Friday, May 11, 2012

සමිතාගේ පැතුම් මල්ඵල ගනී

2008 වසරේ පෙබරවාරි 15 වෙනිදා තරමක්‌ වැසිබර කාලගුණයක්‌ පැවතියත් කොළඹ වෛද්‍ය පීඨයේ හතරවන වසරේ සිසු සිසුවියන් බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව බලා නිදහස්‌ මනසින් පියමං කළේ ඔවුන්ගේ සංවිධාන ශක්‌තියෙන් එම වසරේ මාර්තු මාසයේදී කරන්නට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශණය සඳහා ශාලා පහසුකම්, ප්‍රදර්ශන කුටි නිර්මාණය කළ යුතු තැන් සහ ඒවා නිර්මාණය කළ යුතු ආකාරය පිළිබඳව පෙරදැනීමක්‌ ලබා ගැනීම සඳහායි.

නොසිතූ පරිදි වර්ෂාව එන්න එන්නට ම දැඩි වන්නට විය. වර්ෂාවෙන් බේරීම සඳහා සියලු දෙනා තැනින් තැන පිහිටි නොතෙමෙන ස්‌ථාන කරා දිව ගියහ.

දැයට කිරුළ ප්‍රදර්ශණය අවසන් වී දින කිහිපයක්‌ ගත වෙමින් තිබූ මොහොතක කොළඹ වෛද්‍ය පීඨයේ හතරවන වසරේ ඉගෙනුම ලැබූ සමිතා සමන්මලී සහ ඇගේ යහළු යෙහෙළියෝ ද එක්‌ ස්‌ථානයක්‌ කරා දිව ගියහ.

දෛවයේ සරදමකට මෙන් නොසිතූ මොහොතක වැස්‌සෙන් ආරක්‌ෂාව සඳහා ඔවුන් රැඳුණු කුටිය සමිතාගේ ඇඟ මතට කඩා පාත් වූයේ සියල්ලන්ම මවිත කරමිනි.

එම අනතුර හේතුවෙන් මේ අපූරු වෛද්‍ය සිසුවියගේ සුෂුම්නාවට බරපතල හානි සිදුවිය. සියල්ල කණපිට පෙරළීමට ගතවූයේ නිමේෂයකි.

තම දෑතින් සුවහසක්‌ ජනතාව සුවපත් කිරීමට පෙරුම් පිරූ ඇය අවසානයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූවාය.

ඇය වටා රොක්‌ වූ මාධ්‍ය, කලාකරුවන්, වෛද්‍ය සිසුන් ඇය සුවපත් කරන්නට, නගා සිටුවන්නට ගත් වෙහෙස අපමණ ය.

තවමත් රෝද පුටුවේ ආධාරයෙන් සිටින ඇය අද අවසන් වසරේ වෛද්‍ය පරීක්‌ෂණය නිමා කරමින් වෛද්‍යවරියක්‌ ලෙස පත්වීම් ලබා ඇත.

2005 වසරේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ ඇය 2008 දී අනතුරට ලක්විය.එතැන් පටන් ජිවිතයේ අතිශය දුෂ්කර අවරුදු හතරක් ගෙවා දැමු ඇය අද(08) දිනයේ කොළඹ ජාතික රොහලේදී වැඩ භාරගත්තේය......

No comments:

Post a Comment