Thursday, February 27, 2014

ලෝකෙටම නොමිලේ වයි-ෆයි (wi-fi)

චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් මුළු ලොවටම නොමිලේ අන්තර්ජාල සේවා සැපයීමට ඇමෙරිකානු සමාගමක් සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාවේ ලාභ නොලබන සංවිධානයක් වන මීඩියා ඩිවලප්මන්ට් ඉන්වෙස්මන්ට් ෆන්ඩ් (Media Development Investment Fund) මෙලෙස පාලනයකින් සහ වාරණයකින් තොරව නොමිලේ වයිෆයි පහසුකම සැපයීමට නිර්මාණය කරන සේවාව 'අවුටනෙට්' (Outernet) ලෙස හැඳින්වේ.

එම සංවිධානය බලාපොරොත්තුවන්න

ේ චන්ද්‍රිකා සිය ගණනක් අභ්‍යාවකාශගත කිරීම හරහා ජංගම දුරකථනයක් හෝ පරිඝනකයක් භාවිතා කරන ඕනෑම කෙනෙකුට අවශ්‍ය ආකාරයට අනතර්ජාලය පරිහරණය කිරීමේ අවස්ථාව ලබා දීමටයි.
ලොව මුළු ජනගහනයෙන් 40%කට පමණ අන්තර්ජාලය පරිහරණය කිරීමේ හැකියාව නොමැති බව පවසන එම සංවිධානය එම තත්වය උදාවී ඇත්තේ උතුරු කොරියාව වැනි දැඩි පාලනයක් සහිත රජයන් නිසා පමණක් නොව දුෂ්කර පළාත් වලට අදාළ සේවාව සැපයීමේදී වැයවන අධික මුදල නිසා බවද සඳන් කරයි.

No comments:

Post a Comment