Saturday, June 30, 2012

එක් අනුවේදනීය ආදර කතාවක්


ඔන්න එක ආදරණීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට තෑග්ගක් විදිහට කඩදාසි කොල වලින් හදපු කොක්කු 1000 ක් දුන්නා. මේ කාලෙදි මේ පෙම්වතාගේ ආර්ථික තත්ත්වය එතරම් හොඳ නොවුනත්, ඔහු කුඩා ආයතනයක වැඩ කළත් මේ දෙදෙනා සතුටින් කල් ගත කළා.


හදිසියේම එක් දවසක් ඇය ඔහුට කිව්වා ඈ විදේශ ගත වන බවත් ආයෙත් මවුබිමට නොඑන බවත්. ඒ සමගම ඈ කීවා ඔවුන්ට පැහැදිලි අනාගතයක් නොපෙනෙන බැවින් ඔවුන්ගේම මාර්ගයක වෙන්වී යන එක හොඳ බව. හදවත බිඳුනු මේ පෙම්වතා අවසානයේ මීට එකඟ උනා. ආයෙත් තම සිත ශක්තිමත් කරගත් ඔහු උත්සහයෙන් මහන්සියෙන් හා යහලුවන්ගේ උදවුවෙන් තමන්ගේම කියා කුඩා ආයතනයක් ආරම්භ කළා. දිනෙන් දින ඔහු සාර්ථකත්වයේ හිනිපෙත්තටම ලං උනා.


එක් වැසි දිනයක, ඔහු රිය පදවන විට දැක්කා මහලු යුවලක් එක් කුඩයක් යටින් අමාරුවන් ගමන් කරනවා. කුඩයක් තිබුනත් මේ දෙදෙනා හොඳටම තෙතබරිත වෙලා හිටියේ. මේ ඔහුගේ පරණ පෙම්වතියගේ දෙමව්පියන් බව හඳුනා ගන්නට ඔහුට වැඩි වෙලාවක් ගත උනේ නෑ. ආයෙත් ඔවුන්ට තමා සිහිගන්වනු වස් ඔහු තමාගේ සුඛෝපභොගී සෙඩාන් රිය ඔවුන්ට පෙනෙන පරිදි සෙමෙන් ඔවුන් අසලින් ගෙන ගියා. තමාගේ සුඛෝපභොගී සෙඩාන් රිය, ආයතනය හා උසස් සමාජ තත්ත්වය මේ මහලු දෙපළට පෙන්වීම තමයි ඔහුගේ අරමුණ උනේ. කිසිවක් සිතාගැනීමට පෙර මේ දෙපළ කනත්ත දෙසට හැරුණා.


කුතුහලය රැදි ඔහු තෙමෙමින්ම ඔවුන් පසුපස ගියා. ඔහු යලිත් ඇයව දැක්කා. ඒ කිසිදින අමතක නොවන ඇගේ සිනගව රැගත් ඡායාරූපයකින්. එය තිබුනේ සොහොන් කොතක. ඒ සමගම ඔහු ඇයට දුන් කඩදාසි කොල වලින් හදපු කොක්කු ටිකත් ඒ අසලම තබා තිබුණා. ඔහු කදුළු රැදි දෙනෙතින් ඇයට උනු විපත ගැන ඔවුන්ගෙන් අසා සිටියා. ඇය විදේශ ගත නොවුන බවත් ඇයට පිළිකාවක් වැළදී තිබුණු බවත් මහලු දෙපළ ඔහුට කීවා.


මේ පෙම්වතිය විශ්වාස කළා ඔහු කවදා හෝ හොඳ තැනකට එන බව. එයට බාධාවක් වෙන්න ඇයට ඕන උනේ නෑ. ඒ නිසා ඇයට කළ හැකි එකම විකල්පය උනේ ඔහුව හැර යාමයි. ඇය ඇගේ සොහොන වටා කඩදාසි කොල වලින් හදපු කොක්කු තියන්න කීවේ ඉරණම විසින් ඔහුව ඈ වෙත ගෙන ආවොත් ඔහුට ඒවායින් කීපයක් ඔහු සතුව තියා ගන්න පුලුවන් බව ඇයට හැඟුන නිසා.

මේ කතාවෙන් කියවෙන යථාර්ථය තමයි වෙනත් කෙනෙක් තමන් කැමති විදිහටම ආදරය නොකලට, ඒක ආදරය නෙවෙයි කියලා තේරුම් ගැනීම වරදක් බව. අපිත් ගොඩක් වෙලාවට ආදරයේදී ආත්මාර්ථකාමීයි. ප්‍රථම ප්‍රේමයෙන් පැරදුනු ගොඩක් දෙනා අපිත් එක්ක එකතු වෙනවා ඇති. ඔහු හෝ ඇය තමන්ව දාලා යාමට හේතුව සමහර විට මේ වගේම දෙයක් වෙන්නත් පුලුවන් නේද? ඒ නිසා ආදරය කරපු සිතකට කිසිම දිනක ක්‍රෝධ කරන්න එපා.


"ඇස ගැටෙනා නෙතු දසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්"


තවමත් ආදරය විඳපු නැති යාලුවන්ට මේක තේරෙයි කවදාහරි ආදරය කරන්න පටන් ගත්තාම. කෙනෙකු තමන්ගෙන් වෙන්වෙන්න පුලුවන් නරකම විදිහ තමයි කිසිදා නොලැබෙන බව දැන දැනත් ඔහු හෝ ඇය ළඟින්ම සිටීම.

ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනද සැඟව ගියේ?

මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න. ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා.


ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා.

මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා.

කාලය ගෙවී ගියා. මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා.


"මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්."


ඔන්න අදත් මල් දෙවැටෙන් මට කියන්න ඕන උනේ අපි කාට හරි ආදරය කරනවනම් ඒ බව කියන්න ලැජ්ජා වෙන්න එපා කියන එක. අපි ළඟට ආදරය කියන දේ නොයෙක් ආකාරෙයෙන් එනවා. ඒත් ඒ දේ අඳුන ගන්න අපිට බැරි උනොත් සමහර විට මුලු ජීවිත කාලයම පසුතැවෙන්න සිදුවෙන්න පුලුවන්. ඒ නිසා කවදාවත් ආදරය කියන එක ප්‍රකාශ කරන්න ලැජ්ජා වෙන්න එපා.


සමහර විට අපිත් සමග එකතු වෙන අපේ යාලුවන්ටත් මේ වගේ අත්දැකීම් ඇති. ඒවා අපිත් සමග බෙදාගන්නවන්ම් අපි හැමෝටම ඒ අත්දැකීම් ජීවිතයට එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුලුවන් වේවි.

දන්නවද සීත රාවණාගෙ කවුද කියලා.....?



මම රාවණා රජ්ජුරුවො ගැන ගොඩක් විස්තර හෙව්වා. එතකොට මට හිතාගන්න බැරි විස්තර ගොඩක් මහාචාර්ය භද්‍රජී ජයතිලක මහතාගෙ ශ්‍රී රාවණ්නා පුවත පොතෙන් කියවන්න හම්බුනා

අපි හැමෝම කියවලා, අහලා තියෙන විදියට රාවණා සීතව ලංකාවට පැහැරගෙන එන්න හේතු වුනේ මේ කතාවයි. රාමාගෙ මල්ලි ලක්ෂ්මන ලංකාවට ඇවිත් රාවණගෙන් අ‍යුර්වේදය ඉගෙන ගන්න අතරතුර රාවණාගෙ නංගි සුපර්ණකා එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත්තා. මේ සම්බන්ධෙ පස්සෙ කාලෙක ලක්ෂ්මන් ආයිත් ඉන්දියාවට ආවත් එක්කම බිඳ වැටෙනවා. සුපර්ණකා තමන්ට අහිමිවෙන්න යන ආදරේ හොයාගෙන ඉන්දියාවට ගියාම ලක්ෂ්මන සුපර්ණකා එක්ක රණ්ඩුවක් ඇති කරගෙන සුපර්ණකාගෙ එක කනක් තුවාල වෙන්න හපනවා. පස්සෙ මේ තුවලෙ පිටින්ම ලංකාවට එන සුපර්ණකාව දැක්ක රාවණාට වෙච්ච සිද්දිය අහලා හොඳටම තරහා යනවා.

මේකට පළි ගන්න හිතාගෙන තමයි රාවණා මායා ධර්ම දන්න ධූමරාක්ෂ එක්ක ඳඩුමොණරයෙ නැගලා සීතව පැහැරගෙන එන්න යන්නෙ. පැහැරගෙන ඇවිත් ලංකා පුරයේ හිර කරලා හංගලා තියනවා. හැබැයි වද දීල නෙමෙයි. සීතට ඕන කරන හැම සම්පතක්ම දීලා. කතාවක් තියෙනවා රාවණා එතකොට සීතගෙන් ආදරේ ඉල්ලා හිටිය කියලා. ඒක අමූලික බොරුවක්.

දන්නවද සීත රාවණාගෙ කවුද කියලා.....?

සීත කියන්නේ රාවණාගෙ දුව.

හිතාගන්න බෑ නේ ඔයාලට. ඒ කතාව මෙහෙමයි.

රාවණා රජුට දාව බිරිඳට(මන්ඳෝදරී), එක් මැදියම් රැයක දරු උපත් දෙකක් සිද්ද වෙනවා. ඒ කියන්නේ නිවුන් දරු උපත්. මේ උපත්තීන් ගැන පෙර ලකුණු කියන සෘශිවරු මදියම් රැයට පෙර මෙම උපත් සිදුවුන හොත් රජතුමාට හා රටට යහපතක්, ආශිර්වාදයක් වන බව හා මෙන්ම, මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුවුව හොත් පෙර කී ප්‍රථිඵලයෙ නරක පැතිකඩ , අයහපතක්, රාජ්‍ය විනාශ වන බවට ප්‍රකාශ කලා. මේ නිසා සිත කැළඹුනු රාවණා රජු තමන් නිර්මාණය කරණ ලද ශිව දේවාලයට ගොස් තමන්ට කුඩා කල ඉබේ පහලවූ වූ ශිව ස්තෝත්‍රය ගායනා කරන්න පටන් ගත්තළු. ටික වේලාවක් යන කොට පණිවිඩයක් ආවලු බිරිඳට පුතෙක් ලැබුනා කියලා. ඒත් දෙවෙනි උපත ගැන නොකියවුනු නිසා තවත් කලබල වෙලා බිරිඳ සිටින ශාලවට ආවලු. ඒ වෙන කොට මධ්‍යම රාත්‍රිය පහු වෙලා තිබුනළු. එව්වෙලේ දෙවෙනි උපතත් සිදු වුනාලු. රාවණා මේ ගැන සිත් තැවුලට පත් උනාලු. පළවෙනි උපතින් බිහිවුනු පුතුට ගිරිමේඝ කියලා නම තිබ්බා. ඒකට හේතුව, උපත සිදුවුන වෙලාවෙ මහා හඩින් ගොරවමින් වැහැ වැහැ තිබුන නිසා. දෙවෙනි උපතින් බිහි උනේ දුවෙක්. මධ්‍යම රාත්‍රිය පහුවෙලා ඉපදුනු නිසා තවත් තමන් ළඟ තියාගන්න බැරි නිසා සඳුන් ලීයෙන් කරපු පෙට්ටියක දාල මුහුදෙ පා කරලා යවලා තියෙනවා. බිරිඳට කිව්වා දෙවෙනි උපතින් ලැබුනු දරුව මැරුණා කියලා.

අර පෙට්ටිය පා වෙල ගිහින් ගොඩ ගහලා ත්යෙන්නේ එතකොට ඉන්දියාවෙ රජ කල දශරත රජුගෙ මඟුල් හේනට. (ඒ කාලෙත් රජවරුන්ගෙ දේවල් මඟුල් නෙ) ඒ හම්බවුන දවසේ ඒ රටේ වපි මඟුල් උත්සවේ. නඟුලෙන් සී සාන ගමන් තමයි සීතා දාල හිටපු පෙට්ටිය හම්බ වෙල තියෙන්නෙ. සීතා කියන නමේ තේරුමත් "නඟුලෙන් උපන්නී" කියන එකයි. පස්සෙ තමයි සීතා එහේ හැදිල වැඩිලා පස්සේ කාලෙක රාමට හම්බවෙන්නේ.

රාවණා රජුට හිසවල් 10ක් තියෙනවා කියලා කියනවා. ඒකට හේතුව රාවණා රජු ප්‍රධාන ශාස්ත්‍ර 10ක් දැනගෙන සිට්ය නිසා. හරියටම මතක නෑ


*ආයුර්වේදය


*ගෘහ නිර්මාණය


*යුධ ශිල්පය


*මායා ධර්ම

*රසායන දර්ම(රස දිය සම්බන්දව)

*සංගීත දර්ම

*නැකැත්.ජෝතීශ්‍ය දර්ම

(අන්තිම 3 මතක නෑ)

රාවණා රජු ආයුර්වේදයට බොහොම ආදරේ කරපු, ආයුර්වේද් විද්‍යාව ප්‍රගුණ කරපු රජ කෙනෙක්. ඔහුට ඒ දැනුම ලැබෙණ්නේ ඔහුඩෙ සීයා, පුලස්ථි සෘශිගෙන්. අදටත් පරාක්‍රම සමූද්‍රය ඉස්සරහා තියෙන පිළිමේ පුලස්ථි සෘශිගෙ තමා. නැතුව පරාක්‍රම බාහූ රජුගෙ නෙමෙයි. මෑතකදි කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු උනා. (කාබන් කාල නිර්ණ පරීක්ෂණයෙන්) ඒ කාලෙ පුලස්ථි සෘශිට ආයුර්වේද වටිනාකමින් මිල කරන්න බැරි මහා විශාල වනයක් තිබුනා. ඒක ශ්‍රී අකුරෙ හැඩයට තමයි හදල තිබුනයි කියන්නේ. ආයුර්වේදෙට අනුව ශ්‍රී කියන්නේ ලෙඩ හොඳ කරන අකුරනේ. රාම රාවණා යුද්ධෙදී ඔය වනය විනාශ වෙනවා. ඒත් සම්පූර්ණයෙන්ම නෙමෙයි. අදටත් ඒ වනයෙන් කොටසක් ඉතුරු වෙල තියෙනවා. ඒ තියෙන්නේ පුලස්ථි සෘශිගෙ පිළිරුවට පිටිපස්සෙ තියෙන ඝන කැලෑවෙ. ඔයාලට බොරු කියලා හිතෙනවා නම් ගිහින් බලන්න පුළුවන්. හැබැයි ගියා කියලා ඒ සම්පත් විනාශ කරන්න එපා.

මතයක් තියෙනවා. ඒකත් කියලම මේ සටහන ඉවර කරන්නම්. රාම රාවණා යුද්ධෙන් රාවණා මරුනෙ නෑ කියලා ඔයාලා අහලා අතිනෙ. ඒක ඇත්ත. එදා යුද්ධෙදි රාමා විදපු ඊය රාවණාට වැදුනා. මැරුණෙ නෑ. රාවණා කියන්නෙ ශිව දෙවියන්ගෙන් අමරණීය වරම් ලබපු පුද්ගලයෙක්. ඒක නිසා රාවණා මරන්න කාටත් බෑ. අදටත් රාවණාගේ සිහිය නැතිව තියෙන දේහය හක්ගල කඳු මුඳුනෙ ආරක්ෂා සහිතව බෙහෙත් ඔරුවක බාහලා තියනවා කියල පුරාණ මත තියෙනවා. දේහයෙන් මිදී සිටින රාවණා අවතාරය පුලස්ථි සෘශිගෙ පිළිරුව පිටුපස තියෙන වනයේ සිට භාවනා යෝගීව සිටින බවටත් මත තියෙනවා. අපිට හිතා ගන්න බෑ තමයි. ඒක ඇත්ත වුන දවසට.....!

Tuesday, June 19, 2012

◄ ජාතික කෞතුකාගාරයේදී අප්පුහාමි රජවූ හැටි ►

එදා ඉරිදා උදේ කටුගෙයි සේවකයෙක් සිංහල සිංහාසනය ප‍්‍රදර්ශනය කැර තිබුණු කුටිය පවිත‍්‍ර කරමින් සිටියේය. සිංහාසනය ඔටුන්න සහ කඩුව ඇතුළු මහනුවර රජවරුන්ගේ රාජකීය කුකුධ භාණ්ඩ තැන්පත් කැර තැබුවේ ඇතුලේ දූලි ගසා දමා පවිත‍්‍ර කිරීමේ කාරියෙහි නිරතව සිටි සේවකයා වෙනත් කටයුත්තකට ප‍්‍රදර්ශන ශාලාවේ කෙළවර පිහිටි කාමරයට ගියේය. කටුගෙය නරඹන්නට උදෙන්ම පැමිණ සිටි පිරිස් විවිධ අංශවල තැන්පත් කැර තිබුණු භාණ්ඩ නරඹමින් සිටිනු දක්නා ලදී.

සිංහාසනය තැන්පත් කැර තිබුණු මැදිරිය දෙසට හදිසියේ පෙරළා පැමිණි සේවකයා සිය දෙනෙත් අදහා ගත නොහැකි දර්ශනයකින් අන්දමන්ද වූයේය.
මහනුවර සිංහල රජ පරපුරේ රාජකීය සිංහාසනයේ ‘‘රජතුමා’’ වාඩිවී සිටියේය. ඔහුගේ හිස මත අගනා ඔටුන්නකි. සුරතේ රන් කඩුවකි. සිංහාසනයේ පාමුල විල්ලූද අල්ලා තිබුණු පා පුටුව උඩ රජුගේ දෙපය තැන් පත් වී තිබුණි. මෙම පා පුටුව සඳහා විල්ලූදයෙන් නිම කැර තිබුණු කොට්ටය නාමල් රේණුවලින් පුරවා ඇතැයි කියනු ලැබේ.

මෙය සිහිනයක්ද, හොල්මන් වූ සිතේ මායාවක්දැයි සේවකයාට ඉක්මනින් අවබෝධ කැර ගැනීමට නොහැකි වූයෙන් මේ අසමාන රාජකීය විලාශය දෙස ඔහු නොකන්වැ නොඇස්ව බය භිරාන්තයෙන් බලා උන්නේය.

ඇස් නිලංකාරව අන්දමන්දවැ සිටි කෞතුකාගාර සේවකයා පියවි සිහිය ලත් වහාම සිංහාසනයේ විරාජමානව සිටි ‘‘රජතුමා’’ දෙස බලා වේගයෙන් කෑගැසුවේය. කලබලයට පත් වූ කෞතුකාගාර නිලධාරීහූ කුරුඳුවත්ත පොලීසියට ටෙලිෆෝන් පණිවුඩයක් දී කිසියම් ‘‘මහරජ කෙනෙකු’’ කෞතුකාගාරය තුළ පිහිටි සිංහල සිංහාසනයට නැගී වාඩි වී සිටින බවද අතේ රන් කඩුවක්ද හිසෙන් තුන් සිංහලයේ අණසක පැතිර වූ ඔටුන්න ද දරණ හෙයින් ‘‘රජතුමා’’ අපට නම් සිංහාසනයෙන් ‘‘පහ’’ කැර දැමිය නොහැකි යැයිද වැඩිදුරටත් පොලීසියට පැමිණිලි කැර සිටියහ.

වහාම කෞතුකාගාරයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් රජතුමා ඉදිරියේ පෙනී සිටියද රජතුමා උදාර ලෙස රාජකීය කකුධ භාණ්ඩ කිහිපයකින් සන්නද්ධව සිංහාසනය පිටම අසුන් ගෙන සිටියේය.

‘‘ආසනයෙන් බසින්නැයි’’ පොලිස් පිරිස රජුහට ආයාචනය කළද රජු නොබැණ නොබා - නිහඬව - උදාරව සිටියේය. රජු බලෙන් සිංහාසනයෙන් ඇද දැමිය හැකි නමුදු සුවිසල් වීදුරු කූඩුවක සිංහාසනය තැන්පත් කොට තිබුණු නිසා වීදුරු බිත්තිවලට හානි නොවන පරිදි රජු එළියට ඇද දැමීම අසීරු කරුණක් වූ හෙයින් පොලිස් කණ්ඩායම රජු පැදකුණු කරමින් ප‍්‍රයෝගයක් කල්පනා කරමින් සිටියහ. රජු සරමකුත් බැනියමකුත් ඇඳ සිටි මැදිවිය පසුවූවකු ලෙස පෙනුණි.

‘‘අනේ උන්නැහේ අපට පව් නොදී සිංහාසනයෙන් බැහැලා එන්නැයි’’ කෞතුකාගාර සේවක පිරිස කිහිපවරක්ම බැගෑපත් වූ නමුදු රජු නිහඬව අතෙහි වූ කඩුව උරපිට තබා රජලීලාවෙන් මෑ ‘‘වැඩ’’ සිටියේය.

පොලිස් කණ්ඩායමේ සිටි අති දැවැන්ත පොලිස් නිලධාරියා එකවරම රජතුමා ඉදිරියට පැන අතෙහි වූ රන්කඩුව ගිලිහී බිම වැටෙන තුරු රජුගේ ‘‘ශ්‍රී හස්තය’’ මිරිකා අඹරවන්නට වූයේය. කඩුව බිම ගිලිහිණි. අනතුරුව සිංහාසනයේ වාඩිවී සිටි රජු එකවරට එළියට ඇද දැමීමට පොලිස් නිලධාරියා සමත්වූයේය.
බළල් පැටවකු වලිගයේ අගින් ඇද ළඟට ගත්තාක් මෙන් අයෝමය පොලිස් හස්තයකින් ‘‘රජතුමා’’ සිංහාසනයෙන් එළියට ඇද දමනු ලැබුවේ මොහොතකින්ය. එළියටද ඇදී එද්දී ද ‘‘රජු’’ දෑතින් ඔටුන්න බදාගෙන එය හිසෙහිම තදකර ගෙන පැළඳගෙන රජවී සිටීමට බලවත් උත්සාහයක් දැරූ සැටි කටුගෙයි සේවක පිරිස විස්තර කළහ.

මේ කලබලය නිසා ‘‘අටමුළු තොප්පිය’’ ලෙස හැඳින්වෙන ඔටුන්නේ යටි පැත්තේ අල්ලා තිබුණු විල්ලූද රෙදි පටි දෙකක් ගැළවී තිබුණි. සිංහාසනය ආවරණය කැර තිබුණු දැවැන්ත වීදුරු මැදිරියේ එක් දොරක් බිඳී ලොකු පැලී ඉරක් මතුවිය.

අපට එදා උදේ ලැබුණු ටෙලිෆෝන් පණ්ඩුඩය අනුව කටුගෙට යද්දී පොලිස් ජීප් රියේ පටවාගෙන ගියේ මේ ‘‘රජතුමා’’ ය.

තමාගේම නම අප්පුහාමි යැයිද වරායේ අඟුරුමඩුවේ කලක් සේවය කළ බව පොලිසියට හෙළිදරව් කළ ඔහු විසිතිස් වාරයක්ම කටුගෙය බැලීමට පැමිණ සිංහාසනයේ වාඩි වෙන්නට අවස්ථාවක් එනතුරු බල බලා සිටියේ යැයිද අවස්ථාව උදාවූයේ මේ ඉරිදා යැයිද සිය කටඋත්තරයෙන් දක්වා සිටියේය.
‘‘ස්කිසො පේ‍්‍රනියා’’ නමැති මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයන් මෙබඳු සිද්ධිවලට ගොදුරු වන බව බටහිර මනෝ විද්‍යාඥවරු පෙන්වා දෙති.
උසාවියට ඉදිරිපත් කරනු ලැබූ අප්පුහාමි හොඳ ශරීර සනීපයෙන් තීන්දුවට මුහුණ දී සිටියේය.

බරපතල වැඩ ඇතුව සති කිහිපයක් සිරබත් කෑමට ඔහුට සිදුවිය. සිංහල සිංහාසනය සහ ඔටුන්න පිළිබඳ උරුමයක් තමාට ඇතැයි නඩු තීන්දුව අසාගෙන සිටි හෙතෙම උසාවියට කියා සිටියේය.

එබඳු උරුමයක් ඇත්නම් තම අයිතිවාසිකම් දක්වා වෙනම නඩුවක් උසාවියට ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් විනිශ්චයකාරවරයා, මේ අන්දමට රටේ ජාතික පුරාවස්තු කෙළෙසීමට ඉඩ නොතිබිය යුතු හෙයින් උසාවියෙන් දී ඇති තීන්දුව පිළිගත් යුතු බවට විත්තිකරුට තේරුම් කැර දුන්නේය.

මේ පරිද්දෙන් අප්පුහාමි ‘‘රජතුමා’’ සිංහාසනයෙන් පහකරනු ලැබ කම්වු පරිද්දෙන් හිරගෙයට ගියේය.
උපුටා ගැනීම : (1965 - ‘‘ලංකාදීප’’)

Wednesday, June 13, 2012

◄◄එදා හෙලදිව සහ අද හෙලදිව►► ROBERT KNOX

17 වන ශත වර්ශයේදී සිර කරුවෙකු ලෙසින් ශ්‍රී ලංකාවේ වසර 20කට ආසන්න කාලයක් වාසය කල ඉංග්‍රීසි ජාතිකයෙකු වන රොබට් නොක්ස්(Robert Knox) (1641-1720) පසුව ශ්‍රී ලංකාවේදී ලැබූ අත්දැකීම් අලලා "ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන්, ඉන් දි ඊස්ට්-ඉන්ඩීස් "-(An historical relation of the island Ceylon, in the East Indies) නමින් පොතක් රචනා කල අතර අප්සුව එය "එදා හෙලදිව"නමින් සිංහලයට නැගුනි.මෙහි දැක්වෙන්නේ එම ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසකි. එදා හෙලදිව සහ අද හෙලදිව අතර වන වෙනස කෙතරම් ද?







                              සිංහලයා වනාහි  දඹදිවදී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ටම වඩා යහපත් අය වෙති. භාග්‍ය සම්පන්නද වෙති. ඔවුහු මධුර කතා ඇති අතර ආදර ශීලී මනුෂයෝය. සිංහලයාගේ ගුණධර්ම සැකෙවින් වර්ණනා කලහොත් මෙසේය. 
                             ඔවුන්ගේ ගමන් ලීලාවද හැසිරීමද ඉතාඋදාරය. යම්කිසියන් ඉතා ඉක්මනින් තෙරුම් ගැනීමේ විචක්ෂණ ඤණයක් සිංහලයන්ට ඇත. ඔවුහු ස්වභවයෙන්ම මස් කෑමත් මත්පැන් බීමත් අප්‍රිය කරති. ඔවුහු කිපෙන සුළු නොවෙති. කෝපයක් ඇතිවුවත් වහා සංසිදුවාගෙන සමගි වෙති. සිංහලයා ඇදුමින් පිරිසිදුය. ඉතා ශිෂ්ඨලෙස ආහාර අනුභව කෙරෙති. වැඩිවෙලා නොනිදති. 
                            සිංහල සත්‍රීන්ගේ හැසිරීම සුවිනීතය. ගමන ඉතා සංවරය. සිංහල ස්ත්‍රීහු අරපරිස්සමට ඉතා දක්ෂ අය වෙති. පුරුෂයෝ ස්වකීය භාර්්‍යාවන් අතිෂයින්ම විෂ්වාශ කරති. සිංහල ස්වාම් දුව මහේශාක්‍ය වුවත්, දැසි දස්සන් සිටියත් සියතින්ම සියලු කටයුතු කිරීමට උනන්දු වෙති.
                           සිංහලයෝ උදේ හවස පිලිම වහන්සේ ඉදිරියේ මල් පූජාකරති. නවගුණවැල නම් වූ ඇට වලින් සෑදූ මාලයක් අතින් ගෙන නිතර භාවනාවේ යෙදෙති. හොරකම් කිරීම අතිශය පිලිකුල් කොට සලකති. කිසිම සිංහලයෙකු කිසිම දිනෙක සොරකම් කලබවක් මා අසා නොමැත. සිංහලයෝ කරුණා කරති. අන් අයට උපකාර කරති. ආගන්තුකයන්ට දයාවෙන් සංග්‍රහකරති. සිංහලයෝ චතුර කතිකයෝය. සිංහල දීපයේ එකම හිගන්නේක්වත් නැත......

Tuesday, June 5, 2012

අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔබ දැනුවත්ද ?? What do you know about the hidden cables under the sea feeding the world's internet?

මොකක්ද මේ?? 
මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ? 


ආහ්... 
ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ නවීනතම තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවිකරන කට්ටිය.. 
අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින් ඕවා කවුද දෙන්නේ කොහොමද එන්නේ කියාලා හොයනවා අඩුයි නේ... 
බොහෝමත් දෙනා හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය අපිට ලැබෙන්නේ ලොව වටා තියෙන චන්ද්‍රිකා මාර්ගයෙන් කියලා.. 
සමහර අය හිතන්නේ ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනයෙන් නේද කියලා... 

ඇත්ත කතාව නම් මේ අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්.. 
ඒක කටයුතු කරගෙන යන්නේ අන්තර්ජාතික දුරකතන සමාගම හෙවත් International Telecom සමාගමයි.. 

ඔවුන්ගේ නිල වෙබ් අඩවිය මෙතනින් වැඩි විස්තර ඔබට බලාගන්න පුළුවන්..

ඉතින් මේ හදන්නේ මේ සබ්මැරීන කේබල් මාර්ගය ගැනයි..
මේවා ආරක්ෂා කරගන්නේ කෝහොමද කොච්චර දේවල් මේ තුල වෙනවද කියලා පොඩි විස්තරයක් ගේන්න තමා... 
තොරතුරු හා පින්තුර හා සැබැදි සියල්ල සොයාගත්තේ අන්තර්ජාලයෙන්මයි.. 
කියවලා බලලා අදහසක් දාලාම යන්න කියලා ඉල්ලා සිටිනවා..

ලොව කාර්ය බහුලම අන්තර්ජාල කේබල් මාර්ගය වන්නේ
ලන්ඩනය හා ඇමරිකාවේ නිව්යෝර්ක් අතරයි. 

එයට කේබල 09 සවිවී සෑදි ඇති අතර ඉහත ජායාරෑපයෙන් දැක්වෙනුයේ එය ඉවත් කරමින් එම කේබල් 09 වෙනුවට අලුතින්ම වේගවත්ව දත්ත ගෙන යාමට Apollo නැමති සමාගම
විසින් හදුන්වා දුන්


OLAC-4 SPDA නැමති නවතම කේබලයයි. 



කේබලයේ වටිනාකම දක්වා ඇත්තේ පවුම් මිලියන 250 ක් වශයෙනි.එය බ්‍රිතාන්‍ය කෝර්නිෂ් වෙරලේ සිට සැතපුම් 3800ක් දුරින් වු නිව්යෝර්ක් නුවර දක්වා මුහුද යටින් දිවෙයි. 
මෙහි වෙරලේ ඇති මධ්‍යස්ථානය ඉතා රහසිගතව පිහිටුවා ඇත්තේ ත්‍රස්ත්‍රවාදි ප්‍රහාර ආදිය වැලක්වීම සඳහායි. 
ලොව අන්තර්ජාල කේබල් ජාලයේ වැදගත්ම ස්ථානයක්
( Hub ) එකක් ලෙස මෙය හදුන්වයි.

මේ තියෙන්නේ ලෝකයේ අන්තර්ජාලය ගෙන යන කේබල පද්ධතිය විහිද ඇති ආකාරයයි. 

දන්නවාද ශ්‍රී ලංකාව සම්බන්ධ වෙලා තියෙන කේබලයේ නම ?? 
මෙන්න නම ටිකක් දිගයි.. 
SEA-ME-WE- 4 හෙවත් 
South East Asia - Middle East-West Europe 4 යන්නයි.


මෙතනින් ගියොත් එහි නිල වෙබ් අඩවිය හා තවත් විස්තර බලන්න පුළුවන්.. 
ශ්‍රී ලංකා ටෙලිකෝම් සමාගමේ ලාංජනයත් තියෙනවා..

මෙන්න මෙතනින් ගියොත් රට රටවලට යන මේ කේබල හදුන්වන සංකේත නාම ඔක්කෝම බලාගන්න පුළුවන්..

Apollo සමාගම හදුන්වා දුන් මේ නවීන කේබලය නිවසේ පාවිච්චි කරන හෝස් එකක් තරමේ වුවත් ඒ තුල බණ්ඩල 08 ක් තුල වු කෙස් ගසක් පමන ප්‍රමාණයේ කේබල 192 ක් ඇත.


කුඩා වුවත් එහි එකවර මිලියන 20 භාවිත කිරිමේ හැකියාව ඇති දත්ත ප්‍රමාණයක් ගමන් කරයි. ලේසර් කිරණ මගින් මේ හරහා දත්ත ගමන් කිරීම සිදුවන අතර තත්පරයට මෙහි 3.2 Tbps ගමන් කරන අතර නැවත පැමිනි දුරත් සමඟ සැතපුම් 7600 ක් වු සැතපුම් ගණන සම්පුර්ණ කිරීමට
ගතවන්නේ තත්පර 0.00072 පමණි. 


මේ මධ්‍යස්ථානයට මාසික විදුලි බිල පවුම් 25,000 පමණ වේ.

සැතපුම් 30 කට එකක් වන ලෙස ගෙන යන දත්ත ප්‍රමාණයේ
ශක්තිය වැඩි කර පවත්වා ගෙන යාමට විද්යුත් රිපිටර්

(Electrical Repeaters) යොදා ඇති අතර එකක සාමාන්‍ය
මිල ඩො.මි.01 වන බව පැවසේ.. 

මේවා ක්‍රියාකිරිමට 10000 වෝල්ටීයතාවයෙන් යුතු විදුලි බලයක්
මේ කේබලය තුලින්ම ගමන් කරනු ලැබේ.

විද්යුත් රිපිටරයේ තවත් වාසියක් වන්නේ පැය 24 පුරා මේ කේබලයේ ආරක්ෂාව හා අලුත්වැඩියා කටයුතු කරන්නා වු ඉංජිනේරුවන් හට කේබලයේ අනතුර වුයේ කොතන ද යන්න 
හදුනා ගත හැකි වන බැවිනි.
10000 වෝල්ටීයතාවයෙන් වගේම ලේසර් ගමන් කරන නිසා ක්ෂණීකව ශරීරයට හානි සිදුවන බැවින් මේවායේ අලුත්වැඩියාවන් කිරීමේදි ඉතාමත් පරිස්සම් විය යුතු බව ඔවුන්ගේ අදහසයි. 
19 සියවසේ සිටම බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අතර මෙවැනි සරල කේබල ක්‍රමයක් පැවත ඇති අතර 1956 වන තුරු ඒවායේ භාවිත වී ඇත්තේ මෝස් කෝඩ් (Morse code )වලිනි.එකල එමගින් එකවර දුරකතන ඇමතුම් 36 ක් ගත හැකිව තිබු අතර 1988 දි ඒ සඳහා පයිබර් කවරයක් සහිත කේබල පද්ධතියක් සවිකරන ලද අතර එමගින් එකවර ඇමතුම් 2500 ලබාගත හැකිව ඇත. 
පසුව එය දියුණු කරමින් මිලියන 60 දක්වාද අලුතින් හදුන්වා දෙන මේ Apollo සමාගමේ කේබලය මගින් එකවර දුරකතන ඇමතුම් මිලියන 200 දක්වා වැඩිකර තිබේ. 
මෙහි දියුණුව කොතෙකුත්ද යත් අවුරුදු 20 ක් වු කාලය තුල එක කේබලයකින් රැගෙන යන ප්‍රමාණය 80000 ගුණයකින් වැඩිවී ඇත.
 


මෙම වැඩසටහනේ දැනට ගෙන යන දත්ත ප්‍රමාණය 39Tbps දක්වා 2014 වන විට වැඩි කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව අදහස් කර සිටියි. 

2013 වන විට බ්‍රිතාන්‍ය යේ තවත් ඉලක්කයක් වන්නේ 10Mbps වු බෝඩ්බ්‍රෑන්ඩ් අන්තර්ජාලයක් රට තුල ලබාදීමයි. 

එහේම තිබුනොත් නම් තත්පර 30-40 යනකොට සාමාන්‍ය පිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වේවි..
 

මේ විදිහට අන්තර්ජාලය තුල , කේබල තුල වෙනස් කරමින් දියුණු කරාට හදිස්සියෙන් හරි මේ කේබලයක් කැඩිලා ගියාම 
මේ ඔක්කෝම ඉවරයි.. 
2008 වසරේ සැතපුම් 24500 ක් දිග වු මෙවැනි අන්තර්ජාලය ගෙන යන කේබලයක් නැවක නැංගුරමක පැටලී කැපී යාම නිසා ඉන්දියාව හා ආසියාවේ බොහෝ රටවල මිලියන ගණනාවක් භාවිතා කරන අන්තර්ජාලය ඇනහිටියා... 
බෝට්ටු හා නෞකා වල නැංගුරම් , දැල් නිසා වගේම භු කම්පන හා දිය යට ගිනි කදු නිසා මෙවැනි කේබල වලට හානි සිදුවෙනවා...

මෙන්න මේ ප්‍රශ්ණය නවත්වන්න Telegeography නැමති සමාගම නෞකා සඳහා කේබල පද්ධතිය දැක්වෙන සිතියමක් ලබා දීලා තියෙනවා..
 


පැහැදිලිව බලන්න මෙතනින් යන්න... 

 
මෙය වලක්වා ගැනීමට Wave Senihel නම් ටොන් 12 බර වු නෞකාව
 

 

වගේම තවත් නෞකා රාශියක් පැය 24 පුරාම වර්ග සැතපුම් මිලියන 40 ක් වු අත්ලාන්තික් සාගරයේ රැදී සිටිනවා.. 

මේ මතුපිට ටොන් 09 පමණ බර කේබල රදවා තැබිය හැකිය.

මේ සබ්මැරීන කේබලයන් හි දෝෂ හදුනා ගැනීම හා හැකි ඉක්මනින් ඒවායේ අලුත්වැඩියාවන් කිරීම මොවුන්ගේ රාජකාරියයි. 

බලන්න 

මේ තියෙන්නේ ඒ ආකාරයේ කේබල කැපි යාමක් හා එය අලුත් වැඩියා කරන
ආකාරය දැක්වෙන ත්‍රිමාණ යු ටියුබ් විඩියොවක්... .
 


සාමාන්‍ය යෙන් මෙවැනි අලුත්වැඩියාවක් සඳහා
පවුම් 500,000 ක් පමණ
 
වියදම් වන අතර Wave Senihel නෞකාවේ 

කපිතාන් රිචර්ඩ් කර්න්ස් මහතා 

 

කියන විදියට අන්තර්ජාලය පවතින විට විනාඩි කිහිපයක් තුල උපදන ආදායම අනුව එය ඉතා කුඩා මුදලක් බවයි.
 
එම නෞකාව ගිය වසර තුල අලුත්වැඩියා 

කටයුතු 30 පමණ සිදුකර ඇත. 
ගැඹුරු මුහුදේ සිදුකරන්නා වු මේ අලුත් වැඩියා කටයුතු සඳහා ROV
(Remote Operated Vehicle ) භාවිතා කරන අතර ඒවා විදුලි බල්බ,කැමරා හා රේඩාර් යන්ත්‍ර වලින් සමන්විත වේ..


රිපිටර් වල සංඥා හා මෘදුකාංගයක් මගින් දෝෂය පවතින ප්‍රදේශය හදුනා ගන්නා අතර පවුම් මිලියන 4.5 මිල වන මෙම ROV යන්ත්‍ර යොදා ගනිමින් කේබලය නැව තට්ටුව මතට ගෙන අලුත්වැඩියා කටයුතු සිදුකර නැවතත් ROV යන්ත්‍රය
මගින්ම මුහුද යට ස්ථාන ගත කරනු ලබයි. 

මුහුදේ සැතපුම් 04 යටට මෙම යන්ත්‍රය මගින් කටයුතු සිදුකල
හැකි අතර නැවේ සිට ROV යන්ත්‍රය හැසිරවීම සිදුකරනු ලැබේ.
ROV යන්ත්‍රය මගින් කේබල අලුත්වැඩියා අයුරු හා එහි ක්‍රියාකාරිත්වය... 


ඊටත් වඩා ගැඹුරේ ඇති කේබල අලුත් වැඩියාවන් 

සඳහා Grapnel යන්ත්‍ර යොදා ගනු ලබයි.
 

එයත් ඉහත ආකාරයටම පාලනය කරනු ලැබේ.අන්තර්ජාලය ගෙදරට ගෙනත් දෙන එකත්
සෙල්ලම් වැඩක් නෙවේ නේද?? 

අපිට නම් ඉතින් මොන දේ වුනත් අවුලක් නෑ ඉන්ටර් නෙට් එක
හරියට වැඩකරනවා නම්... 

එහේම නේද?? 


කොහෝම වුනත් මේ වෙලාවෙත් කපිතාන් රිචර්ඩ් කර්න්ස් මහත්තයා
නැවේ කට්ටියත් එක්ක මුහුදේ ඉදන් කේබල් වල දෝෂ හොයනවා ඇති..

මැයි දිනය නම් අපි දන්නවා! ඒත් ඔබ මේ ගැන දන්නවාද????


126 වැනි වරටත් ලෝක මැයි දිනය 2012/05/01 දින ලෝක ජනතාව සමරනු ලබයි!
මැයි දිනය නම් අපි දන්නවා! ඒත් ඔබ මේ ගැන දන්නවාද????
මේ ඒ ගැන වු කතාවයි..
දන්න කට්ටිය ගොඩක් ඇති...  නොදන්න අයත් ඇති නේ... 
කොහෝම වුනත් බලලා අදහසකුත් දාලාම යන්න
MAY DAY

International 
Workers'
Day
1886 /05/01 දින සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වු පොලිස් ප්‍රහාරයකින් මියගියා වු වැඩ කරන පැය ගණන පැය 08 සිමා කර ගැනීමට උත්සහ දැරු කම්කරුවන් සිහි කරලීමට මැයි දිනය සමරනු ලබයි.....
එය මැයි දිනයේ උපතයි.. 

දහත්වන,දහ අටවන සියවස් වල වහල් ක්‍රමය නැතිවෙලා යනකොට..
ඒ වෙනුවට පඩියට නැත්නම් වැටුපට වැඩකරන කම්කරුවන් බිහි වු අතර ඔවුන්ටත් දිනකට පැය 12 ක සේවා කාලයක් වැඩ කල යුතුව තිබුනි. කාර්යයට නිසි ලෙස වැටුප් නොලද අතරම පැය 12ක වැඩ නිසා ආබාධ වලට ගොදුරු වීම වැඩිවී තිබුනි.

1830 දි ඇමරිකානු කම්කරුවෝ තමන්ට උදේ 6 සිට සවස 6 වෙනතුරු වැඩ නිසා පැය දෙකක විවේක කාලයක් ආහාර ගැනීමට ලබා දෙන ලෙස ඉල්ලු අතර එය අසාර්ථක වුයේ සමහර අයගේ රැකියාවද නැතිවී යාමෙනි...

1863 දි නැවතත් සේවා කාලය පැය 08 කල යුතු යයි තීරණය කල යන්ත්‍ර ක්‍රියාකරන්නන් හා යකඩ වැඩ කම්කරුවන් ඉල්ලා සිටියද එයටද ප්‍රතිචාරයක් නොමැති විය..
එහෙත්..ඒ අවස්ථාවේ එකතු වුවන් සමඟ කම්කරුවන් “නයිට්ස් ඔෆ් චිකාගෝ“ නම් සංවිධානයක් පිහිටවා ගන්නා ලදි.
1878 එම සංවිධානය නැවත වැඩ කරන පැය ගණන 08 ක් විය යුතු බව යෝජනා කලත් සාකච්ජා සඳහාම පමණක් එය වෙන්වු අතර යෝජනාව අසාර්ථක විය...


1881 දි කම්කරු නායකයන් එකතුව “සංවිධානාත්මක සේවාවන්හි වෘත්තිය සමිති සම්මේලනය“ ලෙස සාකච්ජාවට වඩා වු සටන්කාමී පිලිවෙතක් ඇති සංවිධානයක් බිහි කල අතරම විශාල ලෙස කම්කරුවන් එය වටා එකතු විය.

ඔවුන් තම අදහස ක්‍රියාත්මක කිරිමට අදහස් කල අතර ඒ සඳහා තෝරා ගත්තේ වැඩ වර්ජනයක් සිදු කිරිමයි....

එනම් 1886 මැයි 01 දින ඇමරිකාවේ විශාල කම්කරුවන් පිරිසක් ඉතිහාසයේ ප්‍රථම වරට චිකාගෝ නුවරට එක්රොක් වුයේ පැය 08 සේවා කාලය ලබා දෙන තෙක් සේවයට නොයන අදහසිනි...එදින වේගවත් කතාවක් කරමින් රුස්වු පිරිස ඇමතු සැමුවෙල් ෆීල්ඩින් කියා සිටියේ මෙය ලෝකයේ ථෛතිහාසික දිනයක් වන බවයි...

1886 මැයි 01 මැයි දිනයේ ජයාරෑප කිහිපයක්....


පිරිස ඇමතු සැමුවෙල් ෆීල්ඩින්


පලමු දිනයේ 40000 ක් වු පිරිස මැයි 02 වන විට 65000 කට ද වැඩිව තිබුනි..තුන්වන දිනයේ ඔගස්ට් ස්පයිස් කම්කරු නායකයා පිරිස අමතද්දී පොලිසිය දරුණු පහරදීමක් සිදු කල අතර කම්කරුවන් 04 දෙනෙකු මියගොස් සිටියේය....

වැඩ වර්ජනය අවසාන වේ යැයි කර්මාන්ත හිමිකරුවන් සිතා සිටියත් සිදුවුයේ මැයි 04 දින ඉතා විශාල පිරිසක් නැවතත් වර්ජනය සඳහා “හේමාර්කට් චතුරශ්‍රයට“ එක්රොක් වීමයි.එහේත් පැමිණිමට වු මාර්ග වලදී පොලිසියෙන් බාධවන් එල්ල වු අතර පොලිස් ප්‍රහාර නැවැත්වීම සඳහා එකල චිකාගෝ නගරාධිපති “කර්ටන් හරිසන්“ මහතාද කියා සිටියේ වැඩ කරන පැය ගණන පැය 08 කට සිමා කල යුතු බවයි.


“හේමාර්කට් චතුරශ්‍රයට“ එක්රොක් වු පිරිස.

රැලිය සමකාමී වු අතර නගරාධිපතිතුමා ඉවත්ව යාමත් සමගම පැමිනි පොලිස් නිලධාරීන් වහාම රැස්වීම නවතා දමන ලෙස කියා සිටියේය.මෙලෙස කතා කරමින් සිටියදි පොලිස් නිලධාරීන් දෙසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වු අතර පොලීසිය වෙඩි තැබීමට පටන් ගත් අතර එදින “හේමාර්කට් චතුරශ්‍රයේ “ මිය ගිය ගණන අදටද නොදනී...


පොලිසියට පහර දුන්නායයි අත්අඩංගුවට පත්වු ඔගස්ටස් ස්පයිස්,ජෝර්ජ් එංගල්ස්,ඇල්බර්ට් පාඩ්සන්,ඇඩොල්ෆ් පීෂර්,ලුවිස් ලින්ග් යන අයට 
මරණ දඩුවම ද, 
ඔස්කා නිබේ ට වසර 15 සිර දඩුවම්ද, 
මයිකල් ස්ට්වැට්, සැමුවෙල් පීල්ඩන්, දෙදෙනාට ජිවිතාන්තය දක්නා සිර දඩුවම් ලබා දෙන ලදි.

එල්ලා මැරීමට පෙර ලුවිස් ලින්ග් බෝම්බයක් පුපුරවා ගෙන මිය ගිය අතර,1887/11/11 දින අනෙක් සිව් දෙනා එල්ලා මරා දමන ලදි.

පොලිසියට පහර දුන්නායයි අත්අඩංගුවට පත්වු කම්කරු නායකයින්....


1889 දි රැස් වු ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1886 කම්කරු අයිතිය සඳහා රුධිරය වැගිර වු අරගලය සිහිවටනයක් කරමින් සෑම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශ කරන ලදි.


1893 ජුනි 26 දින ආණ්ඩුකාර වරයාගේ තිරණයකින් සිරගත වු ඔස්කා නිබේ, මයිකල් ස්ට්වැට්, සැමුවෙල් පීල්ඩන්, යන අයට නිදහස ලැබුණි.

“හේමාර්කට් චතුරශ්‍රයේ අරගලයේ පැවති ස්ථානයේ ඇති ස්මාරකය...

මිය ගිය අය සිහිවීමට සාදා ඇති සොහොන් කොත් ස්මාරකය


1934 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මැයි දිනය....
1934 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මැයි දිනය සැමරු අතර සවස 05ට ගාලු මුවදොර පිටියෙන් මෙම රැලිය ආරම්භ වී ඇත.ලංකා කම්කරු සම්මේලනය මෙය සංවිධානය කරන ලදි...
ඊ.ඩි.ගුණසිංහ මැතිතුමා එදින සංවිධාන කටයුතු සිදු කරන ලදි.


මැයි දිනයේ උපත මෙලෙස සිදුවිය....
අපහසුවෙන් ලබා ගත් මේ දේවල් ගැන මේ කාලයේ මැයි රැලිවලට සහභාගී වන අය දන්නවාද කියන එකනම් මාර ගැටලුවක්...... 
කොහෝම වුනත් අදහසකුත් දාලාම යන්න

Google Doodle ගැන දන්නවද?


සමහරක් දවසට කම්පියුටරේ දාලා Google ගියාම,
මෙන්න ඒකේ ලෝගෝ එක වෙනස් කරලා

දැක්කා නේ මේක???

ඉතින් හොයලා බැලුවා මොකද මේ?? 
පස්සේ තමා දන්නේ 2011-02-08 ජුලස් වර්න්ගේ උපන්දිනේ බව! 
 
මටත් හිතුනා මේ වෙනස් වෙන ගුගල් ලෝගෝ ගැන
විස්තර ටිකක් හොයලා බෙදා ගන්න ... 
ත්‍රෙඩ් එක දිග වුනාට වැදගත් වේවි කියාලා හිතනවා
 
සියල්ලම සොයා ගත්තේ අන්තර්ජාලයෙන්...
 

ඉතින් කියවලා බලලා අදහස් දාලාම යන්න...

මේවා හදුන්වන්නේ ගුගල් ඩුඩල්ස් කියාලා...
 
Doodles
 යනු අමතක වු යමක් කිසිවක් නොලියා
චිත්‍රයක් මගින් මතක් කිරිම යන්නයි.

මුලින්ම මම ගුගල් ලෝගෝ එක ගැන කියන්නම්...
මේ තියෙන්නේ ඒක 

මේක හැදුවේ 
Sergey Brin 1998 දී GIMP නමින් හදුන්වපු මෘදුකාංගයෙන්...

ටික දවසකට පස්සේ ඒකට විශ්මයාර්ථ ලකුණකුත් එකතු කලා..

1999 අගෝස්තු 01 ඉදලා දෙවනියට හදපු මෙන් මේ ලොගෝ එක පාවිච්චි කලා..

ඒක තමා අපිට හුරු පුරුදු මේක හදලා තියෙන්නේ රෑත් කාඩර් කියන ස්ටැපර්ඩ් විශ්වවිද්‍යාලයේ කලා මහාචාර්යවරයෙක්
 
ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2010 මැයි 06 වෙනිදා මෙන්න මේ අලුත්ම ලෝගෝ එක පාවිච්චි කලා..

වෙනසක් නම් බැලු බැල්මට නොපෙනුනාට කලින් ලෝගෝ එකේ තිබුන
 කහපාට O අකුරේ හෙවනැල්ල නැති කරලා..
ඒක තැඹිලි පාට කරලා.. 
ඔන්න ඔහෝම තමා Google ලෝගෝ එක ගැන විස්තර
දැන් මම කතාකරන්නේ මේ Google Doodle ගැන doodles යනු අමතක වු යමක් කිසිවක් නොලියා
චිත්‍රයක් මගින් මතක් කිරිම යන්නයි.

ඒ කියන්නේ දවසින් දවස හිටපු ගමන් වෙනස් වෙන ගුගල් 
ලෝගෝ එක ගැනමේ ලෝගෝ ඩිසයින් කරන්නේ ඩෙනිස් හොන්ග් සහ ඔහු සමග සිටින මෙන්න මේ හතර දෙනායි... 
Micheal Lopez, Ryan Germick, Susie Sahim සහ
Jennifer Hom.


මේ කණ්ඩායම දැනටම මේ ඩුඩල් 300 කට වඩා හදලා තියෙනවා....
 
මුල්ම එක පටන් ගත්තේ 1999 දි ඒ ගුගල් හිමිකරුවකු වන ලැරි පේජ් හා සර්ජි බ්‍රින් ඒ ඇමරිකාවේ නෙවාඩා හි තිබුනු
Burning man festival නමින් හදුන්වන උත්සවයට මේ දෙන්නා එන බව මිනිසුන්ට දන්වන්න සඳහා ටික දවසකටයි.මෙන්න ඒ පලවෙනි එක

2000 දි ඔවුන් මේ ලෝගෝ හදන්න 
ඩෙනිස් හොන්ග් භාරදුන්නා..
ඔහු හදපු පලවෙනි එක තමා මේ..

ඒ ප්‍රංශයේ ජාතික දිනය ගැනයි...


මේ ලෝගෝ හදලා මීට අදාල වු කාරණය පිළබඳ විස්තර දැනගැනීමට ඒකට Google search results
ලින්ක් එකක් දාලා හොන්ග් මේ වැඩේ ලස්සනටම කලා...
මේක ඔහුගේ රැකියාවේ 20% විතරයිලු.

මේ තියෙන්නේ අපේ ඩෙනිස් හොන්ග් කොහෝමද ලෝගෝ එකක් හදන්නේ කියාලා...
පිස්සු හැදෙයි කවුද මේවා හිතන්නේ...
 

මේ ගුගල් doodles
 එක මගින් ලෝකයේ ප්‍රසිද්ධ වු පුද්ගලයන්, විද්‍යාඥයින්, ජාතික දින, ගුගල් සමාගමේ විශේෂ අවස්ථා,ථෛතිහාසික අවස්ථා ආදිය මතක් කර දෙනවා...මේවා සමහර විට ලෝකයට මත් සමහර විට එක් එක් රට වෙනුවෙනුත් ගුගල් මුල් පිටුවේ පෙන්වනවා..

මේ තියෙන්නේ 2011 දි පිට වුනු 
ගුගල් doodles 



මේ ගැන කතා කරද්දී තව විශේෂ අවස්ථාකුත් තියෙනවා...
ඒ 2007 වැලන්ටයින් දිනයට දාපු ගුගල් doodles එකේ අකුරක් නෑ...
මේ තියෙන්නේ ඒක.

පෘතුවිය වෙනුවෙන් පැයක් යන තේමාව යටතේ නිකුත් වු
"the turning off of lights".
ගුගල් doodles
එක තමා මේ....
මේ පාර මේ දිනය 2001 03 26 මේ දිනයේදී පැයක් පමණ විදුලිය නිවා තැබීම සිදුකරනවා..

මෙච්චර වෙලා ත්‍රෙඩ් එක කියවපු ඔයාලටත් ගුගල් doodles නිර්මාණය කරන්න පුළුවන්..

ඒත් අපේ වයස වැඩි වගේ..
දන්න පොඩි අයට කියන්න.. මේ ලින්ක් එකේ වැඩි විස්තර තියෙනවා...
http://www.google.com/doodle4google/

මේ ඉන්නේ 2009 තරගය දිනලා තමන් ගේ ගුගල් doodles ගුගල් එකේ දාගත්ත අවුරුදු 09 වයස ඉන්දියාවේ පුරු ප්‍රතාප් සිං 
පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??: