Friday, May 4, 2012

◄ සිංහල අංක ක්‍රමය ගැන දනන්වද? ►


ඔන්න මට ලැබිච්ච අලුත් දෙයක් .. අලුත් කිව්වට අලුත් නෑ, නමුත් ගොඩක් අය නොදන්නා දෙයක් කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා. අපි දැන් භාවිතා කරන අංක, ඒ කියන්නේ 1,2,3,4... අංක, හින්දු අරාබි අක්ෂර විදියටනේ හඳුන්වන්නේ (මම වැරදිනම් නිවැරදි කරන ලෙසත් ඉල්ලනවා). මේ අක්ෂර භාවිතා වෙන්න කලින් සිංහල භාෂාවේත්, අපේ මුතුන් මිත්තෝ භාවිතා කරපු අංක වගයක් තිබ්බ. ඒ අංක තමයි මේ රුපයේ දිස්වෙන්නේ. මේ ගැන කලින් දැනගෙන හිටියත් අහම්බෙන් වගේ මට එක්තරා වෙබ් අඩවියකින් මේ අක්ෂර දකින්න ලැබුණා. ඉතින් මට හිතුන මේක කට්ටිය එක්ක බෙදා ගන්න ඕනේ කියල. මෙවැනි අංක වගයක් අපිට තියෙනවා කියල මම හිතන්නේ නෑ අපේ රටේ ඇති බහුතරයක් දන්නවා ඇති කියල. කොහොමත් අපේ දේ ගැන අපේ උදවියගේ දැනුම අඩුයි නේ. කොටින්ම කිව්වොත් අපේ සංස්කෘතිය .. අපේ සංස්කෘතිය කියල කෑගහල රකින්න හදන බොහෝ දේවල් පිටරටෙන් ආනයනය කරපු දේවල් නේ.. කොහොම වුනත් අඩු තරමේ මේ වගේ දේවල් අපේ අධ්‍යාපන ක්‍රමේටවත් එකතු වෙනවනං ලොකු දෙයක්... අවසාන වශයෙන් මෙම අක්ෂර වල ඊ - පිටපත මම ලබාගත්තු වෙබ් අඩවියට මම ස්තුතිවන්ත වෙනවා මෙවැනි දෙයක් සංරක්ෂණය කරලා සමාජයට ලැබෙන්න සැලැස්වීම ගැන.

1 comment:

  1. මේ අංක මේ වගේ ලැබෙන්නෙ හරි අඩුවෙන් මම අවුරුදු ගණනක් හොයල තමයි හොයාගත්තේ. ජේ.බී දිසානායක මහතා ඉංග්‍රීසියෙන් ලියපු පොතක අංක සියල්ල ම තියෙනවා. මෙතන තියෙනවාට වඩා අංක රූප එහි තිබෙනවා.

    ReplyDelete