Monday, March 4, 2013

ආත්ම විශ්වාසය (Self confidence)



සත්‍ය කතාවක් .. ඇමරිකාවේ ලෝවා ප්‍රාන්තයේ ඩෙස් මෝනිස් කියන නගරේ සංගීත ගුරුවරියක් සිටියා. ඇය විවධ තාරාතිරමේ ශිෂ්‍යයන් රැසකට වසර 30 ක් තිස්සේ සංගීතය උගන්වා තිබුණා. ඇයගේ ශිෂ්‍යයන් අතර ඉතාමත් විශිෂ්ට අය වගේම දුර්වල අයත් සිටියා. එවැනි දුර්වල සිසුවෙක් තමයි රොබී කියල කියන්නේ. රොබී ගේ මව තනිව ජීවත් වෙච්ච කාන්තාවක්. රෝබිට වයස 11 දී, ඔහු මෙම සංගීත පන්තියට බැඳුනා. රොබී ට තිබ්බේ එකම හීනයයි. ඒ ඔහ
ු පියානෝ වාදනය කරනවා ඔහුගේ මට කවදා හරි ඇහෙන්න සලස්වන එක. හැබැයි රොබී කියල කියන්නේ සංගීතෙට උපන් හැකියාවක් තිබුණ කෙනෙක් නෙමෙයි. එම නිසා ඔහුට මූලික දේවල්වත් හරියට කරගන්න බැරිවුනා. කොතරම් උත්සාහ කලත් ඔහු එතරම් ප්‍රගතියක් පෙන්නුවේ නෑ. නමුත් ඔහුගේ මුවේ එක වදනක් තිබ්බ. ඒ තමයි "කවදා හරි මගේ අම්මා මම පියානෝ වාදනය කරනවා අහනවා" කියන එක.

නමුත් එක දවසක ඉඳල රොබී පන්ති එන එක නැවතුනා. ගුරුවරියත් ඒ ගැන සොයා බැලුවේ නෑ මොකද ඔහු එතරම් දක්ෂතාවයක් පෙන්නුවේ නැති නිසා. ඔහොම කාලයක් ගතවුනා. මෙම සංගීත පාසලේ විවිධප්‍රසංගයක් සුදානම් වුනා. ඒ සඳහා ආරාධනා පත්‍ර සෑම සිසුවෙක්ගේම ගෙවල් වලට යැව්වා. දිනක් ගුරුවරියට රෝබිගෙන් ඇමතුමක් ලැබුණා. තමන්ටත් මෙම ප්‍රසංගයට සහභාගී වෙන්න දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා. නමුත් ගුරුතුමිය එකට කැමති වුනේ නෑ. තමන්ගේ මව අසනීප වුන නිසා ඔහුට පන්ති එන්න බැරි වුන බවත්, ඒ කාලය තුළ තමා පුහුණු වුන බවත් රොබී ගුරුතුමියට පැවසුවා. ගුරුතුමිය අකමැත්තෙන් වුනත් මේ පොඩි ළමයාගේ ඉල්ලීම අහක දැන්මේ නෑ. රොබීට අවතාවක් ලබා දුන්නා. හැබැයි ඔහුට දුන්නේ අවසාන අංගයට කලින් අංගය. මොකද ඔහුගෙන් යම් වරදක් වුනොත් අවසන් අංගයෙන් එය මගහරවා ගන්න පුළුවන් නිසා.

දිනය උදා වුනා. ප්‍රසංගය පැවැත්වුනා. රොබී තමන්ගේ අංගයට ආරාධනා කලා. රොබී වේදිකාවට ගොඩ වුනේ පොඩි වුන ඇඳුම් වලින් සහ අවුල් වුණ කොන්ඩයක්ද සහිතව. මේ දුටු ගුරුතුමිය රෝබිව මෙසේ එවීම ගැන රෝබිගේ මව සමග කේන්තියක් ආවා. කෙසේ නමුත් රොබී වාදනය ආරම්භ කලා. කිසිවෙකුත් අපේක්ෂා නොකළ විදියට රොබී මොසාර්ට් ගේ ඉතාමත් අපහසු වාදන කණ්ඩයක් වාදනය කරන්න ගත්තා. ඔහු එය ඉතාමත් විශිෂ්ඨ ලෙස වාදනය කලා. සියල්ලන්ම තමා අසුන් වලින් නැගිට මේ පුංචි දරුවට ආචාර කලා. මේ දුටු ගුරුතුමිය ඉතාමත් ප්‍රීතියෙන් "රොබී මම කිසි දවසක දැකල නෑ මෙච්චර ලස්සනට ඔබ වාදනය කරනවා.. ඔබ කොහොමද මෙහෙම කලේ" කියලා ඇහුවා.

එවිට රොබී කඳුළු පිරි දෑසින් නරඹන්නට ඇසෙන්න මෙසේ කිව්වා. "ඔබට මතකද මගේ අම්මා අසනීපෙන් කියලා මම කිව්වා. ඇයට තිබුනේ පිළිකාවක්. ඇය අද උදේ අන්තරා වුණා. ඇය උපතින්ම බිහිරියි. අද තමයි ඇය මුලින්ම අහන්නේ මම පියානෝ වාදනය කරනවා. මට ඒක විශේෂ අවස්ථාවක් කරන්න ඕන වුණා." මෙය ඇසු සියලු දෙනාගේම නෙතට කඳුලක් ඉනුවා.

රොබී එදා රැස්ව හිටිය සියල්ලන්ටම පාඩමක් කියා දුන්නා. තමන්ට තමන් පිලිබඳ තිබ්බ විශ්වාසය, තමන්ගේ අරමුණ වෙත නොසැලී ගමන් කිරීම සහ ආදරය ඔහුව අවශ්‍ය තැනට අරගෙන ගිය බව.

මේ කතාව සත්‍ය කතාවක්. ඔක්ලොහෝම නගරයේ සිදුවුන බෝම්බ ප්‍රහාරයකින් 1995 දී රොබී මිය ගියා.

No comments:

Post a Comment