Thursday, May 3, 2012

◄ කාගෙද මේ certificate එක??? ►


ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටයන් අතර ඉහළින්ම අපට මතක් වෙන අයෙකුගේ අවසන් විෂය සාමාර්ථතා ඇගයීම් සහතිකය තමයි මේ. ඒ වෙන කවුරුත් නොවෙයි, ඇල්බට් අයින්ස්ටයින් වයස අවුරුදු 17දී විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සහතිකය.

ලකුණු වලට අදාල සාමාර්ථතා සටහන තමයි මේ.
6 = Excellent, 5 = Good, 4 = Sufficient, 3 = Poor, 2 = Very poor, 1 = Unusable

මේ සහතිකයෙන් අපට හොඳින්ම තේරුම් යනවා ඔහු ගණිතය, විද්‍යාව ආශ්‍රිත විෂයන් වලට ඉහළ සමත්කම් දක්වා තිබෙන බව. අයින්ස්ටයින් වුනත් හැමදේටම දක්‍ෂ නෑ. කවුරුත් එහෙමයි. ඒත් තමන් දක්‍ෂ මොන දේටද කියලා තේරුම් අරගෙන ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය හසුරුවන එකත් හැකියාවක්. ඒ හැකියාව අයින්ස්ටයින්ට තිබුණා. ඔහුගේ පන්ති භාර ගුරුතුමා ඔහු පාසැලේදී ව්‍යාකරණ වලට දක්වපු දුර්වලතාවය නිසාම වරක් ඔහුට දොස් පැවරුවේ ''නුඹට අනාගතයක් නොමැත'' යනුවෙන්. ඒත් ඔහු අප කාගේත් අනාගතය වෙනස් කරමින් ඔහුගේ ජීවිතයේ කරන ලද සොයා ගැනීම් පුදුම සහගතයි නේද?

No comments:

Post a Comment