Thursday, May 30, 2013

ලේ වර්ගයෙන් ඔබේ ස්භාවය බලා ගන්න




ජපන් සොයාගැනීමකට අනුව ලේ වර්ගයෙන් පුද්ගලයෙකුගේ ස්භාවය විස්තර කරන ආකාරයි මේ.
ඔබේත් ස්භාවයත් ගැලපෙනවද බලන්න?

O වර්ගය:
සැමවිටම නායකයෙක් වීමට අවශ්‍යයි සහ ඔබට යම්කිසි දෙයක් වුවමන වුවහොත් එය ලැබෙන තෙක් ඔබ කෙසේ හෝ වෙහෙසෙමින් කටයුතු කර අරමුණ කරා යයි. තනි තීරණ ගනී, ලෙන්ගතුයි, සරාගී හා ආත්ම විශ්වසෙකින් යුත්තෙකි.ඔබේ දුර්වලතා නම් අහංකාරකම,ඉර්ෂාව හා අන් අය සමග දැඩි තරගකාරිත්වයට නැබුරුවක් තිබීම.

A වර්ගය:
ඔබ ඉතා එකමුතුය,සාමුහික හා සංවිධානත්මකය.අන් අය සමග ඔබ හොදින් කාර්යන් කරගෙන යන අතර ඔබ ඉතා සංවෙගිය, ඉවසිලිවන්ත හා හිතෛෂී පුද්ගලයෙකි එසේත් නැති නම් හුරතල්ය.ඔබේ දුර්වලතා නම් මුරණ්ඩුභාවය හා නිදහසේ සිටීමේ නොහැකියාව.

B වර්ගය:
ඔබ තද පුද්ගලවදියෙකි.ඔබ අවංක සහ ඔබට අවශ්‍ය දේ තනිව කරා ගැනීමට කැමැත්තක් දක්වයි.නිර්මාණශීලි හා නම්‍යශීලි වේ.ඔබට ඕනෑම අවස්ථාවකට අනුවතනයවී සිටීමේ හැකියාව ඇති අතර ඔබේ තනි ක්‍රියාකලාපය හා ස්වාධීනත්වය දුර ගියවිට ඔබ දුර්වලවීමට ඉඩ ඇත.

AB වර්ගය:
කලබල නැති හික්මුණු පුද්ගලයෙකි.මිනිසුන් පහසුවෙන් හා සැනසීමෙන් තැබීමට ඔබ ඉතා කැමැත්තක් දක්වන අතර විනොධාත්මක හා ක්‍රීඩා වලට නැබුරුවක් දක්වයි.සාධාරණ හා උපායශීලි ද වේ. ඔබේ උඩගු බව හා මෝඩ තීරණ නිසා තීරණ ගැනීමේ අපහසුතාවයකට පත් වේ.