Friday, May 4, 2012

►►බෞද්ධ කොඩිය ගැන ඔබ දන්නවාද?◄◄



ක්‍රි.ව 2012 අප්‍රේල් මස 28 වෙසක් පුරපසළොස්වක පෝය දිනය වන දිනට බෞද්ධ කොඩියට වසර 127 සපිරිණි . ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ 1885 අප්‍රේල් මස 28 වන දිනය.

මෙම කොඩිය, 1884 ජනවාරි 28 දින පිහිටවු බෞද්ධාරක්‍ෂක සභාව මගින්, 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කල ප්‍රීතිය නිමිත්තෙන් එළඹෙන වෙසක් පොහොය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සදහා පත කල දස දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් නිර්මාණය කරන ලදී.

එම කමිටුව මෙසේ ය.

1. පූජ්‍ය හික්කඩුවේ සුමංගල නා හිමි (සභාපති)
2.පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමි
3. දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා(අනගාරික ධර්මපාලගේ පියා)
4. ඒ.පී. ධර්ම ගුණවර්ධන මහතා(අනගාරික ධර්මපාලගේ මව් පාර්ශවයේ මුත්තා),
5. විලියම් ද ආබ්‍රෙව් මහතා
6. සී.පී. ගුණවර්ධන මහතා
7. චාර්ලස් ඒ. ද සිල්වා මහතා
8. ඇන්. ඇස්. ප්‍රනාන්දු මහතා
9.පීටර් ද ආබ්‍රෙව් මහතා
10. එච්. විලියම් ප්‍රනාන්දු මහතා

යනාදි අයගෙන් සමන්විත වී ඇත.


රාජ්‍ය වර්ෂ 1885 අප්‍රේල් මස 28 දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වීමට එක් හේතුවක් වූයේ, ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් එසවීම නිසා ය. අධිරාජ්‍යවාදීන්ගේ නානාවිධ තාඩනපීඩනයන්ට සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත් වූ බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තේ නොවේ. මෙවැනි තත්ත්වයන්ට පත් වූ සෑම අවස්ථාවක ම භික්‍ෂූන් වහන්සේගේ අකලංක පරමාදර්ශී නායකත්වය සමස්ත සමාජයේ ම සමුන්නතියට හේතු වූ බව සුප්‍රකට සත්‍යයකි. ඒඅනුව බලන විට බෞද්ධ ඉතිහාසයේත් ලාංකේය ඉතිහාසයේත් සදානුස්මරණීය අවස්ථා පරිහානීය යුගයන් හි දී බිහි වීම විශේෂ ලක්‍ෂණයක් වශයෙන් ද පෙන්වා දිය හැකි ය.

No comments:

Post a Comment