අනුබල නොදෙන නානාවිධ අන්‍ය කටයුතුවල යෙදුණාහුය. ඔවුන් ඇසුරු නොකටයුතු ය.

අයෝග්‍ය භෝජන යනු තමාට රුචි නොවන, තම සිරුරට ද අහිත වූ ආහාර පාන යි. අහිතකර ආහාර පාන හැර හිතකර ආහාර පාන ලැබෙන සැපයෙන සැටියක් පිළියෙල කැර ගත යුතු.

අයෝග්‍ය සෘතුව යනු තම සිරුරට අහිතකර ශිතෝෂ්ණාදි සෘතු ගුණය යි. ශීතය අධික නම් එ තැනින් ඉවත්විය යුතු උෂ්ණය අධික නම් එයින් ද ඉවත්විය යුතු. තමාට ගැළපෙන සම සෘතු ගුණයක් ඇති පැත්තකට යෑ යුතු.

අයෝග්‍ය ඉරියව්ව, ඉඳුම, සිටුම, සක්මන, සැතැපුම යුන ඉරියවු සතරය. එහි ද යම් ඉරියව්වක් තමාට සසැප නොවේ නම් එය හැර දමා සැප වු ඉරියව්වෙකින් ම භාවනායෙහි යෙදිය යුතු.

දශ කුශලතා, මේ අයෝග්‍ය දෑ සතින් වෙන් ව සිතැ එකඟ බව වැඩීමට උපකාරි වූ දෑ දසය සපුරා ගත යුතු. එයින් පළමු වැන්න වත්ථු විසදතාව යි. සිරුර ද හඳනා පොරෝනා වස්ත්‍ර ද පිරිසිදු කොට ගැන්මයි.

දෙවැන්න ඉන්ද්‍රය සමතාව යි. ශ්‍රද්ධා ස්මෘති වීර්ය සමාධි ප්‍රඥා යනු ඉන්ද්‍රිය පස යි. මේ පසෙන් එකක් අනෙකක් යටපත් කොට නො නැගෙන ලෙසට සමතායෙන් තබා ගන්නට පරිස්සම් විය යුතු.

තුන්වැන්න නිමිත්ත කුශලතාව යි. ලබා ඇති ප්‍රතිභාග නිමිත්ත නැති වී යෑ නොදී රැක ගැන්මේ දක්ෂ බව යි.

සතර වැන්න සිත පසු බස්නට නොදී නඟා සිටුවීම යි. කිසි හේතුවෙකින් වීර්යය අඩු වී පසු බසී නම් ධම්මචිචය විරිය ප්‍රීති යන තුන් බෝධ්‍යංගයන් වඩා සිත ධෛර්යවත් කිරීමයි.

පස් වැන්නා වීර්ය සමතාව ඇති කැර ගැන්ම යි. කිසි විටෙක අධික වීර්යය නිසා සිතේ නොසංසුන් බව නැගෙයි. එවිට පස්සද්ධි උපේක්ඛා සමාධි යන බොජ්ඣංග වඩා වීර්යයේ සමතාව ඇති කැරැගත යුතු.

සවැන්න අරතිය වැඩලීමයි. කිසිවිටෙක යෝගියා ගේ සිත භාවනායෙහි නො ඇලිය හැකි යි. එවිට ජාති ජරා චූති ආදි සංවේගයට කරුණු වන දෑ මෙනෙහි කොට තෙරුවන් ගුණ සිහි කොට සිතේ ප්‍රසන්නතාව ඇති කැරැගත යුතු.

සත්වැන්න සිත ශමථ භාවනායෙහි සම ව දිගට ම යෙදී පවතිනුවට එය දෙස උපේක්ෂක ව බලා ඉඳීම යි.

අටවැන්න සමාධි භාවනායෙහි නොයෙදුණවුන් ගෙන් වෙන් වීමයි.

නව වැන්න සමාධි ලාභීන් විටින්විට ඇසුරු කිරීම යි.

දස වැන්න සමාධි භාවනාව ගරු කොට. එයට ම නැමි අන් අතෙක නො ගොස් සමාධියට ම මුහුණලා පැවැත්ම යි.

මෙකී කරුණු දසය සම්පූර්ණ කොට ගෙන ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එකඟ බව වැඩිය යුතු යි. ඒත් ප්‍රථම ධ්‍යානය නො ලැබේ නම් නො පසු බැස එයට හේතුව විමසා බලා ආචාර්යෝපදේශයේ පිහිටා වීර්ය සමථාදිය සපිරිය යුතුයි. එවිට සිත අර්පණා අවස්ථාවට වැඩෙයි. අර්පණා ධයානය ලැබෙන තුරු ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එය ඒ අරමුණෙහි තහවුරු වනතුරු ම දිවා රෑ දෙක්හි උත්සාහවත් ව භාවනායෙහි යෙදිය යුතු. එයින් සිතැ අර්පණා ප්‍රාප්ත වේ. ප්‍රථමධ්‍යානය ඇති වේ. සතරවන රූපධ්‍යානය තෙක් ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තැබීම ඨපනා නමි.

ධ්‍යානාංග පස, ප්‍රථම ධ්‍යාන සිත විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන ධයානාංග පසින් යුක්ත ය. එහි විතර්ක යනු සිත ප්‍රතිභාග නිමිත්තට ඔසොවා එහි නංවා පිහිටුවන සිතේ ම ඇති වන ගතියෙකි. විචාර යනු ඒ ප්‍රතිභාග නිමිත්ත පුරා ම වැදගෙන එය පිරිමදින්නාක් මෙන් එහි ම බැඳී යෙදෙන චිත්ත ගතිය යි. ප්‍රතිභාග නිමිත්ත නිසා සිතැ හටගත් පිනාගිය ගතිය ප්‍රීතිය යි. එසේ ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත තදින් වැදගෙන පිහිටීම නිසා දැනෙන සුවය සුඛ නම් ධ්‍යානාංගය යි. ප්‍රතිභාග නිමිත්තෙන් ඉවත් නොවී එහි ම සිතලැගි පැවැත්ම ඒකාග්‍රතාවයි. එකඟ බව යි.

නීවරණ ප්‍රභාණය මේ ධයානාංග පස නිසා සිතේ නැගීමට හරස් වන කෙලෙස් පසෙක් යටපත් වේ. මතු විය නොහී අනුශය අවස්ථාවට වැටී හෙයි.

ඒකාග්‍රතාව නිසා සිත ප්‍රතිභාග නිමිත්තෙහි ම බැඳී සිටුනා බැවින්. අන් අතෙක නො යන බැවින් කාමච්ඡන්ද (කාමාශාව) මතුවිය නොහී ගිලී යයි. ඒකාග්‍රතාව නිසා කාමච්ඡන්ද නීවරණය විෂ්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ. ප්‍රීතිය නිසා ව්‍යාපාදය (තරහව) යටපත් වේ. විතර්කය ප්‍රතිභාග නිමිත්තට සිත නැංවීම කරන නිසා ථීනමිද්ධ නිවරණයට (චිත්ත චෛතසිකයන්ගේ මැලි බවට) මතුවිය නොහැක්ක. මෙය විතර්ක යෙන් ථිනමිද්ධ නීවරණය විෂ්කම්භන වශයෙන් ප්‍රහීණ වේ යැයි කියන ලදී.

ධ්‍යාන සිතේ ඇති මහත් වූ සුවය නිසා උද්ධච්චය (නොසංසුන් බව) හා කුක්කුච්චය (කුකුස) යන විරුද්ධ ගති යටපත් වේ. මෙය සුඛ අංගයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය විෂ්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ යැයි කියන ලදී. විචාරාංගය ප්‍රතිභාග නිමිත්ත පිරිමදින බැවින් ප්‍රතිභාග නිමිත්ත ගැන හෝ එහි ධ්‍යාන සිත බැඳී ඇද්ද නැද්ද යන බව ගැන හෝ එතෙක් පිළිපන් පිළිවෙත ගැන හෝ එයට මඟපෙන්වූ ශෘස්තෘහු ගැන හෝ එය පවසන දහම ගැන හෝ එය පිළිපන් සංඝයා ගැන හෝ යෝගියාට සැක ඇති නොවේ. විචාරාංගයෙන් විචිකිච්ඡා නිවරණය (සැකය) ප්‍රහීණ වේ යැයි කීයේ මෙය ඇරැබය.

මෙසේ විතර්කයෙන් ථීනමිද්ධය ද විචාරයෙන් විචිකිච්ඡාවද ප්‍රීතියෙන් ව්‍යාපාදය ද සුඛයෙන් උද්ධච්ච කුක්කුච්චය ද ඒකාග්‍රතායෙන් කාමච්ඡන්දය දැ යි ධයානාංග පසින් පංච නීවරණයන්ගේ ප්‍රහාණය සිදුවේ.

ප්‍රථම ධ්‍යානය ලැබූ යෝගියා පස් අයුරෙකින් එය තමාට වලංගු කැරගත යුතු. ඒ පස් අයුර පංච වශිතා නමින් හැඳින් වේ. ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, චූට්ඨාන, පච්චවෙක්ඛන යනු වශිතා පස යි.

ආවර්ජනයට අනුව තමා කැමැති තැනෙක කැමැති විටෙක රිසි ධයානාංගවලින් යුත් ධයානයකට සමවැදිය හැකි බව කැමැති තාක් එහි රැඳී හිඳිත හැකි බව යන මේ හැම ආවජ්ජන වශිතා නමි.

වහා සමවතට සම වැදිය හැකි බව සමාපජ්ජනා වශිතා යි. තමාගේ අධිෂ්ඨානය අනුව ක්ෂණයක් හෝ වැඩි වේලාවක් ධයානයෙහි සිටිය හැකි බව අධිෂ්ඨාන වශිතාව යි.

මති විටෙක සමාපත්තියෙන් නැගීසිටිය හැකි බව චුට්ඨාන වශිතා යි. සමාපත්තියෙන් නැගී සිට සමවත් ධයානයේ අංගයන්ගේ තතු නුවණින් පිරික්සා බැලීමේ හැකියාව පච්චනෙක්ඛණා වශීතාවයි.

සිය දහස් වර ප්‍රථම ධයානයට සමවදිමින් ඉන් නැගී සිටිමින් වශිතා පසින් ධ්‍යානය තමාට වලංගු කැරැ ගත යුතු. එය හොඳට හුරු පුරුදු වූ විට යෝගියාට, ප්‍රථම ධ්‍යානයේ දොස් පෙනෙන්නට වේ. විතර්ක විචාර නම් ගොරෝසු ගති දෙකෙකින් යුත් බව.

එය කාමච්ඡන්දාදි නීවරණ වලට කිට්ටු බව. එයට නොසමවැදි ටික වෙලාවක් උන්නොත් සුළු පමාවෙකින් කාමරාගාදී නීවරණයෙන් නැගී සිටිය හැකි බව යනාදී දොස් පෙනෙයි.

විතර්ක විචාර දෙක නැති ව ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් ද්විතීය (දෙවෙනි) ධ්‍යානය ලබාගත හැකි වූවොත් මැනැවැයි හේ සිතයි. එසේ සිතා ප්‍රතිභාග නිමිත්තෙහි සිත වඩාත් තදින් බැඳ තබන්නට උත්සාහ කෙරෙයි. එහි ප්‍රතිඵල වශයෙන් විතර්ක විචාර නැති, ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් දෙවෙනි ධ්‍යාන සිත ඔහුට පහළ වෙයි.

ද්විතීය ධ්‍යානය ද වශිතා පසින් පුරුදු කළ පසු එය ද දළ යැ යි ඔහුට වැටහෙයි. එයටත් වඩා සියුම් වූ සුඛ ඒකාග්‍රතා යන අංග දෙකින් පමණක් යුක්ත තෘතිය (තුන් වන) ධ්‍යාන සිත ලබන පිණිස යෝග වඩයි. එය ලත් පසු එය ද පංච වශිතායෙන් පුරුදු කැරැගත් විට දළ බව ඔහුට පෙනෙයි.

උපේක්ෂා ඒකග්‍රතා යන අංග දෙකින් යුත් චතුර්ථ (සතර වැනි) ධ්‍යානය උපදවා ගනු කැමැත්ත ඇති වෙයි. වශීතා පසින් තුන්වන ධයානය ද ඛ්ුරු පුරුදු කැරැ ගත්තහුට ප්‍රතිභාග නිමිත්තෙහි කලටත් වඩා සිත තදින් බැඳෙයි.

උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුතු චතුර්ථ ධයාන සිත පහළ වේ. එය ද පංච වශිතායෙන් පුරුදු කළ යෝගියා කැමැති නම්, සෘද්ධි විධඥාන, දිවැස, පරසිත් දැනීම, පෙර වුසු අත්බව් දැකීම, දිවකන යන අභිඥා පස ලැබීමට. ඒවා ලබත හැකි ක්‍රියාමාර්ගයට බැස්ස හැකි ය. සිත තවදුරටත් සියුම් කෙරෙමින් සතර අරූප ධ්‍යාන සඳහා ද එයට සුදුසු කමටහන් වැඩිය හැකිය.

එහෙත් මේ රූප සමාපත්ති සතරත් අරූප සමාපත්ති සතරත් යන අටම ලෞකිකය. රූප ධ්‍යාන වල ඵල වශයෙන් රූප බඹලෝවල ඉපිද දීර්ඝ කාලයක් උන්නත් අන්තිමේදී එයින් චූත ව මිනිස් ලොවට එන්නට සිදුවෙයි.

සෘද්ධි උපදවා එක් කලෙක අහසින් ගිය යෝගියා පවා එයින් පිරිහී හිඳ ආයු ගෙවුණු පසු මැරී මිනිසකු ව ඉපදිය හැක්ක. බඹලොවින් චූතව මිනිස්ව උපන් කෙනෙක් වූවද පාපමිත්‍ර සේවනයෙන් පව් කොට ගැඩිවිලිකු ව උපදින්නට ද පුළුවන.

රූපධ්‍යාන ලාභියා උපදින රූපභවයට වඩා අරූපධ්‍යානලාභියා ආයුෂ වැඩිය. එහෙත් අන්තිමේ මරණින් පසු මිනිසකු විය හැක්ක. එහි දී පව් කොට අපාගත ද විය හැක්ක. රූපධ්‍යාන අරූපධ්‍යාන මගින් කෙලෙස් යටපත් කළත් අනුශය අවස්ථාවේ කෙලෙසුන් පවත්නා බැවින් පමාවූ කවර විටෙක වූව ද ඒවා නැගී යෝගියා නො මඟට හෙළිය හැකි වෙයි. කාමාවචර කුසල්වලට වඩා රූපාවචර අරූපාවචර ධ්‍යාන කුසල් උසස් වූවත් ලෞකිකය.

මෙසේ ඒ ලෞකික ධ්‍යාන වල මහත් ආදීනව දක්නා යෝගියා කෙලෙසුන් ගෙන් නොමිදුණු ජාති ජරාදි දුකින් නොමිදුණු ලෝකයෙන් ගොඩ නැගෙන්නට ලෝකෝත්තර තත්ත්වයට නැඟෙන්නට සිතයි.

අනුශය වශයෙන් පවත්නා කෙලෙසුන් මුලින් ම උදුරා පරම පවිත්‍රත්වයට මොනම දුකකට වත් නො වැටෙන තත්ත්වයට හෙවත් ලෝකෝත්තර තත්ත්වයට පැමිණිය හැක්කේ ශමථ භාවනාවෙන් නොව විපස්සනා භාවනාව වැඩීමෙනි.

මේ බව සලකන යෝගියා විපස්සනා භාවනාව වඩන්නට සැරසෙයි. තමාට පුරුදු ආනාපන භාවනාව විපස්සනා භාවනා පැත්තට යොමු කරයි.

ආනාපාන සති විපස්සනාව

මෙහි මුල දී විස්තර කළ ආනාපාන ශමථයෙහි ගණනා අවස්ථාවේ ද විපස්සනාව වැඩිය හැකිය. අනුබද්ධනා අවස්ථාවේ ද, උපචාර ධ්‍යාන අවස්ථාවේ ද, අර්පණා අවස්ථාවේ ද ඒවා පාදක කොට ගෙන විපස්සනාව වඩත හැකිය.

ගණනා අනුබද්ධනා අවස්ථා

කායෙසු කායඤ්ඤතරාහං භික්ඛවෙ එතං වදාමි යදිදං අස්සාස - පස්සාසා (මහණෙනි, ඇතුල්වන හුස්ම පිටවන හුස්ම යන මෙය කාය නමින් හැඳින්වෙන දෑ අතුරෙන් එක්තරා කයෙකි) යන ආනාපානසති සූත්‍ර පාඨයෙන් දැක්වෙන පරිදි හුස්ම ද කයෙකි.

එය අරමුණු කොට වඩන විපස්සනාව කායානුපස්සනාව යි. හුස්ම යනු නාම ධර්මයෙන් (චිත්ත චෛතසික) නොවේ.

රූප රැසෙකි. පස් දිය සුළඟ හිරු රැස් සඳරැස් යන මේවා රූප සමූහයෝ ය. රූප කලාප (රූප මිටි) සමූහයෝ යි. මේ හැම රූප කලාපයෙක් ම පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජස් යන අටින් යුක්තය. ශබ්දය ද රූපයෙකි. එය පඨවි අපෝ තේජෝ වායු වර්ණ ගණ්ධ රස ඕජස් ශබ්ද යන නවයෙන් යුක්තය.

පඨවි යනු තද ගතිය ය. ආපෝ යනු බැඳ ගන්නා කැටි කරන ගතියය. තේජෝ යනු ශීත ගුණයත් උෂ්ණ ගුණයත්ය. වර්ණ යනු හැම දැයෙක ඇති පැහැය ය. ගන්ධ යනු ගඳය. රස යනු රහ ය. ඕජස් යනු ඕජෝ ගුණය ය. මේ අට ම හැම රූප කැබෙල්ලක ම වෙන් කළ නොහැකි සේ එකට බැඳී පවතී. පරමාණුව මේ අට එකට බැඳී ඇති ඉතා කුඩා රූප මිටි රාශියෙකි.

හිරුරැස් සඳරැස් අව්ව යනු ද මේ අට එකට බැඳී පවත්නා රූප මිටි ගොඩවල්ය. රශ්මියක් ඇඟට වැදෙනවිට ම දැනෙයි, අව්ව ඇඟට දැනෙයි. එය ඇඟේ හැපීමෙනි. හැපෙන්නේ තද ගතියයි. පසෙහි තද ගතිය ප්‍රධානය, වතුරු යනු ද රූප කලාප රැසෙකි. එහි ආපෝ ධාතුව ප්‍රමුඛයි. ගින්නෙහි ධාතු සතර ම ඇතත් තේජෝ ධාතුව ප්‍රමුඛයි. සුළඟෙහි වායු ධාතුව ප්‍රමුඛයි. හුස්ම යනු ඉතා සියුම් වු රූප කලාප (රූප මිටි) රාශීන්ගේ පරම්පරාවකි. එහි විසිරිය නොදී සියලු රූප එකට බැඳ පවත්වනුයේ ආපෝ ධාතුවෙනි.

ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු


අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි.
උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරං
 ගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ කීහ.

බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත.

මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය.

"වසවර්ති මාරයාය කියන්නේ කෙළෙස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක්. දෙවියන් අතර සිටින, කාමයට අධිපති හිතුවක්කාර, තක්කඩි දෙවියෙක්. එයාගේ පිරිවරත් ඒ වගේම අය. චණ්ඩි ගති ඇති අය. මිනිසුන් අතර වගෙම තමයි. ඒ වගෙ අය එනවිට සාමකාමී යහපත් මිනිස්සු මගහැර යනවා. ඒ වගේම අනෙකුත් දෙවිවරුත් මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ පිරිස සමග ගැටෙන්නට කැමති නැහැ.

වසවර්ති මාරයා සමථ භාවනාව දියුණු කරන සෘර්ධි බල වඩන අයට බොහෝම විරුද්ධයි. ඒ කටයුතුවලට බාධා පමුණුවනවා. කඩාකප්පල් කරනවා. මේ ලෝකය කාමයෙන් තණ්හාවෙන් පැතිර යනවාටයි ඔහු කැමති. විපස්සනා භාවනාවට ඔහුගෙන් බාධාවක් නෑ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු පදවි ලබන විට වළක්වන්නත් ඔහු උත්සාහ කළා. පසුව පැරද පළා ගියා.

ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරී යනවිට එය වළක්වන්නටත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට වුවමනා වුණා. බුද්ධාගම කිළිටු කරන්න, හානි කරන්න ඔහුගෙ පිරිසෙන් කණ්ඩායමක් මේ ලෝකෙට එව්වා. නිර්මල බුද්ධ ධර්මය පැතිරයෑම වළක්වන්න බුද්ධාගමේ වේශයෙන්ම කටයුතු කරන පිරිසක් ඔවුන්. බුද්ධාගමේ ආකාරයෙන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ගේ පරමාර්ථය වුණේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාගේ මේ වැරදි වැඩපිළිවෙල දෙව් ලොව සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන ගත්තා.

මේ වැඩ පිළිවෙල වළක්වා බුද්ධ සාසනය ආරක්ෂා කර ගැනීමට මෛත්‍රී බෝධි සත්ත්ව දෙවියන්ට වුවමනා වුණා. එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා. ඒ සාකච්ජාවට එන්න කියා මටත් දැනුම් දුන්නා. ඒ වනවිට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක. මම ආවෙ නෑ. දෙවැනි වරටත් දැනුම් දුන්නා. මම ඒත් ආවෙ නෑ. තුන්වැනි වරටත් දැනුම් දුන්නාම මම ආවා. කැඳවීමට එක්වරම ආවේ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මට තරවටු කළා.


"වසවර්ති මාරයා එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය කර තියෙනවා. බුද්ධාගමේ හැටියටම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරුවන්න. අන්න ඒක මර්දනය කරන්න අපත් කණ්ඩායමක් යවන්න ඕනෑ කියා ඒ දේව සභාවේදී තීන්දු කළා. දිව්‍ය ලෝකයේ සිටින බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය වුණා. මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීවා. මම "බැහැ" කීවා.

"ඒ ඇයි?" කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මගෙන් ඇහුවා.
"මම ප්‍රබල නෑ. මට වඩා බලවත් කෙනෙක් යවන්න" කියා මම කීවා.

"මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?" කියා එවර එතුමා මගෙන් ඇහුවා.

"මට බුදු වෙන්න ඕනෑ" කියා මම කීවා.

"ඇයි? මම මනුස්ස ලෝකයට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න කියා එතුමා මගෙන් ඇහුවා.

"මට බැහැ. මටත් උවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න. ඔබත් කවදා හරි ලොව්තුරා බුදු බවට පත්වෙනවා." කියා මම කීවා.
"ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ" යි මම නැවතත් කීවා.

"ආ.... නුඹට ඔච්චර ධෛර්යයක් තියෙනවා නම් ඇයි නුඹ මේ කටයුත්තට නොයන්නේ?" කියා මගෙන් ඇහුවා. මට උත්තර නැති වුණා.

"එහෙනම් මම යන්නම්. හැබැයි ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන්න ඕනෑ" ය මම කීවා.

"ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න. මම උදව් කරනවා" කියා එතුමා කීවා.

ඒ ලෝකෙ මිනිත්තුවක් මනුස්ස ලෝකෙ අවුරුදු සියයක් හමාරක් පමණ වෙනවා. මම තීරණය කරන කොටත් කලින් කණ්ඩායමක් පිටත් වෙලා. මම ඒ පිරිස අතරින් හුඟක්ම බාලයි.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, ඕල්කොට් තුමා වගේ අය මට කලින් මනුස්ස ලෝකෙට එන්න අධිෂ්ඨාන කළ ඇත්තෝ. ඒ අය මට කලින් එහෙන් පිටත් වී සිටියා. මට වඩා බාල අයත් හිටියා. ඔය නාරද ස්ථවිරයෝ ආදී අය කීප දෙනෙක්.

"ඉතින් නායක හාමුදුරුවනේ! අන්තිමටම ආපු එක්කෙනා කව්දැ"යි මීතිරිගල නාහිමියෝ හරස් ප්‍රශ්නයක් ඇසූහ.

"අන්තිමට ආපු එක්කෙනා පියදස්සි." මේ එව් පිරිස නිසා බුද්ධාගමට සිදුවෙන්න ගිය හානිය වැළකුණා. එංගලන්තය, ඇමෙරිකාව ආදී රටවලත් බුද්ධ ධර්මය පැතිරෙව්වා. එළඹෙන්න තිබූ බාධා වැළැක්වූවා. ඒ අයව එව්වේ ඒ ඒ අංශ පවරලා. සමහරු භාවනා අංශයට. තවත් සමහරු ආශිර්වාද අංශයට. සමහරුන් ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූත සේවයට. ඒ ඒ අය බාරගත් වැඩ කොටස් ඒ ඒ අයුරින්ම ඉටු කළා.

ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්‍. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා.

ඉන්දියාවේ හිමාලයේ "ගෞරි බාබා" නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්‍. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්‍රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්.

මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න.
බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ.
බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට "සාසනය පිහිටුවනතුරු" කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා.

ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාගේ ගෝලයොත් ඒ වගේමයි.


මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්‍රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා.
ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.

(බළංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයෙන් උපුටා ගැනුණි.)

Monday, July 30, 2012

විද්‍යාත්මක උපකරණ නොමැතිව විශ්වය විනිවිද දුටු ඒ මහා ගෞතමයන් වහන්සේ


විද්‍යාත්මක උපකරණ නොමැතිව විශ්වය විනිවිද දුටු ඒ මහා ගෞතමයන් වහන්සේ
(අන්තර්ජාලයේ පලවූ ලිපියකි )
”විශ්වය” යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර කර තිබේ. විශ්වය කාලයක් පිම්බීමට භාජනය වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය වේ. මෙමක්‍රියාවලිය චක්‍රාකාරව නැවත නැවතත් සිදුවන බැවින්ආරම්භයක් හෝ අවසානයක් ගැන කතා කිරීම නිශ්ඵල ය.එසේම බුදුදහම යනු සත්ත්වයා‍ දුකින් එතෙර කරවීම පිණිස, දුකට හේතුව වන තණ්හාව නැති කිරීම අරමුණු කරගත් දහමකි. නමුත් විශ්වය, අභ්‍යාවකාශය පිළිබද කතාකිරීමේදී සිදුවන්නේ ඒ ගැන තවදුරටත් කරුණු හැදෑරීමට කුතුහලයක් ආශාවක් තණ්හාවක්ඇතිවීමය. මේ නිසා බුදුරජාණන් වහන්සේ ”විශ්වය” සම්බන්ධ කරුණු පිළිබද අනවශ්‍ය ලෙස දේශනා කිරීමට යෙදුනේ නැත.

එනමුත් ඒ ඒ අවස්ථාවන්ට සරිලන අයුරින් විශ්වය, විශ්වයේ සංයුතිය හා ඒ සමග බැදුණු මාතෘකා පිළිබද තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇත. ඒ පිළිබද දීඝ නිකායේ ආගඤ්ඤ සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, චක්‍රවත්‍රී සීහනාද සූත්‍රය, හා මහා පාදාන සූත්‍රය යනාදී සූත්‍ර දේශනා වල සදහන් වේ.

විශ්වයේ සංයුතිය මානසික වශයෙන් බඹතල 31කින් සමන්විත වන අයුරුද, සහස්සී, ද්වීසහස්සී, ත්‍රීසහස්සී යනාදී ලෙස ලෝක ධාතු පවතින අයුරුද, සාමාවට්ඨි කල්ප, විවට්ඨි කල්පයන්ගේ ඇවෑමෙන් විශ්වය විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් පවතින ආකාරයද බුදුදහමේ සර්ව සම්පූර්ණයෙන්ම සදහන් වේ.
නූතන විශ්ව න්‍යායවේදය (Cosmology)ට අනුව විශ්වය පිම්බීමකට ලක් වෙමින් පවතී. මෙය සොයාගැනීමට පදනම වැටුණේ 1915-1918 අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය (Red Shift)යි. එමගින් එම මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය පිම්බීමකට ලක් වන බවයි.

යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ සිහියට ආ යුතු සරලම කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත් බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් (Singularity/Nothingness) පටන්ගෙන ප්‍රසාරණයට ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන් වහන්සේ ද ඈඳා ගත්හ
තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක් ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන් වහන්සේ ලු!

විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා පිපුරුම් වාදය (Big Bang Theory) නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම නියමයකි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම විද්‍යාඥයන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතන විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම් පරීක්ෂාවයි (Testing). සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ එමගින් කරනු ලබන පෙරැයීමක් (Assumption)පරීක්ෂණයකින් සත්‍ය වුවහොත් පමණි. එතෙක්, කොතරම් ප්‍රබල මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත.

මහා පිපිරුම් වාදයට පිළිගැනීමක් ලැබීමට එහි පෙරැයීම් 2ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම්,

1. ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය (Cosmic Microwave Background Radiation)

2. මහා පිපිරුම් නියුක්ලියෝසංස්ලේශනය (Big Bang Nucleosynthesis)

යන ඒවායි.

පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ මහා පිපුරුමෙන් මිනිත්තු 3ත් 20ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික හයිඩ්‍රජන්-1 (ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්‍රජන් පරමාණු) විලයනයට භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල් විශ්වයේ ස්කන්ධයෙන් 75%ක් හයිඩ්‍රජන්-1 ද, 25%ක් පමණ හීලියම්-4 ද, 0.01%ක්ඩියුටීරියම් (හයිඩ්‍රජන්-2) ද, 10-10%ක් වෙනත් පරමාණු (ලිතියම්, බෙරිලියම් වැනි) තිබිය යුතුය. මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන්සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇත. නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ. වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ.

අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා පිපිරුමෙන් වසර 380 000ක් ගතවන තැන, විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් (Strong and Weak Nuclear Forces) වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම් විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය (Transparent) වන්නේ මේ අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර 380 000 කට පෙර කාලයේ විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රගමනයට (Progression) නිදහසක් නොතිබූ නිසා අද පවත්නා කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥයන්ට කළ නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.
2007 තරම් මෑත කාලයකදී මෙම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ (Pennsylvania State University) මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් (Martin Bojowald) ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ (Big Crunch Theory) නවතම විවරණය සමඟිනි. විශ්වක කාලයක් තිස්සේ ප්‍රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක් තිබුණු නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර 2කට පමණ පෙර සිට මෙය නැවතත් පෙරළිකාර මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්‍රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී ඇත්තේ 1986 දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර් (Abhey Ashtekar) විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය (Loop Quantum Gravity) මතයි.

මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක් දෙමින් සිටිති. ඊට ඇති එකම එක හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට (Dilemma) පිළිගත හැකි පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. එසේම විශ්වයට නිශ්චිත ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර නොවේ. අනෙක් ප්‍රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය පිළිබදව හා එහි සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. මේවාට නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ ”දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!”, යන තර්ජනාංගුලිය පමණි.

වරක් එක්තරා පුද්ගලයෙක් “විශ්වය නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ”යි පූජකයෙකුගෙන් ඇසුවේ ය. පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ “ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන් වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය” යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට සාරාංශගතකොට දැක්වේ.

නවීන විද්‍යාවේ දියුණුව හමුවේ දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන් සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. චාල්ස් ඩාවින් යනපුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ගෙනදෙන වෙනත් කරුණක් තිබිය නොහැක. චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින් දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි.ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේවවාදීන්ට ගුද මාර්ගයෙන් දුම් පිටවිය.
නමුත් මේ කිසිවක් බුදුදහමට බලපාන් නැත. පෘථිවිය මත ජීවයේ සම්භවය හා පරිණාමය පිළිබද වර්තමාන විද්‍යාඥයින් සිටින මතය ආගඤ්ඤ සූත්‍රයේ කරුණු හා සම්පාත වේ
අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදුදහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින්නේ මේ නිසා ය.
තරුවන් යනු හයිඩ්‍රජන් ප්‍රතිශතය සියයට 74කින්ද හීලියම් ප්‍රතිශතය
සියයට 25කින්ද සමන්විතවූ ස්වශක්තියෙන්ම ආලෝකය සහ ශක්තිය
පිටකරන අතිවිශාල දීප්තිමත් ආකාශ වස්තුවක්ය. අපගේ සෟරග්‍රහ
මණ්ඩලයේ තාරකාව සූර්යයා වන අතර එය විශ්වයේ ඇති අපමණ
තාරකා අතර සාමාන්‍ය ප්‍රමාණයේ එකකි. හිරුට වඩා විශාල යෝධ තරු
විශ්වයේ අනන්තවත් තිබෙනවා.තරුවක මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්
අංශක 3000 සිට 80000 දක්වා පරාසයක් තුල පිහිටනවා. අපගේ
සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 6000 පමණ බැව්
සඳහන් කරනවා. මා සඳහන් කරන්න හදන කාරණය පටන්ගන්නේ ඔය
දත්තයන් ඔස්සේය.
තරුවක ඇතුලත හරය core උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 10
පමණ ආසන්න වෙද්දී න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාව ඇරඹෙනවා. හයිඩුජන්
හීලියම් බවට පත්වෙනවා. එම ක්‍රියාවලියේදී අතිවිශාල ශක්තියක් තරුවෙන්
පිටකරනවා. තරුවේ දීප්තිය පවතින්නේද මේ නිකුත්වන ශක්ති ස්කන්ධයෙන්.
එහෙත් අනිත්‍ය ස්වභාවය පසක් කරමින් ඒ සෑම ක්ෂණයක් පාසාම තරුවේ
ස්කන්ධයද ක්‍රමයෙන් දැවි දැවී යනවා.
හයිඩ්‍රජන් ප්‍රමාණය අඩුවෙමින් හීලියම් බවට පත්වෙමින් වසර මිලියන එක
දිගට බැබලෙන තරුව අවසානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට පත්
වෙමින් ජාති ජරා ව්‍යාධි මරණ යන අවස්ථාවට ලංවෙමින් වෙනස් ආකාරයේ
ක්‍රියාවලියකට අවතීර්ණය වෙනවා. හයිඩ්‍රජන් ඌනතාවයට පත් මහලු තරුවේ
මතුපිට තට්ටු ප්‍රසාරණය වෙන්න පටන්ගන්නවා.හරය හැකිලෙනවා.පිට කබොල
සිසිල් වෙනවා.දීප්තිය ක්‍රමයෙන් වැඩිවෙනවා.එය ඒ අවස්ථාවේ හඳුන්වන්නේ
යෝධ තරුවක් Red gaint නමින්.
මෙන්න මේ අවස්ථාව සැලකිල්ලට ගන්න වටිනවා. බුදුරජාණන්වහන්සේ
මේ අවස්ථාව සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරනවා හිරු හතක් පායන
බව. සූර්යයා මේ අවස්ථාවට පත්වන විට බුධ සහ සිකුරු යන ග්‍රහලෝක සමීපයට
විහාලනය වෙනවා. හිතාගන්න පුලුවන්ද සූර්යයාගේ එවිට විශාලත්වය. ඒවන විට
සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරන ආකාරයට සප්තමහා සාගර සියල්ලම
සිඳීගිහින් ගිනියම් වැලි මතුවෙනවා. කිසිදු ජීවයක් මහපොලොව මත ශේෂවී නැහැ.
සියල්ල දැවී ගිය අඟුරැවී ගිය ස්වභාවයක් තියෙන්නේ.
තරුවේ න්‍යෂ්ඨික ශක්තිය වැයවී අවසන් වෙත්ම තරුව සංකෝචනය වෙනවා.
එවිට එය සුදුවාමන තරුවක් White Dwarf Star බවට පත්වෙනවා. අනතුරුව
ක්‍රමයෙන් සිසිල් වෙමින් ගොස් දීප්තියක් නොමැති අඳුරු කළුවාමන තරුවක්
Black Dwarf බවට පත්වී විනාශවී යනවා.
ඒ සමගම මහපොලොව ඇතුලු සියලු ග්‍රහලෝක විනාශ වී යනවා. මෙන්න මේ
අනිත්‍ය ස්වභාවයට කවදාහරි මහපොලොවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිරු
වැනි අතිවිශාල මහා තරුවකුත් යම් දිනකදී ක්ෂය වී වැයවී විපරිනාමය වී නැතිවී
යනවා නම් අන්න ඒ ධර්මතාවයම තමයි සියලු සත්ත්වයා කෙරෙහිත් බලපාන්නේ.
සියලු සත්ත්වයෝද ක්ෂයවී වැයවී විපරිනාමය වී ජරා ව්‍යාධී අවදි පසුකරමින්
මරණයෙන් විනාශවෙනවා. මරණාස්මෘතිය වඩන්නට මෙය කෙතරම් උචිත තැනක්
නොවන්නේද?
හටගත් සියල්ල මෙලෙස අනිත්‍ය ස්වභාවයටත් දුක්ඛ ස්වභාවයටත් අනාත්ම ස්වභාවයටත්
පත්වෙනවා. හටගත් සියල්ල පවතින කාලය තුල වෙනස්වෙමින් ගොස් අවසානයේ
නැති වෙනවා.
ඉතින් වසර හැටක් හැත්තෑවක් වැනි සුළු කාලයක් තුල ජීවත් වන අප කිසිදා
නොමියෙන අමරණීය අය ලෙස සිතා පඤ්චකාමයන් කෙරෙහි ඇලී උපාදන වී
සිතින් කයින් වචනයෙන් පින් පව් නම් සංස්කාර ධර්ම රැස් කරන්නේම
අවිද්‍යාව නම් මුලාව මෝඩකම නිසාම නෙවෙයිද?

සිතීමට නිදහස ලොව එකම දර්ශණය


භාරතයේ බෝසතුන් වහන්සේ පහළ වූ කාලයේ තිබූ ආගම්, දේවවාදී විය. ඔවුන්ගේ් සර්ව බලධාරී දෙවියන් ගැන කිසිම අයකුට ප්‍රශ්න කළ හැකි නොවී ය. බ්‍රාහ්මණ ධර්මයේ ඇති සියල්ලම ඒ අයුරින්ම භාරගන්නවා මිස, ඒ පිළිබඳ කුමන අයුරකින්වත් විමසීමක් කිරීමට නොහැකි විය. මෙවන් තත්ත්වයක් තිබූ අවධියක බුදුහිමියෝ දහම් දෙසූහ. සමාජ ශෝධනයක් සිදු කොට සැමට පිළිවෙත් පිරිය හැකි පරිසරයක්් නිර්මාණය කර දුන්හ.

කුල ගෝත්‍ර හෝ ජාති භේදයක් පොදු පිළිවෙත සපිරීමට බලපාන්නේ නැත. ධර්මය අවබෝධ කළ හැකි වන්නේ කාහට ද ඔහුට බුදුදහම විවෘත විය. වත්මනෙහි අපේ ඇතැම් ග්‍රාමිය බොදු ජනයා තම ජාතියටම පමණක් බුදුදහම සීමා විය යුතු යන පටු ආකල්ප වලින් යුක්ත වී භික්ෂුව වෙනත් ජාතීන් සමග සබඳතා ගොඩනගා ගැනීමට යෑම ගැන අසතුට ප්‍රකාශ කරති.

බුදුදහම විශ්ව සාධාරණ ධර්මයකි. මේ නිසා බුදු දහමේ හරය වටහා ගැනීම සඳහා නුවණ තිබීම වැදගත් ය. ඒ බව බුදුරදුන් විසින්ම ප්‍රකාශ කරන ලද අවස්ථාවකි. ‘පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස’ යන්න මේ ධර්මය නැණවතා උදෙසා ය. නුවණ මද අයට නොවේ.

ධර්මයෙහි ගුණ දක්වන තැනදි ‘ඒහිපස්සික’ (ඇවිත් බලන්න) යනුවෙන් දෙසු ලෙස ධර්මයේ සත්‍ය අසත්‍ය පිළිබඳ ශ්‍රාවකයාට තනිවම පර්යේෂණය කළ හැකි ය. බෞද්ධයා යනු විමසිලිමත් පුද්ගලයා ය. ඔහු ධර්මයේ හරය සොයා යා යුතු ය. ධර්ම රසය විඳගත හැකි වන්නේ, එවිට ය. මෙය, බුද්ධිමතා සතු ලක්ෂණයකි.

බුදු දහම බුද්ධිගෝචර දහමයක් ලෙස සලකන්නේ, මේ නිසා ය.

බුදු පියාණන් තම ශ්‍රාවකයන්ට උපරිම චින්තන නිදහස ලබා දී ඇත. අද ද ලොව ඇති අන්‍ය ආගමික සංකල්ප මෙන් නොව, තමන් වහන්සේගේ ශාස්තෘත්වය හෝ දෙසූ ධර්මය පිළිබඳ විමසීමට ශ්‍රාවකයාට අයිතියක් ඇත. ඔහු තථාගත නව අරහාදී ගුණය පිළිබඳ සෙවිය යුතු ය. මේ උතුම් ගුණ සැබැවින් බුදුහිමි සතු ද යන්න සොයා බලන ලෙස උපදෙස් ලබාදී තිබේ. මේ නිසා ‘භික්ෂූන් වහන්සේ උදෙසා විමංසක සූත්‍රය දේශනා කර ඇත.

‘විමංසකේන භික්ඛවේ භික්ඛුනා පරස්ස චේතෝ පරියායං අපාතන්තේන ද්විසු ධම්මේසූ සමන්නේ සිතබ්බෝ චක්ඛූ සෝත විඤ්ඤේසු’ එහි අර්ථය වන්නේ, තෙරුවන් සතු ගුණ බලයේ ශාක්‍යතාව පිරික්සිය යුතු බවයි. එවැනි විවෘත බවක් ලොව එදා මෙදා තුර පහළ වූ ශාස්තෘවරු තුළ නොවීය. වර්තමාන ලෝකයේ දෙවියන් පිළිබඳ විචාරයට ලක්කිරීම ඇතැම් විට මරණය ළඟා කර ගැනීමකි. එවැනි අන්ධ ශ්‍රාවක ජන සමුහයක් බුදුරදුන් විසින් අපේක්ෂා කර නැත. තම ශ්‍රාවකයා තුළ ධර්මය පිළිබඳ පරිනත භාවය තිබිය යුතු බවත් ධර්මයෙන් මනාව සන්නද්ධ වීම මගින් ප්‍රතිඵල සම්පන්න ශ්‍රාවක පිරිසක් නිර්මාණය වීමත් බුදුරදුන්ගේ අපේක්ෂාව විය.

‘මහණෙනි පර සිත් නොදන්නා වූ වීමංසක භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ ද නැතිදැයි දැනගනු පිණිස, ධර්ම දෙකක් පරීක්ෂාවට ලක් කළ යුතු වෙයි. එනම් කාය සමාචාරය’ හා ‘වාක් සමාචාරයයි’ මේ නිසාම බුදු හිමියෝ තමා පිළිබඳ ඇති සැක සොයා බලා දුරු කර ගන්නා ලෙස උපදෙස් දුන් සේක.

තම ආධිපත්‍යය කෙසේ හෝ රැක ගැනීමට උත්සාහ කරන ලොවක බුදුරදුන් ගේ් මේ අනුදැනීම විවෘත වූ අවංක වූ ශාස්තෘ ගුණයක් ප්‍රකට කරවන්නකි.නව අරහාදී බුදු ගුණ වලින් හෙළිවන ශාස්තෘත්වයේ උතුම් බව පුහුදුන් ශ්‍රාවකයාට දැකිය හැකි ද? නොහැකිම ය. මේ නිසාම තථාගතයන් වහන්සේ සතුව අතිවිශිෂ්ට ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ වූයේ විවේචනයට හා පරීක්ෂාවට ඉඩ හැරීම යි. විචාර බුද්ධියෙන් යුතු ශ්‍රාවක පිරිස් සිටීම අත්‍යවශ්‍ය ය.

ඔවුන්ගෙන් ශාසනයේ උන්නතියට වන සේවය අති විශාල ය. කෙසේ වුවද බුදුවරයකුගේ අභ්‍යන්තර ගුණ සමුදාය පිළිබඳ පරීක්ෂා කිරීම ශ්‍රාවකයකුට කළ නොහැකි ය. මේ නිසාම තමන් වහන්සේගේ් ඇවතුම් පැවතුම් පිළිබඳ සොයා බලන ලෙස උපදෙස් දී තිබේ. මෙවැනි දේශනාවක් මගින් අප වටහාගත හැකි වන්නේ බුදුරදහු ලොව සිටි අති උදාර ප්‍රජාතන්තවාදී ශාස්තෘවරයා බවයි.

සත්‍ය සොයන ශ්‍රාවකයා තුළ බුද්ධිගෝචර බව හා විමංශනාශීලි බව තිබිය යුතුය.

විමංසක සූත්‍රයෙන් ශ්‍රාවකයා දිරිමත් කරනුයේ තෙරුවන් ගුණය නිසි ලෙස දැන හැඳින ගැනීමට ය. මෙයින් බුදු දහමේ නිර්මල බව ප්‍රකට වෙයි. මෙයට අමතරව මහාපරිනිබ්බාන සූත්‍රයේ දී පිරිනිවන් මඤ්චකයේ වැඩ හිදිමින් තමන් වහන්සේ එදින පිරිනිවන්පාන බවත්, තවදුරටත් භික්ෂූන් වහන්සේ තුළ දහම පිළිබඳ සැක ඇති තැන් ඇතොත් විමසන ලෙසත් දේශනා කළ සේක.

තමන්ට නොහැකි නම්, වෙනත් අයෙකු ලවා හෝ ධර්ම විනයේ ගැටලු තැන් ගැන විමසන ලෙස පැවසූහ. භික්ෂූන් වහන්සේ තුළ තමන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය හෝ විනය පිළිබඳ ගැටලු තබාගැනීම. මතු ශාසනයේ පැවැත්ම කෙරෙහි බලපාන බව දන්නා නිසා උන්වහන්සේ එසේ කළහ. ධර්ම අවබෝධය නිසි ලෙස ලබා ගැනීමට එමගින් ශ්‍රාවකයාට හැකියාව ලැබිණි. තමන් විසින් දෙසන ලද ධර්ම විනයේ ගුරු මුෂ්ටියක් නොමැති බවත්, දේශනා කළ යුතු සියල්ල මනා කොට දේශනා කර ඇති බවත් බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. ශ්‍රාවකයා තුළ ධර්ම විනය පිළිබඳ ව්‍යාක්තබව ලබා ගැනීම බුදුන්වහන්සේ නිරන්තරව අපේක්ෂා කළහ. ‘තුම්හේහි කිච්චං ආතප්පං, අක්ඛාතාරෝ තථාගතා’ අප විසින් අවශ්‍ය කටයුතු කළයුතු යැයිද තථාගතවරු මාර්ගය පමණක් පෙන්වා දෙන්නේ්යැයි ද උන්වහන්සේ පැවසූහ.

මෙමගින් තම ශ්‍රාවක පිරිස් නිර්වාණය ලබාගැනීම සඳහා උත්සුක කොට තිබේ. පුද්ගල පාරිශුද්ධභාවය සලසා ගත හැකි වන්නේ, විචාර පූර්වක මනසින් ය. එය යථාතත්ත්වය අවබෝධය මගින් සිදුවෙයි.

විමංශනශීලී ශ්‍රාවකයා, ධර්මය ශ්‍රවණය කොට, සුතමය ඤාණය ලබයි. ඇසූ දේ නිරවද්‍යතාව පරීක්ෂා කරමින් සිතින් විමසීමට ලක් කරයි. එමගින් ඔහු චින්තාමය ප්‍රඥාව ලබයි. බුද්ධි වර්ධනය කරගත යුතු ක්‍රම එසේ පැහැදිලි කර දී ඇත. ධර්මය මනා කොට අවබෝධ කිරීමට එහි අර්ථ විමසා බැලීම කළ යුතු වෙයි. මනාව දේශිත මේ ධර්මය තුළ සන්දිට්ඨික විපාක ලද හැකි බව, එවිට වටහාගත හැකිවෙයි. ධර්මයෙන් සන්දිට්ඨික විපාක ලද හැකි වන්නේ, විචක්ෂණශීලි පුද්ගලයාට පමණකි.

දහමෙහි ඵල නෙළා ගැනීම පිණිස බවුන් වැඩීම, සිත දමනය කිරීම කළ යුතුය. ඒ මහා භාරදූර කාර්යය බුද්ධිමත් ශ්‍රාවකයා විසින් සිදු කර ධර්මයේ ඇති නිර්මල ප්‍රතිඵල ලබා ගනියි. සාමාන්‍යයෙන් බුදු දහමේ චින්තන නිදහස අගැයීමට ලක් කිරීමේ දී විමංසක සූත්‍රය හා කාලාම සූත්‍රය ප්‍රධාන වෙයි.

විවිධ අදියර යටතේ විමුක්ති සාධනයට යොමුවීම කෙරෙහි පුද්ගලයාගේ සිත යොදවන සුත්‍රයකි, රථ විනීත සූත්‍රය. එහි සප්ත විශුද්ධිය මගින් පෙන්වා දෙන්නේ නිවන් මඟෙහි පිළිවෙත් වැඩිය යුතු අනුපිළිවෙළකි. එවැනි උසස් ඤාාණ දර්ශනයක් ලද හැකි වන්නේ විමර්ශනශීලී පුද්ගලයාට ය. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිවු ආකාර වූ විශේෂිත ඤාණ හතර (සිවු පිළිසිඹියා) ලද හැකි වන්නේ විමර්ශනශීලී පුද්ගලයාටයි. බුදු දහම පුද්ගලයාට තම පාරිශුද්ධභාවය තමාම ලද යුත්තක් බව පෙන්වා දී ඇත.

අවිද්‍යාව දුරුකර විද්‍යාව ඇති කරගැනීමට නම් බොදුනුවකු තුළ විමර්ශනශීලී බව තිබිය යුතුය. තෙරුවන් මනාව හඳුනාගැනීම, තෙරුවන් ගුණ පසක් කර ගැනීම කෙරෙහි සිත යොමුවිය යුතුය. තෙරුවන් ගුණ පරීක්ෂා කිරීමට ඉඩ ප්‍රස්ථා ලබාදී ඇත්තේ එබැවිනි. බුද්ධ, ධම්ම, සංඝ යන අනුස්සති භාවනා, දස අනුස්සති භාවනා අතර දක්නට ලැබෙයි. එමගින් ශ්‍රද්ධාව වර්ධනය කර ඉන්ද්‍රිය බල ඇති කොට පුද්ගලයාට සසුනේ මඟ කැමැත්ත ඇති කරවයි. ඉන් පසු ඔහු හොඳ නරක පිළිබඳ සොයා බලා නිවැරැදි මග ගමන් කරයි. හරි දේ හරි විදිහට දකියි. වරද වරද විදිහට දකියි. පව පින හඳුනාගනී.

එය දෙලොව යහපතට අයහපතට බලපාන ආකාරය දැනගනී. මෙයින් පුද්ගලයා කුසලයට යොමු කරවයි. ඔහු ඒ නිසාම දාන, ශීල, භාවනා පුරුදු පුහුණු කර තම ආත්ම විමුක්තියට ඉඩ සලසා ගනී. ‘යදාතුම්හේ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා ඉමේ ධම්මා සමත්තා සමදින්නා අහිතාය දුක්ඛාය සංවත්තතී’ කාලාම සුත්‍රය මගින් පෙන්වා දී ඇත්තේ ද පුද්ගලයා ස්වයං තීරණයක් ගත යුතු බවයි.

එය දෙලොවටම අභිවෘද්ධි දායක දෙයක් විය යුතු බව පෙන්වා දී තිබේ. කියන්නන් වාලේ කීමත්, කරන්නන් වාලේ කිරීමත් අනුන්ට හොඳ නිසා තමන්ටත් හොඳ යැයි සිතීමත් නොව බුද්ධිමත්ව සොයා බලා කරුණු ප්‍රත්‍යක්ෂ කොටගෙන දෙලොව දිනීමට කටයුතු කිරීම බොදුනුවකු සතු විය යුතු ලක්ෂණයයි. එවන් අයුරින් කටයුතු නොකරන තැන සසර දිගු වෙයි. දුකට පත්වීම අනිවාර්ය වෙයි. දුක් සහිත සසර කෙටි කර ගැනීමට නම් ධර්මයේ යථාර්ථය සොයා පර්යේෂණ කළ යුතුය. එය විමුක්ති ලාභයට ඇති එකම මාර්ගයයි. බුදු දහම නිදහසේ රශ්මි ධාරාවෙන් ;ලාව වශී කළ ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගයකි.

බුදු දහම නොපෙනෙන දේව බලයක් වෙත නොව, දෘෂ්‍යමාන මිනිස් ක්‍රියාකාරීත්වය කෙරෙහි විශ්වාසය තබා ඇත. දේවත්වයකට ආත්ම විමුක්තිය ලබා දිය නොහැකි නිසා බුදු සමය පුද්ගලයා උනන්දු කරවන්නේ් තමාට පිහිට තමාම බව පෙන්වා දීමෙනි.

‘අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා’ පුද්ගලයකු තුළ පිරිසුදු බව හා අපිරිසුදු බව ඇති කරගත යුත්තේ තමා විසින්ම ය. (අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති) වර්තමානයේද ඇතැම් ආගම් වල අතීතයේ මෙන් පවු සෝදා හැරීමක් නොළද පව් සමා කිරීම කරනු දක්නට ලැබේ.

එහෙත් එය සිදුවන්නක් නොවේ. පවට සමාව දෙන්නේ කවරෙක්ද ? එසේ කළ හැකි වන්නේ කෙසේද ? යන්න ගැටලුවකි. මේ නිසා තම හෘද සාක්ෂියේ විනිසුරු හමුවේ වරදකරුවකු වීමට වඩා බුද්ධිගෝචරව පාපී ක්‍රියා වලින් වැළකී සිටීම සැපදායක වේ. පවිත්‍රතාව ඇති කර ගත යුත්තේ ද තමා විසින්මය. එය වෙන කිසිවෙකුට කළ හැකි නොවේ.

ඒ සඳහා නුවණින් කල්පනා කර ක්‍රියාත්මක විය යුතුය. අඳ බාල ජනයා එදිනෙදා දිවිපෙවෙත තුළ මෝහය නිසා අකුසල කර්ම රැස් කර ගනිති. සසර ගමන් දිගු කරනු ලබන අකුසල කාය කර්ම වචී කර්ම හා මනෝ කර්ම සිදු කරති. එවන් විටක දී ඒ අකුසල කර්ම කිසිවකුට හෝ පිරිසුදු කළ හැකි ද යන්න සිතා බැලිය යුතුය. සිතීම හා විමසීම මුල් කරගෙන තමා තුළ ඇති විමුක්තිය ලබාගත යුතුය. තථාගත ශාස්තෘ වූ බුදු පියාණන් හෙළි කළ නිදහස් චින්තනයේ උදාර බවයි.

තමන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර ආනන්ද හිමියන් අමතා වදාළේ ආනන්දය මාගේ ඇවෑමෙන් පසු සංඝයා කැමති නම් කුඩා අනුකුඩා ශික්ෂාපද ඉවත් කර ගත හැකියි. කියාය. චුල්ලවග්ග පාලියේ පංචසතික ඛන්ධකයෙහි එය මෙසේ සඳහන් කර ඇත.

‘ආකංඛමානෝ ආනන්ද සංඝෝ මමච්චයේන ඛුද්ධානු ඛුද්ධකාති සික්ඛාපදානි සමූහනෙය්‍ය’ මෙමගින් පෙන්වූයේ නිදහස්ව අවබෝධ කරගත යුතු දහමක් බව පෙනී යයි. තම ශ්‍රාවක පිරිස විනය නීති වලින් දැඩිව බැඳ තබා ගැනීමක් බුදුන් වහන්සේ අපේක්ෂා කොට නැත. විනයක් තිබීම සසුනේ චිර පැවැත්මට හේතු විය. මෙතෙක් ලොව පහළ වූ වෙනත් කිසිම ශාස්තෘවරයකු විසින් මනුෂ්‍ය වර්ගයාට දායාද නොකළ ශ්‍රේෂ්ඨතම වරප්‍රසාදයකි, සිතීමේ හා විමසීමේ නිදහස. මිනිසාගේ නිදහස් කල්පනාවන්ට හා වීමංසක ඤාණයට අංශුමාත්‍ර බාධාවක් නොවන ලෙස බුදු දහම පරීක්ෂා කර බැලීමට දී ඇති නිදහස ඉතා වැදගත් ය. බුදුරදුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණයා හට චුල්ලහත්ථි පදෝපම උපමාවෙන් වදාළේ නාග වාණිකයෙක් නාගවනයට පිවිස, වාමනිකා, උච්චාකාළාරිකා, උච්චා කනේරුකා, යන ඇතුන් විශේෂයන්ගේ පියවර සටහන් ක්‍රමයෙන් දැක අවසාන නිගමනයකට බසින්නාක් මෙන් බුදුන්, දහම්, සඟුන් පිළිබඳ පර්යේෂණයක යෙදෙන්නා විසින් ඒ පිළිබඳ අවසාන නිගමනයකට බැසිය යුතු වන්නේ අර්හත් මාර්ග ඥාණයෙන් පසුව බවයි.

අද ලොව ඇති බොහෝ ආගම් වල ශාස්තෘවරුන් පිළිබඳ හෝ ඔවුන්ගේ ආගම් පිළිබඳ හෝ වීමංසනයක යෙදීම ඇතැම් විට මරණය ළ¼ගා කර ගැනීමක් විය හැකිය. මේ අනුව සම්මා සම්බුදුරදුන් සතු ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණය ඉතා හොඳින් පැහැදිලි වෙයි.

                                                                                                                                          උමුටා ගැනීමකි

බැලූ බැල්මට නම් පුන්චි කොලු පැටියෙක්

බැලූ බැල්මට නම් පුන්චි කොලු පැටියෙක්. ඒත් මේ ඉන්නේ ලෝකයේ මෙතෙක් බිහිවූ දරුනුතම මිනීමරුවෙක් කියලා හිතන්න පුලුවන්ද.ඔහු මිනිසුන් මිලියන 45 දෙනෙකු ගාතනය කරා කියලා හිතන්න පුලුවන්ද.මෙයාට එහෙම වුනේ වටපිටාවෙන් ලැබුනු නරක ආදර්ශයන් නිසායි.
මොහුගේ මිනිමැරීම් ක්‍රම අතර ඉතා පුන්චි(බලුකූඩුවලට සමාන ) කූඩුවල මිනිසුන් හිරකර තබා(එකිනෙකාට සෙලවීමටවත් නොහැකි පරිදි )බඩ්ගින්නේ මියයෑමට සැලැස්වීම.එසේ මිය ගිය අය ජීවත් වන අය සමගම තැබීය.
තවත් ක්‍රමයක් වන්නේ විස ගෑස් ගසා මිනිසුන් මැරීමයි
මේ අතර සමහර පුද්ගලයන් නොයෙකුත් පරීකශනයන්ට
භාවිතා කරා.ඒවා ඉතා වේදනා කරී පරීක්ශනයන් වූ අතර නිර්වින්දන හෝ හිරි වට්ටවීම් වලින් තොරව.ශරීරයේ කොටස් ගැලවීම භද්ධකිරීම ආදී දරුනු ඒවා වුනා.
ඒත් ඉතින් ඔහුට මේ සේරටම තිත තියලා තමන්ගේ ජීවිතෙන් සමුගෙන කරපුවාට වන්දිගෙවන්න පටන් ගන්න වුනා 1945 අප්‍රේල් 30 දින.ඒ සිය දිවිනසාගැනීමෙන්..මෙයා තමා දෙවන ලෝක යුද්ධය නිර්මාන කරුවා.දැන් දන්නවනේ කවුද කියලා.මේ තමා ඇඩොල්ෆ් හිට්ලර්


අම්පිටියේ සුදු නාගයෙකු වී සිට මාතර ඉපදුනු දරුවාගේ පුනර්භවය


පුනර්භව පර්යේෂණවලදී සත්ත්ව ජිවිත ගතකල බැව් අනාවරණය කළ දරුවන් දුර්ලභය. ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පුනර්භව පර්යේෂණ අංශයේ ඇති පුනර්භව සාධක තුන්දහස් පන්සියයක් පමණ අතරද එවැනි සිදුවීම් ඇත්තේ සියයට එකක පමණ ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවේ පුනර්භව පර්යේෂණ හාරසීයක් පමණ ප්‍රමාණයකින් සත්ත්ව ජිවිත ගතකල බැව් අනාවරණය වුයේ දරුවන් සිව්දෙනෙකුගේ පමණි. ශ්‍රී ලංකාවෙන් හෙළි වූ එවැනි පුනර්භව සාධක අතර හාවකු, කුරුල්ලෙකු, වඳුරෙකු සහ එළුවකුගේ ජිවිත තොරතුරු හෙළි කළ දරුවන් සිව්දෙනෙකු සිටිති.

නාගයකු ලෙස ජීවත්ව සිටි බැව් හෙළි කළ දරුවකු පිළිබඳව පසුගියදා මාතර ප්‍රදේශයෙන් අනාවරණය විය. නාගයකුගේ ජිවන තොරතුරු හෙළි කළ ඒම දරුවා පෙරභවය පිලිබඳ මතකය අවදි කර ඇත්තේ වයස අවුරුදු හතරේ පමණ සිටය. දරුවා අනාවරණය කළ එම තොරතුරු දෙමාපියෝ කිසිම අවධානයකට යොමු නොකළහ.

ඇතැම් විට එම දරුවා, පෙරභවයේ නාග ජීවිතය ගැන හෙළි කරන ඇතැම් අවස්ථාවලදී සිහි නැති වන තත්ත්වයන්ද දෙමාපියන්ට දක්නට ලැබුණි. දැනට දසවන වියේ පසුවන වම දරුවා දිගින් දිගටම නාග ජීවිතය ගැන හෙළි කරමින් තමන් සිටි ස්ථානයත් ප්‍රදේශයත් නිවැරදිව ප්‍රකාශ කර ඇත. මේ නිසා දෙමාපියෝ එම දරුවාගේ තොරතුරු පිළිබඳව සොයා බැලීමක් සිදු කළහ.

එහිදී දරුවාගේ ප්‍රකාශ සනාථ කරමින් මියගිය නාගයකු පිළිබඳව සොයාගැනීමට දෙමාපියන්ට අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව නගය මියගිය ස්ථානයත් ජීවත්ව සිටි පුජනීය ස්ථානයත් සොයා යාමටද එම දරුවාට පසුගියදා අවස්ථාව ලැබිණි. අතිශය පුදුම උපදවන එම පුනර්භව සාධකය පිලිබඳ කරන ලද විමර්ශනයක් මෙම ලිපියෙන් අනාවරණය කෙරේ.

නාග ජීවිතය හෙළි කළ එම දරුවා ප්‍රකාශ කර ඇත්තේ මුගටියෙකුගේ පහර දීමක් නිසා මරණයට පත්වූ බවය. පෙර භවය හෙළි කරන අවස්ථාවලදී තම හිසට දැඩි වේදනාවක් දැනෙන බවත් ඇතැම්විට සිරුර අප්‍රාණික වන බවත් එම දරුවා ප්‍රකාශ කර තිබේ.

පවුලේ එකම දරුවා ලෙස උපත ලැබූ පුත්‍රයාට දිනුෂ යනුවෙන් දෙමාපියෝ නම් තැබුහ. දිනුෂ උපත ලැබුවේ 2002 වසරේ මාර්තු මාසයේදී ගාල්ල මහා රෝහලේදීය. හරියටම මාස නාමයක් සම්පුර්ණ වී මෙලොවට බිහි වූ එකම දරුවා උපතින්ම නිරෝගිමත් දරුවෙකු විය. ඉපදී දින ගනනක් ඇතුලත එම දරුවා තුලින් මවට දක්නට ලැබුණු විශේෂත්වයක් විය.

එනම් තිගැස්සී අවදි වී දෙතොල් මුමුණන බවයි. සිගිති දරුවෝ ඇතැම් විට සිදු කරන සාමාන්‍ය ක්‍රියාවකට වෙනස් ගති සිරිතක් ලෙස මවට මෙය දැනෙන්නට විය දෙතොල් මුමුණ කිසියම් දෙයක් ප්‍රකාශ කිරීමට දරුවා උත්සහ ගන්න බවක්ද මවට දක්නට ලැබිණි.

මාස පහක් පමණ ගතවිය . දිනක් තම සිගිති පුත්‍රයා නැවීමට මව ඔහු ජාල බේසමක තැබිය. එකවරම දෙපා හකුලාගත් සිගිති දරුවා " වැඩගන්න " "වැඩගන්න " යයි ප්‍රකාශ කළේය. මාස පහක් දරුවෙක් ලෙස සිටි තම පුත්‍රයා පැහැදිලිවම එම වචන උච්චාරණය කිරීම ගැන මව පුදුමයට පත් උවුවය . තවත් මාස කිහිපයක් ගතවිය.

අන් දරුවන්ට වඩා ඉක්මනින් කතා කිරීමේ හැකියාව මේ දරුවාට ලැබිණි. කිසියම් උරග සතකු දුටු විගස උ පසුපසින් දිව යාමටද මෙම දරුවා උනන්දු වන බවක්ද මව දුටුවාය. ඇතැම් විට භික්ෂුන් වහන්සේ නමක් දුටු විගස උන්වහන්සේලා පිටුපස යාමටත් ඔහු උනන්දුවන්නට විය. දරුවාගේ මෙම හැසිරී රටාව පිලිබදව මව එතරම් අවදානයක් යොමු නොකළාය.

කුඩා කෘමියකු පවා මරණයට පත්වීම මෙම දරුවා මහත් දුකට පත් වීමේ සිදුවීමක් ලෙසද මව දුටුවාය. කිසිදු සත්ත්වයකුට පහර දීමට හෝ දුටු විගස සතුන්ට ගහන්න එපා යැයි ඔහුගේ මුවින් පිටවන්නට විය. තම දරුවා සතුන්ට ඉමහත් ආදරයක් දක්වන බවද ඉතා කුඩාකල සිටම ඔහු තුලත් දක්නට කබුනු තවත් සුවිශේෂී ගති සිරිතක් වී තිබිණි.

මේ අතර දිනක් මව ඇමතු සිඟිති දරුවා
"මම එහෙදි හිටියේ නයෙක් වෙලා. මම කිසිම සතෙක්ව මැරුවේ නෑ. ටයි පැවසිය. තම පුත්‍රයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව ඇය සිය සැමියාට ද හෙළි කළේය. එහෙත් පිය ඒ පිළිබඳව කිසිඳු අවධානයක් නොකළේය. කුඩා දරුවන්ගේ සුරඟන කතාවක් ලෙස තම පුත්‍රයා මඟින්ද හෙළි වන්නේ යැයි ඔහු පැවසිය.

"මම ඉස්සර හිටියේ "ගැට" කියන පැත්තේ යයිද තවත් දිනක් ඔහු කිවේය. ගැට ගැට යනිවෙන් පැවසු පුත්‍රයාගෙන් මව ඒ පිළිබඳව විමසුවාය.
"මට මතක එච්චරයි, යනුවෙන් දරුවාගේ පිළිතුර විය. ඒ වන විට තුන් හැවිරිදි වියේ පසුවූ දරුවා පුජනිය ස්ථානයක තොරතුරුද වරින් වර හෙළි කරන්නට විය.
"මම හිටපු පන්සලට යන්න ඕනෑ. එහිදී මට මුගටියෙක් ගැහැව්වා. යැයි ද තවත් දිනක් ඔහු කියා සිටියේය.
අනුරාධපුරයට යන්න ඕනෑ. යනුවෙන්ද තවත් දිනක් දරුවා ප්‍රකාශ කළේය.

ඔහු හිටි ප්‍රදේශය ලෙස ගැට යනුවෙන් ප්‍රකාශ කිරීම නිසා ගැට යන අකුරු මුලට එන ගම් ප්‍රදේශ පිළිබඳව මව විමසීමෙන් සිටියාය. එහිදී මාව මැරුණම මගේ සිරුර මම හිටපු පන්සලේ වත්තේ භූමිදාන කළා යනුවෙන්ද දරුවා ප්‍රකාශ කළේය. තවත් සති කීපයක් ගතවිය. 'ගැට' කියමින් සිටි දරුවා 'ගැටමාන්න' යැයි දිනක් පැවසිය.

ගැටමාන්න පන්සලට මම යනවා.එහිදී මම සුදු නාගයෙක් යැයිද ඔහු පැවසිය. තමදරුවගේ ප්‍රකාශ පිළිබඳව සොයා බැලීමට මාව උනන්දු වුවද පියා එයට එතරම් උනන්දුවක් නොදැක්විය.

ඇතැම්විට ප්‍රකාශ කරන අවස්ථාවලදී ඔහුට දැඩි හිසේ වේදනාවක් ඇතිවන බව දරුවා ප්‍රකාශ කළේය. ඇතැම් විට ඔහුට එම අවස්ථාවලදී සිහි නැතිවන තරම් තත්ත්වයක්ද දක්නට කබිනි. මේ නිසා දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටද දෙමාපියෝ උනන්දු වුහ. නිතර නිතර සිහි නැති වීමත් හිසේ ඇතිවන අධික වේදනාව පිලිබඳ දරුවා හෙළි කරන බව දෙමාපියෝ වෛද්‍ය අංශවලට ප්‍රකාශ කළහ. එහෙත් වෛද්‍ය අංශවලින්ද ඒ පිලිබඳ පැහැදිලි පිළිතුරක් නොලැබිණි.

තවත් වසරක් පමණ ගතවිය. දරුවා පාසල් යාමද ආරම්භ කලේය. ඔහුගේ එකම ඉල්ලීම වුයේ ඔහු පෙර භවයේ නයකු ලෙස සිටි ප්‍රදේශයට කැඳවාගෙන යන ලෙසය. එම පුජනීය ස්ථානයට ගොස් පුජාවක් පැවැත්විය යුතු බවද ඔහු කියා සිටියේය. "සමහර වෙලාවට කව්ද ඇවිත් කතා කරනවා.

ඉස්කෝලේ යන්න පුළුවන්නන් නම් හිටපු තැනට යන්න බැරිද කියල අහනවා වගේ මට දැනෙනවා." යැයිද එම දරුවා කීප විටක්ම මව සමඟ කිවේය. දරුවා ප්‍රකාශ කල කරුණු අනුව එවැනි ගම ප්‍රදේශයක සිදුවූ නාගයකුගේ මරණයක් පිළිබඳව සොයාබැලීමක් කිරීමට මව සිතුවාය.

ඒ අනුව දරුවාගේ ප්‍රකාශය පරිදි ඔහු ඒ ප්‍රදේශයට රැගෙන යාමට මව සිතුවාය. පිය එතරම් කැමැත්තක් නොදැක්වුවද දරුවාගේ ඉල්ලීම පරිදි පෙර සිටි බව හෙළි කල ගැටමාන්න ප්‍රදේශයට දරුවා රැගෙන යාමට මව තීරණය කළාය. ඒ වන විට පුංචි දිනුෂ කල ප්‍රකාශ වලට ඇතුලත්ව තිබු කරුණු අනුව සුදු නාගයකු ලෙස ජීවත්ව සිටි බවත් එහිදී සිටි පුජනීය ස්ථානය ඉතා පැරණි බවත් අනාවරණය විය.

ඒ අනුව පුංචි දිනුෂට පසුගිය දිනක ඔහු ජීවත්ව සිටි බව හෙළි කල පුජනීය ස්ථනය වෙත යාමට අවස්ථාව ලැබිණි. එහිදී නාග ජීවිතය ගතකල ස්ථානයේ ගසක තිබු බෙනයක්ද පෙන්වා දීමට එම දරුවාට හැකිවී තිබේ.

පුංචි දිනුෂ හෙළි කල තොරතුරු වලට සමාන වී ඇත්තේ මිට වසර දහයකට උඩදී ගැටමාන්න විහාර ස්ථානය අවට ජිවත් වූ නාගයකු පිලිබඳවය. නගය ජීවත්ව සිටි ගස් බෙනය දත් දක්නට ඇති අතර මියගොස් සිටි නාගයාගේ සිරුර ප්‍රදේශවාසීන් දැක ඇත්තේ ගස් බෙනය තුලින් හිස පිටතට එන අයුරින් සිටියදීය. දරුවා ප්‍රකාශ කල පරිදි එම නාග සිරුර පුජනීය ස්ථානයට රැගෙන ගොස් ආගමික වතාවත් පවා සිදුකිරීමෙන් පසු අවසන් කටයුතු කර ඇත. අතිශය පුදුම අයුරින් නාග ජීවිතය හෙළි කල දරුවාගේ දෙමාපියන්ගෙන් සහ ප්‍රදේශ වාසින්ගෙන්ද පුජනීය ස්ථානයේ සංඝයා වහන්සේගෙනුත් තොරතුරු විමසීමට අපට අවස්ථාව ලැබිණි.

එහිදී අප මුලින්ම හමුවුයේ දරුවාගේ මවය. මෙම දරුවාගේ තොරතුරු තවමත් ප්‍රසිද්ධියකින් තොරව තබා ගැනීමට දෙමාපියෝ කැමතිය. එහෙත් පර්යේෂණ සිදුකිරීම සඳහා කරුණු හෙළි කිරීමට ඔවුහු කැමැත්ත පල කළහ. ඒ අනුව මව සමඟ කල සම්මුඛ සාකච්චා ඒ අයුරින්ම මෙහි සඳහන් කල හැකිය. ඇයට ඉදිරිපත් කල ප්‍රශ්නයත් ඇය දුන් පිලිතුරුත් මෙසේය.

ප්‍රශ්නය : ඔබේ දරුවා පෙර භවයක් ගැන තොරතුරු අනාවරණය කලේ කුමන වයසේ සිටියදීද?
පිළිතුර : වයස අවුරුදු තුනේදී පමණ.
ප්‍රශ්නය : පෙර භාවයේදී ඔහු සිටියේ කෙසේද කියා හෙළි කළේද?
පිළිතුර : නාගයකු ලෙස සිටි බැව් කිවා.
ප්‍රශ්නය : එය ප්‍රකාශ කලේ කෙසේද?
පිළිතුර : මම සුදු නාගයෙක් වෙලා හිටියා යයි ප්‍රකාශ කළා
ප්‍රශ්නය : එය පැවසුවේ කෙසේද?
පිළිතුර : "ෂු" "ෂු" යනුවෙන් හඬ නැගීමක් ඔහු පුරුදුව සිටියා.
ප්‍රශ්නය : "ෂු" "ෂු" යන හඬ නගමින් ඔහු කිසියන් ක්‍රියාවක් කළාද?
පිළිතුර : නෑ ක්‍රියාවක් කලේ නෑ. නමුත් නය වෙලා හිඳිද්දී මෙහෙමයි කියා ඒ හඬ නිකුත් කළා.
ප්‍රශ්නය : නයෙකු මෙන් කරන විලාශයක් නිරුපනය කළාද?
පිළිතුර : නෑ
ප්‍රශ්නය : නයෙකු ලෙස සිටි බැව් හෙළි කළා අනෙකුත් කරුණු මොනවාද?
පිළිතුර : කිසිම කෙනෙකුට අනතුරක් කලේ නෑ කියා කිවා.
ප්‍රශ්නය : ආහාරයට ගත් දේවල් එහෙම කීවාද?
පිළිතුර : පුජ භූමියේදී පලතුරු කෑවා යැයි කිවා.
ප්‍රශ්නය : පුජා භුමිය ගැන හෙළි කලේ කෙසේද?
පිළිතුර : පන්සලේ ගස් බෙනයක සිටි බැව් කිවා.
ප්‍රශ්නය : එහිදී කුමක් සිදුවුයේ යැයි හෙලි කළාද?
පිළිතුර : ඔව්. මුගටියෙක් හිසට පහර දුන් බව කිවා.
ප්‍රශ්නය : මැරුණ බැව් කීවාද?
පිළිතුර : ඔව්.
ප්‍රශ්නය : නාගයා ලෙස සිටි ස්ථාන වල නම් ප්‍රකාශ කළාද?
පිළිතුර : ගැටමාන්න පන්සල අසල අම්පිටිය පුජා භුමිය යැයි කිවා.
ප්‍රශ්නය : මරණින් පසු සිදුවීම් හෙළි කළාද?
පිළිතුර : ඔව්. සිරුරට සිදුකල ආගමික වතාවත් ගැනත් කිවා.
ප්‍රශ්නය : එය සිදුකල ස්ථානය ගැන කීවාද?
පිළිතුර : ඔව්. පුජා භුමිය යන වචනය කිවා. එතනට ගිහින් පුජාවක් තියන්න ඕනෑ යැයිද කිවා.
ප්‍රශ්නය : දරුවා රැගෙන ගිය දිනයේ සිදුවුයේ කුමක්ද?
පිළිතුර : නාගයා සිටියා ගස් බෙනය නිවැරදිව පෙන්වා දුන්නා. ජීවත්ව සිටි පුජනීය ස්ථානයත් නිවැරදිව හඳුනා ගත්තා.
ප්‍රශ්නය : දරුවා කළා ප්‍රකාශත් නාගයාගේ ජීවිතයත් පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?
පිළිතුර : දෙමාපියන් වශයෙන් අපවත් එම ප්‍රදේශය ගැනවත් එවැනි නාගයකු සිටි බවත් හෝ දන්නේ නෑ. එසේ තිබියදී මේ කුඩා දරුවා එම තොරතුරු නිවැරදිව හෙළිකළේ කෙසේද යන්න අපටත් ප්‍රශ්නයක්. සියල්ල සත්‍ය වුණා.
ප්‍රශ්නය : සත්‍ය වූ බැව් ඔබලාට පැහැදිලි වුයේ කෙසේද?
පිළිතුර : නාගයාගේ සිරුර අවසන් කටයුතු සිදුකල අයුරු දුටු සාක්කිත් අපට ලැබුණා. ඒ තොරතුරු සත්‍ය ලෙස ඔප්පු වුණා.

සුදු නාගයා ජීවත්ව සිටියදී අම්පිටිය ප්‍රදේශයටත් ගැටමාන්න විහාරස්ථානයටත් මෙම නාගයා නිතර පැමිණ තිබේ. එම නාගයා ජීවත්ව සිටියදී ගයමන්න විහාර ස්ථානයට පැමිණෙන බැව් එහි ප්‍රදේශවාසියෝ සාක්ෂි දරති. එම නාගයා මියගොස් සිටි අයුරු සිය ඇසින් දුටු ගම්වාසීන් කිහිප දෙනෙක්වද හමිවිමට අපට අවස්ථාව ලැබිණි. වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ගාමිණී සමරවික්‍රම මහතාද එම නාග සිරුර දුටු එක් අයෙකි. ඒ මෑත තම දුටු නාගයා පිළිබඳව අප සමඟ අදහස් ප්‍රකාශ කලේ මෙලෙසිනි.

සුදු නාගයෙක් එම ප්‍රදේශයේ සිටියා. එම නාගයා ජීවත්ව සිටියේ අම්පිටිය පුජා භුමියේ ගස් බෙනයකයි. ආදී 4 1/2 ක් පමණ දිග සුදු නාගයෙක්., අම්පිටිය නාග රාජයා කියලත් හැඳින්වුව. දවසක් ඒ නාගයා ගස් බෙනයෙන් හිස එලියට දමාගෙන සිටි අයුරින් මියගොස් සිටියා. ගැටමාන්න විහාරස්ථානයටත් යන නිසා අපි එහි නායක හිමියන්ට ඒ බැව් දැනුම් දුන්නා. පසුව ඒ හිමියන්ගේ උපදෙස් පරිදි නාගයාගේ සිරුර බෙනය තුලින් ඉවතට ගෙන ආගමික වතාවත් සිදුකළා. එදා ඒ සිදුවීම බලන්නත් නාගයාට ගෞරව කරන්නත් ගම්වාසීන් විශාල පිරිසක් පුජා භූමියට රැස්ව සිටියා යැයි පැවසිය.

නාගයාගේ අවසන් කටයුතු සිදුකළා අවදියේ පුරාණ විහාරයේ සිටි තවමත් එහි වැඩවසන අකුරුගොඩ පඥාසේකර හිමියෝද අම්පිටියේ පියතිලක මහතාද මෙම නාගයා පිලිබඳ තොරතුරු අනාවරණය කළහ. එදා නාගයා ගස් බෙනය තුලින් පිටතට ගත් අවස්ථාවේ හිස පෙදෙසේ සිරීම් තුවාල දක්නට ලැබුණා. සිරුරේ නම් තුවාල දුටුවේ නෑ. යැයි පියතිලක මහතා අනාවරණය කළේය.
මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී නාගයා සිටි ස්ථාන නිවැරදිව හඳුනා ගැනීමට එම දරුවාට හැකිවී තිබේ. නාගයා සිටි අම්පිටිය පුජා භූමියත් ගැටමාන්න විහාරස්ථානයත් නිවැරදිව හඳුනා ගැනීමට දරුවාට හැකිවී තිබේ. නාගයා පිළිබඳව සිදුකළ ආගමික වතාවත්ද නිවැරදිව මෙම දරුවා හෙළි කර තිබේ.

ගැටමාන්න විහාරස්ථානයත් අම්පිටිය පුජා භූමියත් අතර දුර ප්‍රමාණය හරියටම කිලෝ මීටර් එකකි. එම දුර ගෙවා නාගයා එම ස්ථාන දෙකටම පැමිණීමද නිතර සිදුවී තිබේ. දරුවා ප්‍රකාශ කරනුයේ නාග ජීවිතය අවසන් වුයේ මුගටි ප්‍රහාරයකින් බවය. නාග සිරුර දුටු ප්‍රදේශවාසීන් දැක ඇති අන්දමට නාගයාගේ හිසට තුවාල සිදුවී ඇත. දරුවා පෙර දවස හෙළි කරන අවස්ථාවලදී හිසේ දැඩි වේදනාවක් ඇතිවන බැව් ප්‍රකාශ කර තිබේ.

       උපුටා ගැනීමකි
                https://www.facebook.com/sinhala.buddhist

෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: H1 class 293 (Bayer Peacock) - සදහටම වෙන්ව ගිය පුං...

෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: H1 class 293 (Bayer Peacock) - සදහටම වෙන්ව ගිය පුං...:         එදා මෙදාතුර ශ්‍රීලංකාවේ තිබූ දුම්රිය මාර්ග වලින් කිහිපයක් අද වන විට වැසීගොස් තිබේ. නානුඔය - නුවරඑලිය - රාගල දක්වා ගමන් කල සුප්‍රසිද්...

Sunday, July 29, 2012

මේ කාලේ අපි හිටියේ නැති උනත් ඒ අතීතයත් අපි දැනගනිමුද..??


1942 වර්ශයේ මැද භාගය වන විට යුරෝපීය යටත් විජිත වශයෙන් පැවති සිංගප්පූරුව ජාවා, සුමාත්‍රා ආදි අද්නිදිග ආසියානු ප්‍රදේශ අල්ලා ගත් ජපන් හමුදා ඉන්දියන් සාගරයටද පිවිසියේය. බ්‍රිතාන්‍යයන් ගේ වැදගත් හමුදා මුලස්ථානයක් වූ සිංගප්පූරුව ජපන් හමුදා විසින් අල්ලා ගැනීමත් සමග දකුණු ආසියාවේ ප්‍රධාන බ්‍රිතාන්‍ය හමුදා මුලස්ථානය බවට කොලඹ පත්විය.

බ්‍රිතාන්‍යය නාවික හමුදාව ඉන්දියන් සාගරයෙන් පලවා හැර ඉන්දියාව ඇතුලු බ්‍රිතාන්‍යය යටත් විජීත අල්ලා ගැනීමට නම් ලංකාවේ ස්ථාපනය කර තිබු බ්‍රිතාන්‍යය ගුවන් හා නාවික කදවුරුවලට පහර දිය යුතු බව වටහා ගත් ජපනුන් කොලඹට පහර දිම සදහා සූදානම් විය.

ජපාන ප්‍රහාරයක් එල්ලවිය හැකි බව කලින්ම අනුමාන කර තිබූ බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානීන් කොලඹ ගුවන් හමුදා කදවුරට අමතරව රත්මලාන හා කොග්ගලද ගුවන් හමුදා කදවුරු පිහිට වීය. මේ අතර ජපනුන්ගේ සැලසුම වූයේ කොලඹ වරායට හා කොලඹ අවට පිහිටි ගුවන් හමුදා කදවුරුවලට
පහර දී බ්‍රිතාන්‍ය යුධ බලය අඩපන කිරීමයි.

ජපනුන් කොලඹට පහර දීම සැලසුම් කර තිබුනේ ඇමරිකනුන්ගේ පර්ල් වරායට පහර දීමට සැලසුම් කර සැලසුමට සමාන අයුරිකිනි. පර්ල් වාරායට පහරදීමට සහභාගී වූ බොහෝ ජපන් ගුවන් නියමුවන් කොලඹට පහර දීමට ද එක් විය.

1942 අ‍ප්‍රේල් මස 4 වන දින ලංකාවේ බටහිර මුහුදු තිරයට පිවිසි අද්මිරාල් Chuichi Nagumo නායකත්වයෙන් යුතු විශාල ජපන් නාවික කන්ඩායමක් ප්‍රහාරය සදහා සූදානම් විය. නමුත් ලංකා මුහුදු තීරයේ මුර සේවයේ යෙදී සිට Leonard Birchall නම් කැනේඩියානු ගුවන් නියමුවා ප්‍රහාරයට පෙර ජපන් නාවික කන්ඩායම දුටුවේය. ඉක්මනින්ම ජපන් ගුවන් නියමුවන් Leonard Birchall ගේ ගුවන් යානයට පහර දී බිම හෙලු නමුත් කැනේඩියානු ගුවන් නියමුවා තම යානය කඩාවැටීමට පෙර රේඩියෝ පනිවිඩයකින් ජපනුන් මුහුදේ ස්ථාන ගත වී සිටි ආකාරය පිලිබද කොලඹට දැන්වීය.

ජපන් නැව් වලින් ගුවන් ගත වූ ප්‍රහාරක ගුවන් යානා උදෑසන 7.30 පමන බොරැල්ල ආසන්නයට බෝම්බ දැමීමත් සමග ජපනුන්ගේ ප්‍රහාරය ආරම්භ විය. කොලඹ වරායේ නවතා තිබු cruiser HMS Hector සහ HMS Tenedos යුධ නැව් ජපන් ගුවන් යානා විසින් බෝම්බ හෙලා ගිල්වන ලදි. මෙහි දී ඇතිවු සටනේ දී බ්‍රිතාන්‍යය ගුවන් යානා 27 විනාශ වු අතර ජපන් ගුවන් යානා 5 කටද පහර දී බිම හෙලීමට බ්‍රිතාන්‍යයන් සමත් විය.

කොලොන්නාව තෙල් ටැංකි සංකීරනයට පහර දීමට පැමිනි ජපන් ගුවන් යානා වැරදීමකින් අංගොඩ මානසික රෝහලට බෝම්බ හෙලීම මෙම ප්‍රහාරයේ සුවිශේෂි සිදුවීමකි. මේ අතර ලංකාවට සමීපව නිරිත දිග මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබු Dorsetshire සහ Cornwall යන යුධ නැව දෙකටද පහර දී ගිල්වා දැමිමට ජපන් ගුවන් යානා සමත් විය.

සමස්ථයක් ලෙස ගත් කල ජපනුන් කොලඹට එල්ල කර ප්‍රහාරය එතරම් සාර්ථක එකක් නොවීය. ජපනුන්ගේ ප්‍රධාන ඉලක්කය වු ලංකාවේ සථානගත කර තිබු නැගෙනහිර බ්‍රිතාන්‍යය නාවික බලකාය ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට කොලඹ වරායේ නොතිබීම නිසා එයට පහර දීමේ අවස්ථාව ජපනුන්ට අහිමිවිය. මීට අමතරව ප්‍රහාරය සදහා පැමිනි ජපන් ගුවන් යානා 25 පහර දී බිම හෙලීමට හා තවත් ගුවන් යානා 75 පමන හානි සිදු කිරීමට බ්‍රිතාන්‍යන් සමත්විය.

Saturday, July 28, 2012

ජීවිතයේ බැදීම වටහාගමු...

 
























පුංචි දුවෙක්‌ සහ ඇගේ පියා සමග දිනක්‌ පාලමක්‌ මතින් යනවිට, පියා තම ටිකක්‌ බය වුනා.ඒ මොකද දුවට අනතුරක්‌ වෙන්න පුලුවන් යැයි පිය සිතූ නිසා, එම නිසා පියා තම දුවට ,

"දුව මගෙ අතින් අල්ලගන්න නැත්නම් ඔයා ගගට ඇදගෙන වැටෙන්න පුලුවන්"
"නැහැ තාත්තේ ,ඔයා මගේ අතින් අල්ලගන්න"
"මොකකද ඒකේ තියෙන වෙනස " අන්දමන්ද වූ පිය අසන්නට විය.
ඒකේ ලොකු වෙනසක්‌ තියෙනව තාත්තේ...දුව පහදන්නට විය,

" මම ඔයගෙ අතින් ආල්ලගෙන ගියොත් මට අනතුරකදි බේරීමට තියෙන ඉඩකඩ වැඩියි,ඒත් ඔය තාත්තේ ඔය මගෙ අතින් අල්ලගෙන යනවිට මාව කිසිවිටෙක අනතුරක්‌ සිදුවෙන්නෙ නෑ..මොකද මම දන්නවා ඔයා කවදාවත් මගෙ අත අතාරින්නෙ නැති බව"


සබදතාවකදී, ඔබ යමෙකුට මහත් සේ ආදරය කරනවානම් ඔහු හෝ ඇය ඔබ විසින් අල්ලගත යුතුයි ...

Friday, July 27, 2012

මා මැරී සිටිනු ඉහළ සිට බලා හිටියා!

“මනෝකාය පිළිබඳ රත්නපුර මැණික්‌ ව්‍යාපාරිකයෙකුගේ සත්‍ය අත්දැකීමක්‌”

මෙම සිදුවීම වී දැනට වසර කීපයකි. මෙහි නම සඳහන් නොවන තැනැත්තා සමග මාධ්‍යවේදියකු සම්මුඛ සාකාච්ඡාවක්‌ ඉල්ලා සිටිමුත් ඔහු එවකට එය ප්‍රතික්‍ෂේප කළේ තමාගේ නිදහසට බාධා ඇති වන බැවිනි. මෙම තැනැත්තා අපගේ ඉතා සමීප මිත්‍රයෙකු බැවින් පසුව මෙම සිදුවීම අපට ඔහුගෙන් අනාවරණය කරගත හැකිවිය.

අතේ කැක්‌කුමක්‌ සෑදී පසුව එය බරපතල වී හදවත් වේදනාවකටද පරිවර්තනය වූ හෙයින් මෙම රෝගියාගේ බිරිඳ තම ස්‌වාමියාගේ මෝටර් ¨රථයෙන්ම රත්නපුර රෝහලට ඇතුළත් කරන ලදී. පසුව හෘදරෝග ඒකකයේ දැඩි සත්කාර අංශයට මොහු ඇතුළත් කරන ලදී.

රෝගියාගේ තත්ත්වය බෙහෙවින්ම බරපතල වූයෙන් වෛද්‍යවරයා සහ හෙද කාර්යමණ්‌ඩලය රෝගියාට එන්නත් කළ යුතු අවසානම ඖෂධීය එන්නත සොයන්නට විය. රෝහලේ වෙනත් රෝගියෙකුට ගෙන එනු ලැබූ එම “එන්නත” එම රෝගියාට එන්නත් කිරීමට යැමට පෙර රෝගියා මිය ගිය හෙයින් “එන්නත” ශීතකරණයේ තැන්පත් කර තිබිණ. භාග්‍යකට මෙන් මෙම අවස්‌ථාවේම අපගේ “කතානායක” රෝගියාද හදිසි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබිණි.

රෝගියාගේ තත්ත්වය දැඩි සේ බරපතල විය. වෛද්‍යවරයා හෘදපේශි මසාඡ් කිරීමෙහි යෙදී සිටී. ඒ හදවත අක්‍රිය වී මියගිය රෝගියා යළි යථා තත්ත්වයට පත්කර ගත හැකි වේදැයි අරමුණිනි. හෘද මාංශපේශී මසාඡ් කිරීමෙන් ප්‍රතිඵලයක්‌ නොලැබිණි.

ගේන්න ගේන්න ඉක්‌මණට ගේන්න වෛද්‍යවරයා සිය උපකාරක හෙදියට අණ කළේය. මෙලෙස “ගේන්න ගේන්න” යෑයි කීවේ අර අවසාන එන්නත මෙම රෝගියාට දීමටය. එම “එන්නත” යෙදීමට සිටි රෝගියා දැන් මියගොස්‌ හෙයින් එය මෙම රෝගියාට ලබාදීමට තීරණය කළ වෛද්‍යවරයා මියගොස්‌ සිටි (හදවත මාසාඡ් කිරීමෙන් ප්‍රතිඵලයක්‌ නොවූ තැන) රෝගියාට එම එන්නත දුන්නේය. ටික වේලාවකින් හෘදය වස්‌තුව “දඟලනු” ගැහෙනු වෛද්‍යවරයා සහ හෙදියෝ බලා සිටියහ. රෝගියා මියගොස්‌ (තාවකාලිකව) දැන් මිනිත්තු කීපයකි.

මෙම දර්ශනය තමා “උඩ සිට” බලා සිටි බව රෝගියා කියයි. “ඉන්ජක්‌ෂන්” එක ගේන්න, ගේන්න, යෑයි වෛද්‍යවරයා පවසනුද මියගිය රෝගියා ඇසින් දුටුවා පමණක්‌ නොව ඒ වචනද තමාට ශ්‍රවණය වූ බව කියයි. තමා වාට්‌ටුවේ සිටි සෙසු රෝගීන් සමග සිනහසුණු මුත් ඔවුන් තමා සමග සිනා නොවුණු බවත්, ඔවුන් තමාගේ ශරීරය දෙස බලා සිටිනු තමා දුටු බවත්, රෝගියා පවසයි.

එන්නත විදින ලදුව මිනිත්තු කීපයකදී හදවතේ ගැස්‌මක්‌ වෛද්‍යවරයා විසින් නිරීක්‍ෂණය කරන ලදී. වැඩේ හරියාගෙනයි එන්නේ” යනුවෙන් මඳ සිනහවක්‌ පාමින් වෛද්‍යවරයා හෙදියන්ට පවසනු තමාට ඇසුනු බවත්, දුටු බවත්. ඒ සමගම “ක්‍රිස්‌, ක්‍රිස්‌” යන හඬක්‌ ඇසුනු බවත්, රෝගියා පවසයි. තවත් ටික වේලාවකින් රෝගියා ඇසිපිය හෙළන්නට වූ අතර වටපිට බලන්නටද හැකි විය. මෙය සිහිසුන් වීමක්‌ නොව “ස්‌ට්‍රොaක්‌” එකකින් හදවත මියයැමයි.

තම ශරීරය ළඟින්ම මඳත් උඩින් සිටි තමා මේ සියලු දේ වෛද්‍යවරයාට හා හෙදියන්ට පැවසූ විට එක හෙදියක්‌ වාට්‌ටුවෙන් එළියට පැන දුවන්නට වූ බවද රෝගියා කියයි.

මෙම රෝගියා මේ සිද්ධියෙන් පසු මනෝකාය පිළිබඳ පොත්පත් සොය සොයා කියවන්නට පටන් ගත්තේය. ඔහු දැන් පවසන දේ පූජ්‍ය පණ්‌ඩිත බෙල්ලන ඤාණවිමල මහනායක හිමියන්ගේ පොත්වල මෙම විෂය කදිමට විස්‌තර කොට දී ඇති වග හේ පවසයි.

යට කී සිද්ධියෙන් වසර කීපයකට පසු මෙම රෝගියාට හදවත් සැත්කමක්‌ කරන ලදී. එහෙත් එය නිර්වින්දනය කිරීමෙන් පසුව කරන ලද්දකි. එතැන “මනෝකායක්‌” පැන නගීද, නොනගීද යනු ප්‍රශ්නයකි. වෛද්‍යවරුන් පවසන්නේ ආශ්වාස – ප්‍රශ්වාස කෘතිමව සලසා දෙන බවකි. පෙර කී සිද්ධිය (හදවත මියයැම) “ට්‍රාන්ස්‌” යනුවෙන් හැඳින්වීමට ද වෛද්‍යවරු පෙළඹෙති.

මේක මම ලියපු එකක් නෙමෙයි මම මේක උපුටා ගත්තේ
                  https://www.facebook.com/sirisaddharmaya

Tuesday, July 10, 2012

ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායකයා සියැටෙල්


වොෂිංටන් නගරයේ සිටින ශ්‍රේෂ්ඨ නායකයාණන් අපගේ ජන්ම භූමිය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අප වෙත හසුන්පත් එවා ඇත. එතුමා අපට සුබ පතන අතර මිත්‍රත්වයේ දෑතද දිගු කරයි. අපගේ මිත්‍රත්වයෙන් එතුමාට අල්ප වූ හෝ ප්‍රයෝජනයක් නැති බව අපි දනිමු. එහෙත් එතුමාගේ කාරුණිකභාවය අපි අගය කරමු.

කෙසේ වුවත් අපි ඔබගේ ඉල්ලීම සලකා බලන්නෙමු. මක්නිසාදයත් මේ භූමිය අප ඔබට විකුණන්නේ නැත්නම් ඔබගේ සුදු මිනිසුන් තුවක්කු අමෝරාගෙන විත් අපගේ භූමිය උදුරා ගන්නා බව අපි දනිමු. නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.

මේ මිහිතලයේ සෑම බිම් අඟලක් ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වලාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වස්තූහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳ ස්මරණය රැගෙන යන්නේය. සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු තම මව්බිම අමතක කොට දෙව්ලොව සැරිසරති. මහ පොළොව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මළගිය ඇත්තෝ මේ සුන්දර මිහිතලය අමතක නොකොට මෙහිම රැඳෙන්නෝය. අපි මිහිතලයේ කොටසක් වන්නෙමු. මිහිතලයද අපගේම කොටසක් වන්නේය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා, අශ්වයා, මහරාජාලියා, මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරිශිඛරද, තණ බිම්වල තෙතමනයද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුමද යන මේ සියල්ලම එකම පවුලකට අයත් වන්නේය.

වොෂින්ටනයේ ශ්‍රේෂ්ඨ නායකයාණන් අපගේ භූමිය මිලට ගැනීමට කැමැත්ත පළ කරමින් කරන ඉල්ලීම අපට දරාගන්නට නොහැක්කකි. ශ්‍රේෂ්ඨ නායකයාණෝ අපට සුවපහසුවෙන්, සැනසිල්ලේ ජීවත්වීමට ස්ථානයක් ලබා දෙන බව දන්වා සිටිති. එතුමාණන් අපගේ පීතෘවරයා වනු ඇත. එවිට අපි ඔහුගේ දරුවන් බවට පත්වෙමු. එනිසා අපගේ භූමිය මිලදී ගැනීම පිළිබඳ ඔබතුමාගේ යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. එය අපට එතරම් සුවදායී කාර්‍යයක් නොවන්නේ මේ භූමිය අපට පූජනීය වස්තුවක් වන හෙයිනි. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට අපගේ භූමිය විකුණුවහොත් එය අපට ශුද්ධ වස්තුවක්ව තිබූ බව ඔබගේ මතකයේ තබා ගත මැනවි. පොකුණුවල පැහැදිලි ජලතලාවේ පතිත වන සෑම අඳුරු ඡායාවක්ම කියාපාන්නේ මගේ වර්ගයාගේ ජීවන සිදුවීම් හා ස්මරණ බව ඔබේ දරුවන්ට වටහා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන්මිත්තන්ගේ කටහඬ වන්නේය.

ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපේ ඔරුද පාරුද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අපි මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංගාවන් අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ටද එය කියාදෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි.

ගිරි ශිඛරය වසා සිටින හිමිදිරි මිහිදුම, උදාවන හිරු ඉදිරියේ පලා යන්නාසේ සුදු මිනිසාගේ ආක්‍රමණය ඉදිරියේ රතු මිනිසා හැමවිටම පලා ගොස් ඇත. එහෙත් අපගේ පියවරුන්ගේ භස්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන්බිම් අපට පූජනීය බිම් වන්නේය. එහෙයින් මේ කඳු මේ තුරුලතා සහ මේ බිම අපටම කැපවූ භූමියකි. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිම් කඩක් තවත් බිම් කඩකට වඩා වෙනස් නොවේ. රාත්‍රී කාලයේ පැමිණ භූමියේ තිබිය යුතු දේ පැහැර ගෙන පලායන ඔබගේ මිනිස්සු මේ භූමියට පිටස්තරයෝ වන්නාහ. පොළොව ඔවුනට සහෝදරයෙකු නොව සතුරෙකි. භූමිය අත්පත් කරගැනීමෙන් පසු ඔවුහු එය අමතක කොට තවත් බිම් පෙදෙස් යටත් කරගනිමින් ඉදිරියට ඇදෙති. ඔවුහු තම පියවරුන්ගේ සුසාන කිසිදු තැකීමකින් තොරව පසුකර යති. ඔවුහු දරුවන්ගෙන් පොළොවද උදුරා ගනිති. ඔවුහු තම පියවරුන්ගේ සුසානද තම දරුවන්ගේ ජන්ම උරුමයද අමතක කරති. ඔවුන් තම මවටත්, සහෝදරයාටත් මහ පොළොවටත්, ඔහුගේ අහස් තලයටත් සලකන්නේ මිලට ගතහැකි, කොල්ලකෑමට හෝ විකිණීමට හැකි බැටළුවන් හෝ දීප්තිමත් පබළු වැනි දෑ ලෙසිනි. ඔවුන්ගේ කෑදරකම විසින් මේ භූමියෙහි සාරය උරා බොනු ලැබීමෙන් පසු ඉතිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි. අපගේ සිරිත් විරිත් ඔබගේ සිරිත් විරිත් වලට වඩා වෙනස් වන්නේය. ඔබගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන දෙන්නේය. එසේ වන්නේ රතු මිනිසුන් වන අප වනචාරී ම්ලේච්ඡයන් වන නිසා විය හැකිය. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයාගත නොහැකිය. ඔබගේ නගරයන්හි වසන්ත සමයේ තුරුලතාවල දළු කොළ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාපත්වල සිලි සිලි හඬ සවනත වැකෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණකි. එය දෙසවනට මහත් හිරිහැරයක්ම වන්නේය.

මට එසේ හැෙඟන්නේ මගේ නොතේරුම්කම නිසා විය හැකිය. ම්ලේච්ඡයන්ට එබඳු දේ වටහාගැනීම අපහසු වන්නේය. එහෙත් උලමා ගයන හුදකලා ගීතය හෝ රාත්‍රියේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑ ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද? මම නූගත් රතු ඉන්දියානුවෙක්මි. එනිසා මට මේවා තේරුම්ගත නොහැකිය.

සිරිපොද වැස්සේ තෙමෙන දේවදාර තුරු මුදුනින් නැගෙන සුවඳ, මඳ මුදු පවනේ පාවී අපගේ ගත සිත සනසන්නේය. සුළඟ රතු මිනිසාට බෙහෙවින් අගනේය. සත්තු, තුරුලිය, මිනිස්සු යන අපි සියලූදෙනාම එකම ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය ගැනවත් නොදන්නෝය. මියැදෙමින් සිටිනවුන් සේ ඔවුහු සුළෙඟ් සුවඳ නොදනිති. අප අපගේ භූමිය ඔබට විකුනුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් වටිනා එකක් වූ බව අමතක නොකළ මැනවි. අපගේ මුතුන්මිත්තන්ට ජීවය ලබාදුන් සුළඟම ඔවුන්ගේ අවසාන හුස්ම ආපසු ලබාගත්තේය. ඒ සුළඟම අපගේ දරුවන්ගේ ප්‍රාණ වායුව වන්නේය. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්‍ෂා කළ යුතුය. තණපත් අතර පිපි කුසුමින් මකරන්දය උරාගෙන තණ බිම් හරහා හමන මඳ සුළෙඟ් පහස විඳීමට ඔබටද හැකිවනු නොඅනුමානය.

එසේ නම් අපගේ භූමිය මිලට ගැනීම සඳහා ඔබ කරන යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. ඒ එක් කොන්දේසියක් යටතේය. සුදු මිනිසුන් වන ඔබ මේ භූමියේ ජීවන් වන සියලූම සතුන් ඔබගේම
සහෝදරයන් ලෙස සලකන බවට පොරොන්දු විය යුතුය.
මම වනචාරී ම්ලේච්ඡයෙක්මි. ඉන් බාහිර කිසිවක් මට නොවැටහේ. ප්‍රෙයරි තණ බිම් හරහා ගමන් කරන දුම්‍රියක සිට වෙඩි තබා මරා දමන ලද, කුණු වී යන දහස් ගණන් මී හරකුන්ගේ මළ සිරුරු මම දැක ඇත්තෙමි. මී හරකාට වඩා දුම්‍රිය වැදගත් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත.

තිරිසන් සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජීවත් විය හැක්කේද? සියලූ තිරිසන් සතුන් විනාශ වී ගියහොත් ජීවිතයේ දැඩි හුදකලා බවින් මිනිසාද විනාශ වී යනු ඇත. ඒ තිරිසනුන්ට සිදුවන කුමක් වුවත් මිනිසාටද ඉක්මනින්ම සිදුවන නිසාය. ලෝකයේ පවත්නා සියලූ දේ අතර ඇත්තේ එකිනෙකට බැඳුනු ඥාතිත්වයකි.

ඔබගේ දරුවන් දෙපයින් නැගී සිටින්නේ අපගේ මුතුන්මිත්තන්ගේ භස්මාවශේෂයෙන් පෝෂණය වූ භූමියක බව ඔවුන්ට පහදා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. මව්බිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් එහි ජීවත්වන දරුවන්ටත් උරුම වන්නේය. මිනිසා භූමියට කෙළ ගැසීමෙන් කරන්නේ තමාටම කෙළ ගසාගැනීමකි. අප දන්නා පරිදි මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්‍ය. පවුලේ සියලූදෙනා එකම ලේ බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෙයම එකට බැඳී තිබෙන බව අපි දනිමු.

ජීවිතය නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කරගන්නා උපද්‍රවයකි.
අප වර්ගයා වෙනුවෙන් පිහිටුවන්නේ යැයි ඔබ විසින් කියනු ලබන්නේ රක්‍ෂිත භූමියට යාම පිළිබඳව අපි ඊළඟට සලකා බලන්නෙමු. අපි එහි සාමයෙන් ජීවත් වන්නෙමු. මේ ඉතිරි වී ඇති සුළු කාලය කොතැනක හෝ ජීවත් වුවද අපට කම් නැත. අපගේ පරපුරේ වැඩි දෙනෙකු දැනට ඉතිරිවී නැත. තව ශීත ඍතු කීපයක් ගෙවී ගිය කල මේ මහා පොළොවේ ඔබ මෙන් බලසම්පන්න වීර ගෝත්‍රිකයන් වෙනුවෙන් වැලපීමට අප පරපුරෙහි කුඩා දරුවකු හෝ ජීවත් නොවනු ඇත. එය එසේ නම් මගේ මිනිසුන් වෙනුවෙන් දුක්වන්නේ ඇයි? ගෝත්‍ර සැදී තිබෙන්නේ මිනිසුන්ගෙනි. මිනිස්සු ජීවත්වී මියයති.
අන්තිම රතු මිනිසාත් මේ පොළෝ තලෙන් අතුරුදන් වූ විට ඔවුන්ගේ මතකය තණබිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත්වූ විට මෙම තැනිතලා වන පෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවාගනු ඇත. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවක් තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි.
 

◄◄◄◄ සිරි දළදා හාමුදුරුවන් පිළිබද සත්‍ය කථාවක්‌ ►►►►


මේ කතාන්තරය 1921.05.12 වනිදා සිදු වූ සත්‍ය සිද්ධියකි.
එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර “ක්‌වීන්ස්‌” හෝටලයේය.
එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව “චාමස්‌” උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය. ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි.

ටික වේලාවකින් අග්‍රාණ්‌ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්‌ඩාර උයනේ එක්‌තැනක රඳවා මාළිගාවෙන් පිටතට ගත් දළදාවහන්සේ කිණිහිරය මත තැබීමට අග්‍රාණ්‌ඩුකාරයා නිsයම කෙරිණි.

සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක්‌ සපුරා සිටින මොරගොල්ලේ රංඑතනාද ඒ පිරිස අතර වූහ.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිණිහිරය මත තබා කුලුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස අග්‍රාණ්‌aඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජනියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු (සමාවුව මැනවි දළදාහිමියනි) දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුගෙඩිය ඔසවා වැරෙන් පහරක්‌ පහළට පාත් කළේය. නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය. අනේ සාදු….. අනේ සාදු… අනේ සාදු…. කවුරුත් හඬනගන්නට වූහ.

අග්‍රාණ්‌ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය….. ඉක්‌මනට හොයාපිය. නැත්තං තොටත් මරණය. සුද්දා ගෝලුගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්සේ සෙවූහ. කොතැනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරයේ එවැනි කිසිදු ලකුණක්‌ නොවීය.

කෝ තොපේ බුද්ධා… හොයා පියව්….. නැත්තං තොපි ඔක්‌කොම මරණවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොර සූරන වැස්‌ස පටන් ගත්තේය. දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. “වැස්‌ස නවතීවි” යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක්‌ සිටි නමුත් වැස්‌ස නැවතුනේම නැත. සුද්දා සහ ඔහුqගේ සහචරයෝ තෙම තෙමීම ක්‌වීන්ස්‌ හෝටලයට දුව ගියහ.
එසේ පටන් ගත් වැස්‌ස නැවතුනේම නැත. රැස්‌ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්‌ස නොනැවතීම වහින්නේය.

එදා දවස පමණක්‌ නොව එදා රාත්‍රිය පමණක්‌ නොව ඊළඟ දවසේ පමණක්‌ නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මේ අන්දමට පුරා සති දෙකක්‌ ගෙවී යන තුරුත් වහින්නට විය.
මුළු මහනුවරම වැවක්‌ මෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද “නුවරවැව” බැමි පුපුරා කඩාගෙන යන්නට “ඔන්න මෙන්න” කියා තිබිණි.
අග්‍රාණ්‌ඩුකාරයා කලබල විය. එහෙ මෙහෙ දුවන්නට විය. කරගත හැකි කිසිවක්‌ම නැත. වැව පුපුරා ගියොත් ක්‌වීන්ස්‌ හෝටලයද ඉවර වෙයි. අග්‍රාණ්‌ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය.
දැන් දැන්… මේ දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ වෙන්න කියල කියාපියව්. දුවපියව් දුවපියව් අග්‍රාණ්‌ඩුකාරයා අණ කළේය.

ටික වේලාවකින් වැස්‌සේ තෙමී ගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක්‌ පැමිණියහ.

“පරයි…… දැන් පලයව්. දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහොන් හරි හොයාගෙන වරෙව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්‌කෝම මරල දානවා. දැන් පලයව්” අග්‍රාණ්‌ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.
බෞaදධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුමබණ්‌ඩාර උයනේ තණ කොළ ගහක්‌ නෑර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ.
කිසිදු අරෝවක්‌ ආපදාවක්‌ නැතිව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩිසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂ කළහ. අනේ සාදු සාදු…. ඔවුන්ට ඉබේටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක්‌ තිස්‌සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා.
අපට අනුකම්පාකොට සහනයක්‌ ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුනාට අපේ මිනිස්‌සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්‌සෙන් පිටිපස්‌සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්‌සේය.

වැස්‌ස මුළුමනින්ම නැවතී තිබිණි. එක පොදක්‌ වත් වැටෙන්නේ නැත. එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.

ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය.
“ශ්‍රී දළදා හිමිපාණන්…… ඉස්‌සුවොත්…….. හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා” යන ජනමතය අදත් බෞද්ධ සමාජයට ගිලාබැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය.

Sunday, July 8, 2012

මිසරයේ බළල් රැුජින පිරමීඩ රහස් හෙළි කරයි

ඇල්නීලම් ග‍්‍රහලෝක වාසීන් අදින් වසර දසදහස්
ගණනකට පෙර පෘථිවියට පැමිණ පෘථිවිය
ජනාවාස කළ බව අප පෙර ලිපියකදී පෙන්වා
දුන්නෙමු. පෘථිවිය තුළ ඉදිකළ ප‍්‍රධාන
ජනාවාස හතක් පිළිබඳ අප එහිදී සඳහන් කළෙමු. අද රාවණ
ලිපිය ඉතා විශේෂිත ලිපියක් ලෙස මම සඳහන් කරමි. එයට
හේතුවනුයේ ලෝකයේ පළමු වරට පෘථිවි නිර්මාණය පිළිබඳ
මෙතෙක් අනාවරණය නොවූ කරුණු රැුසක් මෙවර ලිපිය තුළින්
නිරාවරණය කිරීමයි.
පෘථිවිය අදින් වසර දසදහස් ගණනකට පෙර අන් ග‍්‍රහලෝක
මෙන්ම නිසරු ස්වභාවයෙන් පැවතියේය. සූර්යයා වටා ග‍්‍රහයන්
ඉලිප්සාකාරව ගමන් කිරීමක් සිදුවේය යන්න විද්‍යාවේ ඇසට හසුවූ
ස්වභාවය හා තේරුම්ගත් ස්වභාවය මිස යථාර්ථය නොවෙයි.
සූර්යයාගේ සිට විහිදී අන් ග‍්‍රහයන් පිහිටා ඇත්තේ ‘සර්පිලාකාර’
හැඩයකටය. එය තිරස්ව කපන ලද ගොළුබෙලි කටුවක දාර
පිහිටීමට සමානය. සූර්යයා වටා ග‍්‍රහයන්ගේ කැරකීම සිදුවනුයේ
මෙම සමස්ත ‘සර්පිලාකාර’ කැරකීම නිසා මිස කක්ෂගතව ගමන්
කිරීමක් නොවේ.
සූර්යය එක් තැනක නිශ්චලව පවතින බවට සැලකුවද එය
සැබැවින්ම එසේ නොවන අතර සූර්යයා මන්දාකිණිය තුළ ගමන්
කරද්දී ග‍්‍රහයන් සර්පිලාකාරව සූර්යයා පසුපස ගමන් කරනු ලබයි.
මෙය ඞීඑන්ඒ අනුවක ස්වභාවයද වෙයි. මිනිසාගේ කුණ්ඩලනී
ශක්තියේ ස්වභාවයද මෙයයි. මෙය ඉදිරි කාලයේදී නවීන විද්‍යාව
හරහා ඔප්පු කෙරෙන කාරණයක් වනු ඇත. සූර්යයාට ලැබෙන
අසීමිත ශක්තිය යනු ග‍්‍රහයන්ගේ සර්පිලාකාර ගමන තුළ එහි
කේන්ද්‍රයට ලැබෙන බලයයි. මෙය කොඳු ඇට පේළිය දිගේ
ඉහළට සර්පිලාකාරව ඇඳී එන කුණ්ඩලනී ශක්තිය
අවසානයේ සහස‍්‍රා චක‍්‍රය තුළින් මුදාහරින බලයට
සමානය. ඞීඑන්ඒ අනුවක සිට සෞරග‍්‍රහ මණ්ඩලය
දක්වාම ක‍්‍රියාත්මක වන සංසිද්ධිය මෙයයි.
මිනිස් ජීවයක් ඇති කිරීම උදෙසා
පළමු අවශ්‍යතාවය වූයේ පෘථිවියේ භ‍්‍රමණ
වේගය පාලනය කිරීමයි. මෙම භ‍්‍රමණ
වේගය ඇල්නීලම් ග‍්‍රහලෝක වාසීහු
කෘතිමව පාලනය කළේය. ඒ උදෙසා
සර්පිලාකාරව චෙත්‍ය අටක් ඉදිකළේය.
මෙම චෛත්‍යවල පවතින විශේෂත්වය
වනුයේ ඒවා අඩ කවාකාර හැඩයෙන්
නිර්මාණය කිරීමයි. මෙම චෛත්‍යය
ඉදිකිරීමත් සමගම පෘථිවියේ භ‍්‍රමණ
වේගය පාලනය කිරීම උදෙසා සමකය
එනම් පෘථිවියේ තිරස් මධ්‍යරේඛාව
උපයෝගී කරගත යුතු වූ අතර ඒ
සඳහා තෝරාගත් භූමිය උපයෝගී කර
ගැනීමට නම් පෘථිවිය අංශක 23 1/2ක්
ඇල කළ යුතුය. ඒ සඳහා යෙ¥ උපක‍්‍රමය
ගිසා පිරමීඩ ඉදිකිරීමය. පෘථිවියේ චුම්භක
ඇලය ගිසා පිරිමීඩ හරහා ක‍්‍රියාත්මක වෙයි.
වර්තමානයේ විද්‍යාඥයන්ට ටොන් 2.5ක් හා
10ත් අතර ප‍්‍රමාණයේ ගල් කුට්ටි ඔසවා තැබීම
පිළිබඳ මහ ගැටලූවක් පැවතියද එකල පෘථිවියේ
වේගය පාලනය කිරීමේ ක‍්‍රමවේද දැන සිටි ඇල්නීලම්
වාසීන්ට ගුරුත්වය පාලනය කිරීම එතරම් දෙයක් නොවන බව
අවබෝධ කර ගත යුතුවෙයි.
ගුරුත්ව බලය පාලනය කිරීමත් සමගම එක් මිනිසකුට
ටොන් ගණනක ගල් කුට්ටියක් එසවීම එතරම් අපහසු කාර්යයක්
නොවෙයි. මෙහිදී මායා පිරමීඩය හරහා චන්ද්‍ර කක්ෂය පාලනය
කරමින් පෘථිවියේ සමස්ත ජීවය පාලනය කිරීම සිදුවෙයි. අප
සූර්යයා මත ලොව පවතීය යන්න විශ්වාස කළද සමස්ත
පෘථිවිය ක‍්‍රියාත්මක වනුයේ දින විසිඅටේ චන්ද්‍ර නියමයට අනුවය.
පොහොට්ටුවක් හට ගැනීම, ගසක් පැළවීම, මුලක් ඇදීම, ජලය
නිර්මාණය වීම ආදී සියල්ල මේ නියමය තුළ සිදුවෙයි.
රාවණ ලිපිය තුළ පෘථිවිය ජනාවාස කිරීම පිළිබඳ ලියන්නට
හේතු වූයේ අහඹු සිදුවීමකි. මෙතෙක් කල් මා රාවණ ඉතිහාසයට
අදාළ නිශ්චිත තොරතුරු පැවසූ අයුරු පිළිබඳ බොහෝ අයට
ගැටලූ පැවතියේය. ඒ මා භාවනාව හරහා ලත් තොරතුරුය.
හෙළ රාවණ යුගය හා මිසරය අතර වූ සබඳතාව සොයන අතර,
විශේෂිත චරිතයක් හා තොරතුරු සන්නිවේදනය කිරීමේ අවස්ථාව
උදාවේ. ඒ මිසරයේ ආධ්‍යාත්මික රැුජින
නැතහොත් බැස්ටෙට් දෙවඟනයි. බළල් රැුජින
ලෙසද ඇය හ`දුන්වයි. ඉහතින් සඳහන් කළ
සියලූ තොරතුරු ඇය විසින් පැවසූ කරුණුය.
පිරමීඩ තාක්ෂණය පිළිබඳ ඉදිරියේදී
සුවිශේෂී තොරතුරු රැුසක් එළි කිරීමට අපට
හැකිවනු ඇත. මිසරය හා රාවණ යුගය අතර
ඍජු සබඳතාවක් පැවති බව සත්‍යය. එසේම
ඇය පෙන්වා දෙන ආකාරයට මිසරය හා
හෙළය අතර ප‍්‍රබල යුද්ධ තුනක්ද සිදුවී ඇත.
පළමු යුද්ධය දේවයානිගේ හෙළ පාලනය
සමයේ සිදුවූ මිසර ආක‍්‍රමණයයි.
දෙවැනි අවස්ථාවේදී මිසරයේ පාලක
පන්තියේ දෙකඩවීමක් (රජු හා රුජින* තුළ
මිසර පාලනය රුජිනට ලබාදීම උදෙසා
හෙළයන් රජුට එරෙහිව සටන් කොට ඇත.
තුන්වැනි අවස්ථාව පිළිබඳ තොරතුරු
නොලැබුණ මුත් එය රාම රාවණ යුද්ධයම
විය හැකි බවට ඔප්පු කරගත හැකි සාක්ෂි
තිබේ. එයට හේතුවනුයේ රාම රාවණ
බෙදීම මුල්කර ගනිමින් ප‍්‍රධාන ජනපද හත
තුළම යුද්ධ ඇතිවීමය. මෙහිදී මිසරයේ ප‍්‍රධාන දෙවියා ලෙසින්
සැලකෙන්නේ ‘රා’ නැතහොත් ‘රේ’ දෙවියන්ය. ‘රා’ යනු ඔවුන්ගේ
ඇදහීමට අනුවත් සූර්යය ශක්තියයි. මේ ‘රා’ යනු රාවණද?
බැස්ටේට් දෙවඟන යනු ‘රා’ දෙවියන්ගේ දියණියයි. මුල්කාලීන
පිරමීඩ ඉදිකිරීම්වලින් පසු ගුවනින් ගිය හෙළයන් විසින් මිසරය
තුළ ඇති වේගවත් සංවර්ධනයක් ඇතිකරලීය. ඒ තුළ ඉතා විශාල
ජල යෝජනා ක‍්‍රමද පැවතියේය. මුල්කාලීනව මෙම ප‍්‍රදේශය ඉතා
සශ‍්‍රීක කලාපයක් ලෙස පැවති අතර පසුකාලීනව කාන්තාරීකරණය
හරහා මෙම සියලූ ඉදිකිරීම් කාලයේ වැලිතලාවෙන් වැසී සැඟවී
ගියේය.
වර්තමානයේ සොයාගන්නා පිරිමීඩවලට පිවිසුමක් කිසිදු
විටෙක සොයාගැනීමට නොහැකිවන අතර, බොහෝ විට එය
සිදුරුකොට ඇතුළට පිවිසීම සිදුකරයි.
එයට හේතුවී ඇත්තේ පිරමීඩයේ පිවිසුම
පිරමීඩ මධ්‍යයේ සිට පොළොව යටින්
සැතපුමක් පමණ දුරට නැගෙනහිර දිශාවට
ගමන් කරන උමං මාර්ගයකට සම්බන්ධ වී
තිබීමයි. මෙම උමං මාර්ග ඉතා ගැඹුරෙන්
පිහිටා තිබී ඇත. හෙළයන් භාවිත කළ
ශක්තිමත් ගල් දියකිරීමේ ක‍්‍රමවේදයද පසුකාලීන
ඉදිකිරීම්වලදී බහුල ලෙස භාවිත වූ බව පෙනීයයි.
කළුගලේ ලියා ඇති අකුරු මෙන්ම එක සමානව ඉදිකළ
විශාල පිළිමවලින්ද මෙම තාක්ෂණ මිසරයේදී උපරිම
ලෙස ප‍්‍රයෝජනයට ගෙන ඇති බව පැහැදිලිය.
අනෙක් කාරණය වනුයේ පෘථිවිය ජනාවාස කළ
ඇල්නීලම් ග‍්‍රහ පද්ධතිය තුළ ඉතා විශාල පිරමීඩ
නගරයක් පවතී. එය පරිගණකයක පරිපත පුවරුවක්
හා සමානය. නගරය පුරා කොළ හා රතු එළි දැකගත
හැකිවෙයි. ඔවුහු තවම පෘථිවිය හා සබඳතා පවත්වති.
එසේම මිසරයද සූර්යය වංශිකයන්ගේ රාජ්‍යයක්
බව ‘රා’ ඇදහීම හරහා අපට ගම්‍ය කරගත හැකි
වෙයි. අප ‘රා’ ශක්තියේ නැවත අවදිවීම ගැන
කතා කරන්නේ මෙවන් පසුබිමකය. අප ලංකාව
තුළ පමණක් වන සිදුවීමක් ලෙසින් මෙය ලඝුකොට
දැක්වූවද සැබැවින්ම එය එසේ නොවේ. රාවණ
නැගිටීම නැතහොත් සූර්යය ශක්තිය අවදිවීම ලොව
පුරා ඉදිවුණු ජනපද හත තුළම මහා පරිවර්තනයන්
ඇති කරනු ඇත. ඒ වූ කලී එදා හෙළ අසුර
අධිරාජ්‍යයයි.
කාංචන ගීත මනමේන්ද්‍ර - රන්දිව -2012/07/01