Thursday, July 5, 2012

පාහියන්ගල මානවයා එංගලන්තයට යයි-----------








(ලංකා-ඊ-නිව්ස් -2012.ජූලි.02-ප.ව.2.30) පසුගියදා බුලත්සිංහල පාහියන්ගල ලෙන් සංකීර්ණයෙන් සොයාගත් ප්‍රාග් ඓතිහාසික මානව ඇටසැකිල්ල එංගලන්තයට ගෙන යෑමට සූදානම් වේ.

මේ ගැන පරීක‍ෂණ කිරීමට ශ්‍රී ලංකාවේ පහසුකම් නොමැති බැවින් එංගලන්තයේ කේම්බි්‍රජ් සරසවියේ මානව විද්‍යා අංශයේ පර්යේෂකයන් පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් විසින් මෙම සම්පූර්ණ ඇටසැකිල්ල එම සරසවිය වෙත ගෙන යෑමට කටයුතු යොදා තිබේ.

පාහියන්ගල ලෙනේ පැරණිම පස්තට්ටුවෙන් හමුවූ මෙම මානව ඇට සැකිල්ල වසර 37000 ක් පැරණි බව දළ වශයෙන් සඳහන් කර තිබේ. එය කාන්තාවකගේ ඇට සැකිල්ලක් යැයි පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය යැයි පුරා විද්‍යා සහකාර අධ්‍යක‍ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.

" මෙම එංගලන්ත පර්යේෂකයන් කණ්ඩායම අද ආවා. දැන් මූලික පර්යේෂන කටයුතු සිදුකරගෙන යනවා. මෙහි ප්‍රධාන අරමුණ ලංකාවේ බලංගොඩ මානවයා, සහ ආසියාවේ මානවයා ගැන පුරාවිද්‍යාත්මක තොරතුරු ලබා ගැනීමයි. මේ ඇට සැකිල්ලෙන් විවිධ පරීක‍ෂණ සඳහා නියැදි ලබා ගත හැකියි. යුරෝපයේ පර්යේෂණාගාර වල එය සිදුකරනවා. එයින් මේ මානවයාගේ ජීවිතය ගැන ස්ථීර තොරතුරු ලබා ගත හැකියිZ" ආචාර්ය නිමල් පෙරේරා පැවසීය.

No comments:

Post a Comment