දෙකට මැදින් නවලා . සියුම්ව මැද දාරය නිය පොත්තෙන් තෙරපලා . A4 කොලේ දෙකට මැදින් ඉරුවා A5 කොල දෙකක් බවට පත්කලා . හරියටම මගේ හදවත වගේ දැන් කෑලි දෙකයි . මොනවදෝ මගුලක් ඒ කොල බාගේ ඇතුලේ ලියැවුනා ….හෙට තීරණාත්මක දවසක් !
අද රැය මගේ ජීවිතයේ නිදන්නට අපහසුම රැය වේවි.!
ඒ ගැන ලියන්නටද මට හැකිවේවි
සොයිබේ කැඩුනු ජනේලයෙන් එන දූවිලි මිස්‍ර හුලඟ
දාඩියෙන් පෙඟුනු මගේ අත් දෙකට සීතලක් ගෙනේවි
ඉතින් මේ හිස් අහස යට හිඳ
තඩිස්සි වෙච්ච මගේ හිත පිරෙන තුරාවටම ..
කොයිතරම් වාරයක් සිපගත්තෙමිද මම ඇයව
මුවින් නොව සිතින් විතරම විතරක් ….
ඇත්තටම ඇය මගෙද ? ඇය මැවුනේ මටමද ?
සත්තයි …..................
ඇය කාගෙදැයි නොමදැන .
බලාපොරොත්තු තබාගෙන හිස් අහස පිරෙන්නම
මම ඇය කොතරම් පෙම් කලාද ?
හෙට දින ඇයව මුන ගැසීමෙන් පසු
විඳින මේ අනේක වේදනාව නිමාවනු ඇත
ඇය මගේම වනු ඇත !
නැතොත් ඇය මගේ නොවනු ඇත !
ඇය මගේම නොවන්නේනම් …..
හෙටින් පසු
නොලියවෙනු ඇති එකදු අකුරක්
ඇය නමින්
ඒත් ඒ නිල්වන් නිසොල්මන් දෑසට
ආදරය නොකර කෙලෙස සිටිම්ද ?
මම
සඳරැස් ගලා ගිය
පාළු වැවු කන්ඩිය දිගේ …....
දහස් ගනං අඳුරු හෙවනැලි අතරේ .
ඒ අත ගෙන ඇවිදින්නට .!
වරම් අයදිමි දෙවියනේ ! ! !
හිරු එලිය දකින්නට , මල් වැසි වැටෙන්නට .
නිල් අහස දකින්නට , නුඹේ අත ලබන්නට .
No comments:
Post a Comment