Wednesday, May 30, 2012

දඬුවම් ලද යුතු යෞවනය


ප්‍රේමය වනාහී . . .



දඬුවම් ලද යුතු යෞවනය හා බැඳුනු මිල්ටන් . .. ! යෞවන වයසේ මානව මානවිකාවන්ට ආදර හැඟීම පහල වීම අරුමයක්ද . . . තරුණ වියේදී පමනක් නොව මැදි වයසේදී පවා ආදර හැඟීම නූපදින හදවත් ඇත්තෝ විරල නොවන කලෙක යෞවන හදවත් වල උපදින ආදරය ආශ්චර්‍‍යක් ලෙස සලකුනු වෙනුවට එය මහා අපරාදයක් ලෙස සලකා දඬුවම් කිරීම අපරාධයක් ලෙස මට හැඟේ . .. .(මිල්ටන් මල්ලවාරච්චි) (1945 – 1998)


යෞවන වයසේ මානව මානවිකාවන්ට ආදර හැඟීම පහල වීම අරුමයක්ද . . . තරුණ වියේදී පමනක් නොව මැදි වයසේදී පවා ආදර හැඟීම නූපදින හදවත් ඇත්තෝ විරල නොවන කලෙක යෞවන හදවත් වල උපදින ආදරය ආශ්චර්‍‍යක් ලෙස සලකුනු වෙනුවටඑය මහා අපරාදයක් ලෙස සලකා දඬුවම් කිරීම අපරාධයක් ලෙස මට හැඟේ . .. .

යෞවන වයසේදී ආදරය කිරීම දඬුවම් ලද යුතු වරදක් නම් එසේ නම් මානව මානවිකාවන්ට දඬුවම් කරනු වෙනුවට යෞවනයට දඬුවම් නොකරන්නේ මන්දැයි නන්දා මාලනී "මේ සිර මැදුරෙන් . . පැන යන්නට ඇත්නම් . .. !!" ගීතය හරහා අපෙන් අසන්න්ට සිදුව ඇත්තේ සුනිල් ආරියරත්නයන්ද යෞවන වියේ ප්‍රේමය අපරාධයක් ලෙස නො සලකන නිසා නොවේදැයි මට සිතේ . ..
මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්

මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්
පවුරු වළල්ලෙන් එහා රටේ
අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින් . . .
ම -ල් - පි - පේ - වි- ආ - ද - රේ - න - මි- න් . .

ගැරහුම් අසමින් හද ගිනි දළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි . . .
විස කටු පඳුරුය අප යන එන මඟ
ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන්

ඇසට උරුම ඇස උණන කඳුල පමන්යි
හදට උරුම හද දවන සුසුම පමනයි
මුලු ලොව සතුරුය අද අපි අබියස
ප්‍රේමයට ඇයි මේ විසකුරු සරදම්

යොවුන් වියේ ආදරය දෙස වැඩිහිටියන් තමන්ගේ තරුණ විය අමතක කොට හනමිටි ඔලුවේ තබා ගත් කෝණයකින් නොබලා ඒ ඉපදුනු සෙනෙහස පිරුනු හදින් ඉගෙනීම හා අනාගත දියුණුව ගැන සලකන අයුරු පිලිබඳව උපදෙස් දී ආදරයත් ඉගෙනීමත් සමාන්තරව කරගෙන යාම සඳහා අනුබල හා මඟපෙන්වීම දිය යුතුයි කියන දේ තමයි
ගේ පුද්ගලික මතය නම් . .

Tuesday, May 29, 2012

►♥◄ ඔබට තවම මම ආදරෙයි ►♥◄


ගමෙන් කොලඹ ඈවිත් මේ ගෙන්දගම් පොලවෙ පය ගහල පේමන්ට් එකේ ගිරිය ලේ රහවෙනකම් කෑ ගගහ බඩු විකුණල, මේසන් බාස්ල ලග අත් උදව් දීලා, කොලඹ විතරක් නෙමේ මුලු ලෝකයම ජය ගත්ත දිරිය මිනිසෙක් තමා කලු මහත්තයා. දන්න බාසාවෙන් කියනව නම් නවලෝක මුදලාලි මහත්තය. එතුමන් සංගීතය කෙරේ දෑක්වූවේ මහා පුදුමාකාර ආදරයක්.

මුලු සතිය පුරාවට සල්ලි හොයන්න රේස් එකේ එක පිම්මට දුවල , ප්‍රශ්න කෝටියක් හිතේ තියන් ඉදල එතුමන් යම් මානසික සුවයක් ලබන්නෙ සති අන්තයේ ගීත රාශියකට සවන් දීලා. මෙසේ ටික කලක් ගතවන විට එතුමන්ගේ ගීත පිපාසාව තවත් වෑඩි වුනා. මෙතුමන් තීරණය කරනව සෑම සති අන්තයකම තමාගේ නිවසේදීම හිත මිතුරන් සමගින් පෑදුරු සාජ්ජයක් සන්විධානය කිරීමට.

මුදලාලි මහත්තයගෙ දුව මේ වෑඩේට එතරම් කෑමති වෙන්නෙ නෑ. හේතුව ඈය එතරම් ගීත ශ්‍රවනය නොකරන නිසා. ඒ වගේම දොස්තරවරියක වීමට දකින සිහිනය තුල මෙවන් දේට ඉඩ නොමෑති නිසා. එම දුව තීරණය කරනව අදාල සාදයන්ට සහභාගි නොවී තමාගේ පාඩම් කටයුතුවල නිරතවෙන්නට.

මදුවිත තොලගාමින්, කෑමෙන් සප්පායම් වෙමින් මුදලාලි මහතා ඈතුලු හිතවත්තු සංගීතයේ මිහිර විදගන්නව. මෙම පෑදුරු සාජ්ජ කණ්ඩායමේ සිටි තරුන කොන්ඩය කෑරලිගෑසුනු ප්‍රසන්න පෙනුමෑති පිරිමි ලමයා ගීත ගායනා කරන අපූරුව පිලිබද සියලු දෙනාම වර්ණනා කරනව.

මේ අතර මාලිගාවක් බදු නිවසේ ඉහල මාලයේ පාඩම් කරමින් සිටින මුදලාලි මහතාගේ තරුණ දියනියට ඉතාමත් මියුරු කට හඩකින් ගෑයෙන ලයාන්විත ගීයක් ඈසී සාදය පවතින ස්ථානයට පෑමිණෙනවා.

ඉතාමත් ප්‍රිය මනාප තරුණයෙකු දෑහෑනට සම වෑදී ගී ගායනා කරනා දෙස ඈ බලා සිටින්නෙ ඈස්පිය නොහෙලාමයි. ගීය ගයන අතර තුර තරුණයාගේ සහ මෙම කෝටිපති දියනියගේ ඈස් එකට යාවෙනවා. භව ගණනක ආදරයක් එම නෙතු ගෑටීමත් සමගම දෙදෙනාටම ඉගිකරනව.

මේසේ සෑම සතියකම සාදයට මුදලාලි මහතාගේ දුව පෑමිණෙනව. අදාල තරුණයා ගීත ගායනා කරනව.

එක් දිනක් තරුණිය තරුණයාට පෙම් හසුනක් ලබාදෙනව. තමන්ගෙ හිතේ ඈති ආදරය පිලිබදව පවසල. මේ වනවිටත් තරුණයාටත් තරුණිය පිලිබදව ආදර සිතුවිලි පහල වි තිබුනත් ඔහු සිය දහස් වරක් කල්පනා කරනව.

මම සාදවල සින්දු කියල කීයක් හරි හොයාගන්න කෙනෙක්. ඈ කෝටිපති මුදලාලි මහතෙක්ගේ දියනියක්. මේදේ සිදුවිය හෑකිද? ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරනව. නමුත් ඈයගේ රූප ශ්‍රීයේන් මත්වී සිටින ඔහු ඊලග සති අන්තයේ ඈට ලියුමක්දෙනව ආදරය ප්‍රකාශ කිරීම තහවුරු කරල. මෙසේ දෙදෙනා ආදරය කරනව. තරුණියද කෙලෙසින් හෝ වේලාව සොයාගෙන තරුණයාව හම්බවෙනව. මෙසේ ඔවුන්ගේ ආදාරය ගලා යනවා.

මේ අතර තරුණ කොලුවගේ හෑකියාවල් ගෑන සතුටුවන මුදලාලි මහතා ඔහුට තම ආයතනයේ රෑකියාවක් ලබා දී හොදින් සලකනව. නමුත් එක් දිනක් ආදරය සහ කෑස්ස හන්ගන්න බෑ කියනව වගේම මොවුන්ව මුදලාලි මහතාගේ අතටම අහුවෙනව.

ඔහු කෙතරම් ඈවිටිකලත් සිය දියනිය හා තරුණයා අතර පෙම් හුටපටය නවත්තන්නට ඔහු අසමත්වෙනව. ඔහුට දෑඩි බියක් දෑනෙනව සිය දියනිය ඔහු සමග පෑනල යයි කියලා. ඔහු ඊට කදිම උපක්‍රමයක් යොදනව. ඒ තමා මේ සම්බන්දයට කෑමතිබව ප්‍රකාශකර තරුණයාව තමගේ සමාජ පන්තියට සහ පවුලට ගෑලපෙන පුද්ගලයෙකු කිරීමට යෑයි පවසා විදේශ ගතකරවීම.

ආදරවන්තයො දෙදෙනාත් ඉතාමත් දුකින් තාවකාලිකව වෙන්වෙනව. ඔහු දුරු රටකට යනව. තරුණිය මෙහි තනිවෙනව.

මෙසේ දෙදෙනා රටවල් දෙකක හිටියත් ලියුම් මගින් දෙදෙනා තම අදාරය දිගටම ගෙනියනවා. මේ අතර තරුණිය කෙතරම් ලියුම් ලියුවත් තරුණයා ගෙන් ලියුම් ලීවීම ක්‍රමයෙන් අඩුවී ගොස් නෑවතීම යනව.

ඈ හිත අඬනව. පුලුවන් තරම් අඬනව. නොකා නොබි ඉන්නව. ඈයව අස්වසන පියා පවසන්නෙ ඔහු එරටින් කාන්තාවක් සමග සම්බන්දයක් පටන් ගත්බව තමන්ගේ මිතුරෙකු මාර්ගයෙන් දෑන ගත්බවයි.

තරුණයා කෙරෙහි දෑඩි කෝපයක් හා පිලිකුලක් තරුණියගේ හිතේ හටගන්නව. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මුදලාලි මහත්තයා තමන්ට ගෑලපෙන පවුලකින් කෙනෙක්ව ඈට යෝජනා කරනව. ඈත් තම ප්‍රේමවන්තයාගෙන් පලිගන්න ඊට කෑමතිවෙනවා.

මුදලාලි මහතාත් ඉක්මනින්ම විවාහයේ කටයුතු ඉවරකරල දානවා. ඒ ඔහුගේ හිතේ යම් බියක් ඇති නිසා. අර තරුණයා කිසියම් හෝ මොහොතක නෑවත සියරට පෑමිණෙයි කියල.

මෙසේ කාලය ගත වෙද්දි අර තරුණයා ලංකාවට පෑමිණෙනව. ඈවිත් පෙම්වතියව සොයනව. ඈ කසාද බෑදල. මොහු කෙසේ හෝ ඈ සමග කතා කරන්න අවස්ථාවක් ලබාගෙන ඈගෙන් අසනව ඈයි තමාට මෙහෙම කලේ කියල. තරුණිය ඔහුට බෑන වදිනව.

නමුත් තරුණයා දිවුරමින් ප්‍රකාශ කර්න්නෙ තමන් ඈට ලියූ බවත් ඈගෙන් පිලිතුරු නොලෑබුනු බවත්. කෙසේ හෝ දෙදෙනාටම තේරෙනව මුදලාලි මහත්තයා ඔහු එවන ලිපි හන්ගා ඈතිබව. නමුත් දෑන් ඈ කසාද බෑඳල. ඔහු ඈගෙන් නික්මෙනව.

ශ්‍රී ලංකාව තුල බිහිවූ අග්‍රගනයේ ගායයෙකු වන මිල්ටන් මල්ලවාආරච්චි මහතානන් (1945 – 1998) ගීත ගායනයට පිවිසෙන්නෙ ඔය විරහ වේදනාව මතින්. හොදට අහන්න, ඔහුගේ සෑම ගීයකම ඔය විරහව ගෑබ් වෙලා තියානව. මෙම හේතුව මත අදික ලෙස මත්පෑන් වෙත නෑඹුරු වන එතුමානෝ ඉතාම කෙට් කලකදී මෙලොවින් සමු ගන්නව. ඒ තමාගේ පෙම්වතියට අයත් රෝහලේදිම ඈ ඉදිරිපිටදීම වීම දෛවයේ සරදමක්ද?

Monday, May 28, 2012

රුවන්මැලි මහා සෑය


අනුරාධපුර රාජධානිය බිඳවැටි සිංහල රාජධානිය වෙනත් ප‍්‍රදේශ කරා යද්දී අනුරාධපුරය වනයෙන් වැසී ගිය අතර නැවත බි‍්‍රතාන්‍ය පාලන සමයේදී 1873 දී පමණ එළිපෙහෙළි විය. 1873 දී රුවන්මැලි මහා සෑය සොයාගත් අවස්ථාවේ දිස්වූ අයුරු සහ අද වන විට දිස්වෙන අයුරු.

පහතින් දැක්වෙන්නේ රුවන්මැලි මහා සෑය ගොඩ නැඟීම ගැන කතාවයි.

දුටුගැමුණු නිරිඳුන් නුවර පැදකුණු කරන්නේ මහාසෑය පිහිටන බිමෙහි සිටුවන ලද ශිලාස්ථම්භය දැක කියන්නට ලැබුණේ ය. එහි සඳහන් වූයේ ද රාජ මාලිගයෙහි කරඬුවක තැන්පත් කොට තිබෙන රන් පතෙහි ඇති මිහිඳු මහරහතන් වහන්සේ ගේ අනාගත වාක්‍ය නිසා රජතුමා මහත් සතුටට පත් වූයේ ය.

“මම් වනාහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් කරවන්නට තරම් පින් ඇති කෙනෙක් වෙමි. අහෝ! එය මට මහත් ලාභයක් ම වන්නේ ය. එහෙයින් ලක්වැසි කිසිවෙකුටත් පීඩා නොකොට අය බදුවලින් නො පෙලා දැහැමින් උපයන ලද වස්තුවෙන් මහාසෑය කරවන්නට ඇත්නම් කොතරම් අගනේදැයි” සිතමින් සිටියේ ය.

එකල්හි මේ පින් සිතිවිල්ල දැන ගත් රාජසේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව එකරුණ දෙවියන්ට සැල කරන ලදුව සිරිලක පිහිටුවන්නා වූ මහාසෑය හදන්නට දුටුගැමුණු මහා රජාණන් හට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්ථූපඝෝෂාවක් පැන නැංගේ ය. එකල්හි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්වකර්ම දෙව්පුතුන් හට අණ කරන්නේ “එම්බා දිව්‍ය පුත්‍රය, ගෞතම සසුනෙහි පහන් ව සිටින දුටුගැමුණු නරනිඳු තෙමේ මහාසෑය කරවන්නට සිතමින් සිටින්නේ ය. එබැවින් තෙපි එහි ගොස් අනුරාධපුරයෙන් යොදුනක් දුරින් පිහිටි ගම්භීර නම් නදිය අසබඩ මහාසෑයට ගඩොල් මවන්නැයි” පවසා සිටියේ ය.

පසුදින දුටුගැමුණු රජතුමා හට මහාසෑය උදෙසා ගැඩොල් මැවී ඇති බව අසා අපමණ චිත්තප්‍රසාදයක් ඇති වූයේ ය. එමෙන් ම අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තන්හි ආචාරවිටි නම් ගමෙහි නොයෙක් ප්‍රමාණයෙන් යුතු රන්බිජු පහළ වී තිබුණේ ය. එහි තිබූ රන්බිජු අතර වියතක් පමණින් විශාල වූ බොහෝ ස්වර්ණ බීජයෝ වූවාහු ය. කුඩා වූ ස්වර්ණ බීජයෝ අඟල් ප්‍රමාණ වූවාහු ය. අතිවිශාල බිම් කඩෙක පැතිර තිබූ ඒ සියලු ස්වර්ණ බීජයන් රජතුමා විසින් මහාස්ථූපයට වෙන්කරන ලද්දේ ය.

අනුරපුරෙන් නැගෙනහිර දිශායෙහි සත්යොදුනක් ගිය තන්හි මහවැලි ගඟෙන් එතෙරවූ තඹවිටි නම් ගමෙහි මහාසෑයට තඹ සහ යකඩ උපන්නේ ය. අනුරපුරයට ඊසාන දිගින් සතට යොදුනක් ගිය තන්හි සමන් වැව නම් ගමෙහි වැව් තෙර වැල්ලෙහි අති විශාල වූ බොහෝ මාණික්‍යයෝ උපන්නාහු ය. අනුරපුරයෙන් දකුණු පස අට යොදුනක් ගිය තන්හි අම්බට්ඨකෝල නම් ජනපදයෙහි එක්තරා ගල්ලෙනක මහා රිදී කඳක් පැන නැංගේ ය. අනුරපුරයේ බටහිර දෙස පස්යොදුනක් ගිය තන්හි උරුවේල නම් පටුනෙහි වර්ණයෙන් හා ප්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි තරම් විශාල වූ මුතු ද පබලු ද මුහුදෙන් ගොඩ ගසන ලද්දේ ය.

අනුරපුරයෙන් උතුරු දිශාවෙන් සත් යොදුනක් ගිය තන්හි පෙලවැව් නම් ගමෙහි වැවට වැටෙන දිය කඳුරැලියක වැලි අතරේ ඇඹරුම් ගල් ප්‍රමාණයෙන් විශාල වූ දියබෙරලිය මල් පැහැ ඇති මහා මිණි රුවන් සතරක් උපන්නේ ය. ගෞතම බුදු සසුනෙහි පහන් සිත් ඇති සාසන මාමක නරනිඳු තෙමේ ඒ ඒ තැන පහළ වූ වස්තූන් ගැන තොරතුරු ගෙන ආ සියල්ලන්ට ම ආදර ගෞරව දක්වා මැනැවින් සත්කාර කළේ ය. ඒ සියලු වස්තුව රුවන්වැලි මහා සෑය උදෙසා දේවානුභාවයෙන් පහළ වූ පූජාවන් ම වූයේ ය.

◄ කඩොල් ඇත් රජු ►



         කඩොල් ඇතා ලංකාවේ ඉපදුන එකෙකි. ඌ ඉපදී ඇත්තේ දකුණු පලාතේය. ඌ ටිකක් මතක තියෙන ඇතෙකි. නන්දිමිත්‍ර නමැති පුද්ගලයා ගම් බිම් සමතලා කරමින් දෙමාපියනට වදයක් වූ විට නන්දිමිත්‍ර ගැන කාවන්තිස්ස රජතුමා හට සැලවෙයි. උතුරේ රජකල එලාර සමඟ සටන් කිරීමට පිඹුරුපත් සකසමින් සිටි කාවන්තිස්ස සේනාපති වරුන් එකතුකරමින් සිට ඇත. එවිට නන්දිමිත්‍ර නමැති කෙනා ගැන ආරංචි වී ඇත. ඔහු මහා ශක්තිය ඇත්තෙකි. එබැවින් නන්දිමිත්‍රයා යෝදයෙකැයි රට පතල විය.

        පසුව කාවන්තිස්ස රජ විසින් කඩොල් ඇතු කුලප්පු කර නන්දිමිත්‍ර අභිමුවට යවයි. නන්දිමිත්‍ර කිසි දු වෙහෙසක් නොමැතිව කඩොල් ඇතු ගේ දෙදල බිම ඔබා ලූයේලු. එවකට කඩොල් ඇතා කුඩා එකෙක් වන්නට ඇත. විජිතපුර මහ සටන අවස්ථාවේදී නන්දිමිත්‍රට අවුරුදු 40ක් වත් විය යුතු බව මගේ අදහසයි. වෛද්‍ය චන්න මහතා ලියූ සටහනකට අනුව යුද්ධයට ප්‍රථම අවුරුදු 22ක් කොත්මලේ ගැමුනු කුමරා සැඟවී සිට ඇත. එවිට යුද්ධයට යන අවස්ථාවේදී නන්දිමිත්‍රයා කාවන්තිස්සගේ හමුදාවේ බොහෝ කල් සිටි කීර්තිමත් සෙනෙවියෙකු වන්නට ඇත.

        කඩොල් ඇතාගේ දල බිම ඇනීම කඩොල් ඇතා ඌට කල අවමානයක් මෙන් සැලකුවලු. ඉතින් පස්සෙ මේ සද්ධන්තය තමන්ගෙ හකු ඇටේ වගේ තැනක පොල් ගෙඩියක් සඟවල තියාගෙන තිබ්බලු පස්සෙ කාලෙක නන්දිමිත්‍රයට ගහන්න. දැන් අපි පොල් ගෙඩිය බිම දැමූ තැන බලමු.

        ධූලි නඟිමින් මහා සක් හඬ මැඳ මේඝ ගර්ජනා කරමින් කඩොලැතු මහා දුටුගැමුණු සේනාව සමඟ එක්ව එළාර නම් වූ සොලියාට එරෙහිවැ විජිතපුර මහා බලකොටුව අභියස මහා සටනෙකැ. කඩු කිනිසි තෝමර ලෙලවමින් මහ සෙනඟ සිටියක් සිය සතුරන් පමණක් හෙලා පියා පාගා ලීමට තරම් කඩොල් සමතෙක් මැ විය.

       මහා සේනාව සටනට වන් තැන කඩොලැතුද උන්හා එක්වැ නිර්භීතවමැ සිටි හෙයින් මොහු නම් මහ තෙද ඇති හස්තියෙක්ම වී හැකියි සිතූ දමිල සේනාහු උපායෙන් හෝ කඩොලැතු ලේ සොලවම්හි'යි සිතා මහා පවුරක් ළඟ සිට යුධයේ ඇලී සතුරන් කීතු කරන කඩොලැතු පිටට පවුර පෙරැලීමට සූස්තර යොදති. කෙතෙක් සිය වට පළිඟු මෙන් දිලි කඩු කිනිසි ලෙල දුන්නේ වී මුත් අප නන්දිමිත්‍රයානෝ සිය පන්චේන්ද්‍රියම විවෘත කොටගෙන සිටියාහු කඩොලැතු හට වන්ට යන විපත්තිය කල් තියාම දුටහ. පවනට බඳු වේගයෙන් වටා සිටි පර සෙබලු කැති ගෑ නන්දිමිත්‍රයෝ වහා කඩොල් ඇතු පිට පැණ පවුරෙන් එපිටට කඩොලැතු ගෙනෙන්නේ, පවුරෙන් ඌට වන්නට ගිය මහා ඛේදයෙන් ඒ සැනින් ඌ මුදාලමිනි. කඩොලැතු පිටින් බට නන්දිමිත්‍රයනන්ට කඩොලැතු නමස්කාර කොට මෙතෙක් කෙදින හෝ නන්දිමිත්‍රයා නසමියි සිතා හක්කේ රුවා ලූ පොල් ගෙඩිය පිටතට වීසි කලේයැයි පුරාණ පොත් හි සඳහන් වෙයි.

       මෙතෙක් කල් පොල් ගෙඩියක් තබාගෙන සිටි කඩොල් ඇතු පසු කලෙක එසේ සඟවා ගෙන සිටි ගලකින් පහරදී ඔහුට කෝචොක් කිරීමට පැමිණි ඇත්ගොව්වකු මරණයට පත්කල බවද පොත්වල සඳහන් වෙයි. කෙසේ වුවත් විජිතපුර සටනේදී බලකොටු ද්වාරය බිඳීම, වසන් සටනේදී කඩොලැතුට වඩා උසින් හා විශාලත්වයෙන් වැඩි වූ පන්ඩිත හෝ ඊට ආසන්න නමකින් හැඳින්වූ ඇතා බිම හෙලීම, සටන්වලදී ගැමුණු කුමාරයාට වාහනය වීම ආදී බොහෝ වැදගත් මෙහෙවර මෙඇතු අතින් වී යැයි අප ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි.

      යුද්ධය නිමවීමෙන් පස්‌සෙ කඩොල් ඇතා යළිත් මාගමට ගෙනවිත් පැල්වත්ත - කුඩාඔය ප්‍රදේශයේ දිවි ගෙව්වාලු, බුත්තල යටියල්ලාතොට විහාරයේ විහාරාධිපති හිමියන් පැවැසූ පරිදි කඩොල් ඇතා වයෝවෘධ වනතුරු ඉඳල තියෙන්නේ බුත්තල දොරමැඬිල්ල කියන ස්‌ථානයේ. ඇතාට නාන්න පීල්ලක්‌ වගේ සාදා තිබූ ස්‌ථානය අදටත් එහි තියනවාලු. රාජ කුමාරවරු දෙදෙනකු භාරයේ හිටි කඩොල් ඇතු මේ කුමාරවරුන් අතර ඇති වු ආරවුලක්‌ හේතුවෙන් කුමාරවරු දෙදෙනාම මියගියාට පසු අවසන් සුසුම් හෙළුවාලු. කඩොල් ඇතාගේ භූමදානය සිදුකර ඇත්තේ අනුරාධපුරයෙන් ගෙනා මැණික්‌ ගැල් 21 ක්‌ සමඟලු. මේ ස්‌ථානයේ ගල්කණුවලින් ස්‌මාරකයක්‌ තනා තිබ්බ බවයි සලකන්නේ. කොහොමහරි කඩොල් ඇතුගේ අඩි 8 ක්‌ පමණවන දළ යුගලය එකල මෙහි සිටි වැදි නායකයකුට අයත්ව තිබූ බවත් ඔහු විසින් පසුව වැද්දන්ගේ ආච්චි ලෙස පිදුම් ලබන "වල්ලිඅම්මා" වෙනුවෙන් කතරගම මහ දේවාලයට ලබාදී ඇති බවත් අපට කිව්වෙ නායක හාමුදුරුවන්මයි. දේවාලයේ ලේකම්තුමා දයානන්ද අධිකාරි මහතාත් මේ කතාව අනුමත කළා.

      දැන් දුටුගැමුණු රජුගේ කඩොල් ඇතාගේ දළ යුගලය සුරක්‍ෂිතව කතරගම දේවාලයේ තියෙනවා. වාර්ෂිකව ඇසළ මංගල්ලයේදී මේ දළ යුගල, මහජන ප්‍රදර්ශනයට තබනවා.

Saturday, May 26, 2012

කොළඹ - නුවර පාරේ උපත


ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජු අල්ලා ගැනීමට කොළඹ සිට මහනුවරට ගිය ඉංග‍්‍රීසි හමුදාවට ඒ සඳහා නියමිත මාර්ගයක් නොතිබූ අතර පේරාදෙණිය දක්වා ගන වනාන්තර මැදින් ගමන් කළ මේජර් ඬේවි ඇතුළු ඉංග‍්‍රීසි හමුදාව එතැන් සිට මහනුවරට ළඟාවූයේ මහවැලි ගංඟාව තරණය කිරීමෙනි.
හෙන්රි මාෂල්ගේ දිනපොතට අනුව 1803 ජූනි 24 වැනි දින (සිකුරාදා) පිටාර ගලමින් තිබුණු මහවැලි ගඟ අසල ඇති ”වටපුළුව” අම්බලමේ මේජර් ඬේවි ඇතුළු පිරිස රාත‍්‍රිය ගතකළහ. ගන කැලය මැද දින ගණනක් නතර වී සිටි හමුදාවේ සමහර සෙබළුන්ට ”කැළෑ උණ” ලෙස හැඳින්වූ මැලේරියාව වැළඳිණි. රෝගය උත්සන්න වීමෙන් භටයෝ කීපදෙනෙක්ම ජීවිතක්‍ෂයට පත්වූහ.
මහවැලි ගඟ තරණය කර මහනුවරට ලඟාවීමට ඉංග‍්‍රීසි හමුදාව උණලී පාරු සාදා ගත්හ. ගඟ තරණය කොට ”වාගොල්ල” නැමැති ස්ථානයක නතර වී සිට පසුව මහනුවරට ගොඩ බට බව හෙන්රි මාෂල්ගේ දින පොතෙහි සඳහන් වෙයි. පෘතුගීසි සමයේදී ද මහනුවරට ගමන් කිරීම සඳහා ස්ථීර මාර්ගයක් නොවූ අතර මේ හේතුව නිසා ඔවුන්ද මහත් දුෂ්කරතාවට පත්වූහ. එකළ ගන වනාන්තරය ඔස්සේ දුෂ්කර මාර්ගයක් පිහිටා තිබුණද එයත් ”බලන” කඳුවැටිය අසලින් නිමාවට පත්විය.
පෘතුගීසින්ට ද මහනුවරට යාම සඳහා ස්ථීර මාර්ගයක අවශ්‍යතාව තිබුණද එය යථාර්ථයක් බවට පත්කර ගන්නේ ඉංග‍්‍රීසීන්ය. එඞ්වඞ් බාන්ස් නැමැති ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා 1820දී පමණ සීතාවක - ඉද්දමල්පාන, අරන්දර, හෙට්ටිමුල්ල, උස්සාපිටිය,  බලන හරහා මහනුවර දක්වා වැලිපාරක් සකස් කළේය. ලන්දේසීන් ඉදිකර තිබූ බළකොටු හරහා ඉදිවූ මෙම මාර්ගය ඔස්සේ බාන්ස් ආණ්ඩුකාරවරයා පසුව දෝලාවකින් ගමන්ගත් බවද පැවැසේ.
1821 පමණ වන විට එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා අඹේපුස්ස හරහා මහනුවරට යාම සඳහා තවත් මාර්ගයක් සැළසුම් කළේය. තුන්කොරලය හා හේවාගම් කෝරල, සියනෑ කෝරල හරහා යන මාර්ගයේ පළමු අදියර ලෙස කොළඹ සිට අඹේපුස්ස දක්වා ඉදිවිය. මහර, කඩවත, යක්කල, වරකාපොල හා මාවනැල්ල යන නගර හරහා ඉදිකිරීමට යෝජිත මාර්ගය සඳහා ගංඟා 4ක් මතින් මහපාලම් හතරක් ඉදිකිරීමට ද සැළසුම් සකස්විය.
මෙම මාර්ගය ඔස්සේ පැමිණ කොළඹට ඇතුළුවීමට තිබුණ දොරටුව වන්නේ අද කඩවත නගරයයි. කඩවතට පැමිණ කොළඹට ඇතුළුවන සියලූ දෙනා බදුගෙවා ඇතුළුවීම අනිවාර්ය විය.  කඩවතින් ඇතුළු වී කැලණිග හරහා ගමන් කළ යුතුව තිබුණේ දිගු පාරු යොදා සකස් කර තිබූ පාරු පාලමෙනි.
අඹේපුස්ස සිට උඩරට දක්වා දිවෙන මාර්ගය ඉදිකිරීමේ වගකීම කරට ගත්තේ මේජර් ස්කීනර්ය. ඒ මාර්ගය අදටත් දක්නට ඇති අතර ඒ පැරණි උස්සාපිටිය මාර්ගයයි. තාවකාලික ලෙස සකස් කළ මාර්ගය සුදු ජාතික ආණ්ඩුකාර ජෝන් ජෝර්ජ් පේ‍්‍රෂර් විසින් විධිමත් ලෙස මහනුවර දක්වා රැගෙන යනු ලැබූ අතර ඒ සඳහා අඹේපුස්ස සිට හතර කෝරළය හරහා ගන වනාන්තර එළිකළේය. මෙම මාර්ගය නිම කිරීමෙන් පසුව කොළඹ සිට මහනුවරට ගමන් කළහැකි විධිමත් මාර්ගය මෙය වූ බව සර් ජෝන් ඬේවි නම් ඉංග‍්‍රීසි ජාතික ලේඛකයා (AN Account of the interion of ceylon) නමැති ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ.
කොළඹ x නුවර මාර්ගය කපන විට ඊට වසර 450කට පමණ පෙර රජකළ තුන්වැනි වික‍්‍රමබාහු රජුට අයත්ව තිබූ රජ මාලිගාව ඉදිරිපිට පිහිටි මල්වත්ත ”පේරාදෙණිය උද්භිත උද්‍යානය” ලෙස සකස් කිරීමට ඉංග‍්‍රීසිහු පියවර ගත්හ. ඒ යුගයේ දී ”මහනුවර” යන නම භාවිත නොවූ අතර ”සෙංකඩගලපුර” නම භාවිත විය. ”කන්ද” යනුවෙන් ඉංග‍්‍රීසින් හැඳින්වූ නාමය පසුව ”කැන්ඩි” යනුවෙන් වෙනස් වූ බව ද කියැවේ.
1824 දී කොළඹ - නුවර මාර්ගය කපමින් සිටිනවිට බාන්ස් ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ ජනසංගණනයක්ද පැවැත්වූ අතර එදා සංගණනයට අනුව ජනගහනය වූයේ අටලක්‍ෂ පනස්එක්දහස් හාරසිය හතළිහකි. (851440) කොළඹ - නුවර මාර්ගය සැකසෙමින් තිබූ නිසා බොහෝ ජනතාව මහනුවර ප‍්‍රදේශයට පැමිණ පදිංචි වූ බව ද පැවසේ. එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා දරදඬු ගතිපැවතුම් වලින් යුත් පාලකයකු වූ නිසා බොහෝ සිංහලයන් ඔහුගේ ඇසට හසුනොවී කැලෑවැදී ජීවත්වූ අතර එසේ සැඟවී සිටි පිරිස් එම සංගණනයට ඇතුළත්ව නැත.
මහනුවර නගරයේ දී මෙම මාර්ගය සකස් කිරීමේ දී බෝගම්බර වැවද විශාල කොටසක් ගොඩකළ බව කියැවේ. අද මහනුවර නගරය සම්පූර්ණයෙන්ම වාගේ පිහිටා ඇති ප‍්‍රදේශය එකල බෝගම්බර වැව බවද කියැවේ. බෝගම්බර වැව බොහෝ සේ ගොඩකර ඇත්තේ ඉංග‍්‍රීසීන්ය. සිංහල රජවරු ”බොහෝ ගම්වර” පිදු තැන පසුව බෝගම්බර වූ බවද ”මන්දාරම් පුවතේ” සඳහන් වෙයි.
කොළඹ - නුවර මාර්ගය සැකසීමේ දී මාවිල්මඩ නම් වූ කැලෑගමක් මතින්ද ඉදිවිය. මේ ප‍්‍රදේශයේ දී සිංහල හමුදාව හා ගැටුනු ඉංග‍්‍රීසි හමුදාවේ විශාල පිරිසක් මියගිය අතර ඒ මියගිය අයගේ නාම ලේඛනය බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ අදත් දක්නට ඇති බව ද කියැවේ.
ඇහැලේපොල කුමාරිහාමිගේ පරම්පරාවට අයත් වඩිගමංගාව නමැති ගම මතින්ද මේ මාර්ගය ඉදිවිය. වඩිගමංගාව අද දක්නට නැතත් 1818දී වෙල්ලස්ස කැරැල්ල සමයේ දී වීර කැප්පෙටිපොලට සැඟවීම සඳහා ඉංග‍්‍රීසීන්ට ඒමට නොහැකිවන පරිද්දෙන් මාර්ගය වසා දැම්මේ මේ ස්ථානයේ දී බව ඉතිහාසය කියයි.  ඒ ප‍්‍රදේශය පරවගහගම ලෙස අද හැඳින්වේ.
ගොඩබිම් මාර්ගයක් සකස් කළද ඉංග‍්‍රීසින් සතු කෝපි, තේ වැනි ද්‍රව්‍ය කොළඹට ගෙන ඒමට අශ්ව කරත්තය ප‍්‍රමාණවත් නොවීය. මේ නිසා අශ්ව කෝච්චිය ආරම්භ වන්නේ මෙරට ප‍්‍රථම තැපැල් රථය වශයෙනි. ඒ අනුව ප‍්‍රථම තැපැල් රථය වූ අශ්ව කෝච්චිය 1832 පෙබරවාරි පළමු වැනිදා කොළඹින් ගමන් ආරම්භ කළේය. තැපැල් සේවය ප‍්‍රධාන කරගනිමින් ආරම්භ වූ අශ්ව කෝච්චිය උඩරට සුදු ජාතික වැවිලිකරුවන්ගේ සේම පොදු ගමනාගමනයට ද පසුව ව්‍යාප්ත විය. කොළඹින් පිටත්වන අශ්ව කෝච්චිය එතැන් සිට කිලෝමීටර් 4ක් පමණ ඈතින් පිහිටි කැලණි ගංඟාවෙන් එතෙර වූයේ බෝට්ටු හා පාරු යොදා සකස් කර තිබූ පාලම මතිනි. වික්ටෝරිය පාලම ඉදිවන තෙක් මේ පාරු පාලම සුවිශේෂී ප‍්‍රවාහන සේවාවක් සඳහා උරදුන් බව කියැවේ.
වික්ටෝරියා පාලම කැලණි ගඟ හරහා ඉදිකිරීමෙන් පසුව එහි තිබූ පාරු පාලම 1895 මැයි 24 වැනි දින ගලවා ඉවත් කළේය. එදිනට යෙදී තිබුණු වික්ටෝරියා රැුජිනගේ උපන් දිනය සැමරීම සඳහා මෙම පාලම ඉදිවිය. ඒ වන විට කැලණි ගඟ හරහා ඉදිකර තිබූ පාරු පාලම පුරා දශක හතක් පමණ තම සේවාව ලබාදී තිබිණි. 1822 දී එවකට සිටි එඞ්වඩ බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් පාරු පාලම කරවන ලද්දේ කුඩා ප‍්‍රමාණයේ බොට්ටු (ඔරු) 21 යොදා ගනිමිනි. පාලමේ දිග අඩි 500කි.
කොළඹ නුවර මාර්ගය මෙන්ම තැපැල් අශ්ව කෝච්චි සේවාවට ද මනා සහායක් ලබාදුන් මෙම බෝට්ටු පාලම බි‍්‍රතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ජෝන් ජෝර්ජ් පේෂර් ගේ නිර්මාණයක් විය.
කොළඹ - නුවර මාර්ගයේ ගමන් කරන අශ්ව කරත්තයක්
කොළඹ - නුවර මාර්ගයේ ප‍්‍රථම අශ්ව කෝච්චිය සිත්තරකුගේ ඇසින්
කැලණි ගඟ හරහා ඉදිකර තිබූ පාරු පාලම

සිංහලේ රාජ උරුමයේ අවසානය



දෙවැනි රාජසිංහගේ එකම පුත් දෙවැනි විමලධර්මසූරියගේද එකම පුතා වූයේද වීරපරාක‍්‍රම නරේන්ද්‍රිසිංහයි. මේ කුමරු රාජකීය පරම්පරාවකට සම්බන්‍ධ නොවූ දෝලියකට දාව රජුට ජාතක වූ දරුවෙකි. ඔහු හැදී වැඩුණේ රජ මාලිගාව තුළ නොව උඩිස්පත්තුවේ පොද්දල්ගොඩ ප‍්‍රදේශයේ ගල් ගුහාවක් තුළ රහසිගතවය. එබැවින් ඔහු හැඳින්වූයේ ‘‘කඩතුරා ගල්ලෑනේ කුමාරය’’ යන හුරතල් නාමයෙනි. දෙවැනි විමලධර්මසූරිය රජු 1706 ජූනි 06 දින හදිසියේම මියගියෙන් රජකමට සුදුස්සෙකු තෝරා ගැනීම පිළිබඳව මතභේදයක් රාජ සභාවේ පැණ නැගුණි.
දෙනුවර ප‍්‍රධානීන්ගේ මතය වූයේ මාලිගය තුළම හැදී වැඩුණ රජුගේ තවත් දෝලියකගේ පුතෙකු වූ මාම්පිටිය බණ්ඩාර රජකමට සුදුසුබවය. ඔවුන් එසේ යෝජනාකළත් සම්ප‍්‍රදාය අනුව රජකෙනෙකු තෝරා ගැනීමේ බලය තිබුණේ දුම්බර ප‍්‍රධානීන්ටය. දෙදුම්බරම ප‍්‍රධානීන් වැඩි පිරිසක් මේ කඩතුරා ගල්ලෑනේ කුමාරයාට පක්‍ෂ වීමෙන් ඔහු වැඩි කැමැත්තෙන් රජකමට තෝරා ගනු ලැබීය.
වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ නමින් දහඅට වැනි වියේදී රජවී තිස්තුන් අවුරුද්දක් (1706-1739) රජකළේ මේ කුමාරයාය. ඔහු සියලූ රාජ්‍ය පාලන කටයුතු සෙංකඩගල නුවර සිට මෙහෙයවූවත් පදිංචිය සඳහා මාලිගාවක් කුණ්ඩසාලේ උඩමලූව ප‍්‍රදේශයේ ඉදිකරවා එහි පදිංචි වූයේය. එහි විහාරයක්ද තනවා කලෙක ආරක්‍ෂාව සඳහා දළදාවද තබා ඇත. ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහාරාමය නමින් එය අදටත් දැකිය හැක. මාලිගයෙහි නටඹුන්ද මීට වසර තිහකට පමණ ඉහතදී දැක ගැනීමට ලැබුණත් අද වන විට ඒවා තවත් දිරාපත්ව ඇත. රජතුමා සෙල්ලම්කාර ජීවිතයක් ගත කළ බැවින් සෙල්ලම් රජ්ජුරුවෝ නමින්ද ජනතාව අතර හැඳින්විණ.
රජතුමා ලන්දේසින් සමඟද වෙළඳ සබඳතා ගොඩනඟා ගත්තේය. ගම්සභා අධිකරණ, රට සභා අධිකරණ හා සිංහල ශ්‍රේෂ්ඨාධිකරණ පද්ධතිය ඇතිවූයේද මේ රජතුමා සමයෙහිදීය. රජතුමා දුම්බර බණ්ඩාර ඇළ, පිලවල වැව, දම්බරාව වැව ආදිය ඉදිකිරීමෙන් ගොවිතැනටද විශාල සේවාවක් ඉටු කළේය. රජතුමාගේ පාරම්පරික ආරය නිසාදෝ ඔහුටත් සිංහල බිසවුන්ට දාව දරුවන් නොවීය. උඩිස්පත්තුවේ කුරුකොහුගම යුවතියක්ද මාලිගාවට බිසෝ තනතුර සඳහා කැන්දන් ආ නමුත් ඇය අතර මඟදී දිව ඇද විකාගෙන ජීවිතය හානි කර ගත්තාය. ඇය ආදාහනය කළ කඳු ගැටය අදත් ආදාහන ගල නමින් දැකිය හැක.
රජතුමාගේ පාලන සමය නොරිස්සූ රාජසභාවේම පිරිසක් ඔහු මැරවීම සඳහා උපක‍්‍රමයක් යෙදවීය. රජතුමා දිය නෑමට ගොස් දියේ පැය ගණන් කරණම් ගැසීමට පුරුදුව සිටියේය. මෙසේ ජල ක‍්‍රීඩා කරන අවස්ථාවක රජතුමා මැරවීම සඳහා උල්කළ යකඩ කූරු ගඟ පතුලේ සිටුවා තැබීය. පිණුම් ගසන විට ඒවා ඇණී රජතුමා මරණයට පත් කිරීම අරමුණ විය. රජතුමා දිනක ජලයට පැනීමට පෙර බත්කූරෙකු ජලය මත සිටිනු දැක මෙය විය නොහැකි දෙයක් යැයි සිතා පරීක්‍ෂා කර බලන විට කාරණය අවබෝධ කොට ගත්තේය. කරුණු විමසා බලා මෙම සිද්ධියට වගකිව යුතු තම මහ අධිකාරම් වූ (අග‍්‍රාමාත්‍ය) රම්මලක දිසාව මරවා දැමීය.
දුම්බර රදලයන්ට හිමිව තිබූ මහ අධිකාරම් ධූරය ඔවුන්ට අහිමිකොට ඇහැලේපොල මහ අධිකාරම් ධූරයට පත් කළේය. මෙම සිද්ධියට සම්බන්ධවූ දෙගල්දොරුවේ කහඳ සුමිත‍්‍ර පරපුරට අයත් වූ බණ්ඩාර නමැත්තාද මරා දැමුවේය. මෙම සිද්ධියෙන් පසුව ජනතාවද රජු කෙරෙහි කලකිරීමෙන් රජුගේ අවසානයද ළඟාවිය. බලවත්සේ අසනීප වූ රජුට දේශීය වෛද්‍ය ක‍්‍රමයේ වෙදකම්ද, වෛද්‍ය ඩැනියල් නම්  ඕලන්ද වෛද්‍යවරයකු විසින් ලබාදෙනලද බටහිර ප‍්‍රතිකාර වලින්ද රෝගය සුව නොවී රජතුමා 1739 මැයි 13 බදාදා දින අභාවප‍්‍රාප්ත විය.
නරේන්ද්‍රසිංහ රජු මදුරාපුර ආර්ය චක‍්‍රවර්තී පඬු රජුගේ දියණියක් සරණය සඳහා ඉල්ලාද ඇමතිකමට කුමාරවරු දෙදෙනෙක් ඉල්ලාද පඬරු යැවීය. පඬු රජු තම දුව සුමිත්තා හා තම සහෝදර බණ්ඩාර චක‍්‍රවර්තීගේ පුතණුවන් දෙදෙනකු වූ ස්වාමිනාත හා හේමනාත ද සමඟ තවත් දැසි දසු පිරිසක්ද රජතුමා වෙත එවීය. නරේන්ද්‍රසිංහ සුමිත්තාට අග මෙහෙසුන් ලෙස තබා ස්වාමිනාථ අගමැති තනතුරේද හේමනාථ යුව අගමැති තනතුරේද තබා ගෙන රට පාලනය කළේය. මේ පඬුරට නම් නූතන අන්ද්‍රා ප‍්‍රදේශයයි. මෙසේ සිටින අතර සුමිත්තාද දරුපල නොලැබුවාය.
රජතුමා නැවතත් තෙළිඟු රටේ රජුගේ දියණිය වූ කෛයිකේශි නම් කුමරියද ගෙන්වාගෙන බිසෝ තනතුරෙහි තබා ගත්තේය. ඇය තෙළිඟු  භාෂාව කථා කරන නූතන ඔරිස්සා ප‍්‍රාන්තයට අයත්වූ ප‍්‍රදේශයෙනි. මේ වනවිට බණ්ඩාර චක‍්‍රවර්තීගේ අගබිසවගෙන් උපන් සුමේධ නම් කුමාරයා සිය පියා සමඟ ඇතිවූ මතභේදයක් නිසා තම නැගණිවරුන්වූ කෞශල්‍යා හා සුපර්නා යන කුමරියන් දෙදෙනා සමඟ අනුරාධපුරයට පැන ආවෝය. මේ පිරිස අනුරාධපුරයෙහි නුවර වැව වලව්වට ගොස් වතගොත එළිිකර මීට පෙර සිරිමා බෝධිය හා දන්තධාතුව ගෙන ආ පිරිස් සමඟද තමාගේ ඥාති සම්බන්ධය එළිකළ බැවින් එහිම නතර වීමටද අවස්ථාව උදාරකර ගත්හ.
මෙසේ ටික කලක් ගතවූ අතර කෞශල්‍යා එම වලව්වෙහිම උන් ටිකිරි බණ්ඩාර කෙනකුට දාව ගැබ් ගත්තාය. පසුව ඇය එහිදී විවාහ කොට දී සුමේධ කුමරු සිය බාල නැගණිය වූ සුපුණ්ණා සමඟ අනුරාධපුරයෙන් පිටව සෙංකඩගලට පැමිණ වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු හමුවූහ. රජතුමාට ඇති සිය ඥාතීත්වය තහවුරු කරගත් රජතුමා ඔවුන්ට නතරවීමට සුදුසු නිවසක් අලකොලඅංග ගමේ ඉදිකරවා එයට ස්වකීය බිසෝ පරපුරේ නමවූ මදුරාව නමද යොදා මදුරාවේ වලව්ව යැයි නම් තැබීය.
දඹදෙණිය, සුඹුලූව, මඩවල ආදී විහාරවල අලූත්වැඩියා කළේය. නරේන්ද්‍රසිංහ රජතුමාගේ සමයෙහි තවත් බණ්ඩාරවරු පැමිණ උඩරට රාජධානියේ තැන් තැන් වල පදිංචි වූහ. අලූදෙණිය, කෙම්පිටිය, කැබැල්ලවිට ආදී ස්ථාන මෙයින් ප‍්‍රධානය. ගබඩා නිලමේ වූ මදුරාවේ බණ්ඩාර දූල්ලෑව ගබඩා නිලමේ කෙනකුගේ දියණියවූ අනුහස්සාමි විවාහ කර ගත්තේය. එම විවාහයෙන් ඔවුන්ට පුතකු හා දූවරුන් හය දෙනකු ලැබුණි. පුතා මායා දුන්නේගේ දුව විවාහකර ගත්තේය. එක් දුවක් ලෙව්කේ බණ්ඩාරගේ පුතාද, එක් දුවක් උරුලෑවත්තේ බණ්ඩාර කෙනකුද, තවත් දුවක් කෙම්පිටියේ බණ්ඩාරගේ පුතාද, තවත් දුවක් උනම්බුවේ බණ්ඩාරද, තවත් දුවක් රත්වත්තේ බණ්ඩාරද, අනෙක් දුව කැප්පෙටිපොල බණ්ඩාරටද විවාහ කර දෙන ලදී.
මෙම සම්භවය විජය රාජසිංහගෙන් පසුව සෙංකඩගල රජවූ කීර්ති ශ්‍රී රාජසිංහයන්ටද උරුමය. ඔහු තෙළිඟු බස කතා කළ අන්ද්‍රා දේශයේ බිසවගේ සහෝදරයාය. කීර්ති ශ්‍රී රාජසිංහද වඩුග කුමාරිකාවන් හතර දෙනකුම ගෙන්වාගෙන බිසෝ තනතුරෙහි තබාගෙන සිටියත් ඉන් එකද බිසවකට හෝ දරුවන් නොලැබුණි. ඊට පසු ඔහුගේ සහෝදර සෙනෙවියකු රාජාධිරාජසිංහ නමින් රජවිය. මේ වන විට ලන්දේසීන් පලවා හැරීමට ඉංග‍්‍රීසින් රජුට උදව් කිරීමට පොරොන්දු වූ නමුත් ඇත්ත වශයෙන්ම එම පොරොන්දු ඉටුකළේ නැත. ලන්දේසීන් සෙංකඩගල නුවර ආක‍්‍රමණය කළවිට සිංහල සේනාව කුණ්ඩසාලය දක්වා පසු බැස්සේය.
මදුරාවේ බණ්ඩාර, අරාවේ බණ්ඩාර, කපුවත්තේ බණ්ඩාර, මඩුගල්ලේ කලූ අදිකාරම්ගේ පුත් මඩුගල්ලේ බණ්ඩාර ආදීන් එක්වී සෙනඟ රැුස් කරවා ලන්දේසි හමුදා මරා දැමුවෝය. ඉන්පසුව ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ජොවාන් ගැරාර්ක් එන්ජලිබැක් සිය හමුදාවද රැගෙන කොළඹට පලා ගියේය. රාජාධිරාජසිංහගේ රන් දෝලියට සහෝදරයෝ හයක්ද සහෝදරියක්ද සිටියහ. මුත්තුසාමි, බංගුසාමි, කන්නසාමි, අප්පාසාමි, අයියසාමි, හා බුද්ධසාමි සහෝදරයන් වූ අතර සහෝදරිය වූයේ රංගම්මාය. රන්දෝලියේ බිසවගේ සුලූ මවුද මාලිඟය තුළම විසුවාය. ඇයගේ දූවරුන් වූ සිරියම්මා හා උපේන්ද්‍රා ද ඒ අතර වූහ. සුලූ මව හා ඇගේ දරුවන් පසුව මල්වත්තේ පදිංචිව සිටියාය. මේ අය බැලීමට රජු මල්වත්තට ගිය අතර එම ප‍්‍රදේශය පිළිමතලාවේ අධිකාරම්ට අයත් වූ බල ප‍්‍රදේශය විය.
සිරියම්මා හා පිළිමතලාව අතර රහස් සම්බන්ධයක් තිබූ බව රජුට අවබෝධ වූයේ ඉන් පසුවය. ඒ පිළිමතලාවගේ සැරයටිය එහි අමතකව දමා ගොස් තිබූ  බැවිනි. ඒ වන විටත් ඇය ගැබිනියක්ව සිටියාය. පසුව ශ්‍රී වික‍්‍රම රාජසිංහ නමින් (1798-1819) අවුරුදු දහ අටේ දී රජවූයේ ඇයට උපන් පුත් කුමාරයාය. මේ වන විට වඩුග බලය තවත් ව්‍යාප්තව මහනුවර මලබාර් වීදිය ඔවුන්ගේ වාසස්ථාන තිබූ ප‍්‍රදේශය විය. රන් ආභරණ ව්‍යාපාරය ඔවුන් සතු විය. 1815 පෙබරවාරි 18 වැනිදා ඉරිදා දින රජු ඉංග‍්‍රීසින්ගේ හිරකරුවකු බවට පත්වන තුරුම සිටි සෙංකඩගල රාජ්‍යයේ අන්තිම රජුද ඔහු විය.
(පුරාවිද්‍යා භූෂණ ඒ.ජේ.ඩබ්ලිව්. මාරඹේ රටේ මහත්මයාගේ ත‍්‍රී සිංහලේ කඩයිම් හා විත්ති පොත හා තවත් ඓතිහාසික ලියවිලි ආශ‍්‍රයෙනි)


වඩුගරාජ පරම්පරාවේ අවසන් රජුවූ ශ්‍රීවික‍්‍රම රාජසිංහ

අත තියා ලෙඩ හොඳ කරන දේව දරුවා


විෂ්ණු දෙවියන්ගේ වරම් ලැබූ බව කියන ළමයෙක් ගලේවෙල පැත්තේ ඉන්නවා. ඒ වරම් බලයෙන් ඒ ළමයා පුදුම හාස්කම් කරන්නේ. දොස්තර මහත්වරුන්ටත් සුවකරන්න බැරි වුණ ලෙඞ්ඩු විෂ්ණුගේ වරම ලැබීම නිසා ළමයා අත තියපු ගමන් හොඳ වෙනවාලූ.
මේ ආරංචිය අපට  ලබාදෙන්නේ වෛද්‍ය ජනක ජයසූරිය මහතායි.
දේව බලයෙන් ලෙඩ රෝග සුව කරනවා යැයි කියන මේ අරුම පුදුම දේව දරුවා සොයා පසුගියදා අපි ගලේවෙල ප‍්‍රදේශය බලා ගියෙමු.
ගලේවෙල සිට මාතලේ පාරේ ගිය විට මැදපොලදී දේව දරුවා සිටින නිවෙස හමුවේ.
වෛද්‍ය ජනක ජයසූරිය මහතා දේව හාස්කම් වලින් යක්ෂයින් ගේ බලයෙන් හා වෙනත් අද්භූත බලවේග වලින් ලෙඩ රෝග සුව කිරීමට හැකි යැයි කියා ගන්නා අය සම්බන්ධව විද්‍යාත්මක ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් පර්යේෂණ හා ගවේෂණ වල නිරතව සිටින විද්වතෙක්.
ගලේවෙල දේව දරුවා ගැන විද්‍යාත්මක ගවේෂණයක් කිරීම සඳහා වෛද්‍ය ජනක ජයසූරිය මහතාද අපත් සමග මේ ගමනට එක්විය.
අපි මෙම දේව දරුවා ගැන ඉරිදා ලංකාදීපයට විශේෂාංගයක් සකස් කිරීමට බව එම දරුවාගේ මව්පියන්ට පවසා සිටියෙමු.
බොහොම ලෙන්ගතුව අපි පිළිගත් දරුවාගේ මව්පියන් දෙදෙනා තරයේම කියා සිටියේ ඒ ගැන කිසිම දෙයක් තමන්ට පැවසීමට නොහැකි බවය.
විෂ්ණු දෙවියන්ගේ වරම් ඇතැයි කියන දරුවාගේ මාමා කෙනෙක්ද ඒ අවස්ථාවේ නිවසට ගෙන්වාගනු ලැබුවේ දරුවාගේ මව්පියන් විසිනි. ඔහු මාතලේ පොලිස් අධිකාරි කොට්ඨාශයේ පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් නිලධාරියෙකි.
දරුවා කරන හාස්කම් ගැන ලොකු විස්තරයක් අප හමුවේ තැබූ පොලිස් නිලධාරියා තරයේම කියා සිටියේ දේව වරමින් ලෙඩ සුවපත්වූ අයගෙන්ම විස්තර විමසා දැගන්නා ලෙසය.
දේව දරුවා ඔහුගේ සමවයසේ පසුවන මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට ගොස් ඇති බව අප දැනගත්තේ ඒ දරුවාගේ මව්පියන්ගෙනි.
විෂ්ණු දෙවියන්ගේ වරම් හා බලය ලැබ ඇති බව කියන මේ දරුවා ගෙදර දේව පූජා පවත්වා ලෙඩ රෝග සුවකරන්නේ බදාදා හා සෙනසුරාදා දිනවල පමණකි. ඒ දින දෙකේ ඈත එපිට ප‍්‍රදේශවලත් සිය ගණන් සෙනග පැමිණෙන බව අපට දැන ගැනීමට ලැබිණි.
අප දිගින් දිගටම කරන ලද ඇවිටිලිවල ප‍්‍රථිඵලයක් වශයෙන් මේ දරුවාට විෂ්ණු දෙවියන්ගේ වරම් බලය ලැබුණු ආකාරය ගැනත් ඔහු රෝගීන්ට අත තැබූ සැණින්, ලෙඩ රෝග සුවපත් කරන ආකාරය ගැන තොරතුරු දැන ගැනීමට හැකිවිය.
ගලේවෙල ප‍්‍රදේශයේ පාසලක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ දරුවාගේ වයස අවුරුදු 9 කි.
දරුවාගේ පියා බේකරි සමාගමක වැඩ පරීක්ෂකවරයෙක් වන අතර මව පෙර පාසල් ගුරුවරියකි. දෙදෙනාම දැන් සේවයෙන් ඉවත්වී සිටින්නේ දරුවා කරන දේව මෙහෙයන්වලට උදව්පදව් කිරීම සඳහාත් දරුවාගේ ආරක්ෂාව සඳහාත්ය.
මේ මව්පියන්ට සිටින එකම දරුවා ඔහු පමණකි. ඒ නිසාම ඔවුන් දරුවාට දක්වන්නේද අසීමිත ආදරයකි.
දරුවාට විෂ්ණු දෙවියන්ගේ වරම් ලැබුණු ආකාරය ගැන අපි විමසා සිටියේ දරුවාගේ පියා වන සම්පත්ගෙනි.
පුතා ඉපදිලා අවුරුදු තුනක් විතර යද්දි තමා පැමිණියේ දිව්‍ය ලෝකයේ සිට බව පවසන්නට පටන්ගත්තා. ඒ කාලයේ අපි එච්චර ඒ කතා ගණන් ගත්තේ නැහැ. පස්සේ පුතා මස්මාළු කන එක ප‍්‍රතික්ෂේප කරන්න පටන්ගත්තා. මස් මාළුත් එක්ක බත් අනලා ගුලි කරලා කටේ තිබ්බාම ආපහු එළියට දාන්න පටන්ගත්තා. එළවළුයි බතුයි අනලා කැව්වම අපූරුවට කනවා.
පුතාට වයස අවුරුදු තුනේ විතර ඉඳල පෙර ආත්මය කියවන්න පටන්ගත්තා. ඔහු නිතරම කිව්වේ දේව විමානයක සිට මෙහි පැමිණි බවයි. අපි කුඩා කාලයේ සෙල්ලම් බඩු අරන් දෙනවා. පුතා සෙල්ලම් බඩු වලට ආස කළේ නැහැ. ඒවා පැත්තකට දානවා. කොහේ හරි යද්දී පුතා දෙවිවරුන්ගේ ෆොටෝ දැක්කාම ඒවා ඉල්ලා හඬනවා. ඒවා අරන් දෙනකම්ම කෑගහලා හඬනවා. ඇඬිල්ල නවතින්නේ ඒවා අරන් දුන්නාම තමා. පුතා ඒවා ගෙදර ගෙනවිත් තියාගෙන වන්දනාමාන කරනවා.
අපට හිසරදයක් උණක් හැදුනාම පුතා ඇවිත් ඇඟට අත තියලා දැන් හොඳවෙයි කියලා කියන්නට පටන්ගත්තා. අතතියලා පැය දෙක තුනක් යද්දී අපේ ලෙඬේ සුවවෙලා. අපිටත් හරිම පුදුමයි. පුතාගෙන් කොහොමද මෙහෙම ලෙඩ සුවකරන්නේ කියලා අහපුවාම එයා කිව්වේ විෂ්ණු දෙවියන්ගේ බලය මට තියනවා ඒ බලයෙන් තමා මේවා කරන්නේ කියලා. පස්සේ පුතා අහල පහල අයටත් ලෙඩක් වුනාම අත තියලා රෝගය සුවපත් කරන්න පටන්ගත්තා. මේ කථාව පැතිරිලා ගිහින් දැන් මාස තුනක හතරක කාලයක ඉඳලා පුතාට ලැබිලා තියන විෂ්ණු දෙවියන්ගේ වරමින් ලෙඩ රෝග සුවකරන්න සිය ගණන් අපේ ගෙදරට එන්න පටන්ගත්තා. බොහෝ ඈත පැතිවල ඉඳලා මිනිස්සු එනවා.
දොස්තර මහත්වරු සුව කරන්න බැහැයි කියපු රෝග අපේ පුතා විෂ්ණු දේව වරමින් සුවකරලා දීලා තියනවා. බදාදා සෙනසුරාදා කෙම්මුර දවස්වලට විතරයි මේ වැඬේ කරන්නේ. ඒ දවස්වලට කොච්චර සෙනඟ ආවත් පුතා රෝග සුවපත් කරන්නෙ බොහොම පොඩි ගණනකගේ. සමහරදාට හයහත් දෙනෙකුගේ විතරයි. දේව වරම ලැබෙන්නේ එහෙමයි. දෙවියන්ගේ වරම තියන වේලාවට විතරයි. එහෙම කරන්න පුළුවන්. හැමවෙලාවෙම බැහැ. යැයි සමන්ත හා ඔහුගේ බිරිඳ අප සමග කීහ.
රෝගීන්ට අත තියලා පස්සේ කොහොඹ, කහ, කෝමාරිකා, රණවරා, බෙලි මල් වගේ දේවල් දින 21 ක් විතර යන්න කියනකම් බොන්න කියනවා. මේ විදිහට බොහොම දරුණු ලෙඩ රෝග සුවපත්වුණ අය  ඕනෑතරම් ඉන්නවා. අපි සල්ලි හම්බකරන්නේ නැහැ. පූජා වට්ටියට කාසිතුනක් තියන්න කියලා පුතා කියනවා එච්චරයි. පුතාට හොඳට පිරිත් කියන්න පුළුවනි. පිරිත් පැන් පවා රෝගීන්ට පුතා බොන්න දෙනවා. පුතාට හොඳට ඉගෙනගන්න පුළුවනි. හැම විෂයකටම වාගේ ලකුණු 80 කට වැඩි ප‍්‍රමාණයක් ගන්නවා.
පුතා තව ටිකක් ලොකුවුණාම මහණ වෙන්නයි ඉන්නේ. අපි දෙන්නා ඒකට ඉඩදෙනවා. පුතාගෙන් ලෙඩක් සුවපත් කරගත්තු දොස්තර මහත්තයෙක් කම්පියුටරයක් අරන් දුන්නා. අපි දෙන්නා කරපු රස්සාවලිනුත් අස්වෙලා මේ ඉන්නේ පුතාගේ පිහිටෙන් අසරණ රෝගීන්ට පිහිට වෙන්න  ඕනෑ නිසා. පුතාගෙන් සල්ලි හම්බකරගෙන කන්න අපිට  ඕනෑකමක් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. පුතාගේ අධ්‍යාපන කටයුතුවලට කිසිම බාධාවක් හිරිහැරයක් නොවෙන ආකාරයට තමා මේවා සියල්ලක්ම කරන්නේ.
අපි කතාබහ කරමින් සිටි අතරවාරයේ මේ දරුවා සෙල්ලම් කිරීමට ගොස් ගෙදර පැමිණියේ සමවයසේ දරුවන් කිහිපදෙනෙකු ද සමගය.
දේව වරම් ලැබී ඇති ඒ දරුවා සමඟ පොඩි වේලාවක් හෝ කථා බස් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටියත් දරුවාගේ මව්පියන් පමණක් නොව මාමා වන පොලිස් නිලධාරියාද එයට ඉඩ දීමට නොහැකි බව තරයේම කියා සිටියේය.
මස් මාළු කාලා හිටියොත් දරුවාට ඒක හොඳට දැනෙනවා. අපේ ගෙදර පැත්ත පළාතකටත් මස් මාංශ ගේන්නේ නැහැ. මස් මාළු කාලා දේවාලයට ඇතුළු වුණොත් ඒ වෙලාවෙම දඬුවම් ලැබෙනවා යැයි ඔවුහු වැඩිදුරටත් අප සමඟ පැවසූහ.
නිවසේ කාමරයක දේවාලය පවත්වාගෙන යන අතර එහි විෂ්ණු දෙවියන්ගේ පිළිම ඇතුළු දේව රූප විශාල සංඛ්‍යාවක් දක්නට ඇත.
අප එහි සිටින විට විෂ්ණු දෙවියන්ගේ වරම් ඇති බව කියන දරුවා පැමිණ සම්පත්ගේ ඇෙඟ් සුරතල් ලෙස දැවටෙමින් කියා සිටියේ දේවාලයේ ෆොටෝ ගන්න එපා යැයි කියමිනි.
විෂ්ණු දෙවියන්ගේ ඉල්ලීමක් මත දරුවා මෙහෙම කියන නිසා ඡුායාරූප ගැනීමෙන් වැළකී සිටින ලෙස සම්පත් අපෙන් ඉල්ලා සිටියේය.
ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද නොගන්නා ලෙස අපෙන් ඉල්ලීමක් කළහ.
මේ නිවසට පැමිණීමට පැය භාගයකට පමණ කලින් අපි ගලේවෙල නගරයේ පිහිටි හෝටලයකින් දිවා ආහාරය ගත්තේ මස් මාංශද සමගිනි.
මස් මාංශ අනුභව කර ගෙදරට පැමිණයොත් ඒ බව දරුවාට දේව බලයෙන් දේව මහිමයෙන් දැනෙන බවත් මස් මාංශ අනුභව කර දේවාලයට වැරදීමකින් හෝ ඇතුළුවුවහොත් දේව දඬුවම් වලට ලක්වෙන බවත් ගෙදර උදවිය පවසා තිබිණි.
අප සෑහෙන වේලාවක් දේවාලය තුළ ගතකර දේවඋදහසට දේව දඬුවම්වලට ලක්නොවී නිරුපද්‍රිතව පිටතට පැමිණීමට හැකිවූයේ කෙසේද යන්න ගැනත් දේව වරම් ලබා ඇතැයි කියන දරුවාට අප මස් මාංශ අනුභව කර ඇති අය බව දැනුණේ නැත්තේ ඇයිද යන්න ගැන  අපට ඇත්තේ ලොකු ප‍්‍රශ්නයකි.
මීට අවුරුදු 1 1/2 කට පමණ කලින් මේ ගෙදර සිදුවූ අරුම පුදුම හාස්කමක් ගැනද අප සමඟ කියා සිටියේ දරුවාගේ පියා වන සම්පත් මහතාය.
පුතා දවසක් භාවනා කරමින් හිටියා. මම පුතේ දැන් භාවනා කළා ඇති එන්න කිව්වා. පුතා ආවේම නැහැ. මම අතින් ඇදගෙන ආවේ කකුලකට හිමින් පාරක් ගසමිනුයි. තාත්තේ ඔයාට දඬුවම් ලැබේවි මේ කළ දේට යැයි කියා පුතා මට කිව්වා. මට එච්චර ඒ ගැන ගණන් ගත්තේ නැහැ.
එදා රෑ මට නිදාගන්න බැරිව ගියා. නයි හීනෙන් පෙනෙන්න පටන්ගත්තා. මට හීනෙන් නයෙක් දෂ්ඨ කළා දැක්කා. මම එකපාරටම ඇහැරිලා බලද්දී මගේ අතේ ඇඟිල්ලකින් ලේ ගලනවා. පස්සේ මේ  වෙද මහත්තයෙක් ළඟට ගිහින් සර්ප විෂට බෙහෙත් ගත්තා.
පුතාව ආරක්ෂා කරන්නේ විෂ්ණු දෙවියන් නිසා මට එදා විෂ්ණු දෙවියන් ඒ දඬුවම ලබාදුන්නා. පුතාට එදා පටන් අපි නියපිටින් පහරක් ගහන්නේ නැහැ. සැරවැර කරන්නේ නැහැ. යැයි සම්පත් මහතා කියා සිටියේ බොහොම භයපක්ෂපාතිවය.
දරුවාගේ මාමා වන පොලිස් නිලධාරියා කියා සිටියේ තමාගේ දරුවකුටද උණ ගැනී කිහිපවතාවක්ම වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත්තත් සුවයක් ලැබී නොමැති බවත් මේ පුතා විසින් සුළු මොහොතෙන් උණ රෝගය සුවකර දුන් බවත්ය.
ගම්වාසීන්ද මස් මාංශ අනුභව කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින බවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේම ලෙඩ රෝග පුතා  සුවකරදී ඇති බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් අප සමඟ කියා සිටියේය.
පොලිස් මුර සංචාරක පොතක්ද (දේව දරුවාගේ නිවසේ) ඉදිරිපිට එල්ලා තිබෙන අයුරු දක්නට ලැබිණි.
විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම රැුකවරණය නොඅඩුව ලැබෙන බව කියන නිවසට පොලිස් මුර සංචාරයක් අවශ්‍යවූයේ ඇයිද යන්නත් අපට ඇත්තේ ලොකු ගැටලූවකි.
දේවාලය පිහිටා තියන කාමරය බිත්ති බැඳලා තියෙන්නේ මැටිවලින්. ගලෙන් බඳින්න හදද්දී පුතා කිව්වා දේවාලයේ ඇතුළට දෙවිවරුන්ට වඩින්න ගලෙන් බිත්ති බැන්ඳාම අපහසුයි. ඒ නිසා එහෙම කරන්න එපා කියලා යැයි සමුගැනීමට කලින් සම්පත් මහතා පැවසීය.
සම්පත් මහතාගේ නිවසින් සමුගත් අප ඊළඟට ගියේ තලකිරියාගම පුරාණ විහාරස්ථානාධිපති පොල්ගොල්ලේ මංගල හිමියන් බැහැදැකීම සඳහාය.
මමත් මේ දරුවා බලන්න ගියා. රෝග සුවපත් කිරීමේ බලයක් තියන බව මටත් පෙනී ගියා. පුණ්‍ය බලයකින් තමා මේ වගේ දේවල් කරන්න මේ ළමයාට හැකියාව ලැබී තිබෙන්නේ. පුංචි දරුවෙක් මේ විදිහට රෝගීන් සුවපත් කිරීමට ඉදිරිපත්ව සිටින්නේ සමාජ සේවාවක් වශයෙන් මව්පියන් දෙදෙනාගේද සහාය ඇතිව මේ ළමයා කරන්නේ ලොකු සේවයක්. මාත් එක්ක ගිය භික්ෂූන් වහන්සේ කෙනෙකුටත් මේ දරුවා ප‍්‍රතිකාර කළා. දින 21 කින් සුවය ලබන බවට කිව්වා. කොන්දෙ හා යටිපතුල කැක්කුම් වලට තමා ප‍්‍රතිකාර ලබාගත්තේ. තවම දින ගණන සම්පූර්ණ වුණේ නැහැ. යැයි මංගල හිමියෝ පැවසූහ.
හදවතේ සිදුරක් තිබී දැරියක් විෂ්ණු දෙවියන්ගේ බල මහිමයෙන් දින 21 ක් වැනි කෙටිකාලයක් තුළ මේ දරුවා සුවපත් කළ බවට ඒ දරුවාගේ මව්පියෝ අප සමඟ පවසා සිටියහ.
හදවතේ සිදුරක් තිබී සුවපත් කළා යැයි පැවසූ දැරියගේ පියා වන ප‍්‍රියන්ත රත්නායක මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධවී කථා කළේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාය.
තම දියණියගේ හදවතේ සිදුර විෂ්ණු දෙවියන්ගේ බලය ඇති දරුවා සුවපත් කළ බව ප‍්‍රියන්ත මහතා කියා සිටි අතර Echo Cardiogram පර්යේෂණයකට ලක්කර සිදුර වැසී ඇත්ද යන්න සොයා බැලූවේද යන්න වෛද්‍යවරයා විමසා සිටියේය.
ප‍්‍රියන්ත මහතා වෛද්‍යවරයාට පිළිතුරු දෙමින් කියා සිටියේ එවැනි පරීක්ෂණයක් සිදුකරගත්තේ නොමැති බවය.
මෙවැනි රෝගයක් බටහිර වෛද්‍ය විද්‍යාව මගින් සුවපත් කළ හැකි බවත් දේව බලයකින් හෝ අද්භූත බලවේගයකින් කිසිසේත්ම සුවකළ නොහැකි බවත් වෛද්‍ය ජයසූරිය මහතා අවධාරණය කර සිටියේය.
ඒ නිසා මෙවැනි මිථ්‍යා මතවලට නොරැවටී වෛද්‍ය ප‍්‍රතිකාරවලට යොමුවී සුවය ලබාගත හැකි බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මාදිපොල දිසා රෝහලේ වෛද්‍ය නිර්මලා මහත්මිය ළඟට ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර ලබා ගැනීමට යන බවත් ඇයගෙන් ද මේ ගැන කරුණු කාරණා දැනගත හැකි බවත් සම්පත්ගේ බිරිඳ කියා සිටි නිසා අපි ඇයවද හමුවීමට ගියෙමු.
රජයේ ලියාපදිංචි වෛද්‍යවරියකවන මාදිපොල රෝහලේ නිර්මලා ජයනි මහත්මිය මෙසේ කීවාය.
ඔය ගෙදර අයත් මගෙන් ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර ගන්න එනවා. ඒ නිසා මා ඔවුන් හඳුනනවා. ඒ නිසා මමත් ඔය ගෙදරට ගියා බලන්න. ඒ දරුවාට කිසියම් අසාමාන්‍ය බලයක් තියන බව මටත් පෙනී ගියා. ඔහුට ලෙඩ රෝග සුව කිරීමේ හැකියාවක් තිබෙනවා.
මම විවාහ වෙලා ඉන්නේ ඒත් මට දරුවන් නැහැ. එම දරුවා බැහැ දකින්න ගිය වෙලාවේ ඒ බවත් කිව්වා. ඉහත ආත්මයේ සත්තු මරලා තියන නිසා මේ ආත්මයේ දරුවෝ ලැබුණේ නැහැ කියා ඒ දරුවා මට කිව්වා. යැයි වෛද්‍ය නිර්මලා මහත්මිය පවසන්නීය.
විෂ්ණු දෙවියන්ගේ බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන මේ දරුවාගේ පවුලේ අය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට යන බව මේ කතා වලින් මනාව ඔප්පු වන නිසා මෙය කියවන ජනතාව ඒ කෙරෙහි විශේෂ අවධානය යොමුකර බුද්ධිමත්ව සිතා බලන්න යැයි අපි ආරාධනය කර සිටිමු.
මාදිපොල දිසා රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කරන්නේ රුචිර සෙනවිරත්න මහතාය. මේ ඔහු මේ සම්බන්ධව අප සමඟ දැක්වූ අදහස්ය.
දේව බලයෙන් ලෙඩ රෝග සුව කරන්න පුළුවන් කියා ඔය දරුවා ගැන මටත් ආරංචි වුණා. මට මේ ගැන දැන ගැනීමට ලැබුණයින් පස්සේ ළමයාගේ ඥාතීන් කිහිපදෙනෙකුට කිව්වා ළමයා කරන දේවල් ගැන පරීක්ෂණයක් කරලා බලන්න අවශ්‍ය බව.
කිසියම් රෝගී තත්ත්වයක් තියන පුද්ගලයන් 10 ක් විතර ඒ අයගේ කැමැත්ත පරිදි මේ දරුවාට යොමුකරලා සුව කරන්න පුළුවන්ද කියා ඒක ගැන විධිමත් හා විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න. එය මගේ අධීක්ෂණය යටතේ කරන්නයි බලාපොරොත්තුව. ඉදිරිපත් කරන 10 දෙනා දැන් සුවය ලබා ඉන්නේ කියා දැනුම්දුන් පසු අපි ඒ 10 දෙනාගේ රෝගී තත්ත්වයන් සුවවෙලාද කියලා පර්යේෂණ මගින් තහවුරු කරගන්න පුළුවනි. එතකොට මෙහි සත්‍ය අසත්‍යතාවය දැනගැනීමට හැකිවෙනවා. නමුත් තවම ඒකට අවස්ථාවක් ලැබුණත් ළමයා ඒ සඳහා ඉදිරිපත් කළේත් නැහැ.
ඔය කියන දරුවා ළඟට බඬේ අමාරුවකට ප‍්‍රතිකාර ගන්න ගිය කෙනෙක් මගේ ළඟට ආවා ප‍්‍රතිකාර ගන්න. අනේ මහත්තයෝ මොන බොරුද මමත් ගියා තමා ඒත් මගේ බඬේ අමාරුව හොඳ වුණේ නැහැ. ඒ හින්දයි මම මේ දොස්තර මහත්තයා හම්බවෙන්න ආවේ. කියලා ඒ අය කිව්වා.
කිසිම දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතිව මිථ්‍යා මත පසුපස යාම අද සමාජයේ මෝස්තරයක් වෙලා. ජනතාව විචාරශීලීව බුද්ධිමත්ව හා විද්‍යාත්මකව හිතන්න පතන්න පුරුදු කළ යුතුයි. ඒ සඳහා ජන මාධ්‍යවලට ලොකු වගකීමක් පැවරී තිබෙනවා යැයි ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රුචිර සෙනවිරත්න මහතා පැවසීය.
විෂ්ණු දෙවියන්ගේ බලමහිමයෙන් ලෙඩ රෝග සුවකරන බව කියන මේ දරුවා ගැන විද්‍යාත්මක ගවේෂණය කිරීමට එක්වූ වෛද්‍ය ජනක ජයසූරිය මහතා අවසානයේ අප සමඟ පැවසුවේ මෙවැනි කතාවකි.
මේ ළමයා තුළින් මට පෙනී ගියේ ඔහුට ඇත්තේ හියුරෝසීය ගණයේ මානසික රෝගී තත්ත්වයක් බවයි. දරුවා කුඩා කාලයේදීම තමන් දිව්‍ය ලෝකයෙන් පැමිණි බව වරින්වර පවසන බව ඒ දරුවාගේ මව්පියන් පැවසුවා. ඒවගේම තමන්ට දේව බලයක් ඇති බවත් පවසන බව ඔවුන් පැවසුවා. ඔවුන්ගේ මේ කථාවෙන් පැහැදිලි වෙනවා මේ දරුවාට මානසික රෝගී තත්ත්වයක් තිබෙන බව. මෙය හීස්ටීජීයා වර්ගයේ මානසික රෝගී තත්ත්වයක්. මෙය ඉතාම පහසුවෙන් සුවකළ හැකි බරපතළ නොවන මානසික රෝගයකි. මනෝ වෛද්‍යවරයකු ළඟට ගිහින් විධිමත් ප‍්‍රතිකාර ලබා දීමෙන් ඔය කියන රෝගී තත්ත්වය ඉතාම ඉක්මනට සුවකරන්න පුළුවනි.
දරුවාගේ ළමා ලෝකය දරුවාට අහිමි කරන්න එපා. මව්පියන් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද වෛද්‍යවරයා සඳහන් කරයි.
දේව බලයෙන් අද්භූත බලවේගයකින් හෝ ලෙඩ රෝග සුව කළ හැකි යැයි යමෙක් සලකනවා නම් එය ලොකු මුලාවක්. රෝගයක් සුව කිරීම පහසුයි. රෝගයක් හඳුනා ගැනීම නම් අපහසුයි. රෝගයට හේතුවූ කරුණු කාරණ විශ්ලේෂණය කර ඒ අනුව ප‍්‍රතිකාර කළ යුතුයි. අනෙක හැම රෝගයක්ම කායික රෝග වන්නේ නැහැ. මනස මුල් කරගෙන හටගන්නා රෝගද තිබෙනවා ඒවාට Psysyco Smoatic කියලා වෛද්‍ය විද්‍යාවේදී අප හඳුන්වනවා යැයිද වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසයි.

නිවෙස
පොල්ගොල්ලේ මංගල හිමි
වෛද්‍ය ජනක ජයසූරිය
වෛද්‍ය නිර්මලා ජයනි
වෛද්‍ය රුචිර සෙනවිරත්න

සිරිපා අඩවියේ නෑසූ කතා


සමනල අඩවිය වූ කළී මිනිස් වාසයෙන් තොර කදු ශිඛරවලින් හෙබි මහ වනයකි.සමනල අඩවිය පාමුල පිහිටි ගම්වල වැසියෝ මේ අඩවියට ‘‘හිමේ’’ යැයි කියති.  අනුහස්, හාස්කම් මෙන්ම අදෘශ්‍යමාන බලවේග බලගතුව ඇති ගුප්ත ප‍්‍රදේශයක් ලෙස පැරැණ්නෝ මේ අඩවිය හදුන්වති.
අද මෙන් එළිපෙහෙළි නොවූ රූස්ස ගස්වලින් සෙවන ලැබූ අතීත සමනල අඩවියේ මහපොළොවට අව්වක් වැටුණා නම් ඒ මහ ගල්තලාවක්ය. එසේත් නැත්නම් ගස් කොළන් නොවැඩෙන දියසීරාව ඇති බිම්කඩක්ය.
සමනල අඩවියේ සිරිපා කන්ද පිහිටා ඇති අතර සිරිපා කරුණා කරන්නට මෙන්ම වෙනත් විවිධ අවශ්‍යතාවලට සමනල අඩවියට පිවිසීමට අතීත වැසියෝ පුරුදුව සිටියහ. එදා රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල යන දිස්ති‍්‍රක්වලට මායිම් කියූ සමනල අඩවිය අද වන විට කෙට්ටුවී ඇති බව පෙනේ. ඒ මිනිස් ක‍්‍රියාකාරකම් නිසාය.
සමනල අඩවියට මායිම් වූ මාලිබොඩ ගම්මානය පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේය. එය දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකි. අද වන විට තේ ආර්ථිකයත් සමග මාලිබොඩ ගම්මානය නවීකරණයවී ඇතත් අතීතයේ දී සිංහල ගැමිකම හො`දින් විද්‍යමානවූ ගමකි. උඩමාලිබොඩ වූ කලී සමනල අඩවියේ මායිමකි.
මේ නිසාම මේ ගම්මානයේ වැසියන්ගේ උවමනා එපාකම් වැඩිපුර එදා පිරිමැහුනේ සමනල අඩවියෙනි. උපතින්ම බෞද්ධයන්වූ මේ ගම්වල වැසියෝ ආගම දහමට වඩාත් නැඹුරුවූ පිරිසක් වූහ. දෙවියන් මෙන්ම යකුන්ද, පේ‍්‍රතයන්ද, භූතයන්ද කෙරෙහි වූ විශ්වාසය වඩාත් වැඩිවිය.
වර්තමානයේ විදුලි ආලෝකය ලැබීමත් සමග දහවල් වෙනසක් නොදැනුනත් මීට අඩසිය වසරකට පමණ පෙරදී එසේ නොවීය. කදු වලින් වටවූ ගම්මානයට හැන්දෑවේ හතර පහ වනවිට හිරු මුවාවෙයි. යන්තම් අදුර වැටෙත්ම අතෝරක් නැතිව ඇහෙන රැහැයි නාදයෙන් අදුර ඉක්මනින් එන බව කියා පායි. කුරුල්ලොද රැහැයි නදත් සමගම කැදලිකරා පිය නගති. කදු මුදුන්වලට මළහිරු එළිය වැටී තිබුණද කදු පාමුල ඇත්තේ මූසල අඩ අදුරකි.
අඳුර වැටෙද්දීම නිවෙස්වලට එන ගම්මු යළි නිවෙසින් එළියට බහින්නේ පසුදා පහන්වීමෙන් පසුවය. හදිසියකට හෝ ගමේ කොතැනකට හෝ යන්නේ නම් මගතොට එළිය කරන්නට හුලූ අත්තක හෝ ගිනි පෙනෙල්ලක ආලෝකය ප‍්‍රයෝජනයට ගනිති.
ඇතැම් දවසක උලමෙක් නැතිනම් බස්සෙක් උගේ සුපුරුදු හඩින් කෑ ගැසුවොත් ගම්මුන් සලකන්නේ අසුබ ලකුණක් ලෙසය. එහෙත් එවැනි නිශාචර සතෙකුට වෙසෙන්නට සුදුසුම පරිසරයක් තමන් වෙසෙන අවට ඇතිබැවින් උන් නිතර යනෙන බව මේ ගම්වල වැසියෝ විශ්වාස නොකළහ.මේ නිසාම ගම්මුන් අතර භූත, පේ‍්‍රත, අමනුස්ස දෝෂ සම්බන්‍ධව ඇත්තේ විශාල විශ්වාසයකි. ඒ අතරින් සමනල අඩවියේ සීමාවන් ඇතුළත නම් දේව හාස්කම් කෙරෙහි ඇත්තේ නොමද විශ්වාසයකි. එදා මේ ගම්වල ගෙවල් තැනුනේ කටුමැටි බිත්තියෙන් හා බටකොළ වහලෙනි. බිත්ති බදින්නට වැල් ටිකක්, මැටිපා ටිකක්, සෙවිල්ලට බටකොළ ටිකක් කඩාගන්නට සමනල අඩිවියට එසේත් නැත්නම් හිමේට යන්නට ගම්මු පුරුදුව සිටියහ. හේතුව එක ගමනකින් ම තමන්ගේ අවශ්‍යතාව ඉටුකරගන්නට හැකි බව දන්නා නිසාවෙනි.
ඒ හැරෙන්නට නිතරම සමනල අඩවියේ මායිම් පැන එහා මෙහා ගිය පිරිසක්ද මේ ගම්මානවල සිටියහ. ඒ රස්සාවට කිතුල් මදින්නන්ය. දවසට දෙතුන් වතාවක් සමනල අඩවියට පිවිසෙන මේ අය එහි පිහිටි කිතුල්ගස් මැද තෙලිදිය කදක තියාගෙන නිවසට එන්නට පුරුදුව සිටිති. එදා අදමෙන් ආණ්ඩුවෙන් ඊට තහංචි හෝ බදු අයකිරීමක් හෝ සිදු නොවිනි. එහෙත් ගම්වැසියෝ සමනල අඩවියට අධිගෘහිත සුමන සමන් දෙවියන්ටත් මුනිසිරිපා පතුලටත් ඒ තෙලිදිය උනුකර හදාගන්නා හකුරුවල අග‍්‍රඵලය පූජාකිරීමට සිරිපා වාරය එනතුරු තැන්පත් කර ආරක්‍ෂා සහිතව තබති.

සිරිපා අඩවියට කිතුල් මදින්නට යන එන ගම්වැසියන් අතරින් වැඩිදෙනෙක් හැන්දෑවට ඇගපත මහන්සිය යන්නට කිතුල් රා පොල්කට්ටක් දෙකක් බොන්නට අමතක නොකරති. නමුත් සමනල අඩවියේ සීමාව වූ මාගල් ගෙගන් එගොඩදී රා පොදක්වත් තොල නොගාන්නේ දෙවියන්ට බුදුන්ට ඇති භක්තිය නිසාමය.
වසරේ වැඩි කාලයක් වැසි සහිත මේ ප‍්‍රදේශවල ඇළදොළ උතුරා දෙගොඩතලා යයි. එහෙත් ගමේ උදවිය කාටවත් හිමේදී අකරතැබ්බක් නොවීය. ගම්මුන් විශ්වාස කරන්නේ සමන් දෙවිහාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම ගමේ අයට තියන නිසා එසේ නොවන බවය. ඒ නිසාම මාගල් ගෙගන් එගොඩට පිළී ජාතියක් හෝ කිල්ලට අසුවන දේවල් හෝ නොගෙනියන්නත්, ඔවුහු වග බලා ගනිති.කට වරද්දා ගැනීමත් මේ අඩවියේ නොකළ යුත්තකි. ඒ නිසා හිමේට ඇතුලූවන අය ‘‘ගිහින් එන්නම් ’’ යැයි කියන්නේ නැත. ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන්  යන්නම් ’’ යැයි කියති.
සමනල අඩවියේ මැණික් බහුලව ඇති බවට පිටස්තර ගම්වල මිනිසුන්ගේ විශ්වාසයක් පවතී. ඒ නිසාම ගම්වල ජිවත්වන ඇතැම් පුද්ගලයන් සමග මැණික් සොයා සමනල අඩවියට යන්නට ආ පිරිස් හිස් අතින් ආපසු ගිය අවස්ථා ඇති බව මේ ගම්වල වැඩිහිටියෝ කියති.
‘‘දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නැති මිනිස්සුන්ට ඔය හිමේ කරක් ගහන්න බෑ. එක්කෝ පාර වරද්දනවා. නැත්නම් තනිකම් දෝෂයක් හැදෙනවා, ඔලූව නරක් වෙනවා, සමහරුන්ට පිස්සු හැදෙනවා. සමහරු ගියා ගියාමයි අදටත් තොරතුරක් නෑ.’’ මේ අඩවිය ඒ තරමට හාස්කම් වලින් පිරිලා. ඔවුහු එසේ කියති.
මාලිබොඩ දික්ඇලිකන්ද ගමේ එච්.ඒ.වී. යසවර්ධන මහතා ගමේ ජනප‍්‍රිය චරිතයකි. ප‍්‍රාදේශීය සභා නියොජිතයෙකුවූ ඔහු එවන් හාස්කමකින් යුතු කතාවක් වරක් අප සමග කීවේය.
‘‘කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැ`දුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට  ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපුමහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ.’’
‘‘මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉ`දලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ.’’
‘‘ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා’’ සිරිපා හිමේ හාස්කම් එහෙමයි.
මාලිබොඩ ගමට අතිශය අලංකාරයක් ගෙන දෙන ඇලිහත ඇදවැටෙන්නේද සමනල අඩවියේය. සමනල අඩවියෙන් පටන්ගන්නා නාය ගෙ`ග් මේ ඇලිහත පිහිටා ඇත. දැරණියගල දෙසින් ගමට එනවිට පොත්දෙණිකන්ද, නින්දගම පසුකරන විට ඈතට මේ ඇලි හත පෙනේ. ඉන් පළමු ඇල්ල දෝතුලූ ඇල්ලයි. දෙවැන්න රන් දෝතුලූ ඇල්ලයි. ඉන්පසු ඒවා අංක පිළිවෙළටම හදුන්වයි.  වත්තේගග හෙවත් මණ්ඩගල් ඔයෙන් ඇද හැලෙන පුවක්මල් ඇල්ල, හල්වතුර ගෙගන් ඇදහැලෙන ඇල්ලපිට ඇල්ල ගමට අලංකාරයක් ගෙනෙනවා වගේම හාස්කම් තිබුණ තැන් විදියටයි ගම්මු සැලකුවේ.
සමන් දෙවිඳුන්ගේ වාහනේ සුදු ඇත් රජෙක් කියලා ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒනිසා හිමේ අලි,කොටි, වලස්සු, වගේ භයානක සිවුපාවුන් වගේම නයි පොළොන්ගු වගේ සර්පයොත්, දිවිමකුලූවොත් ඉන්න බවට ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒ වුනාට සමනල අඩවියෙදි මේ සත්තු ඇහැට දැක්ක අය හරිම අඩුයි.
වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට ප`දුර බි`දින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.

◄ අපට අහිමි කල උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය ►


එදා මෙදාතුර ශ්‍රීලංකාවේ තිබූ දුම්රිය මාර්ග වලින් කිහිපයක් අද වන විට වැසීගොස් තිබේ. සුන්දරම ප්‍රදේශයක් හරහා නානුඔය - නුවරඑලිය - රාගල දක්වා ගමන් කල සුප්‍රසිද්ධ උඩුපුස්සැල්ලාව මාර්ගයද ඉන් එකකි. ලංකාවේ වැඩිම උසකින් ගමන් කරන ලද්දේද මේ දුම්රිය මාර්ගයයි. අදවන විට ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකෙනුයේ පට්ටිපොළ දුම්රිය ස්ථානයයි. එය මීටර් 1897.5 ක් වේ. නමුත් ඇත්තටම නම් ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකිය යුත්තේ කන්දේ පොළ දුම්රිය ස්ථානයයි. එහි උස මීටර් 1925.6 කි. එයද අයත්ව තිබුණේ අප මේ කතා කරන උඩුපුස්සැල්ලාව මාර්ගයටමය.

මීට අඩ සියවසකට එපිට දී තේ වතු අතරින් දිය ඇලි වල සුන්දරත්වය විඳිමින් ගමන් කරන්නට පාර පෙන්වූ උඩුපුස්සැලාව මාර්ගය අද අපට තිබුණා නම් ඒ හරහා අප රටට විශාල විදේශ විනිමයක් සපයා ගත හැකිව තිබුණි.

මේ මාර්ගය විශේෂ වන තවත් කරුණු රාශියකි. මෙය ලංකාවේ වැඩිම ආනතියකින් යුතුව ගමන් ගත් මාර්ගයද විය. එය යම් ස්ථාන වලදී අඩි 18ක් ගමන් කල පසු අඩියක් උස් වන ලෙස සකස් වී තිබුණි. තවත් කරුණක් නම් මෙය ලංකා ඉතිහාසයේ පටුම දුම්රිය මාර්ගයද වීමය. එය අඩි 2කුත් අඟල් 6ක්ම පමණක් විය. (Narrow Gauge- 2 feet 6 inches)

අධික ආනතියක් සහිත, අතිශයින් දුෂ්කර වූ මෙම මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි විශේෂයෙන් ගෙන්වූ Bayer Peacock එංගලන්ත සමාගම නිපදවන ලද සුවිශේෂි ගැරට් එන්ජිම (H1-293) මෙරට දුම්රිය ලෝලින්ගේ පූජනීය වස්තුවක් බඳුය. උඩුපුස්සැල්ලාව මාර්ගය වසා දැමීමෙන් පසුව කාලයක් ඉඳහිට කැලණිවැලි මාර්ගයේ ධාවනය කල මෙම සුවිශේෂි, ලොව එකම පටු ආමානයේ Bayer Peacock Garret වාෂ්ප එන්ජිම විය. සදාකාලීක සිහිවටනයක් කොට සුරැකිය යුතුව තිබූ මෙම පුංචි යෝධයා, ඊට ඉඩක් නොතබා අපේ දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල මත 1981 දී මුලු ලොවටම අහිමි කර දමන ලදී.

H1 class 293 (Bayer Peacock) - සදහටම වෙන්ව ගිය පුංචි යෝධයා (පරිවර්තිත ලිපියකි)

මේ සටහන මෙසේ නිම කරනුයේ යම් දිනක නැවතත් අපහට මේ රමණීය වූ මාර්ගය මතින් ගමන් කිරීමට වාසනාවක් උදා වේවා යන මහඟු ප්‍රාර්ථනාවෙනි !

ගුරුතුමා වෙත...


මගේ පුතා හෙට දින පාසැල් ජීවිතය ආරම්භ කරනු ඇත. එය ඔහුට නැවුම් අත්දැකීමක් වනු ඇත. ඔහුගේ ජීවිතය මහද්වීප හරහා කෙරෙන සංචාරයක් වේවි. ඒ සෑම සංචාරයක් තුළම යුද්ධය, විනාශය සහ සංවේගය සැරි සරාවි. ඉතිං ඔහුගේ මේ ජීවිතය ගත කිරීමට විශ්වාසය, ආදරය සහ උනන්දුව අවශ්‍යය වේවි.

ඉතිං දයාබර ගුරුතුමණි, ඔහුගේ සුරතින් අල්ලා ගෙන ඔහු දැනගත යුතු දේ කියා දෙන්න.

ඔහුට කියා දෙන්න, සෑම සතුරෙකු හටම මිතුරෙකු ඇති බව. ඔහු දැනගත යුතුයි සෑම අයෙකුම නීතිගරුක නැති අතර සෑම අයෙකුම සත්‍යවාදී නොවන බව. ඒත් ඔහුට කියා දෙන්න සෑම නපුරු අයෙකුට එරෙහිව වීරයෙකු ඇති බව සහ සෑම වංචාකාර දේශපාලඥයෙකුට එරෙහිව රට වෙනුවෙන් කැපවුණු නායකයෙකු ඇති බව.

මම දන්නවා, මේ දේ උගන්වන්න ඔබට කාලයක් යාවි. ඒත් ඔහුට කියා දෙන්න දාඩිය මහන්සියෙන් උපයන ඩොලර් එකක වටිණාකම නිකන් ලැබෙන ඩොලර් 5ට වඩා වටිණා බව.

ඔහුට කියා දෙන්න පරාජය දරා ගන්නා අන්ඳම, ඒ වගේම ජයග්‍රහණයේදී ජයඝෝශා නඟනායුරු.

ඔබට හැකිනම් කියා දෙන්න පොත් කියවීම තුළින් අත් විඳිය හැකි පුදුම සහගත බව, ඒ වගේම ඔහුට ටික වේලාවක් ලබා දෙන්න ඈත අහසේ නිදහසේ පියාසරන කුරුල්ලන් දෙස අවධානය යොමු කරන්නට, ඉර එළියේ හමායන සුළඟ අත් විඳින්නට, ලා නිල්ලේ ඇති සුන්ඳර මල් ගොමුවල ඇති සුන්ඳරත්වය අත් විඳින්නට.

ඔහුට පාසැලේදී කියා දෙන්න වංචාවෙන් සමත් වෙනවාට වඩා අවංකව අසමත් වීම උසස් බව.

ඔහුට කියා දෙන්න මුළු ලොවම ඔහු වැරදි යැයි හඬ නැඟූවද ඔහුගේම අදහස් මත විශ්වාසය තබන්නට.

ඔහුට කියා දෙන්න, සොඳුරු මිනිසුන් හා සොඳුරුව ජීවත් වන්නට සහ රළු මිනිසුන් හා රළුව ජීවත් වන්නට.

ඔහුට කියා දෙන්න, සෑම අයකුටම සවන් දෙන්නට. ඒ වගේම ඇසෙන සියල්ලෙන් සත්‍යය පමණක් පෙරා වෙන්කර ගන්නට.

ඔබට හැකිනම් කියා දෙන්න, දුකේදිත් සිනාවෙන් ගත කරන්නට හා කඳුලු සැලීම ලැජ්ජාවට කරුණක් නොවනා බව.

ඔහුට කියා දෙන්න ඔහුගේ ශ්‍රමයට සහ දැනුමට මිළක් නියම කිරීමට, නමුත් කිසි විටෙකත් ඔහුගේ හදවතට මිළක් ලකුණු නොකිරීමට.

ඔහුට කාරුණිකව සලකන්න, නමුත් කිසි විටෙකවත් හුරතල් නොකරන්න. මන්ද හොඳ යකඩයක් බිහි වනුයේ ගිනිදැල් තුළින් පමණක්ම නිසා.

මේක ඔබට දෙන ලොකු විධානයක්. නමුත් ඔබට කලහැකි උපරිමය සිදු කරන්න. ඔහු ඇත්තටම හොඳ හාදයෙක්, ඔව් මගේ පුතා.
මීට,
ඒබ්‍රහම් ලින්කන්

◄ ලොව ප්‍රථම පාලම වූ ආදම්ගේ පාලම ►


ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.

නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක් බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.

ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අදද එමමුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්,දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි. මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම(Adam’s Bridge), හනුමාගේ පාලම(Hanuman’s Bridge), රාවණාගේ පාලම(Ravana Bridge), රාමාගේ පාලම(Rama Bridge), සේතු සමුද්‍රම්(Sethusamudhram), පෝක් සමුද්‍ර සන්ධිය(Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.

අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත. මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.

රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.

◄ මිනිසත්කම ►


බඩු මිල මෙතරම් ඉහල නොවු ඉතිහාසයේ එක් දිනයක පුංචි දරුවෙකු ආපනශාලවකට ගොඩ වී කුඩා මේසයක් ඉදිරියේ ඉදගත්තා. ඔහුට අවුරුදු 10ක් පමණ වන්නට ඇති. ආපනශාලාවේ සේවිකාවක් ඔහු ලගට ආවා. මේසය මතින් වතුර විදුරුවක් තැබුවා.

කුඩා දරුවා :- පලතුරු දාපු අයිස්ක්‍රිම් එකක් කියද ?
සේවිකාව :- ශත 50 යි

මෙවිට කුඩා දරුවා තම සාක්කුවෙන් මාරු කාසි කිපයක් ගෙන ගනින්නට පටන් ගත්තා. නැවත...

කුඩා දරුවා :- පලතුරු නැති අයිස්ක්‍රිම් එකක් කියද ?

සේවිකාව :- ශත 35 යි

මදක් තරහින් පිලිතුරු ලබා දුන් ඇය මේ වන විට පාරිභෝගිකයන් කිහිපදෙනෙකු මදක් බලා සිටි බැවින් මදක් නොසන්සුන්ව සිටියා...

කුඩා දරුවා :- එහෙනම් මට පලතුරු නැති අයිස්ක්‍රිම් එකක් දෙන්න.

ඉන්පසු මෙම දරුවා තමාට ලැබුණු අයිස්ක්‍රිම් බදුන හිමින් රස බලන්න පටන්ගත්තා. ඔහු එය අවසන් කර පිටව ගියාට පසු සේවිකාව නැවතත් මේසය ලගට පැමිණියේ මේසය පිරිසිදු කිරිමටයි. මේසය මත කුඩා පෙට්ටියක ශත 35ක බිලත් කාසි කිහිපයකුත් තිබුණා. සේවිකාව මුදල ගැන බැලිමේදි එහි ශත 35ට අමතරව ශත 15ක් දමා තිබුනේ සේවිකාවට කුඩා දිමනාවක් වශයෙනුයි.

සිතන්න, එම ශත 15ත් වැයකොට පළතුරු අයිස් ක්‍රීමයක රස නොබලා එම දරුවා පෙන්වු මිනිසත්කම. අප අපේ ජීවිතයේ මිනිසත්කමින් අන් අය හා ගනුදෙනු කරන්නට පුරුදු වෙමු.

සඳකඩ පහණක ඔපලූ කැටයම් අතර සැගව ගිය මතකය

සඳකඩපහණක ගීතය බොහෝ දෙනා අසා ඇති අදටත් අප සිත් සතන් තුල නොමියෙන සේ කැටයම් වූ ගීයක්වුවද එහි පසුබිම් කරුණු බොහෝ දෙනෙක් නොදනිති .සඳකඩපහණක ගීතයේ සැබෑ අර්ථය කුමක් ද යන්නබොහෝ කලක සිට මා සොයමින් සිටි දෙයකි.. මේ ගීතයේ සුළමුල සෙවීමට මා කලක පටන් නිතැතින්ම යොමු වුවදමේ ගීය ගැන බ්ලොග් ලිපියක් ලිවීමට සිත්වුයේ “ළදුනේ ගීතය ලීයවුන හැටි" ලිපියට ලද අගනා ප්‍රතිචාර වලින්පසුවයි.




සඳකඩපහණක ගීතය සිවු කුළුදුල් නිර්මාණයක්ය යන්න බොහෝ දෙනා නොදන්නා කරුණකි. එය සිවු කුළුදුල් යයිමා කියන්නේ පහත හේතු නිසාය..
මෙය සුනිල් එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට ගීත ගායනයයි.
මෙය වොලී නානායක්කාර මහතාගේ කුළුඳුල් චිත්‍රපටය ගේය පද රචනයයි.
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය මෙම ගීතය ඇතුලත් චිත්‍රපටය වන මාතර ආච්චී චිත්‍රපටයයි.
මෙය වික්ටර් රත්නායකයන්ගේ කුළුඳුල් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයයි.


මා නරඹන ලද සුනිල් එදිරිසිංහයන් සහභාගී වූ එක්තරා රුපවාහිනි වැඩසටහනක ඔහු විසින් මේ ගීය පිළිබද සුන්දර මතකය ආවර්ජනය කරන ලදී. ඔහුට මෙම ගීතය ගායනා කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ ඔහුගේ ලොකු අයියා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ඔහුට කලින් දෙනු ලැබූ එක්තරා පොරොන්දුවකට අනුවයි. සුනිල් එදිරිසිංහයන්ට ගායන ක්ෂේත්‍රයට කුඩා කල සිට තිබු ඇල්ම වැනිම ඇල්මක් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ට රංගන ක්ෂේත්‍රය කෙරේ තිබිණ.


“කවදාහරි මම පික්චර් එකක් කරපු දවසට උඹටත් එකේ සින්දුවක් කියන්න දෙනවා” යයි සතිස්චන්ද්‍රයන් කලෙක ඔහුට පවසා තිබිණ . ලොකු අයියා තම පොරොන්දුව එලෙසම ඉටුකරමින් තමන්ගේ කුළුදුල් සිනමා නිර්මාණයේ ගීතයක් ගායනා කිරීමට මල්ලිට අවස්ථාව ලබාදෙන ලදී.








සුනිල් එදිරිසිංහයන්ම පවසන අන්දමට ඔහු පළමුවරට සඳකඩපහණක ගායනා කරන සමයේ ඔහුට සංගීතය පිළිබදව සහජ දක්ෂතාවය විනා නිසි ප්‍රායෝගික පුහුණුවක් තිබී නැත. “සඳකඩපහණක” ගයා අවසානයේ සතිස්චන්ද්‍රයන් ඔහුට පවසා ඇත්තේ


“ උඹ සංගීතය හොදින් ඉගෙනගෙන ආවේ නැතිනම් මගේ පිචර් වල ආයේ සිංදු නම් නැහැ “ යනුවෙනි.


ඔහු සංගීතය විෂයක් ලෙස ප්‍රගුණ කිරීමට යොමුවන්නේ ඉන් අනතුරුවයි. එදා කිසිදු ප්‍රායෝගික පුහුණුවකින් තොරව තම සහජ දක්ෂතාවය පමණක් භාවිතයට ගෙන එලෙස ගැයූ ගීය මෙතරම් විශිෂ්ට නිර්මාණයක් බවට පත්වනු ඇතැයි එදා නම් ඔහු සිතන්නට නැතිව ඇත. සුනිල් එදිරිසිංහයන්ගේ ගායනයට වූ සහජ දක්ෂතාවය මින් මොනවට පැහැදිළිවේ.


විවිධ අය විවිධාකාරයෙන් මේ ගීයේ අරුත විග්‍රහ කළද ගී පද රචකයා විසින් එයරචනා කිරීමට මුල් වුන හේතුව කුමක්දැයි යන්න අද වනතුරුත් මට හරිහැටිසොයාගැනීමට නොහැකිවූ කරුණකි. දයානන්ද අයියාගෙන් මා ලද මග පෙන්වීමකට අනුව සඳකඩපහනක ගීතය අඩංගු වන මාතර ආච්චි චිත්‍රපටියේ කතා තේමාවට අනුකුලව මෙය ලියවෙන්නට ඇතයි උපකල්පනයෙන් මාතර ආච්චි චිත්‍රපටය සොයා ගැනීමට අන්තර් ජාලය පීරුවද එය සොයා ගත නොහැකි විය. එනමුත් මට www.boondi.lk හි හමු වූ එක්තරා ලිපියකට අනුව චිත්‍රපටයේ කතාව පහත පරිදිය. (ගීතය ගැන එකී ලිපියෙන් උපුටාගත් විචාරයක් මාගේ ලිපිය අවසානයේ පළ කර ඇත.)


මෙම චිත්‍රපටයට වස්තුබීජය වනුයේ ප්‍රේම කතාවකි. එහි එන තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වෙයි. කාලය ගතවද්දී තරුණියට වෙනත් පොහොසත් තරුණයෙකු හා විවාහ වන ලෙස ඇගේ පවුලේ අයගෙන් වන දැඩි බලපෑමක් නිසා තරුණියට අකමැත්තෙන් වුව ද ඊට එකඟ වීම සිතුවේ . කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීය තුලට කැටිකර ඇති බව එහි සදහන් විය. ඇත්ත වශයෙන්ම එය නම් අගනා පැහැදිලි කිරීමකි.

"රුවන් විමානෙන් පියඹා එනතුරු

පොපියන හදවත සිටී බලා "


ප.ලි... මිහින්තලයේ ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබන කොට්ටාවේ සමිත හිමියන් www.boondi.lk අඩවියට ලියන ලද ලිපියක් මගින් මෙම ගීතයට ඉතා අනර්ඝ අර්ථකතනයක් ලබා දී ඇත. මා පහත දක්වන්නේකොට්ටාවේ සමිත හිමියන්ගේ ලිපියෙන් උපුටා ගන්නා ලද එම අර්ථකථනයයි. ඔබ වහන්සේටත් බොහොමත් පින්.

සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.

යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී

ප්‍රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්‍රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.

එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්‍රේමවන්තයා ද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.

කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.

හද විල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැඳුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා

ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත. පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.






සඳකඩ පහණක ගීතය සුනිල් එදිරිසිංහයන්ගේ අත් අකුරින්

Friday, May 25, 2012

ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.



1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.

නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.

ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.

ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.

ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි

ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.

ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න....

ඔබ කවදා හරි දැන ගනිවි ඇයට අවශ්‍යය වු විට ආදරයක්

Sunday, May 20, 2012

අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ.එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්



ජීවිතය කියන්නේ අභියෝගයක්.හිතන්න ඒ අභියෝගය බාර ගන්න ඔයගොල්ලෝ කොච්චරක් දුරට ලෑස්තිද කියල.කියවන්න මේ පුංචි කතා ටිකක් විතරයි.

1) ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්.ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්.

2) සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක් නොගෙන ගීත ගායනා කළා.සමහරු ඔහුට හූ තිබබා.ඔහු ගීත ගායනා කල මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කලා..චිත්‍රපට නිෂ්පාදකයා බැන වැදුනේ ඔහුට සිනමාවට ගැලපෙන කට හඩක් නැහැයි කියල.එහෙත් ඔහු උත්සාහය අත ඇරියේ නැහැ .ඒ තමා අපි කව්රුත් හදුරන එච් ආර් ජෝතිපාල ජනප්‍රිය ගායක ශිල්පියා.

3) අවුරුදු 7 වන විටත් වචනයක් වත් කියවගන්න බැරි කොලු ගැටයෙක් හිටියා.ඔහු පන්තියේ හැමදාමත් අන්තීමය උන.කව්රුත් ඔහුව ගණන් ගත්තේ නැහැ.දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියල.ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ද විද්වතා ඇල්බට් අයින්ස්ටයින් .

3) අනාතයෙකුව ඉපදුනු කුඩා දරුවෙක් හිටියා.ඔහු ඔහුගේ ළමා කාලය ගත කලේ මහා මග.අනුන්ගේ කඩපිලි වල.තරුණ වියට පත් වෙද්දී ඔහු රැකියාව විදියට මහා මාර්ගයේ යනෙන මිනිස්සු හිනැස්සුව.ඒ දවසට පවුම් දෙකක් හොයා ගන්න.එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයක්ම ඔහු වෙනුවෙන් හැඩුවා..ඔහුගේ නම චාලි චැප්ලින්.

4) තරුණ වියේදී එක තරුනයෙකුව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරප දැමුවා.ඔහුගේ එකම සීහීනය වුනේ සිනමා උපාධියක් අරගන්න.ඔහු උත්සාය අත ඇරියේ නැහැ.තමා සීනයක් ව ප්‍රර්ථනා කරපු උපාදිය 2002 වසරේදී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුණා.ඒ ස්ටීවන් ස්පිල්බර්ග් ලෝ ප්‍රකට සිනමාවේදියා.

5) සැමියා අතහැර දැමු වැන්දබු කාන්තාවක් තමා එකම දරුවා ජිවත් කරගන්න පත්තර වලට සුරංගනා කතා ලිව්වා.ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්‍රතික්ෂේප කරද්දීත් ඇය තීරණය කලා පොතක් ලියන්න.ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතන වලට පයින් ගියා..එඅහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා.අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්නට බාරගත්තා..මේ තමා ජේ.ආර් රෝව්ලින් සහ අයගේ මුල්ම නිර්මාණය "හැරි පොටර් " නවකතාවේ ඉතිහාසය.

6) වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක තරුනයෙක්ව තම සමාගමෙන් අස් කර දැමුවා."උබට සින්දු කියන්න බෑ උබට පුළුවන් ට්‍රක් එලවන්න විතරයි" සමාගමේ අය්තිකරු ඔහුට එසේ කිව්වේ ඔහු වෘතියෙන් ට්‍රක් එලවන්නෙකු වුනු නිසා....එහෙත් තරුණය එහින් සැලුනේ නෑ..ඔහු නැවත නැවතත් උත්සා කලා.ඔහු පසුකාලයේ ජනප්‍රිය වුණා "එල්විස් ප්‍රෙස්ලි " නමින්.

7) දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා.කුඩා කාලයේ අධ්‍යාපන ලැබීමේ වාසනාව ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත් කම නිසා.කුඩා කාලයේම මුදල් උපයන්න ඔරු පදින්නෙකු ලෙසත් දුම්රිය මාර්ග සදන්නෙකු ලෙසත් සේවය කලා.ඒ උපාය ගත් මුදලින් ඔහු නීති විද්‍යාලයට බැදී නීති උපාදියත් සමග දේශපාලනයට අවතීර්ණ වුන.දහතුන් වතාවක් චන්දයෙන් පැරදුනු ඔහු 1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වුණා.ඒ ඒබ්‍රහම් ලින්කන් .

අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ.එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්.ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ.ජිවිතයේ වැටෙන හැම මොතේම තවත් ශක්තිමත් වෙන්න ඕනේ.මැරෙන මොහොතේදී හදවතට ජීවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා...තමන් හැම මොහොතේම ජීවිතය දිනන්න උත්සහ කල කියන හැගීම හදවතට දැනෙන්න ඉඩ දෙන්න.

මේ කතා කීපයක් විතරයි.ලියනවනම් මිලියන ගණන් උනත් ලියන්න පුළුවන්.හිතන්න මොහොතක්. ඔහුන් මැරුණත් ඔහුන්ගේ නම සදා කල්ම මේ මිහිතලයේ රැදේවි...ඔබ සිටින්නේ කොතනද ???? ජීවිතය දිනන්න....ශක්තිමත් වෙන්න.ඔහුන්ට හැකිනම් ඔබටත් බැරි කමක් නැහැ.


මේක SHARE කරන්නත් අමතක කරන්න එපා

Friday, May 18, 2012

ඔබ මේ දකින්නේ ලෝකයේ පළමු බුදුපිළිමයයි ........................


බුදුන් ජීවමානව වැඩසිටි අවදියේ පටන් බුදුපිළිම නෙලුබව සඳහන් වෙනවා ...එත් ඒවා ගොඩක් ජනප්‍රවාදය ......මෙහි තිබෙන්නේ ඉන්දියාවේ කොටසක් අල්ලාගත්
http://en.wikipedia.org/wiki/Kanishka
කනිෂ්ක (127–151) චේ නම් කුෂාන රජතුමාගේ කාසියක දෙක්වෙන බුදු රුවයි ...මීට පෙර කව්රුත් බුදුපිළිම නිර්මාණයට බිය වුහ ....ඒ වෙනුවට බෝ කොළ ...සිරිපතුල.ධර්මචක්‍රය ..යොදා ගත්තේය .........එහෙත් කනිෂ්ක රජු තම නිර්මාණකරුවන් ලවා...මෙම බුදුරුව තම කාසියේ එක පැත්තක නිර්මාණය කළේය .....මෙම කුෂාන රජවරු ග්‍රීක සම්භවයක් ඇත්තෝය ...ඔව්න් ඉන්දියාව ආක්‍රමණය කිරීමෙන් පසු බුදුදහම වෙළඳ ගෙන බෞද්ධයෝ විය ......මෙහි ග්‍රීක ලක්ෂණ බොහෝ තිබේ ......මෙහි සිවුර වෙනුවට ඇත්තේ ග්‍රීක කුලවතුන් අඳින ටෝගාවය.......බුදුන් අතෙහි මල්ලක් තිබේ .....බුදුන් කියල කියන්නේ boddo බෝඩ්ඩෝ යන වචනයෙන්ය ......මෙය බුදුපිළිම කලාවේ මූලාරම්භය පමණි ....මෙය බුදුපිළිම සෑදු ඝන්ධර කලාවේ ආරම්භයයි ...මේ කාසිය සමග නිර්මාණයවන බොහෝ බුදු පිළිම වල සිරස ග්‍රීක දෙවියෙකුවන ඇපලෝ දෙවියන්ගේ හිසට සමානය...පසු කලෙක බුදුපිළිම සෑදු මථුරා කලාවද ආරම්භ වුයේ ...මෙම ගන්ධාර කලාවත් සමඟය ........කෙසේ නමුත් බුදුරුව සැදීමේ ගෞරවය ග්‍රීක ජාතිකයන්ටද හිමි වෙයි .....?
‎******************************************* බුදුදහමට,ඔබට,ඔබ ප්‍රදේශයට හෝ මේ ලක්දෙරනට මුස්ලිම් ජාතිකයන්ගෙන් වන ද්‍රෝහීකම් සහා ඔබ සතු දෑ අපට එවන්න.අප එවන් දෑ ලොවටම පෙන්වන්නෙමු සහා අපට හැකි අයුරින් ඒවා වැලැක්වීමට උත්සාහා ගන්නෙමු. ඔබේ රහස්යභාවය සුරැකීමටද අප පොරොන්දු වෙමු.තෙරුවන් සරණයි..!

සමාජය සුඛිතමුදිත කරන බෞද්ධ ආර්ථික රටාව.


බෞද්ධ ආර්ථික දර්ශනය රටක් සුඛිත, මුදිත කරලීමට මෙන්ම ශික්‍ෂණකාමී සමාජීය පරිසරයක් ගොඩනැඟීමටත් හේතුවෙනවා.

ආර්ථිකය රටක දේශපාලනයත් සමඟ බද්ධ වූවක්. දේශපාලනයත්, ආර්ථිකයත් වෙන්කර කතා කිරීම අසීරු කාර්යයක්. සංවිධානය ඒ හා බැදුණ අනෙක් පැතිකඩ යි. බටහිර විද්වතුන් සංවිධානය බටහිරින් බිහි වූවක් ලෙස හඳුන්වා දුන්නත් මුලින්ම එය දීඝ නිකායේ කූට දත්ත සූත්‍රයෙහි සඳහන් වී තිබෙනවා.

රැකියා විරහිතභාවය සහ ආර්ථික දරිද්‍රතාව වැනි ප්‍රශ්න රට තුළ උද්ගතව පවතින අවස්ථාවක රටේ රජතුමා ස්වකීය උපදේශක මඩුල්ල කැඳවනවා. ඔවුන්ගෙන් කළයුතු දේ විමසනවා. එහිදී විවිධ ආගම්වලට සම්බන්ධ පිරිස් ඒ සඳහා ආගමික උත්සව, යාග හෝම පැවැත්විය යුතු බව පැවසුවා. එකී උපදේශක මඩුල්ලේ නිහඬව සිටි බෝධිසත්ව උපදේශකතුමාගෙන් මේ සඳහා දෙන උපදේශය කුමක්දැයි රජු විමසුවා. ඔය කියන දේවල් කරන්න ගියොත් ඒවාටත් විශාල මුදලක් වියදම් වෙලා රට තවත් පිරිහෙන බව එතුමා පැවසුවා.

‘දස්සුඛීල’ යනු රටක ප්‍රශ්න හඳුන්වන්න තිබෙන සුදුසුම වචනයයි. ‘දස්සු’ යන්නෙන් පීඩිත පන්තියත් ‘ඛීල’ යන්නෙන් උල යන්නත් අර්ථ ගන්වනවා. එනම් ‘දස්සුඛීල ‘ කියන්නේ සමාජ දේහයට ඇනෙන උලක්. සමාජය නමැති ශරීරය තුළ පීඩිත පන්තිය නමැති උල ඇනිලයි තිබෙන්නෙ. මේ උල ගලවා ඉවත දමන්නේ කෙලෙසද යනුවෙනුයි රජු ප්‍රශ්න කරන්නෙ.

නිසරු ක්‍රියා කලාපයන් දියත් කිරීමෙන් ඵලක් නැහැ, ඒ සඳහා කළ යුත්තේ රට සංවිධානය කිරීම බව බෝධිසත්ව උපදේශකතුමා පෙන්වා දෙනවා. “ ඒතං සංවිධාන මගම්ම” යනුවෙන් කූටදන්ත සූත්‍රයේ ‘සංවිධානය ‘ යන්න විග්‍රහ කරනවා. රටක පරිහානිය අවම කිරීමට ගත හැකි සුදුසුම පියවර සංවිධානය යි. එකී සංවිධානය සිදු කළ යුතු ආකාරය අදියර තුනක් යටතේ පෙන්වා දෙනවා.

පළමු වැනි කාරණය රටේ ගොවිතැන පිළිබඳ උනන්දුවන ජනතාව රැස් කර (බීජ කත්‍ථ) ජීවත්වීමට ආහාරපාන සපයන්න, වගා කිරීම සඳහා බීජ ලබාදෙන්න, යටිතල පහසුකම් ඇති කරන්න (බීජ කත්‍ථ) ක්‍රියා කිරීමයි. එසේ සිදුකරනවිට ආර්ථීකය සමෘදධ වෙනවා.ආණ්ඩුවට ගොවිතැන සඳහා බීජ සපයන්න පුළුවන්. එහෙත් ආහාර සැපයීමක් නොකළහොත් ගොවිතැන් කටයුතු සාර්ථක වන තෙක් ආහාර සපයාගැනීම ඔවුන්ට ගැටලුවක් වෙනවා. එබැවින් බෞද්ධ දර්ශනය තුළ පැහැදිලි කැරෙනවා. ගොවිතැන් අස්වනු නෙළනතුරා මිනිසුන්ගේ ආහාරපාන අවශ්‍යතා සපුරාලිය යුතු බවත්, පොහොර බීජ සහ ජලය ආදී පහසුකම් සැලැසීමත් රජු විසින් කරනු ලැබිය යුතුය යන්න. එවිට ජනතාව ගොවිතැන් කටයුතු පටන් ගන්නවා. ඒ සමඟ ක්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු වෙනවා. එය පමණක් රටේ සංවර්ධනයට ප්‍රමාණවත් නැහැ. ඒ අනුව දෙවැනි කාරණය වන වනිජ්ජා හෙවත් වෙළෙඳාම දියුණු කළ යුතුයි. වෙළෙඳාම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් සංවිධානය කරලා (පාභත) ප්‍රාග්ධනයද දිය යුතු වෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කර දියුණුවන තෙක් ඔවුන්ට යැපීමක් ලබාදෙන්න ඕනෑ.

මෙහිදී රජය ප්‍රාග්ධනය ණයක් හැටියට පසුව ගෙවීම් කළ යුතුයි යන පදනම මත ලබාදෙනවා. ප්‍රාග්ධනය යොදා ආරම්භ කළ වෙළෙඳාම අසාර්ථක වූ විට නැවතත් ණය දිය යුතු වෙනවා. දෙවැනිවර ණය දෙනවිට මුල් ණයට එම ණය එකතුවී ණය දෙකක් බවට පත්වී පුද්ගලයා ණයකාරයෙක් වන නිසා තවත් පරිහානියට පත්වීම වැළැක්වීමට පන්නේ අලිඛිත්වා එනම් තල්කොළවල සටහන් කරමින් ලබාදුන් ණය බොල් ණය ලෙස කපා හරිනවා. බෞද්ධ ආර්ථික දර්ශනයේ පෙන්වාදෙන්නේ පළමුව ගොවිතැන් දියුණු කිරීමෙන් අනතුරුව විකිණීම සඳහා නිෂ්පාදන ඇති වෙන බව. ගොවිතැන් කටයුතු සහ වෙළෙඳාම් දියුණු කළ පමණින්ම රටක් සාර්ථකත්වයට ළඟා නොවන බව පෙන්වා දෙන බෞද්ධ ආර්ථික දර්ශනය තවත් පියවරක සාර්ථක වීම රටක දියුණුවට හේතුවන බව සඳහන් කරනවා.

එනම්, රාජ පෝරිස, නැතහොත් රාජ්‍ය සේවකයන් නඟා සිටුවීමයි රාජ්‍ය සංවිධාන විධිමත් කරන්න නම් යැපීම් මෙන්ම සේවයට සරිලන තෘප්තිමත් සාධාරණ වැටුපක් ලබාදෙන්න ඕනෑ. රාජ්‍ය පරිපාලනය යහපත් කරන්න, රාජ්‍ය සේවකයන්ගෙන් සාර්ථක සේවයක් ලබාගැනීමට ඔවුන්ට දීමනා ලබාදිය යුතුයි.

මෙකී ත්‍රිත්ව කාරණා, සාර්ථක නම් රටක ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. ගොවිතැන, වෙළෙඳාම සහ රාජ්‍ය සේවය යන කාරණා තුන අනුපිළිවෙළින් සංවර්ධනය නොවුණහොත් රටක් විශාල පරිහානියකට පත්වෙනවා.

ගොවියෝ ,වෙළෙන්දෝ සහ රාජ්‍ය පරිපාලකයෝ යන තුන් පිරිසටම ආචාර්ධර්ම පද්ධතියක් පවතිනවා. පන්සිල් රැකීම ඔවුන් සියලු දෙනාට පොදුයි. ගොවියා සතු වන ආචාර්ධර්ම පද්ධතියෙන් ස්වල්පයක් කෙටියෙන් පැවසුවොත් ‘බඹරස්ස ඉරියතෝ’ බඹරා මල නොතලා මල් පැණි ලබාගන්නවා වාගේ කාහටත් කරදරයක්, හිංසාවක් නොකර ධනය ඉපැදවිය යුතුයි. බෞද්ධ ආර්ථිකය තුළ නිෂ්පාදන බිහිකළ යුත්තේ පරිසරයටත් සමාජයටත් හානියක් නොවන පරිද්දෙන්.

‘වම්මිකෝ වුපචීයතී, වේයා තුඹසක් බඳින්නා වාගේ පියවරින් පියවර ස්වකීය නිෂ්පාදන සංවර්ධනය කළ යුතුයි. පුද්ගලයකුට දියුණුවීමට මහා පරිමාණ ආයෝජන සිදුකළ යුතු නැහැ. ‘බහා බල පරිචිතා -සේදා වක්ඛිත්තා බාහු බලය යොදා දහදිය මහන්සියෙන් තමයි ධනය උපයන්න ඕනෑ. ‘ධම්මිකේහි ධම්මලද්දෙහි ‘ නිෂ්පාදන සියල්ල දැහැමි වෙන්න ඕනෑ. උපයන දේ පිළිබඳ මෙලොව පරලොව උභය අංශය ගැනම සිතා සතුටු විය හැකි වන්නේ එවිටයි.

වෙළෙඳාමේදි තලා කූට මානකූට සහ කංස කූට යන වැරැදි මිථ්‍යා වෙළෙඳ ක්‍රමවලින් ඉවත් විය යුතුයි. පංචවිධ මිථ්‍යා වෙළෙඳ ක්‍රමත් බෞද්ධ ආර්ථික දර්ශනය බැහැර කරනවා. විදේශීය භාණ්ඩ මෙරටට ආනයනය ගැටලුවක් නැහැ. සැවැත්නුවරත් නිදහස් වෙළෙඳ කලාපයක්. එහෙත් බුදුරදුන් එය විවේචනය කළේ නැහැ. අළුයට තිබෙන ගිනි අඟුරක් සුළං ගසා විශාල ගින්නක් බවට පත් කරන්නට පුළුවන් වගේ සංවර්ධනයත් දියුණු කරන්න පුළුවන්. එහෙත් භෞතික වශයෙන් ඇතිවන සංවර්ධනය ඕනෑවට වඩා පුළුල් කළොත් රට පරිහානියට පත් වන බවත් බෞද්ධ ආර්ථික දර්ශනය සඳහන් කරනවා.

රාජ්‍ය සේවයත් සීලයෙන් යුක්ත විය යුතුයි. දස රාජ ධර්ම ක්‍රියාත්මක විය යුතුයි. සේවයට සරිලන සාධාරණ වැටුපක් ගෙවිය යුතුයි. සාධාරණ ලෙස සේවාවන්හි නියුක්ත වීමත් අනිවාර්යයි. සිඟාලෝවාද සූත්‍රයෙහි ස්වාමි, සේවක යුතුකම් හඳුන්වා දී තිබෙනවා. තම තමන් ස්වකීය යුතුකම් ඉටුකරන විට නිසැකයෙන් අයිතිවාසිකම් සුරක්‍ෂිත වෙනවා. යුතුකම්, අයිතිවාසිකම් අතර සමතුලිතතාවක් තිබිය යුතුවෙනවා.

බෞද්ධ ආර්ථික දර්ශනය රටක් සුඛිත, මුදිත කරලීමට මෙන්ම ශික්‍ෂණකාමී සමාජීය පරිසරයක් ගොඩනැඟීමටත් හේතුවෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ