Monday, September 10, 2012

◄ පොළොන්නරුවේ තිවංක පිළිමගෙට වැටෙන පිටසක්වළ අද්භූත එළි ►



ඔහු පිරිත් අසන්නේය. පන්සිල් නොව අටසිල්ද රකින්නේය. ඒ සියල්ල අභිභවමින් තම පණටත් වඩා තිවංක පිළිමගෙය රකින්නේය. ඕන ලොක්කෙකුට වැරදි තැන් පෙන්වාදීමට ඔහු පසු බට නොවේ. තම රාජකාරිය දේවකාරියක් ලෙස ඇදහූ මේ මිනිසා පුරාවිද්‍යා ඉතිහාසයේ තැබූ රන් සළකුණක් බඳු විය. තම නිළ ඇඳුම ඇඳ රාජකාරිය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එකම රැකවලා වූවේ මොහුය.

රටට දැයට බරක් නැති ඔහු සොයා ගිය අපි ධර්මරත්න මහතාගේ නිවසට ගියෙමු. තිවංක පිළිමගෙය සමඟ බැඳි මතකයක් දැන ගන්නට අවැසි වග පැවසූ විට ඔහු ඊට බොහෝ සතුටු විය. ධර්මරත්න මෙම පිළිමගෙයෙහි අප නොදොටු සිතුවම් දැක ඇත්තා සේ එහි විනාශයද ඇස් පනාපිටම දැක ගත්තේය. ඔහු කියන පරිදි ඔහු රැකියාවට පැමිණි මුල් යුගය වන විට තිවංක පිළිමගෙයි සිතුවම් කතා කරන්නා තරමට අලංකාරව තිබිණි.

වරෙක පොලොන්නරුවේ මැදිරිගිරියෙන් අතුරුදන් වූ පුරාවස්තු ප්‍රමාණයක් රේගුවෙන් ගත්තේය. එහි තිබූ බඩු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හරි හැටි හඳුනා ගන්නට නොහැකි විය. එහෙත් එහිදී ධර්මරත්න පවසා ඇත්තේ එම පුරා වස්තු ආකෘති පමණක් බවත් ඒවා කඩා බලන්නේ නම් තමන් එහි වගකීම ගන්නා බවත්ය. මේ වන විට ඒවා ජර්මනියේ තබා ඇති අතර කඩා බැලීමෙන් තහවුරු වූයේ මැටි වලින් සාදාතිබූ අනුරූ බවත්ය.

වෘත්තියෙන් මුරකරුවකු වුවද දැනුමෙන් සහ අත්දැකීම් වලින් මහාචාර්යවරයකු වැනි ධර්මරත්න පවසන්නේ තිවංක පිළිම ගෙයෙහි විවිධ හාස්කම් ඇති බවයි. එලෙස ඔහු තමන් අත්විදි හාස්කම් පිළිබඳව හෙලි කළේය.

තිවංක පිළිමයට ඉදිරියෙන් වූ වම් පස බිත්තියෙහි අඳින ලද දේව රූප ගණනාවකි. එහි සතරවරම් දෙවි වරුන්ට අමතරව තවත් අඳුනා ගත නොහැකි වෙනස් වර්ගයේ රුවක් ද වේ. එම සිතුවමේ මුහුණ ආවරණයක් ඇඳ ඇති අතර එය වර්තමානයේ ගගණගාමීන් භාවිතා කරන හිස් වැසුමකට සමාන වේ.

ධර්මරත්න මහතා පවසන්නේ ඇතැම් දිනෙක තිවංක පිළිම ගෙයට ඉහලින් අහසේ දිලිසෙන අමුතු වස්තු පැමිණෙන බවත් ඒවායින් නිකුත් කරන ආලෝකය පිළිම ගෙය තුලට වැටෙන බවත් ය. මෙය නිස්කලංක රාත්‍රීන් වල දී වගේම සමහර දවල් කාලයන් හිදී ද දක්නට ලැබෙන අතර මෙම සිතුවම් සේම එම වස්තූන් යම් කිසි අදෘශ්‍යමාන යමක් හෝ වෙනත් ග්‍රහලෝක වල ක්‍රියාකාරිත්වයන් සමඟ බැඳීමක් ඇති බව ඔහු විශ්වාස කරයි.

තිවංක පිළිමගෙය එදා මෙන්ම අද ද අධ්‍යාත්මික මනස දියුණු කරවන ස්ථානයක් බවත් අළුයම 5 ට පමණ ඔහු පිළිමගෙය පිරිසිදු කර පැයක් හමාරක් බුදුන් වැඳීමට හුරු වී සිටී. එවිට මිටි පුද්ගලයෙක් ඔහු අසලින් හිටගන්නා අතර බුදුන් වැඳ දෙවියන්ට පින් දී අවසන් වන විට ඔහු ද අතුරුදන් වන බව පවසයි.

එසේම මස්, මාළු කා මත්පැන් පානය කර පැමිණෙන එකදු මුරකරුවකුට හෝ මෙහි සිටින්නට ඉඩ නොදෙන අතර ඔවුන්ව රෑට පා පහර වදින බවත් ඇද එළියට දමන බවත් ධර්මරත්න මහතා පවසයි.

මෙහි අද වනවිටත් නාගයන් දෙදෙනෙකු සිටින බව පවසන ධර්මරත්න මහතා තවත් එක් අපූරු සිදුවීමක් විස්තර කළේය.

දිනක් බුදුන් වඳින විට පැමිණෙන්නා වැනි වූ මිටි පුද්ගලයන් පිරිසක් ධර්මරත්න මහතා වටේ දුවන්නට පටන්ගෙන ඇත. ඔවුන් කළු පැහැති වන අතර හිසකෙස් රැළි වූ ස්වභාවයක් යුක්තය. පාදජාලා සේම වළලු ද පැලඳ සිටි ඇති අතර ටික වෙලාවක් එසේ ඇවිදමින් සිට නොතේරෙන භාශාවකින් යමක් පවසා ඇත.

ඊට පැයකට දෙකකට පසු පණිවිඩ කරුවෙක් පැමිණ ධර්මරත්න මහතා හට පවසා ඇත්තේ තිවංකය ආසන්නයේ කොල්ලකරුවන් පිරිසක් නිධන් හෑරීමට සූදානම් වන බවත් එවන්නට කෙනෙක් නැති බැවින් හැකිනම් ගොස් බලන ලෙසත් ය.

ධර්මරත්න එහි යන්නට පිටත් වූ විට පෙර කී ඔහු වටකොටගත් පිරිස ද ධර්මරත්නට ඉස්සර වී ගමන් කර ඇත. එසේ ගිය ඔවුන් නිධන් ගැනීමට සැරසී උන් ස්ථානයේ එක් තැනකදී ඔවුන් නතර වී ඇත. හොඳින් බැලූ විට ආරක්ෂක නූල් කිහිපයක් දුටු ධර්මරත්න ඒවා කඩා ඉවත් කර ඇත. එවිටම පිරිස ඉදිරියට යාමට පටන් ගෙන ඇති අතර තුවක්කු පවා රැගෙන හිටි කොල්ලකරුවන් ද පැන දුවන්නට පටන්ගෙන ඇත. අඩි දහසයක් හාරා තිබූ ඒ ස්ථානය එලෙස රැක ගැනීමට හැකි වූ බවට ඔහු මහත් සතුටු වේ."

සියල්ල අවසානව ඔහු තම රැකියාවෙන් සමුගන්නේ විශ්‍රාම යන්නට වසර 7ක් තිබියදීය. ධර්මරත්න පුරාවිද්‍යා කොමසාරිස්තුමාගෙන එකම වරයක් ඉල්ලීය. ඒ තිවංක පිළිමගෙය තව දුරටත් රැක ගැනීම සඳහා තම මයිලණුවන්ට තමාගෙන් පසු මුරකරු තනතුර ලබාදෙන ලෙසටය. අද එහි මුරකරු වන්නේ ධර්මරත්න නම් අයියාගේම මලණුවන්‍ ය.

~ රාවණා යුගයට දිවෙන හග්ගල ඉතිහාසය ~




නුවර එළිය පැත්තේ ඇවිදින්න ගියොත් අපි කව්රුත් යන තැනක්නේ හග්ගල මල් වත්ත. හැබැයි ඉතින් දැන් කාලේනං ට්‍රිප් යන්නේ කොහේ හරි ඈතක තරු පහේ හෝටලයක් හොයාගෙන ආයේ මෙහෙ ඉන්නවා වගේ පූල් එකක බැහැල නාල කෑම ටිකක් කාල, කාමරයක් අස්සට වෙලා ඉඳල එන්නනේ .. හරි එකෙන් වැඩක් නෑ.. හග්ගල මල් වත්තට අපි හිතනවට වඩා ඉතිහාසයක් තියෙනවා. මේ මල් වත්ත හග්ගල උද්භිද උද්‍යානය බවට පත් කරලා තියෙන්නේ 1961 දී. නමුත් ඊට සියවස් ගණනාවකට එහා පැත්තේ රාවණා රජ්ජුරුවන්ගේ කාලේ දක්වා දිවෙන ඉතිහාසයක් මේ හග්ගල ආශ්‍රිත ප්‍රදේශයට තියෙනවා. ප‍්‍රතාපවත් රාවණා රජු දක්‍ෂ වෛද්‍යවරයෙකු බවත් රජුගේ ඖෂධ උයන හග්ගල කන්ද ආශ‍්‍රිතව තිබුණු බවත් කියවෙනවා. රාමා සිතා කතාන්දරයේ සීතා දේවිය ස්තී‍්‍රපුර ගල්ලෙනක සඟවා සිටියදී මතුවූ අක්‍ෂි ආබාදයට ප‍්‍රතිකාර කළේ හග්ගල ඖෂධ උද්‍යානයේදී බව ඓතිහාසික තොරතුරු වලින් හෙළි වෙනවා. එදා සීතාවන් රෝගයෙන් සුවය ලැබූ තැන අද ”සීතාඑළිය” ලෙස සලකුණු ලබනවා. කොහොම වුනත් ඊට පස්සේ කාලෙක, ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන් පැතිර ගිය මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ඖෂධයක් කොට සළකන ”ක්විනික්” නිෂ්පාදනය කිරීම සඳහා ”සින්කෝනා” නමැති ශාකයක් වගා කිරීමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය හරහා 1859 වසරේදී පර්යේෂණ කටයුතු මෙම හග්ගලදී සිදුකරලා තියෙනවා. එහි ප‍්‍රතිඵලයක් විදියට තමයි, 1861 වසරේදී මෙම හග්ගල උද්‍යානය තුළ ඇතිකළ සින්කෝනා වගාව නිසා එය උද්භිද උද්‍යානයක් බවට පත්වෙන්නේ. සින්කෝනා වගාවෙන් ඇරඹු හග්ගල උද්භිද උද්‍යානය ආශි‍්‍රතව මෙරට ප‍්‍රධාන වැවිලි දෙකක් වූ කෝපි හා තේ වගාවන්ද පර්යේෂණ වශයෙන් සිදුකළ ස්ථානයක් බව කියවෙනවා. උද්‍යානයේ පර්යේෂණ සඳහා සිටවූ කෝපි ආදර්ශන නොවූවත් අඩි 15ක් උසට විහිදුණු තේ ගස් අපට අදද හග්ගල උද්භිද උද්‍යානයේදී නෙත ගැටෙනවා.
 

නුවරඑළිය දිස්ති‍්‍රක්කය හා බදුල්ල දිස්ති‍්‍රක්ක දෙක යාවන හග්ගල කඳු වැටිය ආශි‍්‍රතව පිහිටි හග්ගල උද්භිද උද්‍යානයට ඊසාන දිග හා නිරිත දිග මෝසම් වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2200 පමණ. වසරකට දින 210ක් වර්ෂාව ලැබෙන මෙම උද්‍යානය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-15ක් අතර පවතින ප්‍රදේශයක්. මුහුදු මට්ටමෙන් මීටර් 2173 ක් උසැති හග්ගල කඳුවැටිය පාමුල මීටර් 1745ක උසින් යුතුව අක්කර 500ක් පමණ පුරා විහිදී යන ආකාරයෙන් මේ හග්ගල උද්භිද උද්‍යානය ස්ථාපිත කර තියෙනවා. නමුත් අද වෙන කොටනම් තයෙන්නේ අක්කර 68 ක් පමණ. මේ උද්‍යානය තුළ ශාක 20,000ක් පමණ පවතිනව. ඒ අතර ලංකාවට ආවේණික ශාක 4143ක්ද ලංකාව හා විදේශීයට ආවේණික 3107ක්ද හග්ගලට ආවේණික ශාක වර්ග 100ක් පමණ උද්‍යානයේ තිබෙනවා. අද උද්‍යානය තුළ තිබෙන ගස් බොහොමයක් අවුරුදු 100 ට වඩා පැරණි ඒවා වනවා.

Thursday, September 6, 2012

බෞද්ධ ධර්මය විනාශ කරන්න කාටවත් බැහැ


බෞද්ධ ධර්මය විනාශ කරන්න කාටවත් බැහැ.වසර පන්දාහක් ‍රැකෙනව බුදුන් වහන්සේ දේශනා කල අයුරින්ම.හැබැයි ඒ අද ත්‍රිපිටකය කෑලි කරන්න හදන බෞද්ධයො නිසා නෙමෙයි.ලංකාව දේව රාජ්‍යක් කරන්න පිඹුරු පත් හදන මිසදු‍ටුවන්ගේ ලොකුම අභියෝගය සෝමහාමුදුරුවො.පලවෙනි අදියර සාර්ථක වුණා.උන්වහන්සෙව අපවත් කරා. තව නොබෝ කලකින් තේරවාදී බුදු දහම ලංකාවෙන් නැති වෙනවා.නමුත් චීනය ජාපානය වගේ රටවල් නිසා ලෝකෙ බෞද්ධ දර්ශනය ‍රැකෙනව . ඒක ඒකාන්තයි .සිංහල ජාතියට අන්තවාදින් හමුවේ පන්නරය ලබන්න.මිසදු‍ටු බලවේග පරාජය කරන්න ආයෙ සෝමහාමුදුරුවො වගේ නායකත්වයක් මගපෙන්වීමක් අපට ආයෙ දෙන්න පුලුවන් සෝමහාමුදුරුවො වගෙ මිනි පහනක් බිහි වුනොත් ඒක අපේ වසනාව. නැත්නම් බලමු ආතර් සී ක්ලාක් කිවුව විදියට 2050 වසරෙදි හැම ආගමක්ම නැතිවෙල බෞද්ධ ආගම විතරක් ඉතුරු වෙන හැටි ඒකනෙ මොනව උනත් අපේ අය සද්ද නැතුව බලන් ඉන්නෙ.ඔය කියමන අපිව මුලාකරන්න ගහපු දහම් ගැටයක් බව මතක තියාගන්න. එතුමා ජොතිශ්‍යවේදියෙක් නෙමේ. අනාවැකි පලකරන්න.ජාතිය ආගම ගැන කතා කරන අයට ජාතිවාදි ලේබලය ගහන උදවියට තේරෙයි ලගදිම මුස්ලිමානුවන් නැගෙනහිර වෙන් කරන්න ඕන කියනකොට.වෙනම පාලනයක් අවශ්‍ය බවට රජයට යෝජනා බාර දෙන දවස වැඩි ඈතක නැහැ..එදාට ඔය ජාතිවදියො කියල ලේබල් ගහන උදවිය කියයි ආයෙ නම් අපට බැහැ යුද්ද කරන්න ඔන්න ඔහේ දීල දාමු .
අනගාරික ධර්මපාලතුමා කියපු දේවල් ටික නැවත මතක් කරගන්න . හිතන්න ඔබ තීරනය කරන්න සිංහල ජාතියේ අවසානය ඉතිහාසයට එකතු කරන්වද? මෙතෙක් කාලයකට කිසිම ජාතියකට යටත් කරගන්න බැරි උන ජාතියක් සිංහල ජාතිය කියන්නෙ.සුද්දට පුලුවන් උනෙත් මුහුදු බඩ ප්‍රදේශය අල්ලගන්න විතරයි...අපිට හෙළයන් ,රණවිරුවන් ‍රැක දුන් නිවහල් නිදහස් දෙශයේ සුරකිමු.මවුබිම ‍රැකගමු.අපි වෙනුවෙන් අපි.ජාතිය ‍රැකුනොත් බුදු දම ‍රැකෙයි.සැමට සම්මා සම්බුදු සරණයි !!!