Saturday, September 7, 2013

ලෝකයේ TOP 10 කෑම මෙන්න

ලෝකය පුරා සෑම රටකටම ආවේණික ආහාර රටාවන් සහ වට්‌ටෝරු තිබෙනවා. ඒවායින් සමහර වට්‌ටෝරු බොහොම අසාමාන්‍යයි. තවත් වට්‌ටෝරු අහන විටත් අපුලයි. මේවා කන්නේ කොහොමද කියල ඔබට හිතුනත් ඒ රටවල උදවියට මේ ආහාර බොහොම සාමාන්‍යයි. ඔවුන්ට සාමාන්‍ය වුණත් අපිට අසාමාන්‍ය වූද ලෝකයේ ප්‍රමුඛ ආහාර දහයට ඇතුළත් වෙන පුදුමාකාර ආහාර ගැන දැනගන්නවා නම් ඒවා මෙහෙමයි.

01- Haggis


ස්‌කොට්‌ලන්තයේ ආහාරයක්‌ වන හැගි වෙනුවෙන් යොදා ගන්නේ බැටළුවන්ගේ අක්‌මාව, හෘදයවස්‌තුව සහ පෙනහළු යන ඉන්ද්‍රියයන්. මේ ඉන්ද්‍රියන් සියල්ලම එකතුකරගෙන එයටම ලූනු, මිරිස්‌, ලුණු සහ තුනපහ සංයෝග කරගන්නවා. ගව සහ එළුවන්ගේ මේදයත් ඊටම එකතු කරනවා. ස්‌ටොක්‌ සාරය මිශ්‍ර කරලා පැය තුනක්‌ පමණ වේලා තබා ගන්නවා. මේක දැකුමෙන් නම් අපිට හුරු පුරුදු මීට්‌බෝල වගෙයි. ස්‌කොට්‌ලන්තයේ සුපිරි වෙළඳසල් සහ ආපනශාලාවල අවුරුද්ද මුළුල්ලේම හැගි දැක ගන්න පුළුවනි. ඔබට බැටළු මාංශය, හදවත හෝ පෙනහැල්ල වැනි ඉන්ද්‍රියක්‌ ආහාරයට ගන්න උවමනා වුණොත් ඊට ගැළපෙන හොඳම විකල්පය හැගි බව අමතක කරන්න හොඳ නැහැ.

02--Bugs

කැරපොත්තන්, දිවි මකුළුවන්, සහ පළාපෙත්තන් වැනි කෘමීන් අද ලෝකය පුරාම රසවත් ආහාර විදිහට පිළිගන්නවා. ඒකටත් හේතුවක්‌ තියෙනවා. මේ සතුන් අල්ලා ගැනීමත් පහසුයි. ඒ වගේම පිළියෙල කර ගැනීමත් ලේසියි. අහනකොටත් අප්‍රිය වුණත් ප්‍රොaටීන් අධික වගේම සෞඛ්‍ය සම්පන්න ඇසිඩ්වලින් ඉහළයි. චොකලට්‌ වගේම කුකිස්‌ වර්ග වලට යොදන කෘමීන් කරස්‌ ගාලා හැපෙනවා. අපේ රටේ නැති වුණත් තායිලන්තය, බැංකොක්‌ වැනි රටවලට ගියොත් මේ කෘමීන් සහිත ආහාර පිළිබඳව ඔබටත් අත්දැකීම් ලබා ගන්න පුළුවනි.

03- ෆුග

ශරීරයට විටෙක විෂ සහිත වුවද මෙම ආහාරයට ඇතැමුන් රුචියක්‌ දක්‌වති. බ්ලොෆිෂ් නම් මත්ස්‍යයාගෙන් මෙම ආහාරය සකසා ගනී. මෙම මත්ස්‍ය විශේෂය තුළ දරුණු විෂ අන්තර්ගත වුවද ජපන් වැසියන් අතර බලපත්‍ර සහිත කෝකිවරුන් ෆුගු පිළියෙල කරන්නේ ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම නිසාය. මෙම බ්ලෝෆිෂ් මත්ස්‍ය විෂ ශරීරගතව ඇති වෙන පෙනහළුවල මාංශ පේශින් අකර්මන්‍යතාවය නිසා පුද්ගලයන් සිහිසුන් බවට පත් වෙන අතර ඒ තත්ත්වය මරණය දක්‌වාම හේතු වෙන තරමට දරුණු වේ.

04 බාළුට්‌

පිලිපීනයේ ප්‍රචලිත මෙම ආහාර විශේෂය ගැන අපිට නම් සිතන විටත් දැනෙන්නේ අපුලකි. සති කීපයක්‌ වළලා තබා ආහාරයට ගන්නවා යෑයි කී විට නහයට දැනෙන්නේ දුර්ගන්ධයක්‌ වුවද බාලුට්‌ ඔවුන් අතර රසවත් ආහාරයකි.

 

05-Fried Brain Sandwich

ගව පැටවුන්ගේ මොළයෙන් ලබා ගත් කොටස්‌ පාන් පෙති අතරට මැදි කොට ගෙන තනා ගත් මෙම ආහාරය උමතු ගව රෝගය නිසා දැන් ඉල්ලුම අඩු වී ඇත. ඇමරිකා එක්‌සත් ජනපදයේ මිසෝරි ආපනශාලාවන්හි අදටත් මෙම ආහාරය දක්‌නට ලැබෙනවා. නදිය ආශ්‍රිත ප්‍රදේශයන්හි ගව මොළය යොදා ගත් බනිස්‌ බෙහෙවින් ජනප්‍රියය. මාස තිහකට වඩා වයසැති ගවයන්ගේ මොළය මේ වෙනුවෙන් යොදා ගනී. උමතු ගව රෝගයෙන් පසුව ඌරු මොළය සැන්ඩ්විච් වෙනුවෙන් යොදා ගැනීමට මෙම ආහාර රුචියට ප්‍රිය කරන්නන් උනන්දු වී ඇත.

06-Rocky Mountain Oysters

සමහරවිට ඔබට හිsතෙය බෙල්ලන් අප්‍රිය ආහාරයක්‌ විදිහට නම් කරන්නේ ඇයි කියලා. මේ මුහුදු ආහාරයක්‌ විදිහට අපි හිතන බෙල්ලන් නෙවෙයි. රොකී කඳුකර ආශ්‍රිත මිනිසුන් අතර මේ ආහාරය බොහොම ජනප්‍රියයි. ප්‍රාදේශීය විදිහට මෙය හඳුන්වන්නේ ප්‍රෙයරි ඔයිස්‌ටර්ස්‌ විදිහටයි. ගව, මී ගව හෝ ඌරන්ගේ මුෂ්කයෙන් ලබා ගන්නා කොටස්‌ තම්බා ඉන් පසුව පිටි දවටා බදිනවා. කොක්‌ටේල් සෝස්‌ සමග බොහොම උජාරුවට රස විඳිනවා. ඔබ ඇමරිකා එක්‌සත් ජනපදයේ හෝ කැනඩාව ප්‍රදේශයේදී ඔයිස්‌ටර් ඉල්ලුම් කළොත් ඔබට ලැබෙන්නේ මුලින් සඳහන් සතුන්ගේ මුෂ්කය සහිත ආහාරයක්‌ බව අමතක කරන්න එපා.

07-Sannakji

කොරියාව ප්‍රදේශයේ දක්‌නට ලැබෙන මුහුදු ආහාරයක්‌. මෙය ලබා ගන්නේ nakji කියන බූවල්ලාගෙන්. පණ තිබියදීම බූවල්ලා කුඩා කැබලි වලට කපල තලතෙල් හෝ තල ඇට සමග එහි නියම රසය අත්විඳිනවා. පණ සහිත අඬු කොටස්‌ පිඟානේ තිබියදීsම දඟලනවා. මේවා හපන විට බොහොම පරෙස්‌සමෙන් හපන්න ඕන. මොකද කිව්වොත් මේ සතුන්ගේ උරා බොන අවයවයන් මුඛයේ සහ උගුරේ ඇලවෙන්න පුළුවනි .

08 Casu Marzu

ඉතාලියේ සාරඩ්නියා ප්‍රදේශයේ මෙම විශේෂිත චීස්‌ වර්ගය ජනප්‍රියයි. මෙම චීස්‌ වලදි පිලවුන් අතර සිටින කෘමියන් චීස්‌ අතරට එක්‌ කරයි. එවිට චීස්‌ පැසවන අතර එහි අන්තර්ගත මේදය බිඳ වැටී කුණු වීමට ආසන්න මට්‌ටම මෙම ආහාරයේ හොඳම අවස්‌ථාව ලෙස පිළිsගැනේ. සිහින් පණුවන් ඉවත් කරමින් කිසිදු අප්‍රියතාවක්‌ නොමැතිව චීස්‌ රසවිඳින්නට ඉතාලියේ ජනතාව හුරු පුරුදුව සිටිති. මේ ගැන ඇහුවාම චීස්‌ නම් තියෙනවා. ඒත්.. මේ වගේ චීස්‌ නම් කාලා නැතුවා කියලා ඔබට හිතේවි....

09 Stuffed camel

මෙම ආහාරය පිළියෙල කිරීමේදී යොදා ගන්නේ ඔටු මස්‌ විතරක්‌ නෙවෙයි. එක්‌ ඔටුවෙක්‌, බැටළුවෙක්‌ සහ කුකුළු පැටවුන් විසි පහක්‌ යොදා ගන්නවා. කුකුළු පැටවුන් හාල් සහ බිත්තර සමග මිශ්‍ර කරනවා. ඔටුවා පුළුස්‌සා ගන්නවා. ලොකුම ආහාර වට්‌ටෝරුව විදිහට මෙය ගිනස්‌ පොතටත් ඇතුළත්.

10-Hakarl

අමුතු ආහාර ගැන ඇන්තනි බෝර්ඩියන් බොහොම ප්‍රසිද්ධයි. හකාරි කියන්නෙත් ඔහු විසින් හඳුනා ගත් අමුතු ආහාරයක්‌. මෝර මත්ස්‍යන්ගේ බඩවැල් පැසවලා නිපදවා ගන්න හකාරි අයිස්‌ලන්තය වැනි රටවල අවුරුද්ද මුළුල්ලේම වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවනි. මෙයින් වහනය වෙන්නේ ඇමෝනියා ගන්ධයක්‌. හකාරි සංග්‍රහ කරන්නේ දත් හාරන කූරුත් සමග.

5S පංච විධික්‍රමය

එස් පහ යනු ජපානයේ උපන් ක්‍රමවේදයකි. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඕනෑම ආයතනයකට පාසලකට කර්මාන්තශාලාවකට ඵලදායිතාවය අතින් ඉහළටම යා හැකිය 



  • seiri, සෙයිරි 
  • seiton, සෙයිතොන්
  • seiso, සෙයිසො
  • seiketsu, සෙයිකෙත්සු
  • shitsuke ෂිත්සුකේ


seiri, සෙයිරි Sorting
අවශ්‍ය හා අනවශ්‍ය දේ හදුනාගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම

seiton, සෙයිතොන්
අවශ්‍ය දේ පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි පිලිවෙළකට සකස් කිරීම ඇහිරීම

seiso, සෙයිසො Systematic Cleaning/Shine
සුපිරිසිදුබව... දූවිලි අංශුවක්වත් ඉතුරු නොවන ලෙස පිරිසිදු කිරීම

seiketsu, සෙයිකෙත්සු- සමමිතිය
ඉහත සදහන් පියවර තුන වැඩිදියුණු කිරීම


shitsuke ෂිත්සුකේ


Saturday, June 22, 2013

අපේ මෝහිනීලා තුන සහ ලෝ පතල සුදු නෝනාගේ අවතාරය








three-woman-ghostඑය අලව්ව ප්‍රදේශයේ සුසාන භූමියකි. එහි හොල්මන් අවතාර ඇති බවට ප්‍රසිද්ධ ය. එනිසා රාත්‍රී ඇඳිරි වැටුණු පසු තනිපංගලමේ ඒ අද්දර පාරෙන් ගමන් කිරීමට පවා බොහෝ දෙනෙක් බිය වෙති. ඒ හොල්මන් අවතාර අතුරින් ප්‍රධාන අවතාරයක් ද විය.

ඒ දරුවකු කර පින්නාගත් තරුණ ගැහැනියක ගේ අද්භූත රුවකි. ඇය ඒ මග ඔස්සේ තනිව ගමන් කරන පිරිමින් ඉදිරියට පැමිණෙන පුවත ප්‍රදේශය පුරා පැතිර තිබිණ. ඒ මෝහිනී අවතාරය බව කාගේත් ‍පොදු පිළිගැනීම විය.

දිනක් ඒ ප්‍රදේශවාසියෙක් රාත්‍රී හතට පමණ එම සොහොන් පළ අද්දරින් තම නිවස බලා යමින් සිටියේ ය. හාත්පස කිසිවෙක් ද දක්නට නොවූහ. එකවරම පාරේ එහා කොනින් මතුවන කුඩා දරුවකු කරපින්නා ගත් ගැහැනියක ප්‍රදේශවාසියා ගේ නෙත ගැටිණ. ඔහුට දෙවියන් සිහි විය. වහා ඒ පාරෙන් ඉවතට පැන ගත් ඔහු බියෙන් ගැහෙමින් වෙනත් අතුරු මගක් ඔස්සේ ගෙදරට දිව ගියේ ය.



‘මොකද පුතේ කලබලෙන් වගේ දරුවට අමාරුද?’ ඔහු දුටු සැනින් නිවසේ සිටි ඔහුගේ මව නොඉවසිල්ලෙන් ඇසුවා ය.

“මොන දරුවටද?” මවගේ පැනයෙන් කිසිත් වටහාගත නොහැකි වූ ප්‍රදේශවාසියා ඇසීය.

“අනේ පුතේ; ‍පොඩි එකාට උණ වැඩිවෙලා. කෙල්ල ඒකාව දොස්තර ළඟට අරන් ගියානේ. ඇයි මගදී හම්බුවුණේ නැද්ද?” ඔහුගේ මව ඇසුවා ය.

මෙය අලව්ව ප්‍රාදේශීය මාධ්‍යවේදී ඒ කීර්තිසිංහ විසින් වාර්තා කරන ලද පුවතකි.

මෙම කතා ප්‍රවෘත්තිය මගේ නෙත ගැටුණේ 2011 සැප්තැම්බර් 19 දින ‘දිනමිණ’ අන්තර්ජාල පුවත්පතෙනි.




‘මෝහිනී’ යන නම අප රටේ බාල, තරුණ, මහලු සැමට එක සේ හුරු පුරුදු ය. ඇගේ මෙම ජනප්‍රියත්වය කොතෙක් ද යත් අද “මෝහිනී චරිතය” රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට පවා එක්වී තිබේ. එහෙත් මෝහිනිය යනු කවුරුන්දැයි තවමත් බොහෝ දෙනකු හරි හැටි දන්නා බවක් නොපෙනෙයි.



whith-dress-ghost-1

මෝහිනී සංකල්පය අප රටට පැමිණ ඇත්තේ භාරතයෙනි. භාරතීය විශ්වාසයනට අනුව මෝහිනී යනු විෂ්ණු දෙවිඳුන්ගේ උප අවතාරයකි. පැරණි වෛදික ග්‍රන්ථවල සඳහන් වන අන්දමට විෂ්ණු දෙවිඳුන් අවස්ථා කිහිපයකදීම මෝහිනී වේෂයෙන් පෙනී සිට තිබේ. ඒ ලෝකය අධර්මයෙන් ගලවා ධර්මානුකූල කරවනු පිණිස ය. ඉන් රසවත්ම සිදුවීම විෂ්ණු දෙවිඳුන් මෝහිනී ලෙසින් පෙනී සිට භෂ්ම නම් අසුරයා අළුකර දැමීම ය.



අප රටේ ද ප්‍රචලිත භෂ්ම අසුරයාගේ කතාවක් තිබේ. නමුත් මේ කතාව ඊට තරමක් වෙනස් ය. ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකම ප්‍රචලිත එම මෝහිනී භෂ්මාවසුර කතා ප්‍රවෘත්තිය සැකෙවින් මෙලෙසිනි.



භෂ්ම නම් අසුරයකු (අසුරයන් යනු යක්ෂ ගණයට අයත් දෙවියන්ට සතුරු සේනාවකි) ඉතා උපායශීලීව ශිව දෙවිඳුන්ගෙන් එක්තරා දැහැනක් හෙවත් මන්ත්‍රයක් ලබා ගනී. එය අත්ලට මතුරා කිසිවකුගේ හිස මත අත තැබුවහොත් ඒ තැනැත්තා එසැනින් දැවී අළු වී යයි. ශිව දෙවියන් වෙතින් මේ බලගතු මන්ත්‍රය ලබා ගන්නා භෂ්ම අසුරයා එම මන්ත්‍රය තම අත්ලට මතුරා එය පළමුව දිගු කරනුයේ ශිව දෙවියන් දෙසට ය. ඒ එහි සත්‍යතාව මැන බැලීමට අවශ්‍ය බව අඟවමිනි. ශිව දෙවියන්ට තමන් කළ මෝඩකම සිහිපත් වනුයේ එවිට ය. එබැවින් අන් කළ හැකි කිසිවක් නොමැති බැවින් හෙතෙම පස්ස නොබලා දුවන්නට පටන් ගනී. ඒ සමගම භෂ්ම අසුරයා ද දිගු කරගත් අතින් යුතුවම ශිව දෙවිඳුන් ලුහුබඳින්නට පටන් ගනී. ඒ තම අරමුණ ඉටුකරගනු පිණිස ය.



මෙසේ දුවන අතරේ ශිව දෙවිඳුන්ට විෂ්ණු දෙවියන් මුණගැසෙයි. ශිව දෙවියන් තමන්ට සිදුවන්නට යන විපත විෂ්ණු දෙවියන් හමුවේ සැලකරනුයේ අසුරයා තමන් වෙත ශීඝ්‍රයෙන් ළංවෙන අතරේ ය. එවිට ශිව දෙවියන්ට රූස්ස ගසකට මුවාවන සේ පවසන විෂ්ණු දෙවියන් කරනුයේ කුමක්ද? භෂ්ම අසුරයා දිව එන පෙර මගට පිවිසීම ය.



ඒ මන මෝහිනීය රංගනයක යෙදෙන අතිශය සුරුපී ‘මෝහිනී’ සුරූපිනිය හෙවත් මෝහිනී අවතාරය ලෙසිනි. ශිව දෙවියන් ලුහුබැඳ යන භෂ්ම අසුරයා මෙම මෝහිනිය දැක ඇගේ රූපයෙන් සහ රංගනයෙන් මෝහනයට පත්වේ.



“මට ඔබ හා සහවාසය කිරීමට ඕනෑ” යැයි භෂ්ම අසුරයා කියයි. මා අනුව යමින් මා ලෙසින්ම රංගනයේ යෙදිය හැකි නම් ඔබට ඒ අවස්ථාව හිමිවනු ඇත. එවිට මෝහිනී කියන්නීය. ඒ අනුව මෝහිනියගේ හස්ත මුද්‍රාදිය දෙස බලමින් මෝහනයට පත් භෂ්ම ඒ අයුරින්ම අත් පා ලෙලවමින් රංගනයේ යෙදෙන්නේ මුළු ලොවම අමතක කරමිනි. ඒ අතරේ භෂ්ම අසුරයාට පෙනෙන සේ වරක් මෝහිනිය සිය රංගනයේ එක් මුද්‍රාවක් සේ තම අත්ල හිසෙහි තබා ගන්නීය.





ඒ වන විට මෝහිනීගේ රංගනයෙන් මෝහනයට පත් භෂ්ම අසුරයාට තමන්ගේ අතට මතුරා ඇති වග ද අමතක වී හමාරය. එබැවින් මෝහිනියගේ එම හස්ත මුද්‍රාව අනුගමනය කරනු වස් භෂ්ම අසුරයා තම අත්ල හිස තබා ගත්තා පමණි. ඒ සමගම එහි භෂ්ම අසුරයා වෙනුවට ශේෂ වනුයේ ඔහුගේ භෂ්මාවශේෂ පමණි. (භෂ්ම අසුර ට ඒ නම ලැබුණේද එම සිදුවීමෙන් පසුව යැයි පැවැසෙයි)

මෙම මෝහිනී-භෂ්මාසුර රංගනය අදත් ඉන්දියාවේ උත්තර සහ දක්ෂිණ කන්නාඩ ඇතුළු බොහෝ ප්‍රදේශවල අතිශය ජනප්‍රිය ජන නර්තනාංගයකි. යක්ෂාගන යනු ඉන්දියාවේ ප්‍රචලිත ජන සංස්කෘතිකාංගයකි. එය අප රටේ කොහොඹා කංකාරිය, දහඅට සන්නිය, ගම්මඩු ශාන්ති කර්ම ආදියට සමාන ය. යක්ෂාගන ඉහත සඳහන් ප්‍රදේශවල රැයක් පහන්වනතුරුම පැවැතෙන අභිචාරාත්මක ශාන්ති කර්මයකි. මෙහිදී ඉහත සඳහන් කතා ප්‍රවෘත්තිය නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීම ද නොවරදවාම සිදුවෙයි. මෙහිදී අප රටේ සම්ප්‍රදායික ශාන්ති කර්මවලදී මෙන් මෝහිනී චරිතයට රඟ දෙන්නේ ද පිරිමියකුම ය.



අපගේ සිංහල අලුත් අවුරුද්ද හා අතිශයින් සමාන ‍ජ්‍යොතිෂය මත පදනම් වන උත්සවයක් දකුණු ඉන්දියාවේ කර්නාටක, මහා රාෂ්ඨ සහ ආන්ද්‍රා යන ප්‍රදේශවලද පැවැත්වෙයි. එය හැඳින්වනුයේ ‘උගාදි’ යනුවෙනි. එහි අරුත යුගාරම්භය යන්න ය. මෙම උගාදි උත්සවලදී ද මෙම මෝහිනී භෂ්මාසුර රංගනය නොවදරවාම කළඑළි දකී.



එමෙන්ම දැන් එම නර්තනයේදී මෝහිනිය වෙනුවෙන් නර්තනය මනාව ප්‍රගුණ කළ සුරූපී තරුණියක් ඉදිරිපත් වේ. භෂ්මාසුර චරිතය නිරූපණය කරනුයේ ද නර්තන කලාවෙහි මනා ප්‍රවීණත්වයක් සහිත ‘හොඳ වැඩ කාරයෙකු’ විසිනි. කෙසේ හෝ මෙම නර්තනයේදී මෝහිනී සහ භෂ්මාසුර තරගකාරී අයුරින් හරි හරියට තම ශිල්පීය සමත්කම් දක්වනු මහත් උනන්දුවෙන් බලා හිඳින නරඹන්නෝ අවසානයේ මෝහිනිය අනුකරණය කරමින් තම අත්ල හිසේ තබා ගන්නා භෂ්ම අසුරයා ගින්නෙන් දැවෙන අවස්ථාවේ දී ඔල්වරසන් හඬ නගති.



භෂ්ම ගින්නට හසුවීම සජීවී ලෙස ඉදිරිපත් කරනු පිණිස දැන් දැන් නවීන ආලෝකකරණ ක්‍රමයද යොදා ගැනෙයි. ශ්‍රී ලාංකික අපට තවමත් එතරම් හුරු නොමැති මෙම මෝහිනී භෂ්මාසුර රංගනය ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල පාසල් විවිධ ප්‍රසංගවලදී පවා නිතර කළ එළිදකින්නකි. ඉන්දියාව නියෝජනය කරමින් යුරෝපා ඇමෙරිකාදී රටවල පවා මෙම රංගනය වේදිකාගත ගත කොට තිබේ.



අප නව යොවුන් වියට පත්වීමත් සමග අපගේ වැඩිහිටියෝ අපට සවස හයෙන් පසු බටනලාවක් අතින් ඇල්ලීමටවත් නොදුන්හ. ඒ රාත්‍රී කාලයේ බට නලා වයන විට මෝහිනී අප වෙත ඇදී එතැයි පැවැති ජන විශ්වාසයකට අනුව ය.



එම විශ්වාසයට අනුව නව යෞවනය ඉක්ම වූ තරුණයකු රාත්‍රියේ තනිව බටනලාවක් වාදනය කළොත් ඒ හඬට වශී වන මෝහිනිය ඔහු සොයා පැමිණ ඒ වාදනයට අනුව රඟන්නට පටන් ගනී. ඇගේ මෙම මන මෝහනීය රැඟුම තරුණයාට ද පෙනෙයි. එහෙත් මෝහිනිය රැඟුම් පාන අතරේ ඔහුට තම බටනලා වාදනය නතර කළ නොහැක. ඒ එවිට ඉන් කෝපයට පත්වන මෝහිනිය ඔහු ගොදුරු කර ගන්නා බැවිනි. ඒ අනුව එම තරුණයාට ඇති එකම විකල්පය පසුදා අලුයම කුකුළා හඬලන තෙක් එක දිගටම බටනලාව වයමින් මෝහිනිය රසවත් කිරීම ය. කුකුළා හඬලත්ම මෝහිනිය අතුරුදන් වෙයි.



එහෙත්, ඉහත සඳහන් ‘දිනමිණ’ පුවතට අදාළ මෝහිනිය එලෙස රැඟුම් පාන්නියක් නොවේ. රාත්‍රී යාමයේ තනි පංගලමේ ගමන් බිමන් යන පිරිමින් හමුවට කුඩා දරුවකුද අතැතිව පැමිණෙන්නියකි. එසේ පැමිණෙන ඇය එම පිරිමියාගෙන් ඉල්ලීමක් කරයි. එනම් තමා හැඳි වත සරිකරගන්නා තුරු එම දරුවා මඳකට වඩා ගන්නා ලෙස ය. එවිට ඒ අවස්ථාවට මුහුණ දෙන්නා ඊට සරිලන වෙනස් උපායකින් මෝහිනිය රවටමින් ජනාවාසයක් වෙත සේන්දු විය යුතුය. එසේ නොමැතිව මෝහිනියගේ බසට නතු වී ඇගේ දරුවා සියතට ගතහොත් ඒ තැනැත්තා මෝහිනියගේ ග්‍රහණයට නතුවෙයි.



මේ අතර රාත්‍රී කාලයේ තනිව වාහන පදවන රියැදුරන්ට පෙනෙන සේ විවිධ ස්ථානවල සිට අත දිගු කරන සුදු හැඳගත් කාන්තාවක ගැන ද අසන්නට ලැබේ. එම කාන්තාව තමන් ඉදිරියේ නතර වූ රථයෙන් ගමන් අවස්ථාවක් ඉල්ලා සිටියි. ඇය තනිව හිඳින රූමත් තරුණ කාන්තාවක වීම පෙරදැරි කරගෙන ඔවුනට එම අවස්ථාව දෙන රියැදුරන් බොහෝ විට බියපත් වනුයේ ගමනේ අතරමග දී ඇය අද්භූත ලෙස අතුරුදන්වී ඇති බව දැකීමෙනි. ඒ අනුව මෙම මෝහිනිය නළඟනක, එක්දරු මවක ලෙස හා හුදකලා ගැහැනියක ලෙස ආකාර තුනකින්ම සමාජය හමුවේ පෙනී සිටින බව පැහැදිලි ය.




ශ්‍රී ලාංකික ජන සමාජයේ පිළිගැනීමට ලක්වන අමනුෂ්‍යයන් අතරේ එක් එක් පුද්ගල කණ්ඩායම් ඉලක්ක කොට ගත් යක්ෂයන් සහ යක්ෂණියෝ සිටිති. ඔවුන් අතරින් බාලගිරි යනු කුඩා බිලිඳුන් රෝගී කරවන යක්ෂණියකි. අබිමාන සහ කළුකුමාර යන යකුන් දෙදෙනා හුදෙකලා තරුණියන්ට පමණක් වින පමුණුවන බව පෙනෙයි.


ඒ අබිමාන යක්ෂයා දහවල් කාලයේදී හා කළු කුමාර යක්ෂයා රාත්‍රී කාලයේදී වශයෙනි. මේ අනුව ඉහත සඳහන් තුන් ආකාරයේම මෝහිනිලා විපත් පමුණුවනුයේ හුදකලා පිරිමින්ට පමණක් බවද පැහැදිලි ය. එමෙන්ම ඉහත සඳහන් අමනුෂ්‍ය බලවේග මගින් එම අදාළ කණ්ඩායම්වලට මාරක විපත් නොපැමිණීම ද විශේෂත්වයකි. නිදසුනක් ලෙස බාලගිරි අබිමාන සහ කළුකුමාර යන යකුන් කරනුයේ පිළිවෙළින් බිලිඳුන් සහ තරුණියන් ලෙඩ කරවීම පමණි.

එමෙන්ම මෙහි ඉහතින් සඳහන් කළ මෝහිනී නම් නළඟනගේ වසඟයට පැමිණෙන තරුණයන් මරණීය අවදානමකට ලක්නොවේ. සැබැවින්ම සිදුවනුයේ ස්වප්න දෝෂ ආදී වශයෙන් අපගේ සාම්ප්‍රදායික විශ්වාසයන්හි එන නිරෝගී පිරිමියකු තුළ සිදුවන සාමාන්‍ය ජීව විද්‍යාත්මක සංසිද්ධියක් ඒ අත්දැකීම මුල්කොට ක්‍රියාවට නැංවීම පමණි.



ඒ කෙසේ හෝ බාලගිරි, අබිමාන, කළුකුමාර යනු හුදු යක්ෂ යක්ෂනියක් බවට ‍පොදු සමාජමය පිළිගැනීමක් තිබේ. එහෙත්, අපගේ ජන සම්මතයෙහි මෙහි මුලින් දැක්වූ මෝහිනිය හැඳින්වනුයේ හුදු අවතාරයක් ලෙස පමණි.



විෂ්ණු යනු ඉතා පැහැදිලි ලෙසම යක්ෂ විරෝධී ආර්ය සම්භවයකින් යුතු දෙවියෙකි. එබැවින් විෂ්ණුගේ අවතාරයක් වන මෝහිනියට යක්ෂ ආරෝපණයක් ලබාදීම කෙසේවත් සුදුසු නැතැයි අපගේ පැරණි ගැමි සමාජය සිතන්නට ඇත. බාලගිරි කළු කුමාරයා ආදී යකුන් පලවා හරින සහ බන්ධනය කරන මන්ත්‍ර සේම දිෂ්ටි, ප්‍රාණ, සිද්ධි, පලිප්පු, පුට ආදී පරිවාර මන්ත්‍ර රැසක් ද තිබේ. නමුදු මෝහිනිය සම්බන්ධයෙන් එවැනි මන්ත්‍ර ගුරුකම් මාලාවක් ගැන අසන්නට නැත. එමෙන්ම බාලගිරි, කළුකුමාර ආදී බලපෑම් වරින් වර ඉස්මතු විය හැකි බැවින් ඒවා දෝෂ වශයෙන් පැහැදිලිව දක්වා තිබේ. නමුදු මෙම මෝහිනියගෙන් සිදුවන බලපෑම් දෝෂයන් සේ හුවා නොදැක්වීම ද අපගේ විශේෂ අවධානයට යොමු විය යුතු ය.





ඉහත මා දෙවනුව සඳහන් කළ දරුවකු වඩා ගත් මෝහිනී අවතාරය විෂ්ණු දෙවිඳුන්ගේ මෝහිනීට වඩා වෙනත් සම්භවයක් සහිත අවතාරයක් බව පැහැදිලිව පෙනෙයි. නමුදු ඇය පිළිබඳව ද පැහැදිලි උප්පත්ති කතාවක් නැත. නමුදු ඇය කවුරුන් හෝ පිරිමියකුට රැවටීම නිසා පීතෘත්වයක් නොමැති දරුවකු මෙලොවට බිහිකළ කාන්තාවක බව නම් පැහැදිලි ය. ඇය එම දරුවාද රැගෙන මහා රාත්‍රියේ වීදි බැස ඔහු අතර මග හමුවන කවුරුන් හෝ පිරිමියකුට දරුවා බාරදීමට සැරසෙනුයේ එබැවිනි.

 

මෙහි මා අවසන් වශයෙන් සඳහන් කළ රාත්‍රී යාමයේ තනිව වාහන පදවන රියැදුරන්ට හමුවන සුදු හැඳ ගත් අද්භූත කාන්තාවගේ රූපය අප රටට පමණක් සීමාවී නැත. රිය පදවන හෝ ඇතැම් විට මහ මග පයින් යන්නවුන් හමුවට එන එම අවතාරය ලොව පුරා හැඳින්වෙනුයේ ‘සුදු නෝනාගේ අවතාරය’ ලෙසිනි.


ස්වාමි පුරුෂයා පෙම්වතා හෝ වෙනත් පිරිමියකු වෙතින් තමනට සිදුවූ මතෛක් ලොවට අබිරහසක්ව පැවැති කෲර අපරාධයක් ලොව හමුවේ අනාවරණය කිරීම පිණිස පාළු නිහඬ රාත්‍රී යාමයන් හිදී මෙම ‘සුදු නෝනා’ වීදි බසින බව ලොව පුරා පවතින ‍පොදු විශ්වාසයයි. නමුදු ඇගේ දර්ශනය මතු විපත් පැමිණීමේ පෙරනිමිත්තක් සේ සලකනු ලැබේ. ඒ කෙසේ හෝ මේ තුන් ආකාරයේම මෝහිනීලා යනු පිරිමින්ගේ උප විඥානයේ ජනිත වන කාමරාගය මුල්කොට ගත් දෘෂ්‍ය භ්‍රාන්තියක් මිස අනෙකක් නොවන බව ඒ සම්බන්ධ විද්‍යාත්මක මතය වී තිබේ.



නමුදු මේ කවරාකාර මෝහිනියක හමුවේ වුව බියපත්ව අනවශ්‍ය අයුරින් මනැස කලබලයකට පත් කර ගැනීම මරණය දක්වාම විහිද යන කායික මානසික අනර්ථයන් රැසකට මංපාදන්නකි. එබැවින් යමකු එවන් විපතකට පත්වුවහොත් එය ඒ තැනැත්තා අමාරුවේ වැටීමක් පමණක් නොව අහිංසක මෝහිනීලා නිකරුණේ අමාරුවේ හෙලන්නක් බවද නොකියාම බැරි ය.


ලංකාවේ මුස්ලිම් කොන්ග්රේසය හා උලමා සංවිදානය මේ හොර රහසේ වසර 1300ක ශ්රී ලාංකීය මුස්ලිම් ඉතිහාසයකින් අප දක්කන් යන්නේ කොහාටද ?





අප බොදු බල සේනා බෞද්ධ සංවිදානයේ හා උලමා සංවිදානය අතර ටී.එන් .එල් නාලිකාවේ පවතී විවාදයේ දී උලම් සංවිදානය ඔවුන්ට ලංකාවේ 1300 වසරක ඉතිහාසයක් ඇති බව කීවෝය...ඒ ඇයි ? මේ මුස්ලිම් කොන්ග්‍රසයේ හා උලමා නමින් අටවා ගත් ඉස්ලාම් සංවිදානයේ අරමුණ ලංකාවට සපිරිස්තානය හා නසරිස්තානය ලබාගැනීමය...එනම් අවසන් ප්‍රතිපලය දැන් දැන් එළිපිටම පෙනෙන පරිදි රට "හම්බ " කිරීමය..

මෙහි පසුබිම සොයා බලමු....සුදු අදිරාජයවාදයට පසු කලෙක මහා හිසරදයක් වනු දුටු මහා භාරතය ( ඉන්දියාවට පෙර ) වනසන්නේ කෙසේද යත් ඔවුහු සැමවිටම මාන බැලුවේය...භාරතයේ මැක්කන් මෙන් හැදී වැදුණු ඉස්ලාම් අන්තවාදය සුදු ලොක්කන්ගේ ඉත්තා විය....බෙදා වෙන් කර පාලනය සුද්දන්ගේ සුප්‍රකට පාලන ක්‍රමයකි....එය තහවුරු කරමින් ඔවුහු මුස්ලිම්වරු සමග එකතු වී මහා භාරතය සුනු විසුනු කිරීමට පිඹුරුපත් සදුවෝය....

පකිස්තානය පමණක් ලැබුනද මෙහි අග්‍ර ඵලය නම් මුස්ලිම් රාජ්‍යයකි....මෙයට හේතු පාදක පුද්ගලයින් කිහිප පොලක් වේ...අපිට පිටින් පෙනීමට තිබෙන මොහොමඩ් අලි ජින්නා නම් පකිස්තානු නිර්මාතෘ වරයා එසේ වුවද මෙහි මොළකරුවන් තවත් වෙති....සත්‍යයෙන්ම අලි ජින්නා නම් අපේ කළු සුද්දන් ( ඉන්දියාවේ බ්‍රවුන් සහීබ් ) ආරයේ පුද්ගලයෙකි...මොහු එම මහා ලේ ඊලමට යොදාගත් පඹයාය...මෙහිදී වැදගත් මෙහෙයක් ඉටුකළ අය අතර ඉස්ලාමීය කවියෙකු වූ "අලාමා ඉක්බාල් " පෙරමුණ ගනී.. මෙහි න්‍යායාත්මක ඇන්ටන් බාලසිගම් වන්නේ "අලි චව්දරී රහම්ත්" ය. ඔහු ඉස්ලාමීය ප්‍රදේශ ලකුණු කළේය...ඔබ මෙම සිතියම බලන්නේ නම් එහි ලංකාවේ භාගයක් පමණ පළාත් දෙකක් වශයෙන් මොහු ඉල්ලා තිබේ...ඊට හේතුව දන්නවාද ? ලංකාවේ මුස්ලිම්වරුද ඔවුන් භාරතයේ මුස්ලිම්වරු ලෙස පිළිගන්න නිසාය...ලංකාවේ බහුතර මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය මලබාර් ප්‍රදේශයේ ද්‍රවිඩ මුස්ලිම්වරුන්ට අයත්ය...නැතිනම් ලංකාවේ මුස්ලිම්වරු හා ද්‍රවිඩයන් කතා කරන බස මලයාලම් මිශ්‍රිත ඇයි ? මලයාලම් කේරලයේ බාශාවයි...මගේද මලයාලම් මිතුරන් ඇත...මුස්ලිම්වරු කේරලයෙදීද කලබල කරති.. ද්‍රවිඩයන්ටද එසේමය...ලංකාවේ ද්‍රවිඩයන් හා තමිල්නාඩුවේ දෙමළුන් අතර ඇති භාෂාවේ වෙනස අහසට පොලොව මෙන්ය...

නැවතත් ඉක්බාල් වෙත හැරෙනවානම් ඔහු භාරතයේ හින්දුන් හා මුස්ලිම්වරුන්ට එකට විසිය නොහැකි බව ප්‍රකාශ කළේය..ඉක්බාල් 1930 දී අලාහාබාදයෙදී මුස්ලිම් ලීගයේ රැස්වීම පවත්වද්දී සිටියේ සාමාජිකයන් 75ක් පමණි... 1947දී මළකඳන් ලක්ෂ 10ක් උඩින් පාකිස්තානය බිහිවේ...මෙම අඳුරු සිදුවීම පන්ජාබයේ කුඩා ගමකට බලපෑ අන්දම බුශ්වන්ත් සිං විසින් සිය "අන්තිම දුම්රිය " නම් කෘතියේ හද පාරවන අයුරින් විස්තර කරයි...

අලී චව්දරී රහමත්ගේ යෝධ ඉස්ලාමීය රාජ්‍යය රජයන් 10කට වග කියයි..! ඒ මෙසේය.. පකිස්තාන්,බන්ගිස්තාන්,ඔස්මෙනිස්තාන්,මුයෙනිස්තාන්, හයිද්රිස්තාන්,පර්කුස්තාන්,සිද්දීක්තාන්,මැපිලිස්තාන් හා ලංකාව අයත් වන//// සපිරිස්තාන් හා නසරිස්තාන් /////ලෙසිනි..!!

අලි චව්දරී ලංකාවේ මුස්ලිම් ජනයාටද 1930 දී වෙනම රටක් ඉල්ලා සිටි අතර ඔහුගේ මතය ලංකා මුස්ලිම් කොන්ග්රසයේද මතයයි... ලංකාවේ උලමා සංවිදානය ,මෙහි මුලිකයෝ වන්නේය...මෙම වසර 1300ක මුස්ලිම්වරුන්ට වෙනම ඉතිහාසයක් ඇති බේගලය එම රාජ්‍යයන් ලබාගැනීමේ රහසිගත සැලැස්මකි... අප දැනටම හලා නම් මුස්ලිම් ආහාර ත්‍රස්තවාදයෙන් හා වෙළඳ,සංස්කෘතික ආක්‍රමණ වලින් අසු කරගෙන ඇත...අෂ්රෆ් ඒ සඳහා හොඳ තල්ලුවක් දුන්නේය...ඔහු දීගවාපී බෝධු පුදබිම බිමට සමතලා කළේය...ඔලුවිල් වල මුස්ලිම් කොළඹක් සැදීමට අඩිතාලම දැම්මේය...දැන් හකීම් එය අප සිංහල දේශපාලකයින් රවටා යසට කරගෙන යයි...මෙම උලමා සංවිදානය ගැන අප අවදානයෙන් සිටිය යුතුය...හලාල් ආහාර ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කල යුතුමය.... වෙන්වී නැසෙමුද එක්වී රැකෙමුද ?

Thursday, May 30, 2013

ලේ වර්ගයෙන් ඔබේ ස්භාවය බලා ගන්න




ජපන් සොයාගැනීමකට අනුව ලේ වර්ගයෙන් පුද්ගලයෙකුගේ ස්භාවය විස්තර කරන ආකාරයි මේ.
ඔබේත් ස්භාවයත් ගැලපෙනවද බලන්න?

O වර්ගය:
සැමවිටම නායකයෙක් වීමට අවශ්‍යයි සහ ඔබට යම්කිසි දෙයක් වුවමන වුවහොත් එය ලැබෙන තෙක් ඔබ කෙසේ හෝ වෙහෙසෙමින් කටයුතු කර අරමුණ කරා යයි. තනි තීරණ ගනී, ලෙන්ගතුයි, සරාගී හා ආත්ම විශ්වසෙකින් යුත්තෙකි.ඔබේ දුර්වලතා නම් අහංකාරකම,ඉර්ෂාව හා අන් අය සමග දැඩි තරගකාරිත්වයට නැබුරුවක් තිබීම.

A වර්ගය:
ඔබ ඉතා එකමුතුය,සාමුහික හා සංවිධානත්මකය.අන් අය සමග ඔබ හොදින් කාර්යන් කරගෙන යන අතර ඔබ ඉතා සංවෙගිය, ඉවසිලිවන්ත හා හිතෛෂී පුද්ගලයෙකි එසේත් නැති නම් හුරතල්ය.ඔබේ දුර්වලතා නම් මුරණ්ඩුභාවය හා නිදහසේ සිටීමේ නොහැකියාව.

B වර්ගය:
ඔබ තද පුද්ගලවදියෙකි.ඔබ අවංක සහ ඔබට අවශ්‍ය දේ තනිව කරා ගැනීමට කැමැත්තක් දක්වයි.නිර්මාණශීලි හා නම්‍යශීලි වේ.ඔබට ඕනෑම අවස්ථාවකට අනුවතනයවී සිටීමේ හැකියාව ඇති අතර ඔබේ තනි ක්‍රියාකලාපය හා ස්වාධීනත්වය දුර ගියවිට ඔබ දුර්වලවීමට ඉඩ ඇත.

AB වර්ගය:
කලබල නැති හික්මුණු පුද්ගලයෙකි.මිනිසුන් පහසුවෙන් හා සැනසීමෙන් තැබීමට ඔබ ඉතා කැමැත්තක් දක්වන අතර විනොධාත්මක හා ක්‍රීඩා වලට නැබුරුවක් දක්වයි.සාධාරණ හා උපායශීලි ද වේ. ඔබේ උඩගු බව හා මෝඩ තීරණ නිසා තීරණ ගැනීමේ අපහසුතාවයකට පත් වේ.