Monday, February 25, 2013

ආදරේට ජාති බේද නැහැලුනේ......

ආදරණිය නංගී,
කොහොමද ජීවිතේ? හරි නිදහස් නේද? සතුටින් ඉන්නවා නේද? ඔයා සිංහල බෞද්ධ යුවතියක්නේ... ඒකයි ඔයාට ඔච්චර සතුටින් නිදහසේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. 
ඒත්.... ඔයා ආදරය කරන්නේ මුස්ලිම් තරුණයෙකුට.. එහෙම නේද? ම් ම් ම්... කමක් නෑ. ආදරේට ජාති බේද නැහැලුනේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. ඔයා ඒ ගැනත් දැනගෙනම එයත් එක්ක විවාහ වෙන්න.

ආදරණිය නංගී,
කොහොමද ජීවිතේ? හරි නිදහස් නේද? සතුටින් ඉන්නවා නේද? ඔයා සිංහල බෞද්ධ යුවතියක්නේ... ඒකයි ඔයාට ඔච්චර සතුටින් නිදහසේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ.
ඒත්.... ඔයා ආදරය කරන්නේ මුස්ලිම් තරුණයෙකුට.. එහෙම නේද? ම් ම් ම්... කමක් නෑ. ආදරේට ජාති බේද නැහැලුනේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. ඔයා ඒ ගැනත් දැනගෙනම එයත් එක්ක විවාහ වෙන්න.
මුස්ලිම් අයට හැම දෙයක්ම හලාල් වෙන්න ඕනනේ. එයාලගේ කෑම බීමත් හලාල් වෙන්න ඕන. පාවිච්චි කරන දේවලුත් හලාල් වෙන්න ඕන. ඒ වගේම ඒ ගොල්ලො විවාහ වෙන ස්ත්‍රියත් හලාල් වෙන්න ඕනලු.
ඒ නිසා එයත් එක්ක විවාහ වෙන්න ඕන නම් ඔයාටත් සිද්ධ වෙනවා “හලාල්“ වෙන්න. කොහොමද හලාල් වෙන්නේ?
මුස්ලිම් පිරිමියෙක් විවාහ වෙන කාන්තාව අනිවාර්යයෙන්ම මුස්ලිම් කාන්තාවක් වෙන්න ඕන. මුස්ලිම් නොවන කාන්තාවක් එක්ක විවාහ වෙන එක එයාලට “හරාම්“. ඒ කියන්නේ තහනම්. ඒ හින්දා ඔයාට සිද්ධ වෙනවා මුස්ලිම් කාන්තාවක් වෙන්න. මුස්ලිම් ආගම වැළදගන්න.
ඉතින් ඔයා මුස්ලිම් කාන්තාවක් වුණාම ඔයාගේ මුස්ලිම් පෙම්වතා එක්ක ඔයාට විවාහ වෙන්න සිද්ධ වෙන්නේ දැනටමත් මේ රටේ බල පවත්වන මුස්ලිම් (ක්වාසි) විවාහ නීතියට අනුවයි. ඒ කියන්නේ ක්වාසි විවාහ නීතියේ තියෙන කොන්දේසි වලට ඔයාට එකග වෙන්න සිද්ධ වෙනවා. එතැන තියෙනවා මෙන්න මේ වගේ කොන්දේසි.
1. මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණකි.
2. විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය. (පනතේ 47(1)1වගන්තිය)
3. මුස්ලිම් විවාහ නීතිය යටතේ බහු භාර්යා සේවනයට ඉඩ ලබා දෙන බැවින් මුස්ලිම් පුරුෂයෙකුට විවාහ 4ක් කර ගැනීමේ නීතිමය අවසරය ඇත. (44 වන වගන්තිය)
(තවත් ගොඩක් දේවල් මේ පනතේ තියනවා. හොයාගෙන කියවන්න.)
ඔයා මේ කොන්දේසි වලට එකග වෙලා එයාව විවාහ කර ගත්තාම හරි.. ඔයා එයාගේ “හලාල්“ ඒ කියන්නේ නීත්‍යානුකූල භාර්යාව.
ඉතින් තවත් ටික කාලයක් යද්දී එයා තවත් භාර්යාවන් ඔයාගේ ගෙදරට එක්කරගෙන ඒවි. එක්කෙනෙක් දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක්ම... කමක් නැහැනේ.. ඔයා එයාව විවාහ කර ගන්නේ මේ කොන්දේසියට එකග වෙලානේ.. අනික එයාලත් හලාල්නේ..
ඒ වගේම එයා ගෙදරට එක්කරගෙන එන ආදරණීය භාර්යාවන් අවුරුදු 12ටත් අඩු පුංචි නංගිලා වෙන්නත් හොදටම ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඔයා හිත කම්පා කරගන්නේ නැතිව ඉවසගෙන ඉන්න. විවාහයේදී ඔයා ඒ කොන්දේසියටත් එකග වුණානේ.
ඒ විතරක් නෙවෙයි. ඔයාට මුණ දෙන්න තව ගොඩාක් දේවල් තියේවි. ඔයා එයාව විවාහ කර ගන්නේ මුස්ලිම් කාන්තාවක් වෙලානේ. ඉතින් ඔයාට ඉස්ලාම් ආගමටත් ඒ ආගමේ නීති රීති වලටත් ගරු කරන්නම වෙනවානේ..
ඉතින්...
මුස්ලිම් ආගම වැලද ගත්තාම ඔයා පිළිපදින කුරානයේ මෙහෙම තියෙනවා.
කුරානය - 2.223 - ගැහැණුන් ඔබගේ වගා භූමියයි. එබැවින් ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවක ඇතුළු වන්න. මුස්ලිම් පිරිමින්ට තමන්ට කැමති විදිහට ගැහැණුන්ට සලකන්න කුරානයෙන්ම අයිතිය දීලා තියෙනවා. හැබැයි ඒකට විරුද්ධ වෙන්න කිසිම අයිතියක් ඒ ආගමින් ඔයාට දීලා නෑ. ඒ නිසා එයා කියන කරන හැම දෙයක්ම නිහඞවම දරාගන්න ඔයාට සිද්ධ වෙනවා.
කුරානය - 4.3, කුරානය 4.24 පාඨ වලින් කියවෙන විදිහට විවාහක හෝ වහල් ගැහැණුන් සමග ලිංගිකව හැසිරෙන්නට පිරිමින්ට පූර්ණ අවසරය තියෙනවා. ඒ නිසා ඔයාගේ ආදරණීය මුස්ලිම් ස්වාමි පුරුෂයාගේ අනියම් සම්බන්ධතා තිබුණත් ගෙදර ඉන්න මෙහෙකාරියකට එයාගෙන් ලිංගික හිරිහැර වුණත් ඒ දේවල් ගැන උපේක්ෂාවෙන් හිතන්න ඔයා පුරුදු වෙන්න ඕන. ඒකත් ඒ අයට ආගමින්ම ලැබිලා තියෙන වරප්‍රසාදයක්නේ.
ඒ වගේම කුරානය 4.34 පාඨයේ කියලා තියෙනවා පුරුෂයන්ට ස්ත්‍රීන් භාරය. පුරුෂයන් ස්ත්‍රියට වඩා උසස්ය. එබැවින් කීකරු නොවන ස්ත්‍රින්ට අවවාද කරන්නට, නිදි යහනෙන් ඈත් කර තබන්නට හා පහර දෙන්නට පුරුෂයාට අයිතිය ඇත කියලා. ඉතින් එයා ඔයාට මොන තරම් හිංසා කළත්, ගැහුවත්, බැන්නත් අහිතක් හිතන්න එපා. ඒ එයාගේ ආගමින් දුන්න උපදෙස්නේ. එයාගේ වගේම ඔයාත් අනාගතයේදී වැළද ගන්න බලාපොරොත්තු වෙන ආගමනේ.
ඉතින් තවත් භාර්යාවන් තුන් දෙනෙක් එක්ක සහජීවනයෙන් සාමකාමී පවුල් ජීවිතයක් ගත කරන්න ඔයාට පුළුවන් වේවි. ඒ නිසා ඔයාගේ මුස්ලිම් පෙම්වතාව විවාහ කරගන්න.
ඒ වුණාට පුංචි කාරණේකට වුණත් ඔයාව දික්කසාද කරලා ගෙදරින් එළියට ඇදලා දාන්නත් එයාට පුළුවන්. ඒකට මේ සිංහල අපට වගේ ගොඩාක් කරදර වෙන්න ඕන නෑ. නඩු කියන්න, සාක්ෂි ඉදිරිපත් කරන්න, වන්දි ගෙවන්න ඕන නෑ. පල්ලියේ සාක්ෂි කාරයින් තුන් දෙනෙක් ඉදිරියේ එයා “තලාක්“ කියලා තුන් වතාවක් කිව්වාම ඔයා දික්කසාදයි. එච්චරයි.
ඊට පස්සේ ඔයාගේ සිංහල දෙමව්පියෝ ඔයාව බාර ගන්නවා නම් ආපහු ඒ අය ලගට එන්න පුලුවන්. හැබැයි හිස් අතින්. වෙන දෙයක් තියා ඔයාගේ දරුවන්ගේ අයිතිවත් ඔයාට ලැබෙන්නේ නෑ. මුස්ලිම් නීතියේ හැටියට දරුවන්ගේ අයිතිය තියෙන්නෙත් තාත්තාගේ නෑ පාර්ශවයටනේ.
කමක් නෑ... සැලෙන්න එපා.. මේ දේවල් වලට මූණ දෙන්න හිතට ධෛර්යය ගන්න. ඔයා ඒක කරන්නේ පිරිසිදු ආදරේ නාමයෙන්නේ....
ඔයාට සුබ අනාගතයක්.