Saturday, September 7, 2013

ලෝකයේ TOP 10 කෑම මෙන්න

ලෝකය පුරා සෑම රටකටම ආවේණික ආහාර රටාවන් සහ වට්‌ටෝරු තිබෙනවා. ඒවායින් සමහර වට්‌ටෝරු බොහොම අසාමාන්‍යයි. තවත් වට්‌ටෝරු අහන විටත් අපුලයි. මේවා කන්නේ කොහොමද කියල ඔබට හිතුනත් ඒ රටවල උදවියට මේ ආහාර බොහොම සාමාන්‍යයි. ඔවුන්ට සාමාන්‍ය වුණත් අපිට අසාමාන්‍ය වූද ලෝකයේ ප්‍රමුඛ ආහාර දහයට ඇතුළත් වෙන පුදුමාකාර ආහාර ගැන දැනගන්නවා නම් ඒවා මෙහෙමයි.

01- Haggis


ස්‌කොට්‌ලන්තයේ ආහාරයක්‌ වන හැගි වෙනුවෙන් යොදා ගන්නේ බැටළුවන්ගේ අක්‌මාව, හෘදයවස්‌තුව සහ පෙනහළු යන ඉන්ද්‍රියයන්. මේ ඉන්ද්‍රියන් සියල්ලම එකතුකරගෙන එයටම ලූනු, මිරිස්‌, ලුණු සහ තුනපහ සංයෝග කරගන්නවා. ගව සහ එළුවන්ගේ මේදයත් ඊටම එකතු කරනවා. ස්‌ටොක්‌ සාරය මිශ්‍ර කරලා පැය තුනක්‌ පමණ වේලා තබා ගන්නවා. මේක දැකුමෙන් නම් අපිට හුරු පුරුදු මීට්‌බෝල වගෙයි. ස්‌කොට්‌ලන්තයේ සුපිරි වෙළඳසල් සහ ආපනශාලාවල අවුරුද්ද මුළුල්ලේම හැගි දැක ගන්න පුළුවනි. ඔබට බැටළු මාංශය, හදවත හෝ පෙනහැල්ල වැනි ඉන්ද්‍රියක්‌ ආහාරයට ගන්න උවමනා වුණොත් ඊට ගැළපෙන හොඳම විකල්පය හැගි බව අමතක කරන්න හොඳ නැහැ.

02--Bugs

කැරපොත්තන්, දිවි මකුළුවන්, සහ පළාපෙත්තන් වැනි කෘමීන් අද ලෝකය පුරාම රසවත් ආහාර විදිහට පිළිගන්නවා. ඒකටත් හේතුවක්‌ තියෙනවා. මේ සතුන් අල්ලා ගැනීමත් පහසුයි. ඒ වගේම පිළියෙල කර ගැනීමත් ලේසියි. අහනකොටත් අප්‍රිය වුණත් ප්‍රොaටීන් අධික වගේම සෞඛ්‍ය සම්පන්න ඇසිඩ්වලින් ඉහළයි. චොකලට්‌ වගේම කුකිස්‌ වර්ග වලට යොදන කෘමීන් කරස්‌ ගාලා හැපෙනවා. අපේ රටේ නැති වුණත් තායිලන්තය, බැංකොක්‌ වැනි රටවලට ගියොත් මේ කෘමීන් සහිත ආහාර පිළිබඳව ඔබටත් අත්දැකීම් ලබා ගන්න පුළුවනි.

03- ෆුග

ශරීරයට විටෙක විෂ සහිත වුවද මෙම ආහාරයට ඇතැමුන් රුචියක්‌ දක්‌වති. බ්ලොෆිෂ් නම් මත්ස්‍යයාගෙන් මෙම ආහාරය සකසා ගනී. මෙම මත්ස්‍ය විශේෂය තුළ දරුණු විෂ අන්තර්ගත වුවද ජපන් වැසියන් අතර බලපත්‍ර සහිත කෝකිවරුන් ෆුගු පිළියෙල කරන්නේ ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම නිසාය. මෙම බ්ලෝෆිෂ් මත්ස්‍ය විෂ ශරීරගතව ඇති වෙන පෙනහළුවල මාංශ පේශින් අකර්මන්‍යතාවය නිසා පුද්ගලයන් සිහිසුන් බවට පත් වෙන අතර ඒ තත්ත්වය මරණය දක්‌වාම හේතු වෙන තරමට දරුණු වේ.

04 බාළුට්‌

පිලිපීනයේ ප්‍රචලිත මෙම ආහාර විශේෂය ගැන අපිට නම් සිතන විටත් දැනෙන්නේ අපුලකි. සති කීපයක්‌ වළලා තබා ආහාරයට ගන්නවා යෑයි කී විට නහයට දැනෙන්නේ දුර්ගන්ධයක්‌ වුවද බාලුට්‌ ඔවුන් අතර රසවත් ආහාරයකි.

 

05-Fried Brain Sandwich

ගව පැටවුන්ගේ මොළයෙන් ලබා ගත් කොටස්‌ පාන් පෙති අතරට මැදි කොට ගෙන තනා ගත් මෙම ආහාරය උමතු ගව රෝගය නිසා දැන් ඉල්ලුම අඩු වී ඇත. ඇමරිකා එක්‌සත් ජනපදයේ මිසෝරි ආපනශාලාවන්හි අදටත් මෙම ආහාරය දක්‌නට ලැබෙනවා. නදිය ආශ්‍රිත ප්‍රදේශයන්හි ගව මොළය යොදා ගත් බනිස්‌ බෙහෙවින් ජනප්‍රියය. මාස තිහකට වඩා වයසැති ගවයන්ගේ මොළය මේ වෙනුවෙන් යොදා ගනී. උමතු ගව රෝගයෙන් පසුව ඌරු මොළය සැන්ඩ්විච් වෙනුවෙන් යොදා ගැනීමට මෙම ආහාර රුචියට ප්‍රිය කරන්නන් උනන්දු වී ඇත.

06-Rocky Mountain Oysters

සමහරවිට ඔබට හිsතෙය බෙල්ලන් අප්‍රිය ආහාරයක්‌ විදිහට නම් කරන්නේ ඇයි කියලා. මේ මුහුදු ආහාරයක්‌ විදිහට අපි හිතන බෙල්ලන් නෙවෙයි. රොකී කඳුකර ආශ්‍රිත මිනිසුන් අතර මේ ආහාරය බොහොම ජනප්‍රියයි. ප්‍රාදේශීය විදිහට මෙය හඳුන්වන්නේ ප්‍රෙයරි ඔයිස්‌ටර්ස්‌ විදිහටයි. ගව, මී ගව හෝ ඌරන්ගේ මුෂ්කයෙන් ලබා ගන්නා කොටස්‌ තම්බා ඉන් පසුව පිටි දවටා බදිනවා. කොක්‌ටේල් සෝස්‌ සමග බොහොම උජාරුවට රස විඳිනවා. ඔබ ඇමරිකා එක්‌සත් ජනපදයේ හෝ කැනඩාව ප්‍රදේශයේදී ඔයිස්‌ටර් ඉල්ලුම් කළොත් ඔබට ලැබෙන්නේ මුලින් සඳහන් සතුන්ගේ මුෂ්කය සහිත ආහාරයක්‌ බව අමතක කරන්න එපා.

07-Sannakji

කොරියාව ප්‍රදේශයේ දක්‌නට ලැබෙන මුහුදු ආහාරයක්‌. මෙය ලබා ගන්නේ nakji කියන බූවල්ලාගෙන්. පණ තිබියදීම බූවල්ලා කුඩා කැබලි වලට කපල තලතෙල් හෝ තල ඇට සමග එහි නියම රසය අත්විඳිනවා. පණ සහිත අඬු කොටස්‌ පිඟානේ තිබියදීsම දඟලනවා. මේවා හපන විට බොහොම පරෙස්‌සමෙන් හපන්න ඕන. මොකද කිව්වොත් මේ සතුන්ගේ උරා බොන අවයවයන් මුඛයේ සහ උගුරේ ඇලවෙන්න පුළුවනි .

08 Casu Marzu

ඉතාලියේ සාරඩ්නියා ප්‍රදේශයේ මෙම විශේෂිත චීස්‌ වර්ගය ජනප්‍රියයි. මෙම චීස්‌ වලදි පිලවුන් අතර සිටින කෘමියන් චීස්‌ අතරට එක්‌ කරයි. එවිට චීස්‌ පැසවන අතර එහි අන්තර්ගත මේදය බිඳ වැටී කුණු වීමට ආසන්න මට්‌ටම මෙම ආහාරයේ හොඳම අවස්‌ථාව ලෙස පිළිsගැනේ. සිහින් පණුවන් ඉවත් කරමින් කිසිදු අප්‍රියතාවක්‌ නොමැතිව චීස්‌ රසවිඳින්නට ඉතාලියේ ජනතාව හුරු පුරුදුව සිටිති. මේ ගැන ඇහුවාම චීස්‌ නම් තියෙනවා. ඒත්.. මේ වගේ චීස්‌ නම් කාලා නැතුවා කියලා ඔබට හිතේවි....

09 Stuffed camel

මෙම ආහාරය පිළියෙල කිරීමේදී යොදා ගන්නේ ඔටු මස්‌ විතරක්‌ නෙවෙයි. එක්‌ ඔටුවෙක්‌, බැටළුවෙක්‌ සහ කුකුළු පැටවුන් විසි පහක්‌ යොදා ගන්නවා. කුකුළු පැටවුන් හාල් සහ බිත්තර සමග මිශ්‍ර කරනවා. ඔටුවා පුළුස්‌සා ගන්නවා. ලොකුම ආහාර වට්‌ටෝරුව විදිහට මෙය ගිනස්‌ පොතටත් ඇතුළත්.

10-Hakarl

අමුතු ආහාර ගැන ඇන්තනි බෝර්ඩියන් බොහොම ප්‍රසිද්ධයි. හකාරි කියන්නෙත් ඔහු විසින් හඳුනා ගත් අමුතු ආහාරයක්‌. මෝර මත්ස්‍යන්ගේ බඩවැල් පැසවලා නිපදවා ගන්න හකාරි අයිස්‌ලන්තය වැනි රටවල අවුරුද්ද මුළුල්ලේම වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවනි. මෙයින් වහනය වෙන්නේ ඇමෝනියා ගන්ධයක්‌. හකාරි සංග්‍රහ කරන්නේ දත් හාරන කූරුත් සමග.

5S පංච විධික්‍රමය

එස් පහ යනු ජපානයේ උපන් ක්‍රමවේදයකි. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඕනෑම ආයතනයකට පාසලකට කර්මාන්තශාලාවකට ඵලදායිතාවය අතින් ඉහළටම යා හැකිය 



  • seiri, සෙයිරි 
  • seiton, සෙයිතොන්
  • seiso, සෙයිසො
  • seiketsu, සෙයිකෙත්සු
  • shitsuke ෂිත්සුකේ


seiri, සෙයිරි Sorting
අවශ්‍ය හා අනවශ්‍ය දේ හදුනාගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම

seiton, සෙයිතොන්
අවශ්‍ය දේ පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි පිලිවෙළකට සකස් කිරීම ඇහිරීම

seiso, සෙයිසො Systematic Cleaning/Shine
සුපිරිසිදුබව... දූවිලි අංශුවක්වත් ඉතුරු නොවන ලෙස පිරිසිදු කිරීම

seiketsu, සෙයිකෙත්සු- සමමිතිය
ඉහත සදහන් පියවර තුන වැඩිදියුණු කිරීම


shitsuke ෂිත්සුකේ